12_වන_ කොටස
ඇමතුම සම්බන්ධ වූයේ ඉතාමත් වේගයෙනි………….
” hello good morning may i speak yo Mr Wickramanayaka…..
තුහාන්‍යාගේ ලයාන්විත හඬ සවනත වැකෙත්ම එහා පසින් ඇසුනේ නව යොවුන් වියේ පසුවන තරුණ හඬකි…..
” yes speaking…..
” Mr Wickramanayaka මං කතා කලේ අර පත්තරේ තිබුන දැන්වීම දැකලා…..
” ආ එහෙමද……. ඔයා තමයි එහෙනම් කතා කරපු පලවෙනිම කෙනා….. මොකක්ද මේ ළමයාගේ නම……..
ඇයට ළමයා යැයි කීවාට ඔහුටද එතරම් වයසක් නැතුව ඇතැයි තුහින්‍යාට සිතුනි…….
” මම සර් මේ තුහින්‍යා දෙව්සිත්මි රණසිංහ… නුවරඑළියෙමයි ඉන්නේ….. මං උසස් පෙල කලේ ව්‍යාපාර හා ගිණුම්කරණයෙන්…… මං ඇප්ලයි කරන්න හිතුවේ ගිණුම් ලිපිකාරිණියකට….
තුහින්‍යා මේ කතා කරන්නේ නුවරඑළිය නගරයේ සුප්‍රසිද්ධ පැරණිතම මල් සැකසුම් හා මල් අපනයන ආයතනයක් වල fairy lily ආයතනයටයි…… ඇමතුම සම්බන්ධ වුයේ එහි වත්මන් ක්‍රියාකාරී සාමාජිකයා වන #හේෂර_වික්‍රමනායක ඒ කියන්නේ භූමිගේ මල්ලිට……
” හොඳයි මේකයි අපේ ඉන්ටර්වීව් තියන්න හිතාගෙන හිටියේ හෙට ඒ වුනාට මේ කම්පැනි එකේ president ඒ කියන්නේ මගේ අම්මා අසනීපවෙලා…. ඉතින් අපි ලබන සිකුරාදාට තමයි ඒක තියන්නේ….. මං මේ ළමයාගේ නම නෝට් කරගන්නම් බ්‍රහස්පතින්දාට ආයෙම කතා කරන්න…….
” හොඳයි සර් එහෙනම් ….
තුහින්‍යා ඇමතුම විසන්ධි කලේ සැනසීමෙන්…. මේ රැකියාව ලැබුනොත් එය හදවතට මහත් සැනසුමකි……… කතා කරපු කෙනා නම් හොඳයි වගේ…. තුහාන්‍ය සිතුවෙි සතුටින් ඇය පත්තරේත් අරන් එළියට ගියේ අම්මටයි තාත්තාටයි කතාව කියන්න…….. දෙන්නම එළියේ අනෝරා වර්ෂාව දෙස බලාගෙන ලොකු කතාවක්………. තුහින්‍යා ආපසු මුළුතැන් ගෙට ගිහින් වතුර එක ලිපේ තියලා කෝප්ප ටික හෝදලා ට්‍රේ එක උඩින් තියලා දවල් ගෙනාව කේක් එක කපලා සයිඩ් ප්ලේට් එකකට ඇහිරුවා……. ඇය මුළුතැන්ගෙයි කවුළුවෙන් බලා සිටියේ අවට නිනව්වක් නොපෙනෙන මහා අනෝරා වර්ෂාව දෙස…….. ඇගේ හිරිගඩු නංවමින් දැනෙන සීතලට මේ මොහොතේ අවශ්‍ය වුනේ තේ එකක් හොදට ඉඟුරු දාපු……… තුහින්‍යා ඉක්මනින් තේ එකත් අරන් එළියට ගියේ නංගිටයි මල්ලිටයිත් කතා කරගෙන….. අප්පච්චිටයි අම්මටයි තේ දෙක දුන්න තුහින්‍යා ඇගේ තේ එකත් අරන් අනෙක් පසින් වාඩි වෙද්දි නංගියි මල්ලියි දෙන්නත් දෙපැත්තෙ වාඩි වුනා…….
” අප්පච්චි පොඩි දෙයක් කියන්නද……
තුහින්‍යා අහද්දි අප්පච්චි තෙි එක මෑත් කරලා ඇය දෙස බැලුවේ විමසිල්ලලෙන්…
” මොකක්ද ලොකු ළමයෝ
” අප්පච්චි මේ ලඟ මල් සැකසුම් හා අපනයන ආයතනයකට ගිණුම් ලිපිකාරිණියන් හොයනවා….. ඉතින් මං යන්නද අප්පච්චි interview එකට…….
