නන්දි 03 කොටස…

සමාවෙන්න යාලුවනේ ෆෝන් එක කැඩුනා .කම්පැණි යවලා හදාගත්තෙ..ඒකයි කතාව දාන්න බැරි උනේ …අද ඉදලා ඔයාට දිගටම කතාව දෙන්නම්…..❤❤❤❤

මොකද්ද දර්ශන …

හැමදාම ගේ අස්සට වෙලාම ඉදලා එපා වෙනවා…

අනේ යමුකෝ අපි කොහේ හරි ….

නන්දි කොහොමත් ආසයි ඇවිදින්න ..එලියට යන්න …

හුගාක් දවසකින් ඇත්තටම මට එයාව කොහෙවත් එක්ක යන්න උනේ නෑ …

පුංචි දෝනි ලැබෙන්න ඉන්න නිසා…

පස්සෙ දරුවා හුගාක් පුංචි නිසා ..

දැන් නම් පුංචි දෝනි උනත් වඩාගෙන එක්ක යන්න පුලුවන් …

හරි නන්දි අද මං වෙලාසන එන්නම්…

ටිකක් එලියට ගිහින් රෑට මොනවා හරි කාලා එමු….

නන්දි හිනා උනේ ඇත්තටම ගේ අස්සට වෙලා ඉදලා ඇති වෙලා …

මෙහෙම හරි නිදහසක් ඕනි නිසා …වෙන්න ඇති….

කොච්චර මහන්සි උනත් සේරම වැඩ ඉවර කරලා පුලුවන් ඉක්මනට ආවෙ ගෙදර එන්න…

නන්දි කෝල්ස් දිගටම ගන්නවා ….

අනිවාර්යයෙන් ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා ඇති…ඒත් ඉතින් කොහොමද ඉක්මනට යන්නෙ මාර විදියට ට්‍රැෆික් එකනෙ….

කොච්චර යන්න හැදුවත් වාහන….

බොහොම අමාරුවෙන් ගෙදර ආවෙ පුලුවන් ඉක්මනට ..මං එද්දිත් නන්දි ලස්සන ලෑස්ති වෙලා පුංචි දෝනි මලක් වගේ ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නවා .

දවසම මහන්සි වෙලා ආවත් පුංචි දෝනි එක්ක නන්දි දැක්කම හැම මහන්සියක්ම නැති උනා …

පුලුවන් ඉක්මනට වොශ් දාගෙන මාත් ඉක්මනට ලෑස්ති වෙලා වාහනයට ආවෙ රෑට එලියෙන් කෑම ටිකක් කාලා එන්න…

අපි කොච්චර හිමින් පරිස්සමෙන් වාහනයක පාරක උනත් ගියාට කිසිම වැඩක් නෑ ..අනිත් වාහන අනිත් මිනිස්සු එන්නෙ අවසිහියෙන් නම්….

පුංචි දෝනි වඩාගෙන නන්දි ඉස්සරහ ශීට් එකේ ඉන්න නිසා මං බොහොම පරිස්සමෙන් වාහනය ඩ්‍රයිවර් කරේ…

ඉස්සරහින් එන වාහනය කෙලින්ම එන්නෙ මේ පැත්තට …කිසිම වේගයේ අඩුවක් වෙන්නෙ නෑ …

මේ විදියට වාහනය ආවොත් මගෙ පුංචි දෝනි එක්ක නන්දි ඉන්න පැත්ත එහෙම්මම වදින්නෙ….

එක සැනින් මං වාහනය අයිනටම කැපුවා ….

ලොකු එලි ගොඩක් ලාවට වගේ මට පෙනුනෙ බොද වෙලා …ඒත් බොහොම අමාරුවෙන් මං ඇස් ඇරියා මගේ දෝනි නන්දි ඉන්නවා ද බලන්න….

මගෙ පුංචි දෝනි ඉන්නවා ..නන්දිට ත් කිසිම ප්‍රශ්නයක් නෑ …ඉස්සහින් ආව වාහනය එහෙම්මම වැදුනෙ මං ඉන්න පැත්ත….

