වර්තමානයේ දේශපාලන ක්ෂේත්රය තුළ කතාබහට ලක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති්රනී හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මියට එල්ලවී ඇති චෝදනා, තර්ජන, ගර්ජන, මඩ ප්රහාර ඇතුළු කරුණු කාරණා විමසීම සඳහා ඇයගේ නිවස වෙත පියනැඟුවෙමු එම මහත්මියගේ. හෝකන්දර පිහිටි ඇයගේ නිවස වෙත අප යන විට ඇය සිය දරු දෙදෙනා සහ ස්වාමිපුරුෂයා සමග පැමිණ අප පිළිගත්තේ ‘‘තැන හොයා ගන්න අමාරු වුණේ නෑ නේද?’’ යන්න විමසමිනි. පාර්ලිමේන්තු මන්ති්රනී හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මිය සමග ‘දිවයින ඉරිද සංග්රහය’ කළ සම්මුඛ සාකච්ඡාව පහතින් පෙළගස්වමු.
මන්තී්රතුමිය නොහිතපු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා නේද?
ඔව්.. හිතවතෙකු, සමග සිදු කළ දුරකථන සංවාද කිහිපයක් සංස්කරණය කරමින් මාධ්ය වෙත මුදා හැර තිබෙනවා. කවුරු හරි හිතනවා නම් සංස්කරණය කළ හඬපට හෝ නොකළ හඬපටවලින් මාව වට්ටන්න පුළුවන් කියලා එය සිහිනයක් පමණයි. ඇත්තටම මෙය ජීවිතයේ හොඳ අභියෝගයක්. එයට මම ඇතුළු මගේ පවුල හොඳින් මුහුණ දෙමින් සිටිනවා.
රංජන් රාමනායක මහතා ඔබගේ මිත්රයෙක්ද?
ඔව්.. එතුමා මගේ මිත්රයෙක්. අපි නිතර විහිළු තහලූ කරනවා. අපි වැඩ කරන්නේ එකට, කන්න යන්නේ එකට. විහිළු තහලූ කරන්නේ එකට. අපි අතර ලොකු හිතවත්කමක් තිබෙනවා. දැන් එළියට ඇවිත් තිබෙන්නේ සංස්කරණය කළ හා නොකළ රංජන් රාමනායක මහතා සමග කළ සංවාද ඇතුළත් හඬපට. ඇත්තෙන්ම අපි අනිත් කාන්තාවන් සමග කළ විහිළු තහලූ ඇතුළත් හඬ පටත් එළියට ආවනම් අපි කොපමණ විහිළුවෙන් තහලූවෙන් ඉන්නවාද කියලා ඔබලාට දැනේවි. හඬපට එළියට දමා අපේ චරිත ඝාතනය කරන්න හදන්නේ අපගේ වෙන වැරදි නැති නිසයි.
රංජන් රාමනායක මහතා ඔබගේ යාළුවෙක් යැයි ඔබ කියනවා. එතරම් හිතවතෙක් මේ කළ දේ හරිද?
කොහොමත් ම නැහැ. මගේ අනුදැනුමකින් තොරව දුරකථන සංවාද පටිගත කළ එක සියයට සියයක්ම වැරදියි. නමුත් ම රංජන් රාමනායක මහතා කළ වැරැද්දට වඩා වරදක් ඒ හඬපට මගේ අනුදැනුමකින් තොරව මාධ්ය වෙත මුදාහරිමින් තවත් පාර්ශ්වයක් සිදු කරමින් සිටිනවා.
සිරගත කර සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමිවුවහොත් ඔබ ඒ සම්බන්ධයෙන් ගනු ලබන කි්රයා මාර්ගය කුමක්ද?
ඇත්තටම එක දෙයක් මම පළමුවෙන් කියන්න ඕනෑ. මට දුමින්ද සිල්වා සමග පෞද්ගලික තරහක් කොහෙත්ම නැහැ. එහෙම තරහක් තාත්තා නැතිවූ මුල් කාලයේ තිබුණා. ඔබ දන්නවාද මම ඔහුට සමාව දී ඇති බව. ඔහුට මම සමාව දුන්නේ අද ඊයේක නෙවෙයි.
