පාසල ඇරුනු වහාම මන් කාරෙකේ ගෙදර ගියේ ගොඩාක් බඩගින්නෙන්.කාමරේට ගිහින් පොත් බෑග් එක මේසෙ උඩ තියලා ස්කූල් යුනිෆෝම් එක පිටින්ම කුස්සියට ගිහින් මන් කුසුමා නැන්දා බෙදලා දීපු බත් එක කෑවා.කාලා ඉවර වෙලා තමයි යුනිෆොම් එක ගලවලා නාලා හොදට නෑවෙ🚿.
හෙට සෙනසුරාදා හින්දා ඉස්කෝලේ දවස් දෙකක් නිවාඩු.හිතට දැනුනේ ලොකු ප්‍රීතියක්.😃😃 මන් පල්ලෙහා සාලෙට යද්දී අප්පච්චියි කුඩම්මයි සෙටියෙ ඉදගෙන කතා කර කර ඉන්නවා.
“දුව පොඩ්ඩක් මෙහාට එන්නකෝ….”
“ඇයි අප්පච්චී…..”
“දුව….අපි හෙට කුරුණෑගල වත්තට යනවා.ඔයත් එන්න අපිත් එක්ක වත්තට යන්න.ගෙදර ඉදළම කම්මැලියිනෙ ඔයාටත්…..”
“
අනේ මට නම් බැහැ අප්පච්චී අනිද්දා ඉස්කෝලෙත් තියනවනේ. අප්පච්චියි කුඩම්මයි ගිහින් එන්න. මට පාඩම් වැඩත් ගොඩාක් තියනවා.ලබන අවුරුද්දෙ ඕලෙවල්නෙ…..”
“කමක් නෑ සූරි.දූ හිටපුදෙන් අපි ගිහින් එමු.දූට තනි නෑනෙ කුසුමා ත් ඉන්නවනෙ.අපි ආපහු දවස් දෙක තුනකින් ආපහු එනවනෙ….”
එහෙම කිව්වේ කුඩම්මා.හැබැයි මට එක දෙයක් තේරුණා.මාව වත්තට එක්ක යන්න කුඩම්මගෙ කැමැත්තක් නැහැ. මන් යන්න බැහැ කිව්වම කුඩම්මගෙ මුහුණෙ තිබුනෙ සන්තෝශ පාටක්.මන් කාමරේට ගිහින් ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න පටන් ගත්තා.
පහුවදා උදේ පාන්දරම අප්පච්චියි කුඩම්මයි සිරිපාල මාමත් එක්ක කුරුණෑගල වත්තට ගියා.කම්මැලි හින්දා මන් උදේ කෑමත් කාලා උඩ තට්ටුවේ බැල්කනියට ගිහින් වත්ත දිහා බලන් හිටියා.
ඉස්සර අම්මා ජීවතුන් අතර ඉන්න කාලේ අපි මේ වලව්වේ මොන තරම් සන්තෝශෙන් හිටියද?අම්මගෙ හදිසි මරණෙන් පස්සෙ මන් තනිවුනා කිව්වොත් හරියටම හරි.
මගේ දුක සැප බෙදා ගන්න අසනීපෙකට බේත් හේත් කරන්න මට හිටියේ කුසුමා නැන්දා විතරයි.අප්පච්චියි කුඩම්මයි හිටියේ එයාලගෙ ලෝක වල.ඉස්සර නම් අප්පච්චී මට ගොඩාක් ආදරෙයි.ඒත් කුඩම්මා ආපු දවසේ ඉදන් අප්පච්චී මාව එයාගෙ ලෝකෙන් අයින් කරා.😭එක ගෙදරක හිටියත් අපි ජීවත් වුනේ පවුල් දෙකක් වගේ.මගේ වැඩ සේරම මන් තනියම කර ගත්තා.
මුලදි මන් හිතුවේ කුඩම්මා මාව වහලෙක් වගේ තියාගෙන මට නපුරු විදියට වෙනස්කම් කරයි කියලා.ඒත් එහෙම වුනේ නෑ.කුඩම්මා එයාගෙ පාඩුවෙ ජීවත් වුනා.කුඩම්මයි අප්පච්චියි ජීවත් වුනේ ගෙයි පහළ තට්ටුවේ කාමරේ.සමහර දවස් වල කුඩම්මයි මායි මූණට මුණ ගැහෙන්නෙම නැති තරම්.එයාලා මන් ගැන හෙව්වෙ නෑ. මාත් මගෙ පාඩුවේ එයාලා ගැන හොයන්නෙ නැතුව හිටියා.
