නන්දි …05 කොටස…

ඉස්සර හැමදාම මං එනකල් බලාගෙන උන්නු නන්දි දැන් කිසිම වෙලාවක ගෙදර නෑ ..ගෙදර ආවත් මං දිහා බැලුවේ වත් නෑ …

“අද ඔයා මාර ලස්සනයි නන්දි ….❤❤”

“ආයෙ ඉක්මනට එන්න…❤❤”

එක දිගටම නන්දිගෙ ෆෝන් එකට මැසේජ් එනවා…එවා දැක්කම පපුව හිරි වැටෙනවා …ඒත් මං ලග නැති රැකවරණය නන්දි වෙන කෙනෙක් ගෙන් හොයාගෙන වගේ ….

මං නෑ කියලා හිතාගත්තට කිසිම ප්‍රශ්නයක් නෑ .ඒත් මේ පුංචි පැටියා …අනේ අසරණ පුංචි දෝනි ..එයා වෙනුවෙන් නන්දිට ඉවසගෙන ඉන්න බැරිද ..තමන්ගෙ ආශාව…

මට බැලුනෙ පුංචි දෝනි දිහා ..නින්දෙන් හිනා වෙවී ..හොදටම නිදි..

නන්දි වොශ් දාගෙන ඇවිත් ඇදෙන් පුංචි දෝනි මැදි වෙන්න නිදා ගත්තා …

නන්දි ….

හ්ම්….

ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නෙ …

ඇයි මෙච්චර මාව මගාරින්නෙ…

අනේ දර්ශන මොකද්ද මේ වදේ .ගෙදර ආවත් නිදහසේ නිදාගන්න දෙන්නෙ නැද්ද….

ඊට වඩා කිසිම දෙයක් මං අහන්න ගියේ නෑ …ගෙවෙන හැම දවසක්ම වේදනාව තනිකම හුරු වෙද්දී …මං පුංචි දෝනි බලාගන්න හුරු උනා …

නන්දිට මාව මගෑරෙද්දි..පුංචි දෝනි ට අම්මා තාත්තා දෙන්නම මං උනා …

රෝස වසන්තය නිමා වෙලා ඉඩෝරෙ ඇවිත් ඉවරයි මගෙ ජීවිතය ට…

නන්දිගෙ ෆෝන් එකට එක දිගටම කෝල් එනවා…

මාලං…..

නන්දි ඔයා තවම ගෙදර ද ඉන්නෙ …

මේ එන ගමන් ලමයො…

නන්දි මගට එද්දී මාලං ඇවිත් බලාගෙන ඉන්නවා ….

ලස්සන පුංචි වාහනයට ඇවිත් නන්දි දොර වහගත්තා …හිමිදිරි පාන්දරම නන්දිගෙ දොතොල් පහසට මාලං හුගාක් වෙලා නතු වෙලා උන්නා…

අනේ නන්දි අදත් යමුකෝ ….

ඔයාට පිස්සුද මාලං…

අද මං නිවාඩු දාලා නෙවෙයි ඉන්නෙ …

හරි ලමයො…

ඒක මොකද්ද ..ඔයාට මං සල්ලි දෙන්නම්…

කෝල් එකක් දීලා නිවාඩු දාන්නකෝ…

නන්දි එහෙම්මම කෝල් එකක් ගත්තා …වැඩ කරන තැනට .කොහොම හරි බොරුවට ලෙඩ අරගෙන නන්දි නිවාඩු දාගත්තා …

පුංචි දෝනි දර්ශන මේ වෙද්දී අමතක කරලා ඉවරයි …

මාලන්ගෙ ආදරය එක්ක නන්දි හුගාක් සතුටින් ඒ ආදරය එක්ක ජීවිතය ගෙව්වෙ.

පුංචි දෝනි වඩාගෙන බොහොම අමාරුවෙන් දවසෙ සේරම වැඩ අබ්බගාත මං කරගත්තා ….

අනේ මගෙ අහිංසක පුංචි දෝනි නිදාගෙන ඉද්දි එහෙම්මම බිමට පෙරලිලා.එක දිගටම හොදටම අඩනවා.හුස්ම ගන්නෙත් නෑ …

දරුවගෙ රෙදි ටික සෝදලා මං එලියට එද්දී පුංචි දෝනි මහ 💪 හයියෙන් අඩනවා…

කකුල් වාරු නැතුව කොහොමද දුවන්නෙ…

පුලුවන් ඉක්මනට බඩගාගෙන එද්දී මාත් එහෙම්මම වැටුනා…

මේ වෙද්දී මගෙ කකුල් හොදටම ගෙවිලා තියෙන්නෙ …

එච්චරයි මට මතක …

ඇස් එහෙම්මම කලුවර උනා ….

අනේ කෝ මගෙ පුංචි දෝනි …

සිහිය ආව ගමන් මං හොදටම බය වෙලා ඒ පුංචි සුරංගනාවි හෙව්වෙ…

නන්දි ගෙදරින් ගිහින් දවස් පහක් උනා ..ගෙදර ආවෙ නෑ ..ෆෝන් එකත් ඕෆ්…

කිසිම නින්දක් නැතුව මං දෝනි බලාගෙන උන්නෙ…

කරුමෙට මට දෝනි වැටෙයි කියලා කොට්ටෙ තියන්න අමතක වෙලා ….

මං කෑ ගහලා දගලද්දි මං දැක්කෙ ලස්සන නෝනා කෙනෙක් මගේ ලග ඉන්නවා …නලාවකුත් දාගෙන …

අනේ බුදු නෝනා කෝ මගේ පුංචි දෝනි …

අම්මා නැති අහිංසක මැණික මගේ..

අනේ මට ගෙනත් දෙන්න පුලුවන් ද….

පිරිමි හිත් කොච්චර ගල් උනත් දරුවො වෙනුවෙන් ඒ හිත් උනු වෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවක්..

දොස්තර නෝනා ඉක්මනට ගිහින් මගෙ පුංචි දෝනි වඩාගෙන ආවා…

අනේ මගෙ රත්තරන් …

මං දෝනි වඩාගත්තෙ ආදරෙන්…

කෝ තාත්තා මේ දරුවගෙ අම්මා …

අනේ නෝනා මං ලස්සනට උන්නු කෙනෙක් ..දරුවා වගේම නෝනා මලක් වගේ බලාගත්තා …ඒත් ඇක්සිඩන්ට් එකක් වෙලා මං මෙහෙම උනා …

පුංචි දෝනි මට දාලා නෝනා වැඩට යනවා….

කොහෙද එයා වැඩ.
අනික ඔයා කොහොමද දරුවෙක් බලාගන්නෙ…

අනේ නෝනා මට පුංචි …
මේ පුංචි දෝනි මෙච්චර හරි ලොකු කරේ මං තමයි …

මං තමයි ඔයාලගෙ ගෙදර අල්ලපු ගෙදර ඉන්නෙ .දරුවෙක් මහ හයියෙන් අඩනවා ඇහිලා මං බලන්න ආවෙ.

එතකොට දැක්කෙ ඔයා වැටිලා එහෙම්මම සිහිය නැතුව ඉන්නවා .දරුවා ඇදෙන් වැටිලා එහෙම්මම අඩනවා…

අනේ නෝනා නෝනට හුගාක් පිං…

දවස් දෙකක් ඉස්පිරිතාලෙ ඉදලා මං පුංචි දෝනි එක්ක ගෙදර ආවෙ…

නන්දි ගෙදර ඇවිත් නෑ …

අනේ මංදා මොකද්ද එයාට වෙලා තියෙන්නෙ කියලා …

මේ සිද්දිය වෙලා මාස තුනක් ගියා ..මං පොලිසියට ගිහින් කිව්වා නන්දි මෙහෙම ආගිය අතක් නෑ කියලා …

පස්සෙ ආරංචි උනා එයා මාලං කියලා කෙනෙක් එක්ක ගිහින් කියලා ….

එන්න එන්න ගෙදර බඩු අඩුපාඩු වෙද්දී අර ලග ගෙදර දොස්තර නෝනා කෑම බීම ගෙනත් දුන්නා…

පුංචි දෝනි දැන් අවුරුදු තුනක් වෙනවා…

හුගාක් ලස්සන පුංචි දෝනි මට පන වගේ …

මාලං ඔයාට විකාරද

බලන්න වෙලාව හොදටම රෑ …

මට ගෙදර යන්න ඕනි ….

පිස්සුද නන්දි …

අර අබ්බගාතයා එක්ක මොකද්ද ඔයාට තියෙන සතුට…

නන්දි කොච්චර ගෙදර එන්න හැදුවත් මාලං ගෙදර එන්න දුන්නෙ නෑ …

මාලං තරහ වෙයි කියලා නන්දි බය උනා ..

මාලං නන්දි ලස්සන ලස්සන තැන් බලන්න එක්ක ගියා…

පුංචි දෝනි වගේම දර්ශන කෑවද බිව්වද කියලා නන්දිට හිතන්නවත් වෙලාවක් සිහියක් තිබ්බෙ නෑ …

මාලං සෙල්ලක්කාර ජීවිතයක් ගෙව්ව කෙනෙක් .ලොකු ලොකු හීන නෑ ..

මාලං එක්ක මෙහෙම නන්දි වෙනම ජීවත් උනා .නන්දි පුංචි රස්සාවක් කරපු නිසා ලොකු ආර්තික අපහසුතාවයක් තිබ්බෙත් නෑ ….

වෙනදා වගේ හිනා වෙලා නෙවෙයි අද මාලං ඉන්නෙ .

හුගාක් කලබලයෙන්…

ඒ පැත්තට යනවා.මේ පැත්තට යනවා…

මොකද්ද වෙලා තියෙන්නෙ මාලං …

නෑ මාලං කිසිම කතාවක් නෑ ….

ප්‍රශ්නයක් නෑ නන්දි ….ඔයා ටිකක් ඔහොම ඉන්න .මං ඉක්මනට එලියට ගිහින් එන්නම්…

අද අපේ අම්මා තාත්තා රට ඉදලා එනවලු…

අනේ අම්මා තාත්තා එනවා..

නන්දි ඔයා ගැන කිසිම දෙයක් අම්මා තාත්තා දන්නෙ නෑ ..ඒ නිසා ඔයා එක්ක යන්න බෑ …

මං දවස් දෙකක් තුනක් එන්නෙ නෑ ..

අනේ මාලං …

අනේ තේරුම් ගන්න මැණික …..

ඉක්මනට ලෑස්ති වෙච්චි මාලං එයාගෙ බෑග් එකත් අරගෙන හොටෙල් කාම්බරෙන් යන්න ගියා.

පුදුම පාලුවක් දැනුනෙ .

නන්දි බලාගෙන උන්නා…

මාලං අද එයි හෙට එයි කියලා …

දවස් ගෙවෙද්දි හොටෙල් එකේ බිල් එක එකතු උනා විතරයි …

මොකද්ද මැඩම් වෙලා තියෙන්නෙ ..

කෝ මහත්තයා …

අපිට තව ඔයා මෙහෙම තියාගන්න බෑ …

අපේ සල්ලි ගෙවන්න..ඔයා …..

මාලං ට කොච්චර කෝල් ගත්තද ඒත් ෆෝන් එක වැඩ නෑ …

අතේ තිබ්බ මුද්ද දීලා බොහොම අමාරුවෙන් හොටෙල් එකෙන් ආවෙ…

කවදාවත් මාලං මෙහෙම කරයි කියලා නන්දි හිතුවෙ නෑ ..ඒත් නන්දි රැවටිලා ඉවරයි .මොකද්ද කරන්නෙ .කොහෙද යන්නෙ කිසිම දෙයක් නන්දිට හිතාගන්න බෑ …

රෑ වෙද්දී යන්න එන්න කිසිම තැනක් නැති වෙද්දී නන්දි ආයෙ දර්ශන ඉන්න ගෙදරට යන්න තීරනය කරා ….

දර්ශන ….

දර්ශන …..

සුදු දෝනි ….

කවුද ඇවිත් ….

ඔයා ඉන්න තාත්තා ගිහින් බලලා එන්නම්කෝ…

දර්ශන දෝනි තියලා බඩගාගෙන දොර ලගට ආවා…

සමාවෙන්න යාලුවනේ කතාව ලියන්න බැරි උනා .තාත්තා නැති උනා …

ලයික් කමෙන්ට් කරන්න .බුදු සරණයි. නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි.