ඔයාගේ අම්ම හරිම හොදයි. ආපහු මිතුරන් වෙත යන අතරේ කෙල්ල කිව්වා.

කිලාන් හිනා වුනා. ඇයි මම නරකද?

කෙල්ලට එකට උත්තර දෙන්න හම්බුනේ නැහැ.

හානේ සුදු අක්කි. ඔයත් පාටි එකට ආවද? මම දන්නේ නැහැනේ ඔයා එනවා කියල. ඒ දුවගෙන ආවේ කිලාංගේ මල්ලි.

ආනේ. නෙතුසර. ඔයා කොහෙද මෙහෙ?

මේ අපේ ගෙදරනේ අනේ. ඔයා මාර කතා තමයි අහන්නේ සුදු අක්කි

අහ. එතකොට මේ ඔයාගේ අයියද? කෙල්ල ඇහුවේ කිලාන්ව පෙන්නලා.

ඔව් මේ තමයි මගේ නපුරු අයිය. අයිය මේ ඉන්නේ මගේ සුදු අක්කි, නෙතුසර කිව්වේ තාමත් පුදුම වෙලා බලන් ඉන්න කිලාන්ට

එතකොට තමයි කිලාන්ට මතක් උනේ මල්ලි නිතරම කියන යුවතිය ගැන.

සුදු අක්කි අරක කරන්න කිව්වා මේක එපා කිව්වා කියා කියා හැම දේම පිළිවෙලට මල්ලි කරන අයුරු ඔහුට සිහි උනා.

මෙයාගේ සුදු අක්කි නම් කවුරු උනත් හොද ළමයෙක් වෙන්න ඇති නේද ලොකු පුතා? අම්ම එහෙම කියනවා කොල්ලට මතකයි.

බම්බුව මට කනක් ඇහිලා ඉන්න නැහැ කොහෙවත් ඉන්න සුදු අක්කෙක් හින්ද. කොහෙද ඔය හොල්මන ඉන්නේ තමුසෙව ගිහිල්ල එයාටම තියාගන්න දෙන්න.

තමන් කියපු හැටි කොල්ලට මතක් උනා. ඔයා කොහොමද මෙහන්සා මල්ලි අදුනන්නේ? කිලාන් ඇහුවේ ඒ මතකය හිතේම ගුලි කරගෙන.

මේ අපේ ලොකු මල්ලිගේ පුතාගේ හොදම යාලුවනේ. මම දන්නවා හොදට.

මල්ලිද හොදින් අදුනන ඇය මෙපමණ කාලෙකට තමන්ට මග ඇරුනේ කොහොමද? කොල්ල හිතුව.

මම අපේ මල්ලිලට ක්ලාස් එකක් කරනවනේ. මෙයත් නිතරම එහෙ එන හින්ද මට හම්බෙනවා. හරි හොදයි නෙතුසර. එයාට දෙයක් එක පාරයි කියන්න ඕනේ අහනවා.

ඔයා කියන ඒවා විතරයි මෙහන්සා.

අයිය කියන්නේ ඇත්තද? නෙතුසරගේ ඔලුවත් අතගාල කෙල්ල ඇහුවේ.

මම මොකටද මෙයා කියන ඒවා අහන්නේ. මෙයාගේ වැඩේම මට සැර කරන එක. ඔයා ඕනේ නම් අපේ අම්මිගෙන් අහන්නකො සුදු අක්කි මම අම්මි කියන දේ අහන්නේ නැද්ද කියල. අයිය දිහාවට රවල බලල නෙතුසර කිව්වේ දෙන්නටම හිනා.

මිතුරු මිතුරියෝ එක්ව සතුටු උනේ ඔවුන් අතර තද මිතුරුකමක් ඇති කරමින්.

ඔයා ආපු එකට මට ගොඩක් සතුටුයි මෙහන්සා එක තමයි මට ලැබුණු හොදම ප්‍රසන්ට් එක. කිලාන් කිව්වේ කෙල්ල යන්න ලැස්ති වෙද්දී මොහොතකට තනි උනහම.

මට අද එන්න ලැබුණු එක ගැන මටත් සතුටුයි. සාමාන්යෙන් මම පාටි වලට කැමති නෑ. එත් අද නම් මම ගොඩක් සතුටු උනා. තෑන්ක් යූ.

අනතුරුව සේනානායක මහත්මියට වැදලා සමු අරගත්තේ නෙතුසරටත් කියල.

ඒ පාටි එක නම් හොදයි අයිය. කෙල්ල කිව්වේ ආපහු ගෙදර එන ගමන්.

හ්ම්ම්. පුදුමයි ඕකා ඔය වගේ සාමාන්‍ය පාටි එකක් කළා කිව්වහම.

ඇයි?

ඒවා වැඩක් නැහැ. ඔයා විනෝද උනානේ. ඒ ඇති.

හ්ම්. ඒක නෙමෙයි අපේ බිනු මොකද කිව්වේ? මම දැක්ක දෙන්න එක්ක කදේ දාගෙන ඉන්නවා.

මුකුත් නැහැ. ඔය සාමාන්‍ය දේවල් කතා කර කර හිටිය. එයා හරි හොදයි.

ඔව් ඔව් එයා හරි හොදයි තමයි එහෙම තමයි මගේ යාළුවො. කෙල්ල කිව්වේ අමුතු විදියට හිනා වෙලා.

මොකද එක නිකම් අමුතු විදියට කිව්වේ?

නෑ නෑ මොනවත් නැහැ.

අර එදා ඒ ළමය ඉල්ලපු පේපර්ස් ටික දෙන්න අමතක උනානේ. සදුදට ඒ ටික ගෙනියන්න. කිලාන් මොකෝ කිව්වේ?

එයාට ඉක්මනට තරහ යනවා.

ගණන් ගන්න එපා. ඒ උගේ හැටි සෝඩා බෝතලයක් වගේ. ඉක්මනට තරහ යනවා ඒ වගේම ඉක්මනට නිවෙනවා.


සාදය අවසන යහනට වන කිලාන් ඔහුගේ කාමරේට ගියේ කෙල්ල දීපු තෑග්ගත් අතින් ගෙන. අනිත් හම්බවෙච්ච ඒවා දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ කොල්ල.

කොල්ල තෑග්ග ඔතල තිබුණු කවරේ ගැලෙව්වේ නොඉවසිල්ලෙන්. ඒක ඇතුලේ තිබිල කාඩ් එකක් වැටුන.

සුභ උපන්දිනයක් වේවා!!!!!!!!!
මිහින් සහ මෙහන්සා ගෙන් සුභ පැතුම්.

ලස්සන අකුරෙන් ලියල තිබුන. කොල්ල ඒ ඇත අකුරු දිගේ අතගිලි යැව්වේ ආදරෙන්.

කඩෙන් ගත්තු දෙයක් දෙන්න හිතුනේ නැහැ මොකද ඔයාට කිසිම දෙයක් වටින්නේ නැති හින්ද. මගේ අතින්මයි මේක හැදුවේ. වටීවි කියල හිතනවා. දකින හැම හීනයක්ම සැබෑ වෙන්න කියල හදවතින්ම සුභ පතනවා.
-මෙහන්සා-

එහි තිබුනේ ඉතාම අලංකාර ලෙස නිමා කරන ලද ඩ්‍රීම් කැචර් එකක්.

එයා ගොඩක් මහන්සි වෙලා. මේ තරමට එයාට මාව වටිනවද? මට නම් ඔයාව තේරෙන්නේ නැහැ මෙහන්සා. ලියල තිබුණු වචන වල වත් කිසිම හැගීමක් ඇය පල කර නැහැ.

කොල්ල ඒක අරන් ගිහින් ඇඳ ගාවින්ම එල්ලුව.


පහු වෙනිදා කිලාන් උදේ පන්තියට එද්දී පන්තියේ හිටියේ සෙනාල් විතරයි.

අහ. මොකද අද උඹ උදෙන්ම ඇවිල්ල?