මං එවලෙ වාහනය එහෙම කැපුවෙ නැත්නම්..මට කිසිම දෙයක් වෙන්නෙ නෑ ..ඒත් මගෙ නන්දි පුංචි දෝනි මට නැති වෙනවා….

මං දිනුවා…මට මොනවා උනත් මං මගෙ දරුවා බිරිඳ බේරගත්තා …

මගෙ ඇස් ආයෙ එහෙම්මම අඩවන් වෙලා ..කලුවර වෙලා ගියා…

ලාවට වාහන වල සද්දෙ ඇහුනා… එච්චරයි මට මතක …

අනේ දර්ශන …..

අනේ ඉක්මනට උදව් කරන්න …

සේරම මිනිස්සු එක සැනින් දර්ශන හොස්පිට්ල් එකට එක්ක යන්න ලෑස්ති කරා…

ගෙවෙන හැම තප්පරයකම දර්ශන ගෙ ජීවිතය මරණය තීරනය වෙනවා…

නන්දි අඩ අඩ පුංචි දෝනි තුරුළු කරගෙන බලාගෙන ඉන්නෙ අනේ කිසිම දෙයක් දර්ශන ට වෙන්න එපා කියලා …

දොස්තර මහත්තුරු පුලුවන් උපරිමයෙන් උත්සහ කරනවා කොහොම හරි දර්ශන ගෙ ජීවිතය බේරගන්න …

වාහනය වැදිච්ච වෙලාවෙ දර්ශන ගෙ කකුල එහෙම්මම වාහනය අස්සෙ හිර වෙලා …කකුල ගන්න දෙයක් නෑ .හොදටම ඩැමේජ්…

දර්ශන ගෙ ජීවිතය බේරගන්න පුලුවන් උනාට ආයෙ කිසිම දවසක පුංචි දෝනි වඩාගෙන ඇවිදින්න ,නන්දිගෙ අතින් අල්ලගෙන ඇවිදින්න දර්ශන ට බෑ …

එක කකුලක් දර්ශන ගෙ අයින් කරා…අනිත් කකුලත් පණ නෑ …

දවස් ගෙවෙද්දි හිමින් හිමින් දර්ශනට සිහින ආවා…කිසිම දෙයක් කිව්වෙ නෑ නන්දි …ඒත් මොකද්ද ලොකු අඩුවක් දැනුනෙ ….

අනේ දෙවියනේ මගේ කකුල …

කොහොම මගෙ පුංචි දෝනි වගේම නන්දි බලාගන්නෙ.කන්න අදින්න දෙන්නෙ…මට මතක් උනේ එච්චරයි ….

එක කකුලක් එක්ක හොස්පිට්ල් එකේ ඇදේ මගේ අනිත් කකුල එහෙම්මම අයින් කරලා .. තිබ්බ කකුලත් කිසිම දෙයක් කරන්න බෑ .

දරාගන්න බැරි වේදනාවක් දැනුනෙ …

කවදාවත් නැතුව පුලුවන් 💪 හයියෙන් කෑ ගහලා ඇඩුවා…

අනේ අඩන්න එපා දර්ශන …

ඔයාට කිසිම දෙයක් උනේ නෑනෙ …

නන්දි පුලුවන් විදියට මගේ හිත හැදුවා….

දවස් ගෙවිලා ගිහින් මං ගෙදර ආවා.ඒත් එදා ගිය විදියට නම් නෙවෙයි ..අබ්බගාත මනුස්සෙක් විදියට …

පුංචි දෝනි ගෙ වැඩ එක්ක නන්දි …මට කෑම බීම ගෙනත් දුන්නා…මාව වොශ් රූම් එකට උනත් එක්ක ගියා …නෑව්වා….

කෑම කැව්වා…
පුංචි දරුවෙක් බලාගන්නවා වගේ මාව බලාගත්තෙ…

ගෙදර බඩු ටික ටික ඉවර වෙද්දී ..මං කල්පනා කරේ කොහොමද දැන් අපි කන්නෙ කියලා …දරුවට ඕනි බිස්කට් සබන් නැති වෙද්දී අනේ සත්තමයි මං ඇඩුවා….

මගෙ පුංචි රෝස මල කොහොමද රකින්නෙ කියලා …

දර්ශන ….කොහොමද අපි ඉස්සරහට මෙහෙම කන්නෙ බොන්නෙ….

නන්දි බැරිම තැන මේ දේවල් මාත් එක්ක කතා කරන්නෙ ….

ඒත් මං මෙහෙම කොහොමද රස්සාවක් කරන්නෙ ….

නන්දි ඔයා බය වෙන්න එපා.

මං කොහොම හරි දරුවා ඔයා බලාගන්නම්….

අනේ දර්ශන ඔයා කොහොමද අපි බලාගන්නෙ ..ඔයා බලාගන්න වෙන කෙනෙක් ඉන්න ඕනි ….

නන්දි එහෙම කිව්වම ඇත්තටම හොදටම හිත රිදුනා…

එදා ඉදලා මගේ හැම වැඩක්ම මං තනියම කරන්න හිතා ගත්තා කොහොම හරි ….

නන්දි මොනවද කොල වගයක් පුරව පුවර හැම වෙලේම ඒ වෙනුවෙන් මහන්සි උනා ..සමහර විට නන්දි රස්සාවක් කරන්න හදනවා වෙන්න ඕනි …අනේ එතකොට මගෙ පුංචි දෝනි ….

දැන් මට මෙහෙම හුරුයි ….

රෝද පුටුවෙන් ගිහින් මං දනගාගෙන ගිහින් වොශ් දාගෙන රෙදි හෝදගන්නවා…

කිසිම දෙයක් නන්දිට කිව්වෙ නෑ …පුලුවන් වෙලාවට පුංචි දෝනි ඇදට ගිහින් බලාගන්නවා…..මගෙ පුංචි දෝනි මලක් වගේ…..

දර්ශන ඔයාට පුලුවන් නේද දරුවා බලාගන්න …..

නන්දි එහෙම අහද්දි මට කිසිම දෙයක් හිතාගන්න වත් උත්තර දෙන්න වත් බැරි උනා …කකුල් නැති මං කොහොමද මේ පුංචි දෝනි බලාගන්නෙ …ඒත් අපි කොහොමද කන්නෙ….

අනේ නන්දි ඔයා ගෙදර ඉන්න …

මං ටිකට් ටිකක් හරි විකුනලා ඔයාට සල්ලි දෙන්නම්….

නන්දි හිනා වෙනවා…

අනේ දර්ශන ටිකට් විකුනලා කොහොමද මං දරුවා ජීවත් වෙන්නෙ…කන්නෙ බින්නෙ…කියන්න ….ඔයාට බැරිනම් කියන්න මං දරුවා ඩේ කෙයා දාන්නම් ….

ඇත්තටම නන්දි කොහොමද මෙහෙම කරන්නෙ පුංචි දෝනි ට….ඩේ කෙයා දාන්න…ඇත්තටම මට ආවෙ ලොකු තරහක්….

අනේ නන්දි දරුවා කිසිම කෙනෙක් බලාගන්න ඕනි නෑ ….

මට පුලුවන් ….

නන්දි ලස්සනට ඇදලා තොල් පාට කරලා යන්න ගියා…අනේ පුංචි දෝනි තොල් උල් කර කර අම්මගෙ කුක්කු හොයද්දි මගෙ ඇස් වලට කදුලු ආවා….

පුංචි දෝනි රෝද පුටුවෙන් තියාගෙන එක්ක ඇවිත් එයාව බිමින් තියලා මං එයාට පිටි කිරි එකක් හැදුවා….කිරි ටික නිමලා පුංචි දෝනිට කුක්කු බෝතලේට දාලා අරගෙන ආවා…

අනේ මගෙ පුංචි දෝනි 💪 හයියෙන් හිනා වෙනවා….

යාලුවනේ ඊලග කොටසින් හමුවෙමු .ලයික් කමෙන්ට් ස්ටිකර් හුගාක් ඕනි …නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි