සසර මතු දා…

තිස් තුන…33

හැමදේම අමතක කරලා කොහොම හරි හිත හදා ගන්න ඕනි කියල මම දන්නවා. ඒත් මම දන්නෙ නැත්තෙ ඒක කරන්නෙ කොහොමද කියල විතරයි.

එයාට මම ආදරෙයි කියලා විහඟට දැනෙන්න ඇරපු එක වැරදි ද මන්දා.. ඒත් ඒ වෙලාවෙ මට මොනවද වුනේ කියලා මමවත් දන්නෙ නෑ.

මම හිත හදා ගත්තෙ නැත්තං ලොකු අවුලක් ඇතිවෙනවා කියලා මම දන්නවා. මම නිසා පන වගේ ඉන්න යාළුවො දෙන්නෙක්ව වෙ න්කරන්න මට බෑ. ඒ දෙන්නගෙන් කාගෙවත් හිතක් රිද්දන්න මට බෑ.

ඊටත් වඩා මෙහෙම අතීරණයකින් ඉන්න එක කොහොමත් කරන්න බෑ. හැමදේටම මුල හිත ඒක කොහොම හරි හදා ගන්න ඕනි සෙත් නර ක කෙනෙක් නෙවී. ඉතිං ඇයි මට බැරි හිත හදාගන්න.

දවස් ගතවෙලා ගියා කිසිම තේරුමක් නැතුව. පුළුවන් තරම් සාමාන්‍ය වෙන්න මම උත්සහ කලා. පහුගිය දවස්වල හුඟක් බිසි නිසා සෙ ත්ට ඔෆිස් එකේ වැඩ හුඟක් මඟ ඇරිලා තිබු නා.

ඒ නිසා එයා මේ ටිකේම රැයක් දවාලක් නැතුව ඒ වගේ වැඩ. ඒ අතරෙ එයා උදේ දවල් හවස තුන් වරුවෙම විහඟ බලන්න හොස්පි ට්ල් ගියා.

මම යන්න ඕනි කීවෙත් නෑ සෙත් මට එන්න කීවෙත් නෑ. ඒ නිසා මම එයා එක්ක හොස්පිට ල් ගියෙ නෑ. ඒත් විහඟට ගෙනියන්න ඕනි හැමදේම කෑම බීම එයාට හදලා දුන්නෙ මම.

කොහොමත් හිත හදා ගන්නවා ඇරෙන්න විහ ඟගෙන් ඈත් වෙලා ඉන්න මට බෑ කියලා මම දන්නවා. මොකද සෙත් කියටවත් විහඟගෙන් ඈත් වෙලා ඉන්නෙ නෑ.

ඒන්ජල් හොඳ බබා වගේ මට පුංචි හෙල්ප් එකක් දෙන්න පුළුවන් ද..?

සෙත් මගෙන් ඇහුවා.

හෙට විහඟව ඩිස්චාජ් කරනවා කීවා ඔයාට පුළුවන් ද ගිහින් එයාව හොස්පිට්ල් එකෙන් මෙහෙට එක්කගෙන එන්න…

සෙත් එහෙම ඇහුවම කියන්නෙ මොනවද කියලා මට හිතා ගන්න බැරිවුනා එයා එහෙම උදව්වක් ඉල්ලාවි කියලා මම හිතුවෙම නෑ.

ඇයි ඔයා…? මම ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.

මට හෙට පොඩි ගමනක් යන්න වෙනවා බ බෝ.. එනකොට දවස් දෙක තුනක් යාවි.. අපි දෙන්නගෙන් කවුරු හරි නොගියොත් ඕකා ත නියම මෙහෙට එන්නෙ නෑ…

දන්නවනෙ මිනිහ ගෙ හැටි කෙලින්ම ක්වාටස් වලට යාවි ඔයා ගියොත් ඒකට එන්නම වෙනවවෙ..

සෙත් කියවගෙන යනවා. තේරෙන්නෙ මොන වද කරන්නෙ කියලා. හිත හදාගන්න හදන කොට මොකක් හරි දෙයක් කඩාගෙන පාත්වෙ නවා.

ඒත් මම තනියම…?

හරි ළමයො මම කැබ් එකක් කතා කරලා දෙ න්නම්…ඔයා කෙලින්ම හොස්පිට්ල් එකට ගිහින් විහඟව එක්කගෙන මෙහාට එන්න පුළුවන්නෙ..තනියම යන්න බයයි නං නයන වත් එක්කගෙන යන්න…. පුළුවන් නේද..

සෙත් එහෙම අහද්දි මට කියන්න දෙයක් තිබු නෙ නෑ. මේ එයා මගෙන් උදව්වක් ඉල්ලපු පලවෙනි වතාව.

පුළුවන්..නයනා ඕනි නෑ මම යන්නං..

මම කීවේ වෙන කියන්න දෙයක් නැති කමට. ඒත් නයනා එක්ක නං හොස්පිටල් යන්න මට බෑ. විහඟ මොනා කියයි ද දන්නෙ නෑ .

ගුඩ් ගර්ල් එහෙම තමා ඉන්න ඕනි.. හැමවෙලා වෙම හුරතල් වෙලාම බෑ.. මේ වගේ පුංචි පුංචි වැඩත් කරන්න පුරුදු වෙන්න එපාය..තනියම තැනකට ගිහින් වැඩක් කරගන්න..

විහඟ ඔයාව ඔෆිස් එක්කගෙන ගියා කිව්වා..

තව ටික දවසක් ඉන්නකො ඔහොම මේ වැඩ ටික ක්ලියර් කරගත්තාම මම ඔයාව ආයිම ඔෆිස් එක්කගෙන යන්නම්..අපි හැමදේම හෙමීට ඉගනගමු එකපාරම බෑනි ඉතිං…

සෙත් කියවගෙන යනවා. මොනවත් නොකියා මම හිනාවුනා.මගෙ දෛවය මාව කොහෙට අරං ගිහින් මොනා කරන් හදනවද කියලා මම තවම දන්නෙ නෑ. ඒත් ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා තවත් හිතන එක තේරුමක් නෑ කියලා මට හිතුනා.

පහුවද උදේම සෙත් ගෙදරින් පිටවුනා. එයාට යන්න තිබුනෙ හුඟක් දුර ගමනක්. ඒක දුෂ්කර පැත්තක් ලු. එහෙ මොකක්ද ව්‍යාපාතියක් පට න්ගන්න හදන්නෙ එයාලා. හරියකට සිග්නල් නැති නිසා කෝල් ගන්න ත් අමාරුවෙයි කිව්වා. අනේ මන්දා මොනා කරන්න හදනවද කියලා මට තේරෙන්නෙ නෑ.

මොනා උනත් මම විහඟට අරගෙන යන්න කෑමත් ලෑස්ති කරගත්තා. මොකද උදේ ඉදන් එයාට හරියකට කෑමක් නෑනි. ඩිස්චාජ් කලාට කීයට හොස්පිට්ල් එකෙන් එන්න දේවිද දන්නෙ නෑනි.

සෙත් හැමදේම ඇරේන්ජ් කරලා තිබුනෙ වෙලා වට වාහනේ ආව නිසා මම සීයා පප්පාටත් කිය ලා ගෙදරින් පිටවුනා. කවදාවත් තනියම මම මේ ගෙදරින් පිටට ගිහින් නෑ.

බස් එකේ ඔෆිස් ගිය දවස්වලත් විහඟ මගෙ පස්සෙන්ම ආව කියලා මම දැනගෙන හිටියා. එයා ඒ හැමදේම කලේ මට ජීවිතේ මේ දේවල් උගන්නන්න. ඉතිං කොහොමද ඒ හැමදේම අමතක කරන්නෙ එකපාරම.

මම හොස්පිට්ල් එකට ගිහින් විහඟ හිටපු වාට්ටුවට ගියා. දැන්නං හිතට බයයි. එයා මට මොනවා කියාවිද තනියම මෙහෙ ආවා කියලා සෙත්ටයි මටයි දෙන්නටම බනීද දන්නෙ නෑ.

එහෙම හිත හිතා විහඟගෙ ඇඳ ලඟටම ගියා. ඒත් දෙයියනේ ඒ ඇඳේ හිටියෙ වෙන කෙනෙක්. එතකොට එතකොට විහඟට මො නවද වුනේ.

මට එකපාරම දැනුනෙ බයක්. මොනවද කරන් නෙ කියලා හිතා ගන්න බැරි වුනා. සෙත් කොල් එකක් ගන්න හැදුවත් එයාට කතා කරන්න බැරිවුනා.

ටික වෙලාවක් එහෙට මෙහෙට කැරකි කැරකි ඉද්දි මට මතක් වුනේ විහඟ ගැන කාගෙන් හරි අහන්න ඕනි කියලා. මම ඒ වාට්ටුවෙ උන්න නර්ස් කෙනෙනක්ගෙන් ඇහුවා.

ආ..එයා ඊයෙ හවස ඩිස්චාර් කරලනෙ..

එයා මොනවද පොත් වගයක් පෙරලලා කීවා. ඒ කියන්නෙ එයා ඊයෙ හවස හොස්පිටිල් එ කෙන් ගිහින් ඒක සෙත් දන්නෙ නැද්ද..

අදනෙ ඩිස්චාර් කරනවා කීවෙ…

මම කීවෙ මොනවද කියන්නෙ කියලා හිතා ගන්න බැරිව. සෙත් කියපු දේ ඇරෙන්න මම මොනවත් දන්නෙ නෑ.

ඊයෙ හවස කැමැත්තෙන් ගිහින් තියෙන්නෙ..

.මේ මිස් එයාගෙ කවුද..?ඒ ගමන එයා ඇහුවා.

මම එයාගෙ යාළුවෙක්…අද ඩිස්චාජ් කරනවා කියපු නිසයි ආවෙ..තැන්ක්ස් මිස්… කියාගෙන මම වාට්ටුවෙන් එලියට ආවා.

අද එයාව එක්කගෙන යන්න සෙත් එනවා කිය පු නිසා වෙන්න ඇති විහඟ ඊයෙම මෙහෙන් යන්න ඇත්තෙ.

එයා සෙත්ලගෙ ගෙදර යන්නෙ නැතුව කෙලි න්ම ක්වාටස් එකට යන්න ඇත්තෙ මම නිසා. නැත්තං එයාට එහෙ නොයා ඉන්න වෙන කිසිම හේතුවක් නෑ.

දෙයියනේ මම නිසා මේ යාළුවො දෙන්නා ඈත් වේවිද.. නෑ එකනං වෙන්න ඉඩ තියන්න මට බෑ. දැන් මොනවද කරන්නෙ සෙත්ට කියන්න විඳිහක් නෑ. විහඟ ගෙදර ආවෙ නෑ කීවොත් එයා කලබල වෙලා හැමදේම දමලා ගහලා ආපහු එන්න තියා ගනී.

මට තේරෙන්නෙ නෑ මොනවද කරන්න ඕනි කියලා. ටික වෙලාවක් මම හොස්පිට්ල් එකේ කොරිඩෝවෙ ඉදන් කල්පනා කලේ. කරන්න ඕනි දෙයක් හිතා ගන්න බැරුව.

ඕනි දෙයක් වෙද්දෙන් කියලා විහඟගෙ ක්වා ටස් එකට යන්න ඕනි කියලා මට හිතුනා. අඩුම තරමින් එයා එහෙම කලේ ඇයි කියන එකට සාධාරණ හේතුවක්වත් මම සෙත්ට කියන්න ඕනි කියලා මට හිතුනා.

දන්නවා දැන් මෙහෙම තනියම ගියාම විහඟ ගෙන් බැනුම් අහන්න වෙනවා කියලා. ඒත් මේ වෙලාවෙ නං මට වෙන කරන්න දෙයක් නෑ. මම වෙනුවෙන් නෙවී සෙත් වෙනුවෙන් මට මේ දේ කරන්නම වෙනවා.

ඊට කලින් ගිහින් නම් නෑ ඒත් විහඟගෙ ක්වා ටස් තියන තැන දැනගෙන හිටිය නිසාම මම ඩ්‍රයිවර් අංකල්ට කීවා එහෙට යමු කියලා. ගේට් එක ලඟ වාහනේ නවත්තද්දි නං චන්ඩි යා වගේ අවට හිතට බයක් නොදැනුනාම නෙවී.

ඒත් මේ බය වෙවි ඉන්න පුළුවන් වෙලාවක් නෙවී. වාහනේ ගේට් එක ලඟ තියෙද්දි මම ගේ ලඟට ගියා. දොරවහලා තිබුනෙ. එයා එහෙ නැ ද්ද දන්නෙ නෑ. වෙන කොහෙ හරි ගියාද දන්නෙ නෑ. මම ඉයටම වටපිට බැළුවා.

ඒත් එක්කම දොර ඇරගෙන නන්නාදුන පිරිමි කෙනෙක් එගියට ආවා.

මේ මිස් මොනවද මෙතන කරන්නනෙ.. කාවද හොයන්නෙ..?

එයා මගෙන් එකපාරම අහද්දි මාව ගැස්සුනා.

විහඟ දිසානායක ඉන්නෙ මෙහෙ නේද..? මම ඇහුවෙ බයෙන් බයෙන්.

ඔව්…ඉතිං… එයා ඇහුවෙ ඒ තරම් ගනන් නොගත්ත හඬකින්.

මම එයාගෙ යාළුවෙක්..එයාව බලන්න හො ස්පිට්ල් එකට ගියා.. එහෙන් කීවා ඊයෙ එයාව ඩිස්චාජ් කලා කියලා..ඒකයි එයාව බලන්න මෙහෙට ආවෙ…

මම කියවගෙන ගියා. හිතට ලොකු බයක් දැ නුනා. ඇත්තටම මේ වගේ නන්නාදුනන තැන කට මම මීට කලින් ඇවිත් නෑ.

බය වෙන්න එපා..විහඟ ඉන්නවා දැන් කිය න්නකො..කවුරු ආවා කියලද එයාට කියන්න ඕනි කියලා… එයා ඒ ගමන ඇහුවෙ මම බය වෙලා ඉන්නවා කියලා දැකලා වෙන්න ඇති.

මම එයාගෙ යාළුවෙක්.. මම ආයිම කීවා.

හරි ඉතිං යාළුවට නමක් නෑද… ඒ ගමන එයා හිනාවෙනවා. ඇත්ත නේනනං යාළුවො කියලා කී දෙනෙක් ඉන්නවද..?

තියනවා..

මොකක්ද..?

තරුපබා…

තරුපබා විතරද..? එයා මාව විහිළුවකට ගන්න ද කොහෙද හදන්නෙ. දන්නෙ නෑ බයටම ඇස්වලට කඳුළු පිරුනා.

ඒන්ජල් ආවා කියන්න එයා දන්නවා..

මම කීවේ බිම බලාගෙන. ඇඩෙයි කියලා මට බයයි. පණ්ඩිත කමට ආවට දැන්නං හිතට බයයි හොඳටම.

ඕ හෝ ඒන්ජල්… ලස්සන නමක් ඔයා වගේම යි..කවුද ඔයාට ඔය නම දැම්මෙ… ඒ ගමන එයා අහනවා. මට දැන්නං ඇඬෙන්න හොඳටම ළඟයි.

විහඟ ඉන්නවද…? මොනවද කියන්නෙ කියලා හිතා ගන්න බැරිව මම ඇහුවා.

ඉන්නවා ඉන්නවා…ඔයා බය වෙලානෙ හොඳට ම ඉන්න මම විහඟට කියන්නම්.. කියාගෙන එයා ගේ ඇතුලට ගියා. හිතට හොඳටම බයයි.

ඒන්ජල් ඇතුලට එන්න…

ඒ හඬ ඇහුනම තමා හිතට සැනසීමක් දැනු නෙ. මම බිමබලාගෙනම ගෙට ඇතුල් වුනා.

ඔයා මෙහෙ මොනවද කරන්නෙ ඒන්ජල්..කවුද ඔයාට මෙහෙට එන්න කීවේ…

තරහින් ඇස් හොඳටම රතු කරගෙන උනත් එයා ඇහුවෙ හුඟක් සන්සුන් හඬකින්.

සෙත්…. කීවෙ නෑ මට එකපාරටම කියවුනා.

ඒකට පිස්සු ද..? ත\මු\සෙ\ව මෙහෙම තැන තැන් වලට යවන්නෙ…

එයාට එකපාරම එහෙම ඇහුනෙ තරහා වැඩි කමට කියලා මම දන්නවා.

තැන තැන නෙවී..මම ගියෙ හොස්පිට්ල් එකට

..එහෙ හිටියෙ නැති නිසා මෙහොට ආවෙ.. මම කීවේ බිම බලාගෙනමයි.

මොකටද හොස්පිට්ල් එකට ගියෙ… කෝ සෙත්

එයා කොහෙද ගියා..දවස් දෙක තුනකට එන්න වෙන්නෙ නෑ කියලා..අද ඔයාව ඩිස්චාජ් කරයි කියලා මට කීවා හොස්පිට්ල් එකට ගිහින් ගෙදර එක්කගෙන එන්න කියලා..

මම කියවගෙන ගියෙ හුස්මවත් ගන්නෙ නැතුව.

ඌ\ට තනිකරම පිස්සු තියෙන්නෙ මගෙ දේවල් මට බලාගන්න පුළුවන්..මේ කෙ ල් ලෙ ක් තනි යම එහෙ මෙහෙ රස්තියාදු කරන්නෙ මඟුලට ද..? මම සෙත්ට කතා කරන්නං…

එහෙම කියලා එයා සෙත්ට කෝල් එකක් ගන්න හැදුවා.

එහෙට සිග්නල් නෑ..කෝල් ගන්න අමාරුයි…

ෂිහ් මේක නං තනිකර පිස්සෙක්.. ඊට එහා ත\මු\සෙ..හොස්පිට්ල් ඒකේ හිටයෙ නෑ නං.. ගෙදර නොගින් මෙහෙට ආවෙ මොකද… දන්නවද මෙහෙ ඉන්නෙ කවුද කියලා…

නෑ..ඔයා මෙහෙ ඉන්නවා කියලා දන්නවා..එයා කීවනෙ ඩිස්චාජ් කලාම ක්වාටස් එකට යනවා කියලා..ඉතිං සෙත් කීවා එයා හරි මම හරි හොස්පිට්ල් එකට ගියෙ නැත්තං..මෙහාට එයි කියලා..ඒකයි ආවෙ..

ත\මු\සෙ\ගෙ පණ්ඩිත කම හොඳටම වැඩී ඒන්ජ ල්..මෙලෝ මඟුලක් දන්නෙ ත් නෑ. තනියම එහෙ මෙහෙ ඇවිඳලා මොනා හරි උනානං.. මොනවද කරන්නෙ..අර පි ස් සා තමා ත මු සෙ වත් නරක් කරන්නෙ..පිස්සු දොඬව ලා..

ඉතිං ඔයා හොස්පිට්ල් එකේ හිටිය නං මං මෙහාට එන්නෙ නෑනි…

ඇති..පණ්ඩිතකම…මොකේද ආවෙ දැන්…

කැබ් එකක…

තනියම…?

ඔව්..සෙත් තමා කිවේ..ඒකෙ ගිහින් ඔයාව එක්කගෙන එන්න කියලා..

ෂිහ්..ආපුදෙන්කො ඕකා මට හොඳ දෙකක් කියා ගන්න නෑනි..නැත්තං ඉන්න තැනකින් දැන් ගෙන්නලා බනින්නෙ..මේ වගේ වැඩ කරනවාට.. ඒ කා යන්න කිවට බෑ කියන්න තිබුනෙ නෑද..ත\මු\සෙ\ට… බැරි වැඩ කරන්නෙ නැතුව..

බැරි වැඩක් නෙවීනෙ ඉතිං…මම හොයාගෙන ආවෙ මෙහාට..?

ඒන්ජල්..වැදගත් ගෑ ණු ළමයි.. තනියම පිරිමි විතරක් ඉන්න තැන්වලට ඔහොම යන්නෙ නෑ..එහෙම උනාම මිනිස්සු ඔයා ගැන වැරදියට හිතන වා.. තේරෙන්නෙ නැද්ද..? ඇයි හැම වෙලාවෙම එපා කියන දේවල්ම කරන්නෙ…

ඒ ගමන එයා ඇහුවෙ සන්සුන් හඬකින්. මට බැනලා වැඩක් නෑ කියලා හිතෙන්න ඇති.

එන්න බෑ කිවනං..සෙත් තරහා වෙනවා ආවාම ඔයා බනිනවා..මං හින්දා ඔය දෙන්නා තරහා වෙනවට මං ආස නෑ..ඔයා මෙහෙම තනියම මෙහෙට වෙලා ඉන්නවා කිව්වොත් එයාට දුක හිතෙයි.. ඒකයි ආවෙ මෙහාට..

මම කීවේ ඇත්තටම අඬ අඬා.

මොනා කීවත් අඬන්නයි..මූණබෙරි කරගන්න යි ලෑස්ති වෙන්න එපා ඒන්ජල්..මම කියන්නෙ ඔයාගෙම හොඳට…

එහෙනං දැන් එන්න මගෙත් එක්ක යන්න…

පිස්සු දොඬවන්නෙ නැතුව ඔයා දැන් යන්න ඒන්ජල්..

මට බෑ.. මම කීවෙ මුරණ්ඩු හඬකින්.

දැන් නං මගෙන් ගුටි කන්න හදන්නෙ ඔයා. මට එන්න බෑ… ඔයා දැන් යන්න.. ඒ ගමන එයා කිව්වෙ තරවටු හඬකින්.

බෑ..ඔයා එන්නෙ නෑ නං මම යන්නෙ නෑ.. මම කීවෙ කලින් හඬින්මයි.

ඒන්ජල් කියන දේ අහනවා..මගෙන් ගුටි නොකා යන්නෙ නෑද දැන්..

එහෙනං එන්න..නැත්තං යන්නෙ නෑ..මමත් මෙතනම ඉන්නවා.. මම කීවේ එතන තිබුන පුටුවක ඉදගන්න ගමන්.

මෙන්න මෙහාට එනවා යන්න..

එහෙම කියලා එයා මගෙ අතේ මැණික් කටු ලඟින් අල්ල ගත්තා. මොන තරම් තදට අතින් අල්ල ගත්ත ද කීවොත් ඇත්තමයි මට හයියෙ න් කෑ ගැහෙන්න ගියා.

ආයී රිදෙනවා අතාරින්නකො..මම කීවේ කෙඳිරිලි හඬකින්.

කියන දේ ඇහුවෙ නැත්තං ඔයිට වඩා රිදෙයි

..ඒක නිසා දැන් ආපහු යනවා.. එහෙම කියා ගෙන එයා මාව වාහනේ ලඟට එක්ක ගියා.

ඔයා ආවෙ නැත්තං සෙත්ට දුක හිතෙයි..එයා පව්නෙ අනේ එන්නකො..

මම කීවෙ වෙන මොනා කීවත් එයා එන්නෙ නැතිබව දැනගෙන හිටිය නිසා.

මටත් තියෙන්නෙ හිතක් ඒන්ජල්…ඔයා මට ඒක හදා ගන්න දෙන්නෙම නෑද…

ඇහෙන නෑහෙන තරම් හිනි හඬකින් එයා ඇහුවෙ මගෙ අත මුදන ගමන්. දෙයියනේ. මෙයා මොනවද මේ කියන්නෙ.

මට තේරෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඒ කියන්නෙ ඔයත් මට ආරේද විහඟ. ඇයි දෙයියනේ මේ හිත හදා ගන්න හදන හැම වෙලාවකම මේ තරම්ම රිද්දන්නෙ. මටත් තියෙන්නෙ හිතක් මෙච්චරම බරක් කොහොම දරාගන්නද..

හමුවෙමු.

මේ වගේ කතාවක් ලියන එක ටිකක් අවුල් වගේ. මොකද මම මේ වර්ගයෙ කතා වලට වැඩියම කැමැත්තක්. නෑ. ඒත් ඊයෙ පෙරේදා කැන්ඩීඩ් ආයිම කියවද්දි නං හිතුනා මෙහෙම කතා තියෙන්න පුළුවන් කියලා. ඒත් ඉතිං මගෙ පලවෙනි පාඨකයන් කන් කෙදිරි ගානවා. මෙලෝ රහක් නෑ ඉක්මනට ඉවර කරන්න කියලා.

මං තාමත් ඉන්නෙ මොනවද කරන්න ඕනි කියලා හිතා ගන්න බැරුව. ලස්සනයි විතරක් නොකියා මොකක් හරි අදහසක් කියාගනෙ යන්න ඔයාලත්. ස්තූතියි හැමදාම වගේම කතාව කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම රිප්ලයි නොකරනවට සමාවෙන්න හොඳේ.