අර පොඩි එවුන් තරග වලට යවන්න ට්‍රේන් කරවන්න ඕනෙනේ බන්. ඒකයි ටිකක් උදෙන් ආවේ. උඹ මොකද ඔය කරන්නේ? සෙල්ලිපිය වත් ලියනවද කොළ ගොඩක් වට කරගෙන. කොළ දහයක විතර කුරුටු ගගා ගානක් හදන්න උත්සහ කරන සෙනාල් දිහා බලමින් කිලාන් ඇහුව.

මොන රෙද්දක්ද මන්ද බන් මම දැන් මේක හදනවා හදනවා උත්තරේ එන්නේ නැහැ.

කිලානුත් පොතට එබිලා බැලුව. මචන් ඔය ගාන නම් ඔය විදියට හදන්න බැහැ.

ඒක තමයි බන් මට අහු වෙන්නේ නැහැ කොතනද වැරැද්ද කියල.

මම හැදුව ඒක. කිලාන් කිව්වේ කොලේකුයි පෑනකුයි අතට අරගෙන.

පස්සේ කොල්ල සෙනාල්ට විස්තර කර කර ගාන හැදුව.

කිලාන් මේ උඹ ම ද බන් මට හරිම සතුටුයි.

හ්ම්ම්. මෙහන්සට පින් සිද්ද වෙන්න. කිලාන් කියද්දී සෙනාල් පුදුමෙන් බැලුව කිලාන් දිහා.

පුදුම වෙලා වගේ බලන්නෙපා බන්. එයා තමා මගේ හැම වෙනසකටම හේතුව.

කිලාන් ප්‍රශ්නයක් අහන්න කෙලින් උත්තර දීපන්. උඹ මෙහන්සට ආදරේද?

ඔව්. දැකපු දවසේ ඉඳලම.. කිලාන් කිව්වේ සුසුම් හෙලමින්. මන් දන්නවා ඒක තේරුමක් නැති දෙයක්. ආදරෙයි කියල එයාව අයිති කරගන්න මට උවමනාවක් නැහැ ඒ උනාට.

සෙනාල් කොල්ල දිහා කනගාටුවෙන් බලන් හිටියේ කිලාන් කවදාවත් මේ වගේ සංවේදී වෙලා කතා කරනවා දැකල නැති නිසා.

ඔහොම බලන්නෙපා සේනාල්. මම මිහින්ට ද්‍රෝහිකමක් කරන්නේ නැහැ. ඌ මගේ හොද යාලුවෙක්. අනිත් එක.
ඌ මෙහන්සට කොච්චර ආදරේද කියල මම දන්නව. මම කවදාවත් ඒ දෙන්නගෙ මැද්දට යන්නෙ නෑ. අනිත් එක මෙහන්සා කවදාවත් මට ආදරේ කරන්නෙ නෑ හීනෙන් වත්. මම මේ පිස්සෙක් වගේ එයා ගැන හිතුවට එයා ඒක දන්නෙ වත් නෑ. එයා මගේ පාටි එකට ආවෙත් අම්ම හින්ද අම්මට බෑ කියන්න බැරි කමට. එයාට මං ගැන යාලුවෙක්ට තරම් වත් හැගීමක් නෑ. එක දවසක් එයා මට ඒක මූනටම කිව්වත් එක්ක. ඒත් මගේ ජීවිතේ එයා ලොකුතැනක ඉන්නව. මට හැම දේම ලැබුනෙ එයා නිසයි. අම්මල දැන් මම ගැන බය වෙන්නෙ නෑ ආඩම්බරවෙනව මිසක්. මට පලවෙනි වතාවට මම දිනපු දෙයක් ගැන ආඩම්බරෙන් කියන්න ලැබුනෙ එයා හින්ද අර කප් එක ගන්න මම හීනෙන් වත් හිතුවද නෑ. ඔක්කොම එයා හින්ද සෙනාල්. එයා සාමාන්ය අදුනන කෙනෙකුට කරන උදව්වක් විදියට හරි මොකක් හරි හින්ද මට ඒ අඩුපාඩු පෙන්නල දුන්න. මම හිටපු තැන උබ හිටියත් එයා මට වගේම උබටත් ඒ අඩුපාඩු පෙන්නල දෙනව. එයා ඒ වගේ කෙල්ලක්. එතනින් එහාට මාත් එක බැදීමක් නෑ එයාට. ඒත් මං ආයෙත් වෙන කෙනෙක් ගැන හිතන්නවත් බැරි තරමට එයාට ආදරේ කරනව සෙනාල්. ඒකෙන් කාටවත් හානියක් නෑ. කිලාන් මෙච්චර කල් හිතේ හිරව්කරගෙන හිටි දේවල් සෙනාල් ඉස්සරහ හෙලි කරේ කොල්ලට තවත් තනියම හිතේ තියං ඉන්න බැරි හින්ද. කොල්ලගෙ ඇස්වල කදුලු පිරුනෙ තමං ගැනම ආත්මානුකම්පාවෙන්.

කිලාන්ව මේ විදියට කවමදාවත් දැකල නැති හින්ද සෙනාල්ට උනත් මොහොතකට හිතාගන්න බැරි උනා මොකද කියන්නෙ කියල.

ඉස්කෝලෙ යන කාලෙ ඇති වෙන ආදරේ තියෙන්නෙ හරි පුංචි කාලයක් බං. ඒක ඇත්තටම ආදරේද කියල අපි දන්නෙ කොහොමද? තව කල් ගිහාම අපිටම හිතෙයි මේව මොන පිස්සුද කියල. සෙනාල් කිව්වෙ කියන්න දෙයක් නැති කමට. ඊටත් වඩා කිලාන්ගෙ හිත හදන්න.

ඔවේක මං දන්නව. මං මීට කලින් කෙල්ලො එක්ක යාලු නොවිච්ච එකෙක් නෙමෙයි කියල උබ දන්නවනෙ. ඒ උනාට මං මේ විදියට ඒ කිසිම කෙල්ලෙක් ගැන හිතුවෙ නෑ කියල මට විශ්වාසයි. මෙහන්සා කවදාවත් මට ආදරේ කරන්නෙ ඈ කියල දැන දැනමයි මං එයාට ආදරේ කරන්නෙ. එයා දිහා දුර ඉදං බලල එයාගෙ සතුට ගැන හිතල සතුටුවෙන්න මට පුලුවන්. ඒ හැගීම ආදරේ නෙමෙයි නම් වෙන මොකද්ද?

අම්මප කිලාන් මේ උබම ද? කොහෙද යකෝ ඔය දාර්ශනික අදහස් තිබුනෙ?

මං ගැන මටම පුදුම හිතෙනකොට උබ ඔහොම අහන එක අහන්නත් දෙයක්යැ.

මං සිරාවටම දන්නෙ නෑ බං උබට මොනව කියන්නද කියල මට තේරෙන්නෙ නෑ. මට නම් ඔය ලව් ඉලව් තාම අරහං නෙ. මම ලව් කරන්න ගත්තු කාලෙක උපදෙසක් දෙන්නම් ඒත් වෙන දෙයක් කාලෙට ඉඩ දීල දැන්වත් ඔය ගොං මොලේ පාවිච්චි කරල ඉගෙන ගනිං. සමහරවිට දෙවියො උබටත් සාදාරනයක් කරන්න බැරි නෑ.

මිහින් වගේ මට වඩා ලක්ශ වාරයක් හොද කොල්ලෙක්ට අසාදාරනයක් කරල මට සාදාරනයක් කරන්න තරම් දෙවියො මහන්සි වෙන එකක් නෑ බං. ඒ හීනෙ මේ ජීවිතේදි ඇත්ත වෙන එකක් නෙමෙයි.

මොකද්ද මොකද මේ උබලගෙ සතර කන් මන්ත්‍රනේ. කියාගෙන එතනට ආවෙ බිතුම්.

වාර විභාගෙ ලබන සතියෙ ඊට පස්සෙ කෙලින්ම ඒ ලෙවල්. අනුංගෙ සතර කන් මන්ත්‍රන හොයන කං වැඩක් බලාගනිං. උබ ඔය එන්නම් කියපු වෙලාවට ආපු හැටිද? ආයෙ මටකියාගෙන එන්න එපා අරක තේරුනේ නෑ මේක තේරුනෙ නෑ කියල. සෙනාල් හෝ ගාල බනින්නෙ බිතුම්ට.

නින්ද ගියා යකෝ. අම්ම නැගිට්ටල එව්වෙ නැත්තම් අදත් තාප්පෙන් පනින්න මට වෙන්නෙ.

ලැජ්ජ නැතුව කියන හැටි විතරක්. කිලාන් මේ ගානත් බලපං උබ හැදුවද? මට මේකෙ පෙන්නන්න කියන උත්තරේ එන්නෙම නෑ.

මාර එකාගෙන්නෙ උබ ඇහුවෙ. බිතුම් ආයෙ කිව්ව.

ඇයි?

ඇයි උබ දන්නෙ නැද්ද මූ ඉන්නෙ කවදහරි පොල් කඩන්න යන්න කියල.

හා උබ එහෙමද හිතාගෙන ඉන්නෙ පුලුවං නම් උබ හදපං බලන්න.

මමයැ. උබනෙ එහෙම කිව්වෙ දවසක්. කෝ මෙහෙට දියං බලන්න ගාන. ආහ්.. ඕකද මාත් බැලුව ඕක හදන්න. ඕකෙ උත්තරේ එන්නෙ නෑ. ගානෙ වැරැද්දක් ඇති.

බම්බුව උබට හදන්න බැරිකමකියන්නෙ නැතුව හොදට තියෙන ගාන වැරදියි කියන්න එපා. මෙහෙට දියං මම හදල පෙන්නන්න. කියල කිලාන් ගාන හදපු හැටි බිතුම් බලං හිටියෙත් පුදුමෙන්.

සෙනාල් මාව කොනිත්තපං කිව්වහම කොනිත්තපං ඉතිං.

ආව්.. කොනිත්තනව කියල ඔහොම හූරනවද යකෝහ්.

ඇයි දැන් උබනෙ කිව්වෙ.
නෑ මම මේ බැලුවෙ මම තාම ගෙදර නිදිද. හීනෙන් දකිනවද කියල මේකා විදියට වැඩ කරනව. අම්මප කිලාන්. මමහිතං හිටියෙ උබ නම් කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි කියල. සතුටුයි බං. ඇත්තමයි


නංගි දන්නවද අපේ පංතියෙ පලවෙනිය කවුද කියල?

ඇයි ඔයා නෙමේද? වෙනදට ඔයානෙ. සෙනාල් ද?

නෑ. කිලාන්. ඌට මට වඩා ලකුනු 3ද කොහෙද වැඩී.

ඇත්තමද අයිය? කෙල්ල පුදුමයත් සතුටත් වැඩි කමට ඇහුවෙ මිහින්ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන.

ඔව්.. හීනෙන් වත් හිතන්න පුලුවන්ද පංතියෙ අන්තිමය වෙච්ච එකෙක් එක පාරටම පලවෙනිය උනා කිව්වහම. අපේ මිස්ටත් කොච්චරපුදුමද කිව්වොත් උගෙ පේපර්ස් ටික අරගෙන එකක් නෑර ආපහු චෙක් කරා. අන්තිමට කිව්ව කිලාන් අන්තිම මොහොතෙ හරි මොලේ පාවිච්චි කරල වැඩ කරන එක ගැන සතුටුයි කියල.

මමත් එයාට කිව්ව උනන්දු වෙල වැඩ කරන්න අම්මල පව් කියල අර තරගෙ දවස් වල. කොච්චර අපරාදයක්ද දක්ශ ලමයෙක් විහින් නාස්ති වෙන එක.

මිහින්ට රහස අහු වුනා. කිලාන් මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්න පටං අරගෙන තියෙන්නෙ මොකද කියල. ඔහු මුල ඉදන්ම ඒ ගැන අනුමාන කරල තිබුනත් ඒක එහෙමම ද කියල දැනගන්න විදියක් තිබුනෙ නෑ.

කිලාන් ගැන හොදටම දන්න මිහින්ට කොල්ලෙක් විදියට ඔහුගෙ සිතිවිලි තේරුම් ගන්න අමාරු උනේ නැහැ. ඒ සිතිවිලි වලට වැට කඩොලු බදින්න තමන්ට හැකියාවක් නැහැ කියල ඔහු හිතුව. ඒ පැතුම් කවදාවත් ඉටු නොවේවි. මොකද මෙහන්සා තමන්ගෙ තත්වෙ හිදටම තේරුම් අරගෙන හිටිය හින්ද. කිලාන් ගැන ඇය විශේශයකින් හිතන්නෙ නැහැ කියලත් මිහින් දැනගෙන හිටිය. මිහින්ට කනගාටුවක් දැනුන තමන්ගෙ යාලුව ගැන. ඒත් මේ වෙලාවෙ හොදම දේ කාලයට ඉඩ දීල බලාගෙන ඉන්න එක කියල මිහින්ට හිතුනෙ. සමහරවිට ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ ඕව අමතක වෙලා යයි. බැදීම් කියන දේවල් නිතර හමු වෙනකං සදාකාලිකයි එහෙම නැත්තම් තාවකාලිකයි. කොහොම උනත් කිලාන් අන්තිම මොහොතෙ හරි මෙහෙම වෙනස් උන එක ගැන මිහින් හිටියෙත් සතුටින්.

මොනවද අනේ ඔයා අහස පොලව ගැටලන්න වගෙ කල්පනා කරන්නෙ? කෙල්ල ඇහුවෙ අයිය තද කල්පනාවකට වැටුන කියල දැක්ක හින්ද.

නෑ මම මේ කල්පනා කලේ කිලාන් ඔයා කිව්ව හින්ද පාඩම් කරන්න ඇති කියල.

ඔව් එයත් දවසක් ඕකම කිව්ව. මට තේරෙන්නෙ නැහැ එයාව. ඒත් තේරුම් ගන්න ඕනෙත් නැහැ . කොහොමහරි එයා ඉගෙන ගන්න ඕනෙ කියල හිතපු එක ගැන මට සතුටුයි. පලවෙනිය වෙයි කියල හිතුවෙ නැහැ. පොඩි කාලෙකින් මහන්සිවෙල පන්තියෙ පලවෙනිය වෙන්න තරම් එයා කොච්චර දක්ශ වෙන්න ඕනෙද? ඕගොල්ලො කොපි කරේ එහෙම නෑනෙ? කෙල්ල අන්තිම ටික ඇහුවෙ සැකෙන්.

පිස්සුද මැට්ටි. අපිට ඕනෙ උනත් සෙනාල් එක්ක බැහැ

අහ් ඔව්නෙ ඕගොල්ලන්ට ඉන්නවනෙ හොද ලීඩර් කෙනෙකුත්

හ්ම්ම් කොහොමද ඔයාගෙ ලකුනු?

මම නම් ඉතින් පලවෙනිය. ඒත් ෆිසික්ස් වලට ලකුනු අඩුවෙල තිබුන මේ සැරේ.

ඒ මොකෝ?

මන්ද අයියො.

එතකොට බිනූ.

එයා තුන් වෙනිය.

හොදයිනෙ. මම විශ් කරා කියන්න.


උසස් පෙල විභාගය නිම උනේ කාටත් සහනය උදා කරමින්.

හම්මේ මාව නිකම් පාවෙලා යනව වගේ සැහැල්ලුවක් දැනෙනව.අවසාන ප්‍රශ්න පත්තරේටත් උත්තර ලියල විභාග ශාලාවෙන් පිටතට එමින් බිනූ කිව්ව.

ඉදපං මං ටාර් ගාල නූලක් අරං එන්න පාවෙලා ගියොත්මෙතන අපිටවග උත්තර බඩින්න වෙයි ගෙවල් වලට.පවනි කිව්ව.

නෑ නෑ නං පාවෙල ගිහිං කාගෙහරි බෙල්ලෙ එතෙයිද දන්නෙ නෑ. ශමින්ද්‍රි කිව්ව

ඒ මොකද්ද ඒ හරුපෙ තේරුම?

නෑ ඉතිං සමහරු විභාගෙ ඉවර වෙනකම් බලං ඉන්නෙ කොල්ලෙක් අල්ලගෙන පැනල යන්න.

අනේ බං උබට තමයි ඒ බිනූට එහෙමට අමාරුවක් නෑ. පවනි කිව්ව.

පිස්සුද බං මට ඕනෙත් නෑ. මට තියෙන්නෙ කොන්ඩෙ පාට කරන අමාරුවක්. විභාගෙ ඉවර වෙනකම් මම හිටියෙ

ඔව් ඔව් අපි නොදන්නවැයි .

මිතුරියන් විවිධ දේවල් කියද්දි බිනූට ඒවෙකක් වත් ඇහුනෙ නෑ. ඇගේ අවධානය තිබුනෙ දුරක.

මෙහන්සා අන්න උබේ සපුමල් කුමාරය පිරිවර සමග වඩිනව. බිනූ කිව්වෙ මෙහන්සට.

අච්චර දුර ඒගොල්ලො එන්නෙ උබ කොහොමද ඒ මිහින්මයි කියල කියන්නෙ?

මගෙ ඇස් පෙනීම තාම නරක් වෙල නෑනෙ. ඊටත් වඩා මට අර අදීශව අදුනගන්න පුලුවන් හැතැප්මක් දුර හිටියත් ඕකා පොඩි කාලෙ ඉදන්නෙ මම දන්නව උදේ හවස දැකලම පුරුදු වෙල.

අහ්.. ඒක මිසක්.

ඇයි උබ හිතුවෙ මොකක් කියලද?

නෑ නෑ මුකුත් නෑ අපිත් යමු එහෙනම්.

අනේ බන් උබල දෙන්න නම් මාරයි. අද අන්තිම දවස හින්ද ඇවිදින්න යන්න නේද හිටියේ ටවුන් එක වටේ. පවනි කිව්වේ මිහින්ල ලගට එද්දී.

ඉතින් යමු බන්. මම මිහින්ට කියල එන්නම්.

නෑ නෑ කමක් නෑ පලයල්ලකෝ

එතකොටම තමයි මිහින්ලගේ කට්ටියත් එතනට ආවේ,

කොහොමද පේපර් එක? මිහින් ඇහුවේ කට්ටියගෙන්ම

හොදට ප්‍රින්ට් කරලා තිබ්බ. සුදු පාටයි අලුත් තීන්ත සුවදයි. ශාමින්ද්රි කිව්වා.

හොදයි වරදක් නෑ .බිනු කිව්වේ ශාමින්ද්රි දිහා රවල බලල.

හසරැල් අපිට පාටියක් දෙනවලු බිනූ. ඔයාලත් යමු. බිතුම් කිව්වේ කට්ටියටම පොදුවේ.

මූ බලහන්කො මුගේ බූදලෙ වගේ කියන හැටි.

ඔව් ඉතින් උබ අපේ බුදලයක් නේන්නම්.

හෑ ඇත්තටම පාටියක්ද අපි හතර දෙනාම ආවට කමක් නැද්ද?

ඔව් ඔව් කමක් නෑ පිරිවර ඉන්න එපැයි

ඔව් ඔව් හතර දෙනාම සුරයෝ

එකෙන් මට තමයි තට්ටු වෙන්නේ.

අනේ නිකම් කටවහගෙන හිටපන් මොකෝ උබ ඔය සල්ලි වලින් ගෑනිටයි ළමයින්ටයි කන්න දෙන්න යැ

බිතුම් කියද්දී කිලාන් බැලුවේ රවල.

මොකෝ තෝ රවන්නේ ? ඇත්තනේ කිව්වේ.

පල ගෙම්බා යන්න

යමන් යමන් ඉතින් උබල එක්ක කතා කරලා දින්නන්න බැහැ

කට්ටිය ඉතින් අවන්හලකට ගිහිල්ල හොදට කාල බීල ඊටපස්සේ ටවුන් එක වටේම ඇවිදලා ගෙවල් වල යද්දී හයත් පහු වෙලා.