අනේ මන්දා කුඩම්මා එයාගෙ පාඩුවේ කොහොම හිටියත් මට එයා ගැන සමහර වෙලාවට සැක හිතුනා.මගෙ හිත කියන්නෙම එයා මේ පව්ලට සම්භන්ද වුනේ ලොකු විනාශෙකට කියලා.
මන් නිකමට වගේ පහල තට්ටුවේ අප්පච්චියි කුඩම්මයි ඉන්න කාමරේට ගියා.කාමරේ ළගට ගිහින් දොර අරින්න උත්සහ කරත් දොර ලොක් කරලා තිබුනා.
මන් ආපහු හැරිලා යන්න හැදුවත් මගෙ හිත කිව්වෙම කොහොම හරි මේ කාමරේට පලයන් කියලයි.මට එකපාරටම මතක් වුනා මේ කාමරේ තව යතුරක් අම්මා ගාව තිබුනනේ කියලා.
ඒක ඇත්තේ අම්මගෙ අල්මාරියේ.දැන් ඒ අල්මාරිය පාවිච්චි කරන්නේ මන්.මම ඉක්මනට මගේ කාමරේට දුවලා ගිහින් ඒ යතුර අරගෙන කාමරේ දොර බොහොම අමාරුවෙන් ඇරගත්තා.මේ වෙලාවෙ ගේ ඇතුලේ ඉන්නේ මායි කුසුමා නැන්දයි විතරයි.මන් බය නැතුව දොර ඇතුලෙන් ලොක් කරගත්තා.
කාමරේ කණ්නාඩි මේසෙ උඩ අප්පච්චිගෙයි කුඩම්මගෙයි රාමු කරපු මගුල් පින්තූරෙ තිබුනා.කලින් එතන තිබුනේ අප්පච්චිගෙයි අම්මගෙයි පින්තූරෙ.මන් කණ්නාඩි මේසෙ ලාච්චුව ඇරියා.ඊට පස්සේ ඒ ලාච්චුවේ අයිනටම වෙන්න යතුරු කැරැල්ලක් තිබුනා.මන් හිමිහිට ඒක අතට ගත්තා.විවිධ ප්‍රමාණයේ යතුරු දහයක් විතර ඒකෙ තිබුනා.කාමරේ බිත්තිය අයිනටම වෙන්න තිබුනු ලොකු යකඩ අල්මාරිය ළගට ගියා.
මන් යතුරු කැරැල්ල අරන් අල්මාරිය අරින්න හැදුවා.බොහොම අමාරුවෙන් හය හත් වතාවක්ම උත්සහ කරලා මන් ඒ යකඩ අල්මාරිය ඇර ගත්තා.අම්මෝ😱😱මේක ඇතුලේ තියන කලුවර.මන් අල්මාරියේ අනික් දොරත් ඇර ගත්තා.දැන් නම් එතරම් කලුවර නැහැ. ඒක ඇතුලේ තිබ්බේ කුඩම්මගෙ ඇදුම්. සාරි,ඔසරි,සාය,හැට්ට එහෙම ගොඩාක් ඇදුම් වර්ග ඒකෙ තිබුනා.ඒ අල්මාරියේ ඇතුලටම වෙන්න ලාච්චුවක් තිබුනා. අතේ තිබුනු යතුරු කැරැල්ලේ යතුරකින්ම මන් ඒ ලාච්චුව ඇර ගත්තා.
ඒ ලාච්චුව ඇතුලේ එක එක බිල් වර්ග ගොඩාක් තිබ්බා.තව පොඩි පොතක් තිබ්බ.ඒ පොත ගොඩාක් පරණ පොතක්.සාමාන්‍යයෙන් කොපි පොතකින් බාගයක් විතර සයිස්.මන් ඒ පොත අතට
පෙරලලා බැලුවා.ඒකෙ තිබ්බේ නාගයින්, සර්පයන් ඇතුළු උරගයින්ගේ විෂ ගැන. ඒ පොතේ සමහර පිටු ඉරිලා කැඩිලා තිබ්බා.මට පුදුමත් හිතුණා.කුඩම්මට මොකටද මේ වගේ පොතක්.
මොකක්ද එයාට මේ වගේ පොතකින් තියන ප්‍රයෝජනේ.මන් පොතේ යට පැත්තේ දිනේ බැලුවා.😱මේ පොත 1990 මුද්‍රණය කරපු පොතක්.මන් පොත තවත් පෙරලලා බැලුවා.ඒකේ නාගයින්ගේ විෂ වලින් මිනිසාට සිදුවෙන බලපෑම් ගැන ගොඩාක් විස්තර තිබුනා.ඒ පොතේ නාගයින් ගැන තියන හැම විස්තරේම නිල් පාට පෑනකින් කොටු කරලා තිබ්බා.
මගේ පපුව අසාමාන්‍ය විදියට ගැහෙන්න ගත්තා.මොකද මගේ අම්මා මැරුනෙත් නයෙක් දශ්ට කරලනේ.මට මොකුත්ම හිතා ගන්න බැරි වුනා.මන් නිකමට වගේ පොතේ අන්තිම පිටුව පෙරලලා බැලුවා.
ඒ පිටුවේ පොඩි පින්තූරයක් තිබ්බා.දෙයියනේ😱😱මේ මගෙ අම්මගේ පින්තූරයනේ.කුඩම්මට කොහෙන්ද මගෙ අම්මගේ පින්තූරයක්?මගෙ ඔලුවට එක එක අදහස් ආවා.කුඩම්මා ගැන ලොකු සැකයක් හිතට දැනුනා.මන් ඒ පොත තිබ්බ තැනින්ම තියලා කබඩ් එකත් වහලා කාමරෙත් ලොක් කරලා මගේ කාමරේට ආවා.
මොනවද කරන්නේ කියලා හිතා ගන්නත් බැරිවුනා.මට එකපාරටම මතක් වුනේ මගේ අම්මට නයා දශ්ට කරපු වෙලාවේ හොස්පිටල් එකට ගෙනිච්චම ඩොක්ටර් කියපු කතාව.
එදා ඩොක්ටර් කිව්වේ අම්මට දෂ්ඨ කරපු නයාගේ විෂ අසාමාන්‍ය විදියට ඇග පුරාම පැතිරිලා කියලා.සාමාන්‍යයෙන් නයෙක් දෂ්ඨ කරාම මනුස්සයෙක් එකපාරටම මැරෙන්නේ නැහැ.
ඒත් මගෙ අම්මා නයා දෂ්ඨ කරලා විනාඩි දහයක් ඇතුළත මැරුණා.අම්මගේ මරණ පරීක්ෂණය කරපු වෙලාවෙ ඩොක්ටර් කිව්වේ නාග විෂට අමතරව දරුණු විෂක් ඇගපුරා පැතිරිලා කියලා.ඒත් කාටවත් ඒ ගැන වැඩිදුර තොරතුරු හොයා ගන්න බැරිවෙලා.
මගෙ අම්මගෙ මරණෙට කුඩම්මත් සම්භන්දයිද?මන් කොහොම හරි මේ ගැන හොයා ගන්නවා.මන් ඉක්මනට කුස්සියට ගිහින් කුසුමා නැන්දට මේ ගැන කිව්වා.කුසුමා නැන්දා මගේ කතාව අහලා කම්මුලට අත තියා ගත්තා.
“අනේ දෙයියනේ….අපේ දිල්හානි නෝනව මරාගත්තේ මේ යක්සනීද?අනේ ඔය හැතිරිට හෙන හතම වදින්න ඕනි…..”🤬😠
කෑගහන්න එපා කුසුමා නැන්දේ.තාම අපිට සැකයක් විතරයි තියෙන්නේ. අප්පච්චිට මොකුත්ම මේ ගැන කියන්න එපා.අප්පච්චී කවදාවත් කුඩම්මව සැක කරන්නේ නෑ.
අපි මේක ශාක්ශිත් එක්කම ඔප්පු කරගන්න ඕනි.ඇත්තටම මගෙ අම්මව මැරුවේ කුඩම්ම නම් මන් ඔය ගෑනිට යහතින් ඉන්න දෙන්නෙ නම් නෑ….”🤬🤬😡
කුසුමා නැන්දගේ සහයෝගයෙන් එදාම මන් අපේ බන්ගලාව හැම තැනකම සී.සී.ටීවි හයි කෙරෙව්වා.ඒවා කරේ හැමෝටම හොරෙන්.