හඬපට රටේ ප්රශ්න වසන් කරන ආවරණයක් වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම ඔව්. ආණ්ඩුවේ නොහැකියාව
එක්සත් ජාතික පක්ෂය තුළ බරපතළ අර්බුද රැසක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය ඉදිරි මහ මැතිවරණයට බරපතළ ලෙස අහිතකරව බලපායි යැයි සිතන්න පුළුවන්. ඇත්තටම මහ මැතිවරණයට මුහුණදී වැඩි බලයක් ගන්න මෙම ප්රශ්න බාධාවක් නොවේද?
ඇත්තටම මෙය ලොකු ප්රශ්නයක්. මේ වනවිට වත්මන් රජයේ අඩුපාඩු රැසක් තිබෙනවා. නමුත් ශක්තිමත් විපක්ෂයක් නැතිකමින් ඒවා පිළිබඳ කතා කරනවා බොහෝම අඩුයි. පක්ෂයේ ඇති අර්බුද නායකයන් කඩිනමින් විසඳා ගත යුතුයි. එහෙම නොවුණ හොත් එ.ජා.ප. පාක්ෂිකයන් කඩාවැටේවි. ආණ්ඩුවට ඡන්දය දුන් මධ්යස්ථ ඡන්දදායකයන්ට ඊළඟට එක්වන්න විකල්පයක් තිබිය යුතුයි. ඒ විකල්පය බවට පත්විය යුත්තේ අපියිඇත්තටම පොදුජන පෙරමුණේ එකමුතුභාවය අපි ආදර්ශයට ගත යුතුයි. මොකද ඔවුන් පරාජය වූ පසු ජයග්රහණය ලබා ගන්න කොතරම් වෙහෙසුනාද. ඒ වෙහෙස අපි දැන් ගන්නවාද යන්න බරපතළ ප්රශ්නයක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් කෙනෙක් බන්ධනාගාරගත කළොත් කොපමණ පිරිසක් බන්ධනාගාරයට ඔහුව බලන්න යනවද? මම මගේ ප්රශ්නයෙදි කොහොම හරි ගොඩ ගියා. නමුත් අනිත් අයට ඒ වගේ ශක්තිය තියෙනවද, එතැන ප්රශ්නයක් තිබෙනවා. අප පක්ෂයේ ඇති ගැටලූ කඩිනමින් විසඳා නොගතහොත් එය අනාගතයට බරපතළ ලෙස බලපාවි.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු කෙසේ සිදුවිය යුතු යැයි ඔබ සිතනවාද?
රනිල් වික්රමසිංහ නායකතුමාත් අපිට අවශ්යයි. ඔහුට මනා දැනුම් සම්භාරයක් තිබෙනවා. ඔහුව ලොවත් පිළිගන්නවා. අනිත් පැත්තෙන් සජිත් පේ්රමදාස මහත්තයාව ගමේ මිනිසුන් ඉල්ලනවා. ඇත්තටම ගමේ ඉන්න අපේ පාක්ෂිකයන් පව්. අපේ පාක්ෂිකයන් වසර 20 ක් විපක්ෂයේ සිටියා. පසුව ආණ්ඩු බලය ගත්තා. ඒ වසර හතරක් අපි සිටියේ විපක්ෂයේ වගේ. රටේ බලගතුම පක්ෂය නැවත නගාසිටුවන්න ඕනෑ. අපේ නායකයෝ මේ ගැන හිතන්න ඕනෑ. අපට ඡන්දය දුන්න ලක්ෂ 59 ගැන අප බලන්න ඕනෑ.
හොඳයි මේ සාකච්ඡාවේ අවසන් ප්රශ්නය විමසන්න කැමතියි. කාන්තාවක් මවක් ලෙස මෙම සිදුවීම් මෙම ප්රශ්න ගැන කාන්තාවන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
කප්පරක් වැරදි ඇති මිනිසුන් කාන්තාවන්ට පහර දීමේදී පළමුව භාවිතා කරන්නේ ඇයගේ චරිතය ඝාතනය කිරීමයි. ඔබට මට එය පොදු දෙයක්. මොන ප්රශ්න, බාධක, මඩ අවලාද පැමිණියත් ඔබ එයින් වැටෙන්න බහැ. මේ හැම දෙයක්ම අපේ ජීවිතවලට පන්නරයක් කරගත යුතුයි. හැම දෙයක්ම ජීවිතයට අලූත් පඩමක් කර ගන්න යැයි සියලූ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.
සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර