උසස් පෙළ ප්‍රතිපල ආවේ කට්ටියටම සරසවි වරම් උදා කරමින්.

මෙහන්සා වගේම කිලාන් පේරාදෙණිය වෛද්‍ය පීඨය තොරාගනිද්දී කට්ටියගෙන් මොරටුව ඉංජිනේරු පිඨය සඳහා සුදුසුකම් ලැබුවේ සේනාල්, මිහින් සහ බිනූ පමණයි. අදිශ, බිතුම් සහ දසුන් කොලබ සරසවිය තෝරාගත්තේ ඉන්ජිනේරු වරම් නොලැබුණු හින්ද.

ඒ නිසා ඉස්සර වගේ කට්ටියට එකතු වෙන්න අවස්තාවක් ලැබුනේ නැහැ. ඔවුන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සරසවියේත් විෂය බාහිර කටයුතු සමගින් කාර්යබහුල උනා.

මෙහන්සටයි කිලාන්ටයි නිවසේ ඉදන්ම සරසවියට යන්න පුළුවන් උනත් මිහින්ට සහ බිනුට කොලබ ඉන්න සිදු උනා නේවාසිකව. මිහින් හිටපු හින්ද බිනුගේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් තිබුනේ නැහැ ඒ වගේමයි මෙහන්සාටත් ඕනෙම වෙලාවක කිලාන් ලග හිටිය.

කාලය ගෙවිල ගියේ ඔවුන්ටත් නොදැනිම. මිහින් සති අන්තේ ගෙදර එනකොට බිනුවත් එක්ක එනවා. පස්සේ මෙහන්සාටයි කිලාන්ටයි දේශන නොතිබුනෝත් ඔවුන්ගේ සරසවියෙම කාලේ ගත කරනවා. ඒ නිසා සෙට් එකේ හිටපු අනිත් අය සමග තිබුණු සබදතාවය ටිකෙන් ටික ගිලිහිලා යනකොට ඔවුන් හතර දෙනා අතරේ ලොකු මිතුරු බැදීමක් තිබුන.

කිලාන් නම් කොහොමත් කෙල්ල ඉන්නේ කොහේ උනත් කමක් නැහැ කියල හිතාගෙන හිටියේ. නමුත් ඔහු ඇත්තටම දැන් වෛද්‍ය වෘත්තියට ඒ වගේම අද්යන කටයුතු වලට ආදරය කරා.

මදැයි එකා වගේ එකට ඉදල අපිට වෙන් වෙන්න උනානේ. කිලාන් කිව්වේ මිහින් සහ බිනු ඔවුන් හමු වෙන්න ආපු අවස්තාවක.

ඔව් ඉතින් හැමදාම එකට ඉන්න බැහැනේ. මෙහංස කිව්වා.

සෙනාල්ලව නම් කොලබ ඉදලත් හම්බවෙන්නේ නැතිතරම්. ඒ තරමට උන්ට වැඩ. අපිටත් වැඩ. ලබන සතියේ නම් වීකෙන්ඩ් ගෙදර එන්නත් බැරි තත්වයක් තියෙන්නේ නේද බිනු

ඔව් සිනියර්සලා අල්ලගන්නවා එක එක ඒවලට.

හැමදේම වෙන්නේ හොදට කියනවනේ. එහෙම කිව්වේ මෙහන්සා.

කිලාන් මොකෝ කියන්නේ දැන් ලැබිච්ච දෙවල් ගැන සතුටු වෙනවද?

නැතුව බිනු. මම නම් මෙච්චර දුරක් එන්න පුළුවන් වෙයි කියල හිතුවේ නැහැ.

ඔව් පොල් කඩන්න යන්නනේ හිටියේ. තව ටික කාලෙකින් ඩොක්ට කිලාන් සේනානායක. ලේසි නැහැ. මිහින් කිව්වේ කෙල්ලෝ දෙන්නට මුනට හිනාවක් ගෙනල්ල.

අනේ කටවහන් හිටපන්

ඇයි ඇයි මොකෝ බොරුද මම කියන්නේ? ඔයාල දන්නේ නැහැනේ ඒ දවස් වල සේනාල් මුට වන්දේ නැති ටික විතරයි පන්ති වරෙන් පාඩම් කරපන් කියල. දැන් බලන්න ඕනේ.

පරක්කු වෙලා හරි ඔලුව පෑදුනානේ. කිලාන් කිව්වේ ඉබේටම වගේ කෙල්ල දිහා බලල. එක දැක්කේ මිහින්.

ඩිග්රිය ඉඅවර වෙලා කරන්නේ මොකද කියල ප්ලෑන් එකක් තියෙනවද? බිනු ඇහුවේ මෙහන්සගෙන්. මොකද සාමාන්යෙන් මෙහන්සා තමයි ගොඩක් දුර හිතන්නේ කට්ටියගෙන්.

මම නම් හිතන් ඉන්නේ ස්පෙෂලි කාඩියෝලොජි ඉගෙන ගන්න. මෙහන්සාට කලින් කිව්වේ කිලාන්. අනිත් තුන් දෙනාම කොල්ල දිහා බැලුවේ පුදුම වෙලා.

හාහ් සිරාවට? මෙහන්සා බය වෙලා වගේ බලන් ඉද්දි ඇහුවේ මිහින්.

මොකද ඒ? කෙල්ල ඇහුවේ හඬ පාලනය කරගෙන.

නිකම්.. විශේෂ හේතුවක් නැහැ. මම ආසයි හාට් එක ගැන ඉගෙන ගන්න. මොකද ඒක තමයි අපේ ඇඟේ තියෙන වැදගත්ම ඉන්ද්‍රිය. කවදාහරි මම හාට් පේෂන්ට් කෙනෙක් උනොත් මටම බෙහෙත් කරගන්න බැරිය. කිලාන් ඒක නම් කිව්වේ විහිලුවට. කෙල්ල ගැස්සුනා. හදවත් රෝගයක තියෙන භයානක කම නොදැන මොහු කතා කරන සැහැල්ලුව. ඒ ගැන හොදටම දන්නේ දැනටම එවැනි රෝගයකින් පිඩා විඳින ඇයය

හ්ම්ම්. ඉගෙන ගන්නකො ඔයා එහෙනම්. පස්සේ කාලෙක මට ප්‍රයෝජනවත් වෙන්නේ නැතැයි. කෙල්ලට කියවුනේ කිලාන් එක්ක තරහ ගිහින් හිටපු හින්ද.

මුසල කතා කියන්නෙපා මෙහන්සා. ඔයා හාට් පේෂන්ට් කෙනෙක් වෙන්නේ නැහැ.
එහෙනම් ඉතින් ඔයත් මුසල කතා නොකිය ඉන්න. කෙල්ල එහෙම කියල ඔවුන්ගෙන් මිදිලා යන්න ගියා.

මො.. මොකද උනේ…? කෙල්ල යන දිහා බලමින් කිලාන් ඇහුවේ මොනවත් හිතාගන්න බැරුව. ඔහුට ඕනේ උනේ නැහැ කෙල්ලව තරහ කරගන්න. ඇයට තරහ යන්න දෙයක් තමන් කිව්වද කියල කොල්ල හිත හිත හිටියේ.

ගිහින් එක්ක වරෙන්.. මිහින් කිව්වේ කිලාන්ට. මේ වෙලාවේ නැගණිය සන්සුන් කරගන්න කිලාන්ටම ඉඩ දෙන්න ඔහු හිතුව. මේ උබලගේ කැම්පස් එක අපි දන්නේ නැහැනේ කොහේ ගියාද කියල.

කිලාන්ට ඕනේ උනේ ඒ අවසරය විතරයි. කොල්ල ඉක්මනට ගියේ මෙහන්සා කොහෙද බලන්න.

අනේ මන්ද.. ලෙඩ නම් ඉතින් කොයි වෙලේ කාට හැදෙනවද කියන්න බැහැනේ. සමහර වෙලාවට මට හිතෙනවා මාත් කොයි වෙලේ මැරෙයිද කියල. බිනු කිව්වේ එච්චර හිතල නෙමෙයි.
නමුත් ඒ වචන මිහින්ව කෝප ගන්වන්න සමත් උනා. නැඟී හින්ද තීරණයක් ගන්න බැරුව ලත වෙනකොට හිතේ ආදරේ හංගගෙන දුක් විදින තරම දන්නේ මිහින්ම විතරයි. එහෙම එකේ ඒ ආදරේට බඳුන් වෙච්ච යුවතියම මේ වගේ කතා කියනකොට මිහින්ට ඉවසල ඉන්න බැරි උනා. ඔහු එකෙනෙහිම බිනූ ව තමන් ලගට අදාල ගත්තේ කෙල්ලට හිතන්නවත් ඉඩ නොදී. එය බලාපොරොත්තු නොවිච්ච බිනු ව්සිවෙලා ගිහින් නතර උනේ ඒ පපුතුරට තුරුල් වෙලා.

ආයේ එහෙම ඔහොම කතාවක් කිව්වොත්.. මිහින් කිව්වේ තවමත් නිමා නොවිච්ච තරහෙන්.

ඒ තරහ දැක්කම බිනූ ට ඇත්තටම බය හිතුන. බොහොම ඉවසිලිවන්ත තරුණයෙකු වෙච්ච මිහින් තුලින් මේ වගේ හැසිරීමක් කවදාවත් බිනූ දැකල තිබුනේ නැහැ.

මාව පිස්සෙක් කරන්න එපා බිනු ඔහොම කතා කියල.

කෙල්ලට ඉකි බිඳුන. ඔහු ඇය තුරුළු කරගෙන ඇගේ හිස මුදුනෙන් තමන්ගේ නිකට තියාගත්තා. ඇගේ දෑත් ඔහුගේ බඳ වටා එතුනේ නිමේෂයකින්.

දැන් නම් ඔයා ගැන යාලුවෙකුගේ මට්ටමින් හිතන්න මට බැහැ. ඉස්කෝලේ යන කාලේ ඉදලම මේ ආදරේ හිතේ තියන් හිටියේ මිහි මගේ හොදම යාළුවා හින්ද. එත් දෙවියනේ මම කොහොමද මේක ඔයාට කියන්නේ මෙහන්සා මගේ හොදම යාළුවා. ඔයා අයිති එයාට. බිනු හිතුවේ ඇස් වලින් කඳුළු වැටෙද්දී.

ඔහුත් ඇයත් පමණක්ම හිටපු ලෝකෙක කිමිදිලා හිටපු මිහින් පියවි ලෝකෙට ආවේ ඒ කඳුලක පහස දැනිල.

ඇයි මේ ඔයා අඩන්නෙ?

මම ඒක හිතල කිව්වෙ. ඇය හැඩුවේ වෙනකකට නමුත් බිනූ කිව්වෙ සිතිවිලි හංගගෙන.

හ්ම්ම්. මං දඅන්නව මට තරහ ගියා ඔයාට තේරෙන්නෙ නෑ බිනූ මං ගොඩක් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ.

ඔයා හිතන්නෙ මෙහන්සයි ඔයයි අතරට මං එයි කියල නම් ඒ ගැන බය වෙන්න එපා ඔයා මගේ හොද යාලුවෙක් විතරයි. බිනූ කිව්වෙ හිතට දිරිගෙන ඔහුගෙ ග්‍රහනයෙන් මිදිල.

එහෙනම් ඔය ඇස් වල තියෙන කතාව බොරුවක්ද අහන්න මිහින්ට හිතුන. ඒත් ඇයට බලාපොරොත්තු දෙන්නට තමාට බැහැ. ඔහුට තම කුලුදුල් පෙමට වඩා නැගනියගේ ජීවිතය වටී. ඒ හින්දම කොල්ල තමන්ගෙ සිතිවිලි හදවතේම හිර කරගත්ත.

හ්ම්ම්ම්.. එහෙමද අපි දැන් යමු අර දෙන්නට හවස ප්‍රොග්‍රෑම් එක නිසා එයාල චැනල් එකට යන්නත් ඕනෙනෙ. ඔයාව මං ගෙදරින් දාන්නම්.

මීට වසර ගනනාවකට කලින් මෙහන්සාගේ පෙම්වතා ලෙස තමන් හදුනාගත් ඔහු අද තමන්ට කොයි තරම් සමීප ද කියල බිනූ හිතුව. ඔහු දුටු දා පටන් ඇය ඔහුට පෙම් කල බව ඇය වටහගත්තෙ ගොඩ කාලෙකට කලින්. ඒ වගෙම ඒ හැගිම් හදවතේම ගුලි කරගෙන ඇය හිටියෙ මෙහන්ස ඇගේ හොදම යාලුව හින්ද. ඒ වගෙම තමා සොයන ජීවිතය තියෙන්නෙ ඒ පපුතුරේ ඒ ශක්තිමත් දෑත් යුග මත බව ඈ දැන් තේරුම් ගත්ත. සිතිවිලි හංගගෙන යාලුවෙක් ලෙසටම ඉන්න ගිඩක් මහන්සිවෙන්න ඕනෙ කියල ඇයට හිතුන.

යමු යමු. ඇය සැහල්ලුවෙන් කිව්වෙ ලොකු හුස්මක් අරගෙන.


මෙහන්සා යන්නට ඇත්තෙ කොහේදැයි කිලාන් කල්පනා කරේ ඇය හොයාගෙන යන අතරෙ.

ශුවර් එකටම රොබරෝසියා ගහ යටට. එයා කැමතිම තැනනෙ එතන. කොල්ලට හදිසියේම මතක් උනා. සරසවියේ ඈත කොනක බොහෝ නිහඩ නිස්කලංක වටපිටාවක තිබුනු තනි රොබරෝසියා ගහ මෙහන්සාගෙ ප්‍රියතම තැන. සිසුන් වැඩිය ගැවසෙන්නෙ නැති හින්ද ඔවුන්ගෙ රූපවාහිනී වැඩ සටහනට සූදානම් වෙන්න වගේ මෙකී නොකී හැම දේකටම මෙහන්සා යොදාගත්තෙ මෙතන.
කොල්ල ඉතිං දුවල ගියා ශුවර් එකටම එතන ඇති කියල හිතාගෙන.

ඔහු හිතුව හරි. කොල්ල යද්දි කෙල්ල ඔහුට පිටුපාල රොබරෝසියා ගහ බදාගෙන ඒ මත හිස තියාගෙන ඉන්නව. කොල්ල හෙමින් ගිහිල්ල ඇය ගාවට කං උනා.

ඇයි ආවෙ? යන්න. කෙල්ල කිව්වෙ හැරිල බලන්නෙ වත් නැතුව.

මම තමයි ආවෙ කියල කොහොමද දන්නෙ?

ඔහුගෙ සුසුමක හඩින් උනත් ඔහුව අදුනගන්න කෙල්ලට පුලුවන්.
මම ආපු කෙනාට යන්න කිව්ව මිසක් ඔයාගෙ නම කිව්වෙ නෑනෙ. කෙල්ල කිව්වෙ සිතිවිලි හංගගෙන.

ඔව් ඉතිං ඔයා කොහොමත් මගෙ නම කියන්නෙ නෑනෙ. නම කියල කතා කරන්න තරම් බැදීමක් අපි අතරෙ නෑ කියලඔයා දවසක් කිව්ව මට මතකයි.

ඉතිං ඒක ඇත්ත.

ඉතිං එහෙනම් මම ලෙඩ වෙයි කියල මටම කියාගත්තම ඔයා ඇයි තරහ ගන්නෙ? කොල්ල ඇහුවෙ තවත් ඇයට සමීප වෙමින්.

ඔහු අසන්නේ පිලිතුරු දෙන්න බැරි ප්‍රශ්න. නමුත් ඇයට පිලිතුරක් තිබිනි.
මම නැතුවට තව යාලුවො ඉන්නව. ගෙදර අම්මයි තාත්තයි ඉන්නව. කැම්පස් එන්න කලින් පිස්සු නටල ඒ මිනිස්සුන්ට දීපු ගින්දර අමතක ද? ආයෙ මෝඩ කතා කියන්නෙ? එතකොට මල්ලි එයාට මොකද වෙන්නෙ? කෙල්ල කියාගෙන කියාගෙන යන්නෙ කලින් පාඩම් කරල හිටිය වගේ.

හරි මම පිලිගන්නව. සොරි මම අයිති මට විතරක් නෙමෙයි කියල මම දන්නව මෙහන්සා.

තෑන්ක්ස්. එහෙනම් අපි යමු.

ඉන්න මෙහන්සා මට තියෙනව ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න.

අහන්න

ඉතිං ඔය ගහ බදාගෙන අහක බලං ඉන්නෙ නැතුව මගේ දිහා බලන්නකො.

හොද හුස්මක් අරගෙන තමංගෙ මූනෙ ඉරියව් ඔහුට පේන්නෙ නැති වෙන්න හංගගත්තු කෙල්ල හෙමින් ඔහුගෙ පැත්තට හැරුන.

ඇයි ඔයා මාව යාලුවෙක් විදියට පිලිගන්න තාම අකමැති මෙහන්සා? කොල්ල ඇහුවෙ හරිම දුක හිතෙන විදියට ආයාචනා කරන්න වගේ.

මොකද කිව්වොත් ඔයා ගැන යාලුවෙක් විදියට හිතන්න මට බැරි නිසා. ඊට වඩා ගොඩාක් වැඩි ඉඩක් මගේ හිතේ ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙන හින්ද. මට හිතාගන්නත් බෑ ඒක කවද කොහොම උනාද කියලා. කෙල්ල හිතුවෙ කොල්ලගෙ ඇස් දිහාම බලාගෙන.

ඒක මං දන්නෙ නෑ.

කොල්ල සුසුමක් හෙළුව.

අපි යමු. කිලාන් ආපහු ඉවත හැරුනේ අදත් ඇයගෙන් හිත සැනසෙන විදියේ පිළිතුරක් ලැබුනේ නැති හින්ද. ඒත් කෙල්ල එකපාරටම කොල්ලගේ අතින් අල්ලගත්ත.

ඔහොම ඉන්න. පොරොන්දු වෙන්න මට ආයේ කවදාවත් අර වගේ කතාවක් කියන්නේ නෑ කියල. ඔහු වෙත තම සුරත පාමින් ඇය ඇහුව.

මම පොරොන්දු වෙනවා මෙහන්සා. කොල්ල කිව්වේ ඔහු ඇයට පොරොන්දුවක් දුන් පලවෙනි දවසේ වගේම ඒ දිගු නිල ඇස් දෙසම බලාගෙන.

ඒක කඩ කරන්නේ නැහැ නේ?

මම මෙච්චර කාලෙකට ඔයාට වෙච්ච පොරොන්දුවක් කඩ කරලා තියෙනවද?

කෙල්ලගේ මුනට හිනාවක් ආව.

ඔයත් එහෙනම් මට ඒ පොරොන්දුවම වෙන්න මෙහන්සා. කිලාන් කියද්දී කෙල්ල බැලුවේ තිගැස්සිලා.

ඇයි මට පොරොන්දු වෙන්න බැරිද?

එහෙම කරන්න බැරි හේතුව ඔහු දන්නවානම්. කෙල්ල හෙමින් බිම බැලුව.

උත්තර දෙන්න මෙහන්සා. ඇයි ඔයාට මට පොරොන්දුවෙන්න බැරි? ඔහු අයගේ දෙවුරහිසින් අල්ලලා තදින් හෙලෙව්වා. කතා කරන්න මෙහන්සා. ඇයි ඔයා මෙහෙම කරන්නේ? මාත් එක්ක බැඳීමක් නැති නිසාද? මම ඔයාගේ යාලුවෙක් වත් නෙමෙයි නිසාද? ඇයි මෙහන්සා මාව ඔච්චර ඈත් කරලා සලකන්නේ? ඔයාගේ යාළුකම වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ. මම ඔයා කියන ඕන දෙයක් ඕනම දෙයක් කරන්න ලෑස්තියි. මොකද ඔයා නිසයි මට මේ හැමදේම ලැබුනේ. ඒ නිසා ඔයා මගෙන් මොන දේ ඉල්ලුවත් මම දෙනවා. ඇයි ඔයාට බැරි. අපි හම්බවෙලා දැන් අවුරුදු තුනකට වැඩියි. ඔයා තාම මගේ නම කියල එක දවසක් මාත් එක්ක කතා කරලා නැහැ. මාව මෙච්චර ඈත් කරන්නෙපා මෙහන්සා. ඔයාට තේරෙන්නේ නැද්ද එකෙන් මට කොච්චර රිදෙනවද කියල. මගේ දිහා බලල මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මෙහන්සා.

කිලාන් තරහෙන් දුකෙන් වේදනාවෙන් ඔහුගේ සිතිවිලි වචන වලට පෙරලද්දී කෙල්ලට තවත් දරාගෙන ඉන්න පුළුවන් උනේ නැහැ. ඈ සෙමෙන් ඔහුට තුරුළු උනේ ඔහුගේ බැඳ වටා දෑත් යවමින්. කොල්ලගේ දෑත් උනත් ඈ වටා රැඳුනේ ඉබේටම වගේ.

කොල්ලගේ තරහ තුනී උනේ ඔහුට හිතන්නට වත් වෙලාවක් නොදී.

ඇයි මේ මෙහන්සා?

ඔයාගේ එක ප්‍රශ්නෙකට වත් මට උත්තර දෙන්න පුළුවන් කමක් නෑ. කෙල්ල කිව්වේ ඒ පපුතුරෙන් ඔලුව උස්සන්නේ වත් නැතුව.

ඔහු එක අතක් ඇය වටා රඳවාගෙන අනිත් අතින් කෙල්ලගේ හිස අතගෑව. ඇය කෙරෙහි ඇති ආදරය සිය දහස් ගුණයකින් වැඩි වෙනව ඔහුට දැනුන.

මට මෙහෙම ඉන්න දෙන්න ප්ලීස්. ඔහු අභියස ලබන සැනසීම අහිමි කරගන්න අකමැතිව ඈ මිමිනුව. ඇයට සියල්ල අමතක උනා ඒ මොහොතේ. ඇයට මතක තිබුනේ මේ මොහොතේ මුළු ලෝකයේම සිටින්නේ තමාත් ඔහුත් පමණක් බවයි. ඔහු තමාට කොතරම් සමීප වී දැයි ඇය සිතුවා. ඒ ඔස්සේ සිතන්නට බොහෝ දේ තිබුනද සිතිවිලි වලට වැට කඩොලු බැඳී ඈ මොහොතකට ඔහුගේම උනා.

මේ විදියට ඔයාව මට හැමදාම තියාගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ මෙහන්සා. කොල්ල හිතුවේ ඔහු හිටපු ඉරියව්ව දශමෙකින් වත් වෙනස් කරන්නේ නැතුව. ඔවුන් දෙන්නාම මනසින් එක අයෙකු වී සිටි මොහොතක් ඒක. කාලය ගත වෙලා යනවා දෙන්නගෙන් එක අයෙකුට වත් දැනුනේ නැහැ.

මේ උණුසුම මේ සුවය නැති කරගන්නට ඔහු අකමැති උනත් මේ වැරද්දක් බව කිලාන් ගේ සිත කියන්න පටන් ගත්ත.

ඔයාගේ මේ හැසිරීම මට තේරුම් කරලා දෙන්න මෙහන්සා? කිලාන් කියද්දී තමන් සිමාව ඉක්මවා ගිය බවක් කෙල්ල ට දැනුන. ඇය ඉක්මනින් ඔහුගේ තුරුලෙන් ඈත් උනා. දැන් ඉතින් තමන් චපල කෙල්ලක් කියල ඔහු හිතාවි.
නමුත් කොල්ල එහෙම හිතුවේ නැහැ. ඇය ගැන ඒ විදියට වැරදියට හිතන්න ඔහුට හිත එකග කරගන්න බැහැ. ඔහුට ඕනේ උනේ හිත දවන ගැටළු වලට ඇගෙන් පිළිතුරක් ලබාගන්න පමණයි. වසර ගානක් කෙල්ලගේ ලගින්ම හිටපු හින්ද කොල්ලට නිකම්ම ඇගේ සිතිවිලි තේරෙනවා. තමන්ට නොකියන මොනා හරි දෙයක් ඒ සිතේ හංගගෙන ඉන්න බව ඔහුට තේරිලා ගොඩක් කල්.

මට නොකියන ගොඩක් දේවල් ඔය හිතේ හංගගෙන ඉන්න බව මම දන්නවා මෙහන්සා. ඒත් ඒවා අහන්න මට අයිතියක් නැහැනේ. මම ඔයාගේ යාලුවෙක් වත් නෙමෙයිනේ. කොල්ල කියද්දී කෙල්ල තවත් මුකුත් කියන්න බැරි වෙන්න ඒ දෙතොල් මතින් තමන්ගේ ඇගිල්ල තිබ්බ.

කවදාහරි දවසක ඔයාට දැනගන්න ලැබෙයි. එතකොට තේරෙයි මම මොන තරම් අවාසනාවන්ත කෙල්ලක්ද කියල.

ඇයි දැන් මට කියන්න බැරි?

තව කෙනෙක්ගේ ජිවිතයක් විනාස කරන්න මට බැරි නිසා. මොකද මම මහා අවාසනාවන්ත කෙල්ලෙක්.

තේරෙන්න කතා කරන්නකෝ මෙහන්සා ඔයා කොහොමද අවාසනාවන්ත වෙන්නේ?

මට ඒ ගැන ඔයාට කියන්න පුළුවන් කමක් නෑ

අපි දැන් යමු එහෙනම්. කිලාන් කිව්වේ තව කොච්චර ඇහුවත් ඇය වචනයක් නොකියන බව ඔහු ඉවෙන් වගේ දන්නා හින්ද. කවදාහරි ඇයටම හිතිලා ඒ හිතේ හංගගෙන දුක් විඳින දේවල් තමන්ට කියනකම් ඇයට කල් දෙන්න ඔහු හිතාගත්ත.

ඔයාට මතකද ඔයා මට දවසක් කිව්වා ජිවිතේ ප්‍රශ්න එනවා. සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව ඉන්න තරමට හොදයි. මොකද ඒවා තව ප්‍රශ්න ගොඩකට හේතුව වෙන්න පුළුවන් කියල. අන්න ඒ කතාව තමයි මටත් දැන් ඔයාට කියන්න තියෙන්නේ.

ඔහුට හැම දේම ගලේ කෙටු අකුරක් වගේ මතකයි. තමා ඒ කතාව ඇයට කිවේ වසර තුනකට පමණ පෙර නිවේදන තරගාවලියේ දිනෙක බව ඔහුට මතක ය. ඇය සමග ගෙවන මොහොතක් හෝ අමතක කරන්නට ඔහු සුදානම් නැත. නමුත් ඇයද ඒ මතකය එලෙසම සිත රඳවාගෙන සිටින බව ඔහු අත්දකින පළමු අවස්ථාව මෙය විය.

ඔයාට හැම දේම මතකයි.

අමතක් වෙන්න මම මැරිලා ඉපදුනේ නැහැනේ.

මං හිතුවේ ඒවා මතක තියන් ඉන්නේ මම විතරයි කියල.

ඇය කෙලින්ම ඔහු දෙස බැලුව. ඔයත් එක්ක ගත කරන හැම මොහොතක්ම හැම තප්පරයක්ම මට මතක තියෙයි. වචනෙන් නොකීවත් ඒ දෑසේ රැඳුනේ එවැනි කතාවක් බව ඔහුට දැනුන.