සංසාර පුරුද්ද ද මේ
තුන් වන කොටස
මොකද්ද කිව්වේ? මගේ හවුසින් ස්කීම් එකෙමයි? මම කිව්වේ විශ්වාස කරගන්නත් බැරුව. උඹ මාව බයිට් කරන්න බොරුවට නේද ඔය කියන්නේ?
රෙද්දක් කියනව ඉඳගෙන. මම මේ තකහනියක් ෆයිල් අවුස්සලා උඹ වෙනුවෙන්ම ඒකිගේ එඩ්රස් එක හොයාගත්තේ ඔය ටික අහගන්නද? රවින්ට නම් ඒ සැරේ මල පැනලා. ඒ කියපු විදිහෙන්ම මට තේරුනා ඌ බොරු නෙමෙයි කියන්නේ කියල.
අඩේ සිරාම ද බන්? එතකොට මම දැකලවත් නැත්තේ?
ඒක නම් මම දන්නේ නැහැ. උඹ ගෙදර ඉන්නේ ඇස් කන් පියාගෙන ගෙයි ගෙම්බා වගේනේ. ඒ හින්ද පුදුම වෙන්න දෙයක් නැහැ. රවින් කිව්ව. නැත්තම් මේ බලහන්කො එඩ්රස් එක. 53/8, ලේක්හවුස් ගාඩන්, රත්තනපිටිය.
අම්මට දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ ඕවට තමයි.
දෙයියා නෙමේ මම ගෙනත් දුන්න කියපන්.
හරි හරි උඹට මම රුපියලේ බුල්ටෝ එකක් හරි අරන් දෙන්නම් කරපු උදව්වට.
ආච්චිගේ රෙද්ද. දැන්වත් ඔය ඇස් දෙක කටේ දාගෙන ඉන්නැතුව බලපන් ටිකක් කොහෙද අරකි ඉන්නේ කියලා. කියපු රවින් ෆෝන් එක තිබ්බා.
ෆෝන් එක පැත්තකින් තියල මම හෙව්වේ අම්මව. මේ හවුසින් ස්කීම් එකේ අපේ අම්මා නොදැන මැස්සෙක් වත් පියාඹන්නේ නැහැනේ.
ඒ උනාට ඉතීම් කොහොමද කෙල්ලෙක් ගැන අහන්නේ අම්මගෙන්. එයා ඊට පස්සේ මෙතන මගේ හන්දහනත් බලල කසාදත් බන්දලා දෙයි. විනාසයි. නැද්ද මේක ගොඩින් බේරගන්න ක්‍රමයක්. ආව. අයිඩියාවක්. කෙල්ල ඕන නැහැ. කෙල්ලගේ අම්ම ගැන අහමු. අම්මා ඉන්න තැන හොයාගත්තම කෙල්ලව ඉබේටම හම්බවෙන්නේ නැති.
නියමයි සමීර. අන්න එහෙම තමයි හිතන්න ඕනා
අම්මේ.. අම්මේ…
මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ? අම්මා උය උය ඉන්න ඇත්තේ. පොල්කටු හැන්දකුත් අතේ තියන් ආපු විදිහට ඇත්තම කිව්වා නම් අද මම හැඳි මිටි පාරක් කනවා ආයේ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
මේ……… මේ……….. අපේ හවුසින් ස්කීම් එකේ ඉන්නවද ෆොරින් ලේඩි කෙනෙක්
උඹට මොකටද ඒක? අම්මා ඇහුවේ නිකම් මම ඒ මනුස්සයව කසාද බඳින්න ඇහුව වගේ අමුතු විදිහට බලලා.
ශිකේ විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ අප්පා
මගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා ඇහුවට අම්ම ඇහුව කියහන්කෝ තව ප්‍රශ්නයක්. දීපන්කො දැන් උත්තර?
අගේ කරන්නැතුව කියන්නකෝ අනේ. ඔයාට හොරෙන් මේ ස්කීම් එකේ මැස්සෙක් ට වත් යන්න බෑ කියල මම දන්නවා. බැලුවේ අම්මව ටිකක් මුරුන්ග ඇත්තේ තියල විස්තරයක් අහගන්න. වාසනාවට වැඩේ හරිගියා කියහන්කෝ.
ගෑනු කෙනෙක් ඉන්නවා. ප්‍රංශ. සමහර වේලාවට් මාත් එක්ක කතා කරන්නත් එනවා. එයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. දැන් අවුරුදු විස්සක් තිස්සෙලු ලංකාවේ ඉන්නේ. කසාද බැඳලා තියෙන්නේ මෙහෙ කෙනෙක්වනෙ.
හෑ එතකොට මම දන්නේ නැත්තේ?
උඹ දැන් මේ ස්කීම් එකේ ඉන්න එකෙක් නෑර දන්නවා කියලද මට කියන්නේ?
අම්ම නම් ගේමට ම තමයි එන්නේ.
හරි හරි ඉතින් ෆොරින් ලේඩි කෙනෙක් හිටියම පට ගාල මීටර් වෙනවනේ සිංහල මිනිස්සු ගොඩක් මැද්දේ හිටිහම.
මීටර් මොකක් කිව්වා?
හයියෝ මේ අම්මත් එක්ක නම් බැහැ අප්පා. ඔය වෙලාවට තමයි මටත් මල පනින්නේ.
මතක හිටිනවා කියල කිව්වේ අනේ.
උඹේ ඔය රස්තියාදු බාසාව මට තේරෙන්නේ නැහැ.
හරි හරි ඉතීම් සොරි වෙන්ඩ ඕනා. මම මේ කල්පනා කරේ මේ හවුසින් ස්කීම් එකේම ඉඳල මට මීටර් උනේ නැත්තේ කොහොමද කියල මෙච්චර කාලෙකට.
පුතා ඔයාට අමතකද ඔයා අවුරුදු දහයක් තිස්සේ රට ඉඳල ආවේ ගිය මාසේ කියල. ආව ගමන් ගෙදර ඉන්න කම්මැලි කියල ඉගෙන ගත්තු දේට බින්දුවක් ගැලපෙන්නති රස්සාවක් හොයාගත්ත. රෑට රෑ වෙලා ගෙදර එන්නේ.
මල හත්තිලව්වයි. සුපුරු සින්දුව වාදනය කරන්න ගත්ත කියහන්කෝ. මම හිතෙන හිතුව. අම්මට ඕක කියන්න ගියොත් තව හොඳ දෙකක් අහගන්නවා. එහෙම බෑනේ එයාව චාටුවෙන් තියාගෙන විස්තර අහගන්නත් එපැයි
ඉතීම් කොහොමද අහල පහල ඉන්න මිනිස්සු අඳුනන්නේ. ඒ ලේඩි ඕන නැහැ. අඩු ගානේ ඔයා දන්නවද අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියලා?
මම දන්නවා. සුමනේ අන්කල්ලනේ ඉන්නේ.
ඔය කිව්වේ. සුමනේ අංකල්ලා දැන් මෙහෙ නැහැ. ඒ ගෙදර ඉන්නේ අලුතෙන් ආපු කට්ටියක්. තමන්ගේ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්න ය ගැන දන්නැති කොට කොහෙද ස්කීම් එකේ එහා පැත්තේ කොනේ ගෙවල් වල ඉන්න මිනිස්සු ගැන දන්නේ. හා.. ඒකෙන් කමක් නෑ දැන් කියමු බලන්න උඹට මොකටද ඒ මනුස්සයාගේ විස්තර.
හයියෝ.. විශේෂ හේතුවකට නෙවේ අනේ. ඔයත් නිකම් සි.අයි.ඩී වගේනේ. ඒ මනුස්සයා ඉන්ෂුවරන්ස් එක අරන් තියෙන්නේ අපේ ඔෆිස් එකෙන්. ඒකෙ ප්‍රශ්නයක් ගැන හොයල බලනකොට තමයි දැක්කේ ඒ මනුස්සය ඉන්නෙත් අපේ ස්කීම් එකෙමයි කියල. ඒකයි ටිකක් බැලුවේ.
හ්ම්. ඒක මිසක්.
හම්මේ යාන්තම් ඇති.බොරුවකුත් නොවන බොරුවක් කියල ශේප් උනා. නැත්තම් ඉතීම් මම ඉඳල හමාරයි.
අම්ම එහෙම කිව්වත් මාව විශ්වාස කරපු පාටක් නම් ඒ මූනෙ පේන්න නෑ. තව මෙතන ඉන්නව කියන්නෙ අම්ම පොතක් වගේ මාව කියවනව කියන එක. එයාට බොරු කියන්න නම් අවුරුදු විසිහතක් ගිහිල්ලත් තාම මට බෑ කියහංකෝ. තව මෙතන හිටියොත් දෙකක් නෑ අම්ම දැනගන්නව මම මොකාටද එන්නෙ කියල. ඒ හින්දමයි මම නැගිට්ටෙ.
දැං ඔය කොහෙද යන්නෙ? අම්ම ඇහුවෙ ඉණටත් අත් දෙක තියං.
අයියෝ මමී චුට්ටක් එලියට ගිහිං එන්නම්. මට කම්මැලී අනේ.
ඔව්ව පවුලෙ බාලයාට වෙන අසාදාරනකම්. මේ ගෙදර අයියත් හිටිය. ඕන ඕන තැන් වල රස්තියාදුවේ ගිහිල්ල ඌ ඌට හිතෙන වෙලාවට එනව හිතෙන වෙලාවට යනව. ඒකට මොන නීතියක් වත් නෑ. ඌට ඕනෙ කසාදෙත් කරගත්ත. ඒකට මට තමා ඔක්කොම නීති. අරෙහෙ යන්නෙපා මෙහෙ යන්නෙපා. අරක එපා. මේක එපා. කොහෙද යන්නේ. ඔක්කොම ප්‍රශ්න පත්තරේ මට තමයි. අයියා මම වෙලා මම අයියා උනා නම් කොච්චර හොඳඳ යාන්තම් මට කියල කරගන්න හම්බුනේ ඉගෙන ගන්න රට යවපු එක විතරයි. මම ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරගෙන අවුරුදු දහයක්ම හිටපු එකේ තරහ තමයි ඔය පිරිමහන්නෙ.
අම්මප ඉතිං එහෙමයි කියල මට ගෙදර ඉන්න පුලුවනෑ ඩියාශිව හොයාගන්න එපැයි .
හ්ම්.හ්ම්. මේ කොල්ලත් එක්ක කතා කරන්න ගිහිල්ල මගෙ හොද්දත් හිඳෙනව. අම්ම එහෙම කියල ආපහු කුස්සියට ගියා.
හම්මේ..යාන්තම් ඇති. සමීර උඹ අදට බේරුනා කියල හිතාගනින් කොල්ලො.
මම ගෙදරින් එලියට ඇවිල්ල ගේ ඉස්සරහ තිබුනු ග්‍රවුන්ඩ් එක දිහාවට ඇවිදන් ගියේ අරමුණක් නැතුව.
මේ හැමදෙයක්ම නුහුරුයි මට. ඉස්සර මගේ මුලු දවසම ගතවුනේ මේ ග්‍රවුන්ඩ් එකේ. අයියයි මායි ස්කීම් එකේ අනිත් කොල්ලොයි රටේ ලෝකෙ නැති සේරම සෙල්ලම් කරල ගෙවල් වල යන්නෙ රෑට රෑ වෙලා. කොච්චර ලස්සනද ඒ කාලෙ. දැන් අයියට එයාටම කියල ජීවිතයක් තියෙනව. අනිත් යාලුවන්ටත් එහෙමයි.
ළමා කාලේ කියලා කිව්වට මට එහෙමටම ලොකු මතකයක් නෑ ඒ ගැන. කොටින්ම මගේ පොඩි කාලේ මට අභිරහසක්. මට මතක වයස අවුරුදු දහයක් තරම් කාලේ ඉඳලා වෙච්ච දේවල් විතරයි. ඊට වඩා පුංචි කාලේ ගැන මට මතක නැහැ. ඒ කාලේ මොන වගේද කියල දැනගන්න පින්තුරයක් වත් අපේ ගෙදර නැහැ.
අපේ ගෙදර ගින්නක් ඇති වෙලා ඒ කාලේ තිබ්බ පින්තුර අනම් මනම් ඔක්කොම විනාශ වෙලා ගිහින්ලු. මමත් එතකොට ගේ ඇතුලේ සිහි නැතිව ඉඳල බේරාගත්තලු. එච්චර ලොකු ගින්නක් ඇති උනා නම් ගේ ඇතුලේ ඉඳල මාව එහෙම බේරුනේ කොහොමද කියල මට තාම පුදුමයි. මොනවහරි දෙයක් මගේ ඔලුවේ වැදිලා ඒ කැළල නම් තාම ඔලුවේ තියෙනවා. මම බේරුණු එකත් වාසනාව කියලයි ඩොක්ට කිව්වේ. ඒ හින්ද ඒ කම්පනය හින්ද මට පුංචි කාලේ කිසිම දෙයක් මතක නැහැ. මට මතකයි මට සිහිය ආපු වෙලාව ඩොක්ටස්ලා තමයි අම්මවයි තාත්තවයි අයියවයි අඳුන්නල දුන්නේ. මට මතකයි අපි එතකොට හිටියේ පිට රටක. මම කෝමා තත්වෙක හිටපු නිසා අම්මලා කිව්වේ මාව සනීප කරගන්න ඇමරිකා වලට ගෙනිච්චා කියලයි. ඒ හින්ද තමයි අම්මා මාව මෙච්චර පරිස්සම් කරන්නේ.
කොච්චර උත්සහ කලත් ඒ ළමා කාලේ පුංචිම කාලේ කිසිම මතකයක් මට මතක් වෙන්නෙම නැහැ. ඒත් සමහරදාට මට මතක් වෙනවා රෝස පාට ගවුමක් ඇඳගත්තු පුංචි ගෑනු ළමයෙක්ව. එයා කාගේ කවුද කියල මම දන්නේ නැහැ. මට හීනෙන් පේනවා එහෙම කෙනෙක්. ඒත් එයාගේ මුණ හරියට පැහැදිලි නැහැ. එයත් එක්ක තියෙන්නේ මොන වගේ සම්බන්දයක්ද කියල මට මතක නැහැ. මම ගෙදර අයගෙන් අහල තියෙනවා මට පොසි කාලේ සෙල්ලම් කරන්න වත් එහෙම ගෑනු ළමයෙක් හිටියද කියල. එයාල නම් කියන්නේ නැහැ කියල.
ඕක දිගටම අහන්න ගිහින් මාව බයිට් එකට ගනීවි කියන සාධාරණ සැකය හින්ද මම අහන්න යන්නේ නම් නැහැ වැඩිය. ගිය ආත්මේ මතකයක් ගැන කියෙව්වොත් ෂුවර් එකටම මම ගෙදර ඉඳල හමාරයි තමයි.
ගිය ආත්මේ?
මම නම් හිතන්නේ අපි දෙන්නා හම්බවෙලා නැහැ. මේ ආත්මේ නම් නැහැ. ඩියාශි උදේ කිව්වා හැටි මට මතක් උනා. ඇයි එයා එහෙම දෙයක් කිව්වේ කියල මට තාමත් ප්‍රශ්නයක්. එයාව හොයාගන්න ඕනේ අයි එහෙම කිව්වේ අහන්න.
ඊළගට මට සරින් සැරේ මතක් වෙනවා ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. ඒ දෙන්න මට ගොඩක් සමීප දෙන්නෙක් කවුරු උනත්. දන්නේ නැහැ කවුද කියලා. මට කිසිම දෙයක් එක සැරේට නිරවුල්ව මතක නැහැ. ඩොක්ට කියල තියෙන්නේ මොලේ වෙහෙසල ඒ ගැන මතක් කරන්න උත්සහ කරන්න එපා කියල ඉබේම මතක් උනොත් මිසක්. ඒ උනාට වෙලාවකට ඒක මානසික වදයක්. හරියට නිකම් මම මාව ම අඳුනන්නේ නෑ වගේ.
තව මට මතක් වෙනවා වයසක පිරිමි කෙනෙක්වත්. කවුද මන්ද.
ආ ඔය මතක ජුවානිස් සීය වෙන්නැති. අම්මට කිව්වම අම්මා කිව්වේ එහෙම. ඒ මනුස්සය ඔය දෙන්න පොඩි කාලේ කතන්දර කියල දෙන්න පුරුදු වෙලා හිටියා. අම්මා එහෙම කියල තියෙනව. දැන් නම් එයා මැරිලා.
කාගේවත් මුණු පැහැදිලිව මතක නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. හැමදාම එකම ප්‍රශ්න ටික ගෙදර අයගෙන් අහන්නත් බෑනේ. ඩොක්ට නම් කියන්නේ එහෙම නිතර නිතර විවිද දේවල් මතක් වෙන එක සාමාන්‍ය දෙයක් කියලයි. ඇත්තනේ. අපේ ඔළුවල පොඩි කාලේ කොච්චර දේවල් තියෙනවද. හරියටම මතක නැති උනත් අම්මවයි තාත්තවමයිද දන්නේ නැහැ මට ඒ පෙන්නේ. උඩ හිත තර්ක කලත් යටි හිත නම් කියන්නේ ඒ ඒ දෙන්න නෙවෙයි කියලා.
මටතව මතකයි ලොකු ගෙදරක්. ලස්සන ගෙයක්. ඒක ලංකාවේ නම් නෙමෙයි. ඒ පරිසරය මෙහෙ නෙවෙයි. හරියටම කියන්න බැරි උනත් මට හිතෙනවා ඒ ලංකාවේ ගෙයක් නම් නෙවේ කියල. මම ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවේ. අපේ නැන්දා ළඟ ඉඳලා. ඒත් එහෙ ගෙදරත් මට පේන ගේ වගේ නෙවෙයි. අනේ මන්ද අප්පා. ඕව හිතන්න ගිහින් මට පිස්සු හැදෙනවා.
සමීර උඹ කොච්චර උත්සහ කලත් ඔය කාලේ ගැන මතක් වෙන්නේ නැහැ. එක අතකට ඕක ගැන මතක් කරන්නේ මොකටද? අම්මත් ලග ඉන්නවා. තාත්ත ඉන්නවා. මට මොකුත් නැති වෙලත් නැහැනේ. මම හැමදාම වගේ හිතට කියාගත්ත.
මම ඕව ගැන හිත හිත තමයි ගේ ඉස්සරහ තිබ්බ ග්‍රවුන්ඩ් එක පැත්තට ඇවිදගෙන ආවේ.
අඳුරේ උනත් මට පෙනුනා ග්‍රවුන්ඩ් එක මැද්දේ කවුද ඉඳගෙන ඉන්නවා.
මලා. හොල්මනක්ද?
උඹට පිස්සුද සමීර. ග්‍රවුන්ඩ් එක මැද්දේ හොල්මන් ඉඳී යැ ? අර ඉසුරුවා තාම ජිවත් වෙලා ඉන්නවනේ. උ මැරුණු දවසට තමයි කවදාහරි ග්‍රවුන්ඩ් එකේ හොල්මන වෙන්නේ. මොකෝ ඉතින් උගේ දවස ගෙවෙන්නේ ග්‍රවුන්ඩ් එකෙමනේ.
මම තව ටිකක් ඒ දිහාවට ගියා. එතකොට තමයි දැක්කේ ඒ හිටියේ කවුද කියල. මම මෙච්චර හොයාගන්න උත්සහ කරපු රුව.
රෝස පාට පිජාම ඇඳුමකින් සැරසිලා කොන්දෙත් උඩට බැඳගෙන එයා අහස දිහා බලන් ඉන්නවා. දෙන දෙයියෝ ටොකු ඇන ඇන ගෙදරට නෑ නෑ ග්‍රවුන්ඩ් එකට ගෙනත් දෙනවා කියන්නේ ඕවට තමයි. මම එයා ගාවට් ඇවිදගෙන ගියේ ගොඩක් සතුටින්.
එයා තාම දැක්කේ නැහැ මම එනවා. එයා අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක.
ඩියාශි.. මම එයාට කතා කරා හෙමින්. එයා මං දිහා බැලුවෙ පුදුම වෙලා.
කුශින්ත්.. ඔයා? ඇය කිව්වෙත් ඒ පුදුමෙන්මයි. හැබැයි ඒ මගේ නම නෙවේ. නමුත් මොකද්දෝ හේතුවකට එයා ඒක කිව්ව විදිහට මට මොහොතකට හිතුන ඒ මගේ නම කියල.
මගේ නම නම් කුශින්ත් නෙවේ.. සමීර. මම කිව්වෙ ඒ ඇස් දිහාම බලාගෙන. එතන තිබුනු විදුලි පහනක එලිය වැටිල ඒ ඇස් දිලිසුනා. එයා අඬනවද? නැත්තම් කලුවරේ මට පේන හැටිද?
ආ ඔව් නේද? ඔව් ඔව් සමීර සමීර තමයි ඔයාගෙ නම. එයා කිව්වෙ හරියට එයාටම කියාගන්නව වගේ.
මට හිතාගන්න බෑ ඇයි එයා ඒ විදියට හැසිරෙන්නේ කියල. කවුද කුශින්ත් කියන්නේ? අහන්නත් හිතයි. ඒ උනාට කොහොමද අහන්නෙ.
ඔයාට මතක නැද්ද අපි අද දවල් මීට් උනානේ? මම හිතුවෙ එයාට මාව මතක නැහැ කියල. ඒ හින්ද මම එහෙම කිව්ව.
ඔයා හිතුවෙ අපි මීට් උනේ අවුරුදු සීයකට විතර කලින් කියලද? අද දවල්නෙ. මට මතකයි. අමතක වෙන්නෙ කොහොමද?
පුදුම කටර් එකක් මේක. මට හිතුන. එයාගෙ මොකක් හරි තියෙනව මට කියන්න තේරෙන්නැති දෙයක්. හුරු ගතියක්. අමුත්තක්. අනේ මන්ද. සමීර උඹට නම් පිස්සු හැදීගෙන එන්නෙ. ඕක රවීන්ට එහෙම කිව්ව නම් ඌ අනිවා එහෙම කියනව ශුවර්.
මාත් ජොයින් වෙන්නද? මම ඇහුවෙ සැකෙන්. එපා ආපු දිහාවටම යන්න කියයිද දන්නෙ නෑ එයා.
අනේ එන්න එන්න. එයා කිව්වෙ ගොඩක් පාලනය කරගත්තු කටහඬකින් කියල මට හිතුන. එයා මෙතන මම එනකොට අඬ අඬා හිටියද. නැත්තම් එයා මාව දැකලද අඬන්නෙ? නැත්තම් ඒ එයාගෙ හැටිද? අනේ මන්ද. මම ඇවිල්ල එයාගෙ නිදහසට බාධා කරාද මන්ද. ඒත් මට එතනින් නැගිටල එන්න නම් හිතුනෙ නෑ. මම ගිහිල්ල එයා හිටපුතැනට අඩියක් විතර ඈතින් ඉඳගත්ත.
මම ඇවිල්ල ඔයාට කරදරයක් උනාද මන්ද.
එහෙම නෑ කුශ්.. සමීර. එයා කිව්ව.
කුශින්ත්? කවුද මේ කුශින්ත්. එයාට ඇයි ඒ නමම කියවෙන්නෙ. කවුරු උනත් මේ නොදුටු කුශින්ත් ගැන මට ඇති උනේ තරහක්. ඇයි අප්පා. වෙන කාගෙවත් නමක් කියනකොට ඉවසල ඉන්න පුලුවන්ද? එහෙමයි කියල උඹ හරියට මගේ නම කියපං කියන්නයැ. මං ඒ හින්ද කට පියාගෙන හිටිය.
මං එනකොට මොනවද අහස පොලව ගැටලන්න වගේ කල්පනා කර කර හිටියෙ? අද වෙච්ච දේ ගැනද? මම ඇහුවෙ කොතනින් හරි කතාව පටන් ගන්න ඕන නිසා.
පිස්සුද ? තව මොනා හිතන්නද ඒකෙ. එයා ගත් කටටම කිව්ව.
මදැයි කොලා… සමීර පුතේ මෙයා එක්ක කතා කරන්න නම් උඹට වෙනම ඉගෙනගෙන එන්න වෙනව ඕ යෑස්.
ඔයා තමයි එතකොට කුමුදු ආන්ටිගෙ රට හිටිය කිව්ව පුතා නේද? තව මොනවද එයත් එක්ක කතා කරන්නෙ කියල හිතන්න යද්දිම එයා ඇහුවෙ මාව පුදුමෙනුත් පුදුමයට පත් කරල. මම හරිනෙ?
ඔයා කොහොමද දන්නෙ? මේ කෙල්ල මුණගැහිච්ච වෙලාවෙ ඉඳල මාව පුදුම කරවනව.
මේ ස්කීම් එකේ හැමකෙනෙක්වම මම හොඳට දන්නව. ඔයාව මම දැකල නෑ කවදාවත්. එතකොට ඔයා මේ වෙලාවෙ ඔය වගේ සැහල්ලු ඇඳුමක් ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට එන්න නම් ඔයා මේ ස්කීම් එකේ පදිංචි කෙනෙක් වෙන්න ඕනෙ. ඇය කියාගෙන කියාගෙන ගියේ මම ඇඳන් හිටපු ඇඳුම දිහාත් බලල.
මගෙ අම්මේ මේකි හිතල තියෙන දුර. මම ඇඳගෙන හිටියෙ සරමකුයි කමිසෙකුයි. නිරීක්ශන වලින් නිගමන වලට එලඹීම. ශුවර් එකට එයා ශර්ලොක් හෝම්ස් පොත් කියවනව ඇති ආයෙ දෙකක් නෑ.
ඉතින් ඊට පස්සෙ මට මතක් උනා අම්මි දවසක් කිව්ව කුමුදු ආන්ටිගෙ පුතා ලංකාවට ඇවිත් කියල. ඉතිං මං හිතුව ඒ ඔයා කියල. සිම්පල්. එයා එහෙම කිව්වෙ හරිම සැහැල්ලුවෙන්.
ඒ කිව්ව දේවලින් නම් මට හිතුනෙ එයා කියන්නෙ ඇත්ත කියල. එක්කො එයාට මට ඒත්තු ගන්නන්න ඕන උනා එයා මාව නොදන්න බව. ඒත් මගේ හිත කියනව ඒ කිව්වට වැඩි විස්තරයක් එයා මං ගැන දන්නව කියල. මම මෙතනට එද්දි එයා හැසිරුනු විදිය. මතක් වෙද්දි මට මහ අමුත්තක් හිතෙනව. සමහරවිට එයා මං වගේ තව කෙනෙක්ව දන්නව ඇති. ඒ උනාට ඉතින් ඕව අහන්නයැ. මොකද අර නවකතාවක තියෙනව වගේ මම කියන්නයැ මට හිතෙන්නෙ අපි දෙන්න කලින් හම්බවෙල තියෙනව බ්ලා බ්ලා බ්ලා.. හපෝයි මට නම් බෑ. මම හිතුව.
හම්මේ ඔයා හිතල තියෙන දුර. ශර්ලොක් හෝම්ස්ගෙ දුව එහෙම නෙවේනේ වැරදිලාවත්. මම ඇහුවෙ සැහැල්ලුවෙන්.
එයා හිනාවුනා. හම්මේ යාන්තම් ඇති. එයා මං කිව්ව දේ පිලිගත්ත වගේ කතාවක් ඒ හිනාව ඇතුලෙ තිබුන කියල මට හිතුන. සමීර උඹ මේ කෙල්ලව අඳුනන්නෙ නෑ. එයා උඹව දන්නෙත් නෑ. මනස්ගාත හිතන එක නවත්තගනින්. මම හිතට කියාගත්ත තදින්.
කවුද කුශින්ත් කියන්නේ? මට ඒක අහන්න ඕන නැති උනත් ඒ ප්‍රශ්නෙ මගේ මුවින් ගිලිහුනේ මම හිතන්නත් ඉස්සෙල්ල.
මට හොඳටම විශ්වාසයි එයා ගැස්සුනා. නමුත් එයා ඒ මොහොතෙම ඒ තිගැස්ම හංගගත්ත හරිම දක්ශ විදියට. එක්කො ඇත්තටම එහෙම උනා. නැත්තම් සමීර උඹ බහුභූත හිතනව. ශික්. ඇයි උඹ ඒක ඇහුවෙ. එයා හිතයි උඹටත් ඕන නැති මගුලක් නෑ කියල. ඒ ප්‍රශ්නෙ අහපු එක ගැන මට පසුතැවීමක් දැනුන.
කුශින්ත් කියන්නෙ කවුරුවත් නම් නෙවේ. මට මතක ඔයාගෙ නම ඒ වගේ.
හ්ම්ම්. ඒක මිසක්. මම කිව්වෙ ඒ කතාව එතනින්ම නතරකරන්න හිතමින්.
ඒක නෙවේ. ඔයා එෆ් බි නැද්ද? මම ඇහුවේ කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන.
අනේ නැහැ.
ඇත්තමද?
ඔව් මොකටද බොරු කියන්නේ?
ඇයි ඒ?
මට වෙලාවක් නැහැ.
මොනවද අප්පේ ඔයාට ඔච්චර තියෙන වැඩ?
වැඩ ඉතින් ඔය හැමෝටම තියෙන්නේ ඕන තරම්
එතකොට නිදහස් වෙලාවක් ඇත්තෙම නැද්ද?
තියෙනවා. නිදහස් වෙලාවක් තිබ්බ කියල ෆේස් බුක් යන්න ඕන කියල නීතියක් නැහැනේ නේද? එයා ඇහුව.
ඔව් නේ ඇත්ත. ඒ මම තමයි ෆ්‍රී වෙලාවට ෆේස්බුක් යන්න ඕන කියල හිතන් ඉන්නේ. මට ඇත්තටම ලජ්ජා හිතුන මම ගැන
එතකොට ෆ්‍රී වෙලාවට මොකද කරන්නේ?
ක්‍රිකට් ගහනවා. මාළුන්ට කන්න දානවා. මල් වවනවා. ස්කීම් එකේ පොඩි අයට උගන්නනවා. පොත් කියවනවා. චිත්‍ර අඳිනවා. තව….
හම්මෝ ඇති ඇති. මම කියද්දී එයා හිනා උනා.
ඔය කිව්වා ඔක්කොම කරන්න දවසේ පැය 24 මදි මගෙ හිතේ.
එහෙම නැහැ. මම ගෙදරනේ ඉන්නේ.
ඇයි ඩියාෂි ජොබ් එකෙන් අයින් උනේ? ඇහුවට පස්සේ තමයි මට හිතුනේ ඒක පෞද්ගලික ප්‍රශ්නයක් කියල. සමාවෙන්න. මම ආයෙම කිව්වා. ඒක ට ඔයා අකමැති නම් උත්තර දෙන්න එපා. මට අයිතියක් නැහැ ඒවා අහන්න.
එයා හිනා උනා. ටිකක් වෙලා මගේ දිහා බලන් හිටිය. අනේ මට දැනගන්න තිබුන නම් එයා හිතන්නේ මොනවද කියල.
නැහැ ඒක උත්තර දෙන්න බැරි හේතුවක් නෙවේ. මට ටික කාලෙකට ෆ්රාන්ස් යන්න වෙනවා. අම්මිගේ ෆැමිලි එකේ ය එක්ක ටික කාලයක් ඉන්න හිතුව අපි.
ඒ කිව්වේ ඔයාල ළඟදීම යනවද?
ඔව්.
හ්ම්.. මට කියවුනේ ඉබේටම. එයා යනවා කිව්වම මට දුක හිතෙනවා. ඇයිද මන්ද. තාම අපි හම්බවෙලා එක දවසක් වත් ගත වෙලා නැහැ.
ඇයි ? මගේ කටහඬේ වෙනස එයාට තේරුනාද මන්ද.
නෑ මුකුත් නෑ . කොච්චර කාලෙකටද යන්නේ?
මාස තුනකට විතර. කියන්න බැහැ. තාත්තිගේ වැඩ එක්ක. එයාගේ බිස්නස් ඔක්කොම තියෙන්නේ එහෙ නේ.
එහෙමද?
මම දැන් යන්න ඕනේ. එයා කිව්වේ හදිසියේම නැගිටලා. මට එයාව නවත්තගන්න ඕන උනත් ඒක කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒ වෙද්දී රෑ නවයත් පහු වෙලා. ඊට පස්සේ වටේ පිටේ මිනිස්සු මොන මොනවා කියයිද දන්නේ නැහැ. මේක ලංකාව කියල ඔලුවේ තියාගෙන ඉන්න එපැයි. එපා වෙනවා අප්පා වෙලාවකට. තමන්ට ඕන විදියට ජිවත් වෙන්න නිදහසක් නැති රටක් මේක.
හෙටත් එනවද?
මම හැමදාම ග්‍රවුන්ඩ් එකට එනවා. මම විතරක් නෙවේ ස්කීම් එකේ හැම ළමයෙක්ම එනවා. අපි සින්දු කියනවා. කතන්දර කියනවා. පොඩි අය ගිහාම මම තව ටිකක් වෙලා ඉඳල යනවා. අද ඔයා ආපු හින්ද පරක්කු උනේ. ඔයා හෙට ටිකක් කලින් එන්න කුශින්ත්. ඔහ් සොරි.. සමීර.
එයා ට අද මේ වැරදුනු තුන්වෙනි වතාව. ඇයි ද මන්ද එයාට එහෙම කියවෙන්නේ. මේ කුශින්ත් එක්ක නම් දැන් මට මාර තරහක් තියෙන්නේ.
මන් එන්නම් ඩියාෂි අනිවාරෙන්ම හෙට.
එහෙනම් ගුඩ් නයිට්
ගුඩ් නයිට් දෙව්. යන්න ගිහිල්ල එයා එකපාරටම නැවතිලා මගේ අත් දෙකින් අල්ලගත්ත. ඒ ඇස වල තිබුනේ පුදුමයක්ද සතුටක්ද කියල මට හිතාගන්න පුළුවන් උනේ නැහැ.
ඔයාට මතකයිද. දෙව් කියල දන්නේ කොහොමද? එයා ඇහුවේ නොඉවසිල්ලෙන්.
එයාට එච්චරටම කලබල වෙන්න මොකද්ද මම කිව්වේ. මට හිතාගන්න බැරි උනා.
මොකද්ද ඩියාශි මතකයිද අහන්නේ. ඔව්. මට මතක තිබුනා උදේ ඔයා අර රිසේප්ෂනිස්ට් ට මුලින්ම ඔයාව අඳුන්නල දුන්නේ දෙව් කියලා. මම හිතුව ඉතින් ඒ නම ලස්සනයි කියල. ඒකයි එහෙම කිව්වේ.
එයාගේ අතින් මගේ අත අතහැරුනේ ඉබේටම. මම දුන්නේ එයා බලාපොරෝත්තු වෙච්ච උත්තරේ නෙවේ කියල මට හිතුනා.
සමාවෙන්න සමීර. ඊටපස්සේ එයා එකපාරටම හැරිලා යන්න ගියා. මට හිතාගන්නවත් බැරි උනා මොකද උනේ කියල. මම මොහොතකට එයා ගිය තැනම නතර වෙලා බලන් හිටියේ ඒ හින්ද