No photo description available.
Nilu Sadhamini
donsSotrpe7u3m

8
0

1t
2
h5
0
0c5g9
t
7
9
u
2
u
1
ah710g0167f
2
3 අවසාන කොටස🌹🌹

👩🌹දුහුල් මලක්👩🌹

🌹🌹කුඩම්මා හින්දා මගෙ හිතට දැනිලා තිබුනු දේවල් එක්ක මන් ජීවත් වුනේ බොහොම කල්පනාවෙන්. බණ්ඩාරවෙල වත්තට ගිය අප්පච්චියි කුඩම්මයි බදාදා ආපහු වලව්වට ආවා. මට කුඩම්මගෙන් ලොකු වෙනසක් පෙනුනා. එයා ගේ ඇතුළට අඩිය තිබ්බේ අප්පච්චිගෙ කරට අතකුත් දාගෙනමයි. මන් කුස්සියට ගියා.යද්දී කුසුමා නැන්දා උයනවා.මන් ගිහින් පුටුවක් උඩින් ඉද ගත්තා.

“අපරාදෙ නේද බේබි අද ඉස්කොලේ….”
කුසුමා නැන්දා එහෙම කියන්න ඇත්තේ අද මන් ඉස්කොලේ නොගිය හින්දා වෙන්න ඇති.

“නෑ කුසුමා නැන්දේ.අද උගන්නපු ඒවයේ නෝට් ටික මට අනුත්තරාගෙන් හෙට ඉල්ලගන්න පුළුවන්.අද අප්පච්චියි කුඩම්මයි ගෙදර ආපු හින්දා මගෙ හිත කිව්වෙම අද මට ගෙදර නවතින්න කියලා.අපිට දැන් කුඩම්මා ගැන සැකයක් ඇතිවෙලා තියන හින්දා අපි එයා ගැන හොද සෝදිසියෙන් ඉන්න ඕනි….”

“අනේ තනීෂා බේබි….ඔලුවෙ කැක්කුමයි නම් ගිහින් පොඩ්ඩක් නිදාගෙන ඉන්නකො.මේ ලිප අස්සෙ ඉන්නකොට තවත් ඔලුව රිදෙයි රස්නෙට…..”

එවලෙම වගේ කුඩ්ම්මත් කුස්සියට ආපු හින්දා කුසුමා නැන්දා මාතෘකාව වෙන පැත්තකට හැරෙව්වා.

“දූ…..අද ඉස්කෝලේ ගියේ නැද්ද?….”

“නෑ කුඩම්මේ….උදේ ඉදන්ම මගෙ ඔලුව රිදෙන්න ගත්තා.ඉතින් අද ගියේ නැහැ….”

මාත් වෙනසක් නොපෙන්වාම කතා කරා.කුඩම්මගෙ මූණෙන් පෙනුනේ එයා ඉන්නේ ගොඩාක් සන්තෝශෙන් කියලා. ඒ බව කුසුමා නැන්දත් දකින්න ඇති. මටත් කලින් කුසුමා නැන්දා කතා කරා.

“අද අපේ සිතාරා නෝනා ගොඩාක් සතුටින් වගේ.මූණත් එක්කලා සිරියාවන්ත පාටයි නෝනෙගෙ….”

“ඔව් කුසුමා මන් අද ගොඩාක් සතුටින්. මන් විතරක් නෙවෙයි සූරි ත් ගොඩාක් සතුටින්.තනීෂා දූ ඔන්න තව ටික කාලෙකින් ඔයා අක්කා කෙනෙක්….”

එහෙම කියලා කුඩම්මා කුස්සියෙන් ගියා. මොකුත් හිතා ගන්න බැරුව මන් කුසුමා නැන්දගේ මුහුණ දිහා බැලුවා.ඊට පස්සේ මාත් නැගිටලා කාමරේට ගියා.රෑට කෑම කන්න මන් ගියේ නෑ.ඔලුව කැක්කුමයි කියලා බොරුවක් කියලා මන් කාමරේම හිටියා.

ඔහොම ටික දවසක් සාමාන්‍ය විදියටම ගෙවිලා ගියා.හැබැයි කුඩම්මගෙ නම් ලොකු වෙනසක් මන් දැක්කා.එයා දවසින් වැඩි හරියක්ම ගත කරේ කාමරේ ඇතුලෙමයි.ඒකත් මගෙ හිතට වද දෙන්නට වුනා.දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දී අම්මා කෙනෙක් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනිලු.මට ඒ ගැන කිව්වේ කුසුමා නැන්දා.ඒත් කුඩම්මා හරියට හැසිරෙන්නේ මේ ලෝකෙ පළමු දරු උපත සිදු කරන්න ඉන්නේ එයා වගේනෙ.

කුඩම්මා ගැන හොද ප්‍රවේසමෙන් හිටියා වගේම මේ අතරතුර මන් ඉස්කෝලේ වැඩත් අතපසු නොකර කර ගත්තා.හොදට ඉගනගෙන හොද තැනකට එන්න ඕනි කියන සිතුවිල්ල මගේ හිතේ තිබුනා.මන් මහන්සි වෙලා හොදට ඉගන ගත්තා.

සමහර දවස් වල අප්පච්චී එයාගෙ වත්තෙ වැඩ,බිස්නස් වැඩ වලට ගියාම රෑට ගෙදර එන්නෙ නෑ.මට අද උදේ ඇහුනා අප්පච්චී කුඩම්මාට කියනවා අද රෑට අප්පච්චිට ගෙදර එන්න වෙන්නෙ නෑ.ඒ හින්දා කුඩම්මාට පරිස්සමින් ඉන්න කියලා.ඒ හින්දා අද රෑ කුඩම්මා ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනි.මන් කුසුමා නැන්දටත් කිව්වා.

රෑට කෑම කාලා ඉවර වෙලා මන් කාමරේට යන්න හදනකොට කුඩම්මා මට කතා කරා.

“තනීෂා…..දූ මන් දැක්කා ඔයා මේ ටිකේ හොදටම මහන්සි වෙනවා පාඩම් කරන්න.ඉගන ගන්න දක්ෂ ළමයි එහෙම තමයි.අපි මහන්සි වෙච්ච තරමට තමයි අපිට ප්‍රතිඵල නෙළාගන්න පුළුවන් වෙන්නේ.දූ රෑ වෙනකනුත් පාඩම් කරනවද?…..”

මට තේරුණා කුඩම්මා වටෙන් වටෙන් ගෙනිහින් මගෙන් මේ අහන්න හදන්නේ මන් රෑ කීය වෙනකන් ඇහැරිලා ඉන්න හදනවද කියාලා.මන් කල්පනා කරලා හොද බොරුවක් කිව්වා.

“මේ දවස් ටිකේම රෑ දහය වෙනකන් පාඩම් කෙරුවා කුඩම්මේ.ඒත් අද නම් ගොඩාක් නිදිමතයි.හෙට සෙනසුරාදා හින්දා දවල් වරුවෙ උනත් පාඩම් කරන්න පුළුවන්නේ.අද කල්ලැතුව නිදා ගන්නවා….”

මන් කියපු තඩි සයිස් බොරුව කුඩම්මා විස්වාස කළා.එයා එයාගෙ කාමරේට ගියාට පස්සේ මන් මගේ කාමරේට ගියා.කුසුමා නැන්දත් එයා නිදා ගන්න කාමරේට ගියා.

කුඩම්මා මගෙන් ඉස්සෙල්ලා මන් නිදා ගන්න වෙලාව ඇහුවේ හොදකට නම් නෙවෙයි.මෙතන මොකක් හරි හොරයක් තියනවා.අද රෑ එළිවෙනකන් හරි ඉදලා මන් ඒක හොයා ගන්නවා.පු0චි කාලෙදි නම් මන් කලුවරේ තනියම එළියට යන්න බයයි.ඒත් අද මට ඒ බය දැනුනේ නෑ. ඒ වෙනුවට දැනුනේ නිර්භීත කමක්.

මන් නිදාගන්නේ නැතුව ඇහැරිලාම හිටියා.ඔරලෝසුවේ රෑ දහය සටහන් වුනා🕙.මන් හිමින් සීරුවේ ඇදෙන් නැගිටලා ගෙයි හැම තැනකම හයි කරලා තියන සී.සී.ටීවි චෙක් කරලා බැලුවා. සැකයි කියලා හිතන්න පුලුවන් තරමේ දෙයක් පෙනුනේ නම් නැහැ.වලව්ව පිටිපස්සේ පැත්තේ තියන සී.සී.ටීවි එකත් චෙක් කරලා බැලුවා.ටික වෙලාවක් ඒක දිහා බලන් ඉන්නකොට ගෙයි පිටිපස්ස පැත්තෙන් සුදුවට ඇද ගත්තු කව්දෝ මන්දා යනවා පෙනුනා🤔🤔මන් ඒක තව ටිකක් සූම් කරලා බැලුවා. දෙයියනේ😱😱කුඩම්මා නේද මේ??.මගෙ ඇගට දාඩියත් දැම්මා.දැන් වෙලාව රෑ එකොළහයි🕚.මේ වෙලාවෙ කුඩම්මා වලව්වේ පිළික්කන්න පැත්තේ මොනවද කරන්නේ.මන් තවත් ඒ දෙස බලන් හිටියා.කුඩම්මගෙ අතේ මොකවත් තිබ්බේ නැහැ.එයා හිමින් සීරුවේ මායිම අයිනට ගියා.එතන වෙන දේවල් සී.සී.ටීවි කැමරාවට හරියට පැහැදිලිව පෙනුනේ නැහැ.ඒත් කුඩම්මා මායිම අයිනේ විනාඩි දහයක් විතර හිටියා.ඊට පස්සේ කව්දෝ මන්දා පිරිමි කෙනෙක් වැටෙන් පැනලා කුඩම්මා ළගට ආවා.කව්ද මේ මනුස්සයා. මට මොකුත්ම හිතා ගන්න බැරි වුනා. හිමිහිට වටපිට බලපු කුඩම්මා ඒ මනුස්සයත් එක්ක වලව්ව පැත්තට ආවා. ඒ ඇවිත් ඒ මනුස්සයයි කුඩ්ම්මයි වලව්වේ පිළිකන්න පැත්තේ තියන ලොකු ජනේලයක් ඇරලා ඒකෙන් ගෙට පැන ගත්තා.ඒ ජනේලේ වහපු ක
ුඩම්මා ඒ මනුස්සයත් එක්ක කුඩම්මා නිදන කාමරේට ගියා.කුඩම්මත් එක්ක හිටපු මනුස්සයා කව්ද කියලා මට හරියටම හොයා ගන්න බැරි වුනේ ඒ මනුස්සයා හිටියේ මූණ රෙද්දකින් වහගෙන හින්දයි. කාමරේ ඇතුළට ගිය කුඩම්මයි ඒ මනුස්සයයි දොර වහගත්තා.

මේ වෙලාවෙ වලව්ව ඇතුලේ ඉන්නේ කුඩම්මයි මේ මනුස්සයටයි අමතරව මායි කුසුමා නැන්දයි විතරයි.මන් ටක්ගාලා ශබ්ද නොනැගෙන සේ අඩිය තියලා මගෙ කාමරෙන් එළියට ආවා.ඇවිත් හිමිහිට පඩිපෙළින් අඩිය තියලා පහළට බැස්සා. මගෙ අතේ පොඩි ටෝච් එකක් තිබුනා මන් ඒකෙ ආධාරයෙන් පඩිපෙළ බැහැලා කුඩම්මගෙ කාමරෙ ගාවට ආවා. බොහෝම හිමීට අඩිය තියලා කාමරේ දොර ළගටම ගියා.ඇතුලේ කතා වෙන්නේ මොනවද කියලා මට ඇහුනේ නෑ.මන් හිමිහිට කාමරේ අනික් බිත්තිය පැත්තට ගිහින් පුටුවක් තියලා බාගෙට කැඩිච්ච ජනේලෙන් ඉස්සිලා බැලුවා.කාමරේ ලයිට් දාලා තිබුනේ.කුඩම්මා අර මනුස්සයගෙ ඇගට තුරුල් වෙලාමයි හිටියේ.ඒ මනුස්සයයි කුඩම්මයි කතාවෙන දේවල් මට ඇහුනේ නෑ.හැබැයි එවලෙ තමයි මන් ඒ මනුස්සයගෙ මූණ හරියට දැක්කේ.අවුරුදු තිස්පහක විතර පෙනුම කොන්ඩෙ කොටටම කපලා තිබුනේ. ටිකක් විතර තලෙලුයි.

මට කුඩම්මා ගැන දැනුනේ අප්‍රියතාවයක්. කසාද බැදපු මිනිහා ඉන්නැද්දී ලැජ්ජ නැතුව වෙන මිනිස්සුන්ට තුරුල් වෙලා ඉන්න හැටි.කුඩම්මා ඒ මිනිහට මොනවදෝ කියන්න හදද්දී ඒ මනුස්සයා එයාගෙ ෆෝන් එක හිමිහිට කුඩම්මට නොපෙනෙන්න පිටි පස්සෙන් තිබ්බා. මේ මනුස්සයා මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුනා.

මන් හිටගෙන හිටියේ බොහොම අමාරුවෙන්. එකපාරටම කාමරේ ලයිට් ගියා.මන් ඉක්මනට පුටුවෙන් බැහැලා කුඩම්මා කාමරේ දොර අරින්න කලින් පඩිපෙළ නැගලා මගේ කාමරේට ගියා.මට එක දෙයක් හොදටම විශ්වාසයි.මේ කුඩම්මගේ හොර මිනිහා.ඇදට වැටුනු සැසැනින්ම මට නින්ද ගියා.

⛅🌥️🌤️
“තනීෂා බේබි….තනීෂා බේබී….ඉක්මනට නැගිටින්න…..”

උදේම කාමරේට ඇවිල්ලා මාව හොලවලා කුසුමා නැන්දා කතා කරද්දී මන් පුදුම වුනා. ඔරලෝසුවේ වෙලාව බලද්දී උදේ අටයි🕗.ඊයෙ රෑ නිදි මරපු හන්දා මට ඇහැරෙද්දී ගොඩාක් වෙලා ගිහින්.මන් කුසුමා නැන්දා දිහා බලද්දී එයා හිටියේ ගොඩාක් කලබලේකින්.

“තනීෂා බේබි….පුළුවන් තරම් ඉක්මනින් පල්ලෙහාට එන්න…..”

එහෙම කියලා කුසුමා නැන්දා පහළට දිව්වා.මොකුත්ම හිතා ගන්න බැරුව මාත් ටක් ගාලා මූණට වතුර ටිකක් ඉහාගෙන පහළට දිව්වා.

සාලෙට යද්දී අප්පච්චියි පොළීසියේ පස් හය දෙනෙකුයි සාලෙ හිටියා. උවමනාවෙන් බලද්දියි මන් දැක්කේ පොළීසියෙන් කුඩම්මගේ අත් දෙකට මා0චු දාලා තිබ්බ විදිය.මන් අප්පච්චී ළගට දුවලා ගියා.

“අනේ අප්පච්චී ඇය් මේ??මෙතන මොකද වෙන්නේ?ඇයි මේ කුඩම්මව ඇරෙස්ට් කරලා තියෙන්නේ?….”

අප්පච්චී මට උත්තරයක් දුන්නේ නැහැ.ඒ වෙනුවට එයාගෙ මූණෙ තිබ්බේ ලොකු තරහක්.මන් එතන හිටපු හැමෝගෙම මුහුණු දිහා බැලුවා.කුඩම්මට මා0චු දාලා එයාව අල්ලන් හිටපු යුනිෆෝම් ඇදපු පොලිස් ඔෆිසර් දිහා මන් ආයෙමත් බැලුවා.දෙයියනේ😱😱මේ ඊයෙ රෑ කුඩම්මගේ කාමරේ හිටපු මිනිහා නේද? එයා පොළිස් නිලධාරියෙක්ද?මට පුදුමත් හිතුණා.පොළීසියෙන් කුඩම්මව ජීප් එකේ දාගෙන ගියා.අප්පච්චි සිරිපාල මාමත් එක්ක කාරෙකේ පොළීසියට ගියා.

මොකුත්ම හිතා ගන්න බැරුව මන් සෝෆාවෙ වාඩි වුනා.කුසුමා නැන්දා මන් ලගට ඇවිත් සිද්ධ වෙච්චි හැම දේම අකුරක් නෑරම මට කිව්වා.

සිතාරා මනෝභාශිණී එක්නැලිගොඩ නොහොත් මගේ අප්පච්චිගේ දෙවැනි කසාද බිරිඳ අප්පච්චිව විවාහ කරගෙන තියෙන්නේ සල්ලි වලටයි බූදලේට තියන කෑදර කමටයි.මීට තුන් අවුරුද්දකට පමණ පෙර ඇය මගේ අම්මා (දිල්හානි එක්නැලිගොඩ) ඉගෙනුම ලැබූ ඇමරිකාවෙ පිහිටි සත්ත්ව විද්‍යාව පිළිඹද විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක්. මගේ අම්මා අවසන් වසරේ සිටියදී කුඩම්මා එම විශ්ව විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වී තිබෙන්නේ.

කුඩම්මයි මගේ අම්මයි නවාතැන් ගෙන ඇත්තේ එකම බෝඩිමක කාමර දෙකකය.දිනපතාම හමුවන අතරතුර මේ දෙදෙනා අතර යම්කිසි මිත්‍රත්වයක් ගොඩනැගී තිබෙනවා.විශ්ව විද්‍යාලයෙන් ඉවත් වන්නට මසකට පෙර අප්පච්චී සහ අම්මාගෙ විවාහය දෙපාර්ශවයේම වැඩිහිටියන් විසින් ස්තීර කර තිබෙනවා. අම්මා මේ බව ඇගේ යෙහෙළිය වූ සිතාරා (කුඩම්මා) ට පවසා තිබෙනවා.කුඩම්මා අම්මා තරම් පොහොසත් නැහැ. අප්පච්චීගේ පව්ලේ විස්තර සහ වත් පොහොසත්කම් ගැන විස්තර ගැන දැන් ගත් කුඩම්මාට අම්මා පිළිඹද ඊර්ෂ්‍යාවක් හටගෙන තිබෙනවා.මේ අතර තුර ඉගෙනුම අවසන් කරපු මගෙ අම්මා ල0කාවට පැමිණ අප්පච්චිත් සමග විවාහ වෙලා.

මේ ගැන දැන ගත් කුඩම්මා ඉගෙනුම අතරමග නවතලා ල0කාවට පැමිණ ඇත්තේ කෙසේ හෝ අම්මාගෙන් අප්පච්චිව වෙන්කර තමාට ල0කර ගැනීමේ අපේක්ෂාවෙනි.විවිධ අයුරින් වෙස් වළාගෙන කිහිප සැරයක්ම ඇය වලව්ව්ට පැමිණ තිබෙනවා.මේ අතර තුර කුඩම්මාගේ මව මියගිය නිසා ඇය පියාත් සමග තනිවිය.පසුව පියා විසින් කුඩම්මාව ඔහුගේ හිතවතෙකුගේ පුත්‍රයෙකුට විවාහ කර දී ඇත.වසර කිහිපයක් ඔවුන් එකට ජීවත්ව සිටියත් කුඩම්මාගේ සිතෙහි මගේ අප්පච්චී ගැන අදහස නම් ඉවත් වී තිබුනේ නැත. කුඩම්මා විවාහ වී සිටි පුද්ගලයා දුප්පත් නිසා ඔවුන් අතර නිතරම රණ්ඩු සරුවල් හටගෙන තිබේ.පසුව ඔවුන් දික්කසාද වී ඇත.කුඩම්මා නැවතත් අප්පච්චී පිළිඹද කුරුමාණම් අල්ලන්නට පටන් ගෙන තිබුනි.

කුඩම්මාට ල0කාවේදී ඇයගේ මිතුරෙකු විසින් සර්පයන්ගේ විෂ පිළිඹද ලියවුනු පොතක් දීලා තිබෙනවා.ඇය ඒ පොතේ ආධාරයෙන් සහ ඇය ඇමරිකාවේදී ඉගන ගත් දේවල් ආධාරයෙන් විෂ සහිත නාගයෙක් අල්ලා එම නාගයාව 🐍මෝහනය කර ඌට විෂක් පොවා තිබෙනවා.එක දවසක් මගේ අම්මා මල් පාත්ති සුද්ධ කරමින් සිටියදී කුඩම්මා මෙම නාගයාව මල් පාත්ති අතරින් යවා අම්මාට දෂ්ඨ කරවලා.නාගයා දෂ්ඨ කරලා විනාඩි දහයක් යන්නට පෙර අම්මා මැරිලා.අම්මගෙ මරණෙ සැක සහිතයි කියලා හිතපු ඩොක්ටර්ලා පොලීසියට මේ ගැන කියලා හොර රහසේ අම්මගෙ මරණේ විස්තර හොයන්න පටන් අරන්.

අම්මගේ මරණෙන් වසර එකහමාරකට පසු අප්පච්චී කුඩම්මාව කසාද බැදලා. මේ අතර තුර රහස් පොළීසිය අම්මගේ මරනෙ සුල මුල හොයන්න අරන් තියෙන්නේ.පොළීසියේ ඩී.අයි.ජී චානක විමළසුරේන්ද්‍ර කුඩම්මා සමග බොරු ප්‍රේම සම්භන්ධතාවයක් පටන් අරන් අම්මගේ මරණේ හැම ඇත්තක්ම හොයාගෙන.කුඩම්මගේ ප්ලෑන් එක වෙලා තියෙන්නේ අප්පච්චිගේ දේපළ කොල්ල කාලා චානක ත් එක්ක පැනලස් යන්න.එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා බොරු කියලා තියෙන්නේ.

🌹🌹🌹වසර පහකට පසු🌹🌹🌹

අප්පච්චී කුඩම්මගෙන් ඩිවෝස් වුනා. මගෙ අම්මගේ මරණෙට සිතාරා මනෝභාශිණී ව ජීවිතාන්තය දක්වා හිර ගෙට නියම වුනා.මම දැන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ඉගෙනුම ලබනවා.අප්පච්චියි මමයි හරිම සතුටින් ජීවත් වෙනවා.අපේ තනි නොතනියට කුසුමා නැන්දා අපි ලග හැමදාම ඉන්නවා.

🌹🌹🌹🌹🌹සමාප්තයි