තුහින්‍යා කියද්දි අප්පච්චි ආයෙමත් බැලුවේ අනෝරා වැස්ස දිහා……
” අපේ මහත්තයා ඔන්නොහේ ලොකූ ගියාවේ…… දවල් වරුව විකරනේ….. අනික මහ දුරකුත් නෑ….. මල් එක්ක ඉද්දිම දරුවගේ හිතත් හැදෙයි…..
තුහින්‍යා අම්මා දිහාවට හෙළුටව් කෘතඥපූර්වක බැල්මක්……..
” මාත් මේ හිතුවේ ඒ ගැන නම් තමා……
නමුත් අප්පච්චිලා එහෙමය……. හුඟාක් සිතා,,, ඊටත් පසු සිතා,,, අවසන් වරටත් සිතා,,, තවත් ටිකක් සිතා,,, පිලිතුරු දෙති….. තීරණ ගනිති…… ඒවා මේ සක්වල ගල නැසෙන තුරු වරදින්නේද නැත…………
” අප්පච්චි හා කියන්නකෝ…… අක්කත් ආසයිනේ…….අනික නිදහස්……
මල්ලියි නංගියිත් එකටම කියද්දි අප්පච්චිට හා නොකියා ඉන්න බැරි වුනා…….. අවසානෙදි ඇයට රැකියාවකට යන්නට අප්පච්චිගෙන් අවසර ලැබුණා………
තුහින්‍යාට දැනුනේ පුදුමාකාර සතුටක්…… රාත්‍රිය උදා වුනේ හිතුවටත් වඩා ඉක්මනින්…….. අම්මා සාලෙ එහා මෙහා ඇවිදිම්න් කල්පනා කරන්නේ උයන්නෙ මොනවද කියලා වෙන්න ඇති කියලා සිතූ තුහින්‍යා ආයෙමත් එළියට ගියේ නංගිත් එක්ක……..
” මොකක් හරි අවුලක්ද අම්මේ……
ගිහන්ස්‍යා ඇසුවේ සෙටිය මත වාඩි වෙමින්…….
” රෑට මොනවද හදන්නේ………
අම්මා කියද්දි තුහින්‍යා බැළුවේ ඉස්තෝප්පුවේ ඉඳන් පත්තරයට නෙත් යොමුගෙන ඉන්න අප්පච්චි දිහා……
” චූටියා……… කෝමද රෑට පාන් පෙති මැද්දට අර අම්මගෙ සැරම සැර සීනි සම්බල් එක දාලා ටික වෙලාවක් තෙල් අල්ලන්න තියලා කන්න තිබුනා නම්…….
තුහින්‍යා කීවේ අප්පච්චිට ඇහෙන්න….. අප්පච්චිත් සූටිං මාටිං එකේ මාටියා සමෝසා කියද්දි හැරෙනවා වගේ අප්පච්චිත් ඔවුන් දිහා බැලුවා…… අප්පච්චි පාන් කන්න කැමතී……
” කවුද ඉතින් කඩේ යන්නේ අනික මේ වැස්සේ………
” ඒකට තමා කොල්ලෙක් ඉන්නේ……
මල්ලිත් කාමරේ ඉඳන් එළියට ආවා…….
” මං ගිහින් එන්නම්………
එහෙම කියලා මල්ලි ස්කූටියේ නැගලා පිටව ගියේ පොද වැස්සෙමයි……..
උදේ පාන්දර නැගිටලා වේදේශ් සූදානම් වෙන්න ගත්තෙම කෝපයෙන්…….. තුහින්‍යා ගිය දවසෙ ඉඳන් කාමරය හැඩි වෙලා……. ඇඳුම දැම්ම දැම්ම තැන් වල… හෝදපු නැති රෙදි හැම තැනම……
” මේකිගේ තියන මහන්තත්ත කමට යන්න ගියානේ……… පරට්ටි….. ශිට්…… දැන් ඉතින් හැම මගුලම මංම කරගන්න ඕනි……….
වේදේශ් කෝපයෙන් මුමුණමින් කියද්දි නෙහාරා ආවේ ටිකක් කලබලෙන්…
” ඔයා තාම රෙඩි නැද්ද බබා……. අපි ටූ ලේට්…….
අද විශේෂ සාකචිඡාවක් තියනවා….. ඒකට සහභාගි වෙන්නට තමයි ඇය ඇවිත් ඉන්නෙ…….. වේදේශ් ඇය දෙස බැලුවේ තිබුන කෝපයෙන්මයි…… නෙහාරා කාමරය පුරාම නෙත් යවද්දියි ඇයටත් තේරුනේ සිදුව ඇති දේ…..
” හරි බබා ඔයා දැන් ලෑස්ති වෙන්න මං හවසට ඇවිත් මේ ටික අස් කරලා දෙන්නම්…..
