කොටස🌹🌹දුහුල් මලක්🌹🌹
❤️❤️”….තනීෂා බේබි…ඇවිල්ලා ලොකු මහත්තයටයි නෝනටයි වැදලා හිටියනන්….ලොකු මහත්තයත් බේබි ට කතා කරනවා….”
කාමරේ කණ්ණාඩියට මුහුණ ලා ඇද උඩ ඉදගෙන හිටපු මගේ ඔලුව අතගාලා කුසුමා නැන්දා කිව්වේ මන් කෙරෙහි වූ සැබෑම ලෙන්ගතු බවකින්.ඉතින් මා සාලෙට නොගියොත් අප්පච්චි කාමරේට ඇවිත් මට බනිනවා නිසැකයි.හිතට දැනෙන දැඩි අකමැත්තෙන් යුතුව මන් කුසුමා නැන්දාත් සමග පහත මාලයේ සාලයට පිවිසියෙමි.සාලයේ සැම තැනම බැලුන් බෝල 🎈🎈විවිධ මල් වර්ග එල්ලා සැරසිලි කර ඇත.හරියට හොටෙල් එකක් වගේ.🎉️🎈🎗️🎀🌹🤩
සාලයේ පැත්තක ඇති හැඩවැඩ දමා සැරසිලි කරන ලද පුටුවක අප්පච්චීත් ඔහුගේ අලුත් මනාලිය වාඩිවී ඇත.🤵👰බොරුවට ආරූඪ කරගත් සිබහවකින් යුතුව මම ඔවුන් වෙත ගොස් දෙදෙනාටම දණගසා වැන්දෙමි🙏🙏.අප්පච්චී මගෙ ඔලුව අත ගා නලල සිම්බේය.ඔහුගේ අලුත් මනාලිය මාව ඇයගේ පපුවට තුරුල් කරගත්තාය.මම ඔවුන් වෙතින් මිදී ගොස් පැත්තක ඇති පුටුවකින් වාඩි වුනෙමි.මහත් ශෝකයෙන් යුතුව මම මගේ අතීතය සිහිපත් කරෙමි.
මම තනීෂා දිල්රුක්ෂි එක්නැලිගොඩ.මට වයස අවුරුදු පහළවයි.මගේ අප්පච්චී සූරියභානු එක්නැලිගොඩ.මගේ අම්මා දිල්හානි එක්නැලිගොඩ.මීට අවුරුදු එකහමාරකට කලින් මගේ අම්මා මැරුනේ නයෙක් දෂ්ඨ කරලා.මගෙ අම්මා ගොඩාක් ලස්සනයි.එයාගෙ කොන්ඩෙ ඉන ගාවට තියනවා.අම්මයි අප්පච්චියි මමයි ජීවත් වුනේ ගොඩාක් සතුටින්.මේ පළාතෙ ඉන්න ලොකුම සල්ලිකාරයා තමා අපේ අප්පච්චී.අපිට දේපළ,ඉඩකඩම්, යානවාහන සෑහෙන්න තියනවා.අපි පාරම්පරික වලව්කාරයෝ හින්දා අතීතයේ ඉදළම ගමේ මිනිස්සු වගේම අහළ ගම්වල මිනිස්සුත් අපේ වලව්ව හැදින්නුවේ “එක්නැලිගොඩ වලව්ව” කියලයි.වලව්වේ මුරට සේවකයන් හතර පස් දෙනෙක්ම ඉන්නවා.වලව් මාන්නය අපෙ අප්පච්චිගෙ ඔලුවෙ ලොකුවටම තිබ්බා.අප්පච්චී හරිම ලෝබයි.මගේ අම්මාත් ගොඩාක් පෝසත් කෙනෙක්. අප්පච්චී වැඩි හරියක්ම දියුණු වුනේ අම්මගේ දේපළ වලින්.
මගෙ අම්මා ගෙවතු වගාවට හරිම ආසයි.එයා වත්තේ කැනාස්,රෝස,ඉද්ද,ඇන්තූරියම්…. වගේ විවිධ මල් වර්ග වවලා තිබ්බා. දවසක් අම්මා මල් පාත්ති සුද්ද කර කර ඉන්නකොට පාත්තියක් අස්සෙන් ආපු නයෙක් අම්මට දෂ්ඨ කරලා අම්ම මැරුනා.එදා මන් ගොඩාක් ඇඩුවා😭😭😭 අපච්චිත් අම්මගෙ මිනිය බදාගෙන ගොඩාක් වෙලා ඇඩුවා.අම්මා මැරෙනකොට මන් ලොකු ලමේක් වෙලා හිටියෙත් නෑ.අම්මගෙ මරනෙන් මාස අටකට පස්සේ තමයි මන් ලොකු ලමේක් වුනේ.එදා මට අම්මා නැති අඩුව තදින්ම දැනුනා.මගේ ඒ වැඩ කටයුතු සේරම කරේ කුසුමා නැන්දයි අප්පච්චිගෙ ලොකු නන්ගියි.අම්මගෙ මරනෙන් අවුරුද්දක් ගියාට පස්සේ ලොකු නැන්දා අප්පච්චිට තවත් කසාදයක් කරගන්න කිව්වා. අම්මගේ මරනෙන් ගොඩාක් මානසිකව වැටිලා හිටපු අප්පච්චී තවත් කසාදයක් කරගනියි කියලා මන් හිතුවේ නැහැ. ඒත් අම්මට පණ වගේ ආදරේ කරපු අප්පච්චී ආයෙමත් කසාද බැන්දා.
අප්පච්චී කසාද බැන්ද එකට මට එහෙම ලොකු දුකක් නැහැ.ඒත් එයා කසාද බැන්දේ එයාගෙ වයසට ගැළැපෙන කෙනෙක් නෙවෙයි. කුඩම්මාගේ නම සිතාරා.දැන් එයා සිතාරා එක්නැලිගොඩ.අප්පච්චිට දැන් අවුරුදු පනහයි.කුඩම්මට අවුරුදු තිහයි.කුඩම්මා කලින් කසාද බැදලා එයාගෙ මනුස්සයා මැරිලා.ඒත් පෙනුමෙන් කුඩම්මට අවුරුදු විසිපහක් විතර වගෙයි පේන්නෙත්.මට එක දෙයක් හොදටම විශ්වාසයි.කුඩම්මා අප්පච්චිව බැන්දේ සල්ලි හින්දා.
“තනීෂා බේබි එන්න දැන් කෑම කන්න. උදේ ඉදන්ම මොකුත් කෑවෙ නෑනේ….”
කුසුමා නැන්දා එහෙම කියනකොටයි මන් කල්පනා ලෝකෙන් මිදුනේ.මන් කෑම කාමරේට යනකොට අප්පච්චියි කුඩම්මයි කෑම කන්න හදනවා.
“ආ….දූ එන්න කෑම කන්න….”
එහෙම කතා කරේ අප්පච්චී නෙවෙයි කුඩම්මා.කුඩම්මා හරිම හොද කෙනෙක් වගේ පෙනුනා.ඒත් අද පළවෙනි දවසනේ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැනේ.කවුරු ආවත් මගෙ අම්මගෙ තැන ගන්න කාටවත් බැහැ.මන් කුඩම්මත් එක්ක හිනාවෙලා එළවලු බත් එක හැන්දක් විතර බෙදාගෙන කෑවා.
“අනේ දූ…ඔයා කන්නේ බොහොම චුට්ටයිනේ.ඔහොම නෙවෙයි හැදෙන ගෑණු ළමයි ගොඩාක් කන්න ඕනි….”
“අනේ සිතාරා……දුව වෙනදාටත් කන්නේ බොහොම පොඩ්ඩයි.එයා හරිම ලැජ්ජයි. කාත් එක්කවත් වැඩි කතාවක් නෑ….””
මට කලින් අප්පච්චී කුඩම්මට උත්තර දුන්නා.කාලා ඉවරවෙලා පිගාන හෝදලා රාක්කෙන් තියලා මන් කාමරේට ගියා. ගිහින් අම්මගෙ පින්තූරෙ අතට ගත්‍තා.
“අනේ මගෙ රත්තරං අම්මේ😭😭ඔයා නැති අඩුව මට තාමත් දැනෙනවා අම්මේ. ඔයා අපිව දාලා අවුරුදු දෙකක් ගියේ නෑ. අප්පච්චී අලුත් කුඩම්මා කෙනෙක් ගෙනල්ලා.මට බයයි අම්මේ😭😭එයා මට වෙනස්කම් කරයිද දන්නේ නැහැනේ. කවුරු ආවත් ඔයාගෙ තැන ගන්න කාටවත්ම බැහැ අම්මේ😭😭😭….”
මන් අම්මගෙ පින්තූරෙ ඉඹලා ආයෙමත් මේසෙ උඩින් තිබ්බා.මේ දවස් වෙල ඉස්කෝලේ නිවාඩු හින්දා පරිවර්තන කරපු පොතක් අරගෙන කියවන්න ගත්තා.රෑට මන් කන්න කෑම මේසෙට ගියේ නෑ.කුසුමා නැන්දට කියලා කෑම එක කාමරේට ගෙන්නගෙන කෑවා. අම්මා මැරුණට පස්සේ මන් කාමරේ නිදා ගත්තේ තනියම.මගේ කාමරේට එහා පැත්තේ තියන පොඩි කාමරේ කුසුමා නැන්දා නිදාගන්නේ.මන් නිදාගන්න හදද්දී කුඩම්මා කාමරේට ආවා.
“දූ….නිදාගන්නද හදන්නේ? තනියෙම නිදා ගන්න බය නැද්ද දුවට….”
“අනේ නෑ කුඩම්මේ.අම්මා මැරුණට පස්සේ මන් තනියම හැම දේම කරගන්න පුරුදු වුනා….”
“දූ…දැන් ඒ ගැන හිතන්න එපා.දූට දැන් මන් ඉන්නවනේ….”
“නෑ කුඩම්මේ…මොනවා වුනත් මට මගෙ අම්මව අමතක කරන්න බෑ…..”
ඊට පස්සේ කුඩම්මා කාමරෙන් ගියා.මන් නිදා ගත්තා.🌇
පාසල් නිවාඩු කාලයත් ගෙවිලා ඉවර වුනා.මන් ආයෙමත් ඉස්කෝලේ යන්න ලෑස්ති වුනා.වෙනදා වගේම උදෙන්ම ලෑස්ති වෙලා අම්මගෙ පින්තූරෙට වැදලා අප්පච්චිටයි කුඩම්මටයි වැන්දා.මන් පාසල් ගියේ කාරෙකෙන්.කාර් එකේ ඩ්‍රයිවර් තමයි සිරිපාල මාමා.මන් ගියේ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට.කාර් එකේ ගිහින් ඉස්කෝලේ ගේට් එක ළගින් බැහැලා මන් පන්තියට ගියා.යද්දී මගෙ හොදම යාළුවා අනුත්තරා ත් ඇවිත් හිටියා.
“ගුඩ් මෝර්නින් තනීෂා….”
“ගුඩ් මෝර්නින් අනුත්තරා….”
“තනීෂා කොහොමද ඔයාගෙ අලුත් අම්මා…නපුරුද ? නැත්නම් හොදයිද?….
අනුත්තරා සටහන් පොතක් පෙරලන ගමන්ම මගෙන් එහෙම ඇහුවා.
“මට දැන්මම එයාව තේරුම් ගන්න බැහැ අනුත්තරා.අනික එයා මගෙ අම්මා නෙවෙයි කුඩම්මා.කාටවත්ම බැහැ මගෙ අම්මගෙ තැන ගන්න.ඔයාලා මගෙ අම්මව හොදට දන්නවනේ අනුත්තරා….”
“අනේ ඔව් තනීෂා….දිල්හානි ආන්ටි ගැන අපි හොදට දන්නවා.එයා හරිම හොද කෙනෙක්.කවදාවත් මිනිස්සුන්ට බෙදලා සැළකුවේ නැහැ….”
අනුත්තරාත් මගෙ අම්මා ගැන හොද කියන්න පටන් ගත්තා.හැමෝම මගෙ අම්මට ගොඩාක් ආදරෙයි.😘😘 ඒත් එයා ඉක්මනටම මේ ලෝකෙන් යන්න ගියානෙ.අම්මා ගැන හිතලා ඇස් වලට කදුලක් ගලාගෙන එද්දිම පාසලේ උදෑසන සීනුව නාද කරා.අද යාන්තම් වැස්ස නිසා ළමයි පිට්ටනියට ගියේ නෑ. පන්තියේ ඉදන්ම ගාථා කියලා පන්සිල් ගත්තා.🙏🙏🙏
ඕලෙවල් වලට තියෙන්නේ තව අවුරුදයිනෙ.ඉතින් පාසලේ දහය වසරේ අපිට මේ අවුරුද්ද බොහොම කාර්ය බහුල වුනා.
👩🌹නැවත හමුවෙමු