නෙහාරා කියද්දි වේදේශ් ඇය දෙස බැලුවේ ආදරයකින්…….. පුරා වසර හතරක්ම මේ කාමරය ලස්සනට තියාගෙන හිටිය තුහින්‍යා දිහා නම් ඔය විදිහට ආදරයෙන් බලලා නෑ…….. සමහර පිරිමි එහෙමයි ගෙදර ගෑහැණිය මොන තරම් දේවල් කලත් අගයක් නෑ….. ඒත් පිට කෙනෙක් කරන දේ පුදුම තරම් වටිනවා…… හැම පිරිමියෙක්ම නෙවේ සමහරක් පිරිමි……..
වේදේශ් ඉක්මනින් ඇයත් සමගින් පඩිපෙල බසින විට පහල සිටි කෞමදී දන්තනාරායන හා ටීෂා ඔවුන් දෙසම බලාගෙන හිටියා……..
” ෂා ඔය ඉන්නේ කුරුළු ජෝඩුව වගේ…….
කෞමදී කියලා ටිකක් සෙටියෙ එහාට වුනේ නෙහාරට වාඩි වෙන්න…….
” කමලා කෑම මේසය අරින්න මේ ළමයින්ට කාලාම යන්න…….
ඇය කමලාට කියා නෙහාරා දෙස බැලුවාය……..
” කොහොමද දුව……..
” හොදයි ආන්ටි……
” මේ වේදේශ්…..පුළුවන් තරම් ඉක්මනින් අරයට ඩිවෝර්ස් පේපර්ස් යවන්න ඕනි…. නැත්තම් තාත්තා ආවම ආයෙම ඔවුන්ගේ ගෙවල් අස්සෙ ගිහින් මේක සමථයකට පත් කරන්න පුළුවන්……
කෞමදී කිව්වේ අම්මා කෙනෙක් විදිහට නොකිය යුතු දෙයක්……..
” අනික උනි බලාගෙන ඉන්නවා ඇත්තෙත් තාත්තා එනකම්
ටීෂාද ඔවුන්ව දිරිමත් කරමින් කීවාය……. වෛදහී ඔය සේරම අහගෙන පහලට ආවේ පරිඝනක පන්තියට යන්නට……..
” අද නැතත් කවදාහරි ඔයාට අක්කගේ අගය තේරෙයි…… හැබැයි එදාට ඔය හැමෝම පරක්කු වැඩි වෙයි…… මොකද අක්කාට ඔයාට වඩා හොඳ ජීවිතයක් ලැබෙයි…… ඒක වෙන්නම ඔනි…. ඔයාලට පාඩමක් ඉගෙනගන්න අක්කා ජීවිතේ හදාගන්නම ඕනි……
වෛදහී සිතුවේ තනියම……… නෙහාරා ඉන්න නිසා කෑම මේසයේ වාඩි වෙන්න හිතක් නැති නිසා ඇය එතැනින් යන්නට උත්සහ කරද්දිම අම්මාගෙ නෙත ගැටුනා……
” පොඩි දුව කාලා යන්නැද්ද….
” නෑ මට බඩගන්නක් නෑ…. මං යනවා….
අනිත් අය දෙස එක් ඇහි පිල්ලමක්වත් නොහෙලූ ඇය එතැනින් පිටව ගියේ කෝපයෙන්………
” අම්මා….. මෙයයි තාත්තයි දෙන්නම එකයි….. අරකි මෙයාලට වශියක් වත් දීලද……….
” අනේ ඒකිගේ වශිය…….
කෞමදී කීවේ නෙහාරාගේ අතක් පිරිමදින ගමන්………..
” අම්මා මල්ලිට දැන් මොකද………
වේදේශ්ගේ මල්ලි විශාල් එදා භූමිගෙන් ගුටිකාලා අසාධ්‍ය තත්වයේ ඉඳන් තවමත් සුවය ලබමිනුයි සිටියේ…….. හරියටම වුන දේ වේදේශ්ට තාම දැනගන්න බැරි වුනා…….. අනිත් එක බිස්නස් වැඩත් එක්ක වේදේශ්ට ඒක ගැන හොයන්න බැරි වුනත් මල්ලිට මේ දේ කරපු එකා කවුරු වුනත් ඔහුව අත් නොහරික බව නම් තරයේම සිතා සිටියේය……..
” තාම ගුණයක් නම් නෑ…… ලොකු පුතා නරකද මල්ලි බලන්න අද ගියොත්…….
” ඔව් මං දවල්ට යන්න ඕනි අද….. කවුද දන්නෑනේ ඒක කරපු එකා……..
” ඔව් අයියා……… අනිවාර්යෙන්ම මල්ලිට මේ දෙි් කරපු එකාගෙත් අඬුටික කඩන්න ඕනි…… නැත්තම් ඉවරයක්ම කරලා දාන්න
ඒ කිව්වේ ටීෂා……… දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් කීව කතාවක් ඒක………. ටීෂා ගැබිනියක්…… ඒ වගේමයි ඇයගේ සැමියා ඇයගෙන් දික්කසාද වීමට ඉල්ලා නඩුවක්ද ගෙණෙු කර තිබෙනවා……… තුහින්‍යාට අපමණ නින්දා අපහස කලත් ටීෂාට ලැබෙන්න ඉන්නේ වෙනත් පෙම්වතෙක්ගෙ දරුවෙක්………. තමන් මත වැරදි කෝටියක් තියෙන මිනිසුන් අනිත් අයටද අභූත චෝදනා කරන්නේ ඔවුන්ගේ හිඩැසි අතරින් ඒ දුඟඳ සත්‍ය එළියට එන බව නොදැනයි…………… තුහින්‍යා නම් ඔවුන්ගේ නින්දා අපහස ඉවසුවේම එලෙස සිතමින්……….
වේදේශ් සිය සොයුරා බැලීමට රෝහලට ආවේ නෙහාරාද ඔහුගේ සගයින් වන රූති, නීරෝ හා සනී සමගින්….. ඒ එන විටත් ඔහු සිටියේ අමාරුවෙන් මුළු මුහුණම තඩිස්සි වී තිබුණි……. ඒ මුහුණ දකින විට වෙදේශ්ගේ හදවතේ බුර බුරා නැගුනේ පුදුම කෝපයක්….. ඔහු රෝගියාගේ ඇද අසල පුටු වෙන් වාඩි වුනේ ඔහුගේ අතකුත් අල්ලගෙන…..
” මල්ලි දැන් උඹට කොහොමද……
” රි……දෙ…නවා බං………..
ඔහු අමාරුවෙන් හිස හරවා වේදේශ් දෙස බලමින් කීවේය………
” කවුද මේක කලේ මලයා…….
සනී ඇසුවේ කෝපයෙන් දෑස් දිදුලද්දි……
ඊට පිලිතුරක් දෙනු වෙනුවට ඔහු කලේ වේදේශ් දෙස බලපු එක……
” කවුද උඹට මේක කලේ….. මොකක්ද එතන වුනේ උඹ වලියක් ඇදගත්තද නැත්තම් උඹේ ඇඟට ආවාද……..
” ඌට වැරදීමක් වුනේ කියලා තමා හිතෙන්නේ….. හොදටම බීලා හිටියේ ඌත්……
” උඹ ඌව දන්නවද……..
වේදේශ් අසද්දි විශාල් හිස සැළුවේ ඔව් කියන්න ඉන් වේදේශ් තවත් නොඉවසිලිමත් වුනා……..
” කියපන් විශාල් මොකාද ඌ…… මං දන්න පරයෙක්ද ඌ……..
” ඔව්……
” කවුද…. කවුද ඌ…. කවුද…….
වේදේශ් වියරුවෙන් කෑ ගසන්නට විය…. ඇත්තටම වේදේශ් විශාල්ට බොහෝමත්ම ආදරය කරයි……
” Monster orion ලා……..
Monster orion යනු භූමිගේ හතේ කල්ලියයි…….. විශ්ව විද්‍යාල සමයේදී ඔවුන් තම කල්ලියට ඒ නම යොදාගත්තේ දඩයක්කාරයා තරුපන්තිය සිහියට නැගෙන ලෙසය…… එහි ප්‍රධාන වශයෙන් තාරකාවන් හතක් ඇත……..
🌟 Betelgeuse – රජීව්
🌟Saiph – තෙනුක
🌟Bellatrix – සිතිජ
🌟Rigel – රවික
🌟Alnitak – ධනූ
🌟Alnilam – භූමි
🌟Mintaka – තරුන්
” කවුද….. උන් ඔක්කොම හිටියද……
” ඔව් ඒත් ගැහුවේ ඌ……. Alnilam භූ…….මි…..
විශාල් කෝපයෙන් රතු කරගත් මුහුනින් කියද්දි වේදේශ් නැගිට්ටේ ඊටත් වඩා කේන්තියෙන්…….
“සනී නීරෝ අනිත් උන්ටත් කතා කරපන්….. දැන් පෙන්නමු Black cats ලගේ වැඩ………
වේදේශ් නැගී සිටිමින් කීවේය…… වසර ගනනක් පුරා අළු යට ගිණි පුපුරු මෙන් යට ගැසී තිබූ රණ්ඩුව ආයෙත් ඇවිලෙමින් තිබුණි…….
” උන් සෙට් එකම අතුරුදන්…..හොයලා බලපල්ල උන් කොහේද කියලා…… ඉක්මනින්…. උදේ වෙද්දි උෟ මට කොහෙන් හරි ඕනැ……….
වේදේශ් අඩිය පොලවේ ගසමින් කෑ ගැසුවේය………