ඔයා නන්දි නේද ….
ඔව් අක්කෙ…
නන්දි ක්ලිනික් ආවෙ දර්ශන එක්ක.දර්ශන එලියට වෙලා ඉන්නවා …
අර ඉන්නෙ ඔයාගෙ හස්බන් ද..නන්දි ….
ආ ඔව් අක්කෙ.එයා තමයි ..හැමදාම එයා මාව ක්ලිනික් එක්ක එන්න ඕනි නිසා .එදාට වැඩට යන්නෙ නෑ ….
ආ එහෙමද..
මං නයනා….
බලන්නකෝ නංගී ඔයාගෙ හස්බන්ඩ් ගෙ හැටි…
කොන්ඩෙ වවාගෙන රැවුල වවාගෙන …පිස්සෙක් වගේ …
ඒත් ඔයා කොච්චර ලස්සනයි ද….
නයනා ක්ලිනික් එකට ආව හැම දවසෙම දැක්කා.දර්ශන හුගාක් ආදරෙන් නන්දි එක්ක ක්ලිනික් එනවා…
කොච්චර ආදරෙන්ද නන්දි ව දර්ශන පරිස්සම් කරන්නෙ කියලා ….
නයනත් ඉන්නෙ දරුවෙක් ලැබෙන්න ..ඒත් කිසිම දවසක සුනිල් ආවෙ නෑ නයනා එක්ක ක්ලිනික් යන්න …නයනට ඒ නිසාම නන්දි දර්ශන දැක්කම ඇති උනේ තරහක් ඉරිසියාවක් …..
නන්දි නයනා එහෙම කිව්වම බැලුවේ දර්ශන දිහා…
ඇත්තටම දර්ශන කොන්ඩෙ රැවුල තියා ලස්සනට ඇන්දෙ වත් නෑ …මොකද නන්දි මේ ටිකේම වෙනදා වගේ නෙවෙයි …දරුවා ලැබෙන්න නිසා ටිකක් අවලස්සන වෙලා …ඒ නිසා දර්ශන එහෙම උන්නෙ …
නන්දිට ඇත්තටම නයනා කියන්නෙ ඇත්ත කියලා හිතුණා …..
වෙනදා මග දිගටම එක එක දේවල් ඉල්ල ඉල්ල කන නන්දි අද වචනයක් කතා කරේ නෑ ….
නන්දි මැණික …
මොකද්ද ප්‍රශ්නය …
ඔයාට මොනවද අරගෙන ඕනි ….
නෑ ඒත් නන්දි කිසිම දෙයක් කතා කරන්නෙ නෑ ….
නන්දි ඇයි දෙවියනේ මොකද්ද ඔයාට උනේ ..කියන්න …
වාහනය අයිනකට කරලා නතර කරපු මං ඇහුවෙ නන්දිගෙන් උත්තරයක් ඕනිම නිසා ….
දර්ශන ….
මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ …
බලන්න ඔයාගෙ හැටි…
කොන්ඩෙ රැවුල,රෙදි කිසිම පිලිවෙලක් නෑ …ක්ලිනික් එකේ සේරම අය මට විහිලු කරනවා …..
මට ලැජ්ජයි ඔයා මගේ හස්බන් කියලා ඒ අයට පෙන්නන්න….
නන්දි එහෙම කියද්දි මගෙ පපුවට දැනුනෙ දරාගන්න බැරි වේදනාවක් ..එයා දන්නෙ නෑ …මං එහෙම හිටියේ මගෙ මැණික දුක් වෙයි කියලා ..ඒත් වැරදුනේ මට….
අනේ මට සමාවෙන්න නන්දි මැණික ….
සමාවෙන්න ඕනි නෑ දර්ශන ..
මට පුලුවන් අනිත් දවසෙ තනියම ක්ලිනික් යන්න ….
ඔයා එන්න ඕනි නෑ …
දෙවියනේ මොනවද මේ නන්දි කියන්නෙ …
ඇයි එයාට තේරෙන්නෙ නැත්තෙ.මේ ඉන්නෙ මගෙ පුංචි පැටියා කියලා …නන්දිට වගේම පුංචි පැටියට කිසිම දෙයක් වෙන්න දෙන්න මං කැමති නෑ ..ඒකයි මෙච්චර පරිස්සමෙන් බලාගන්නෙ කියලා ….
අනේ නන්දි ……
නෑ එයා අහක බලාගෙන ඉන්නවා ….
මග දිගේ කදුලු බොහොම අමාරුවෙන් හන්ගගෙන මං වාහනය අරගෙන ආවෙ…නන්දි කවදාවත් නැතුව මෙච්චර තරහින් ඇයි කියලා මං වෙහෙසුනා…
කාම්බරයට වෙලා නන්දි නිදි…
ඔයා නිසාම කැත වෙලා උන්නු මං කොන්ඩෙ රැවුල කැපුවා …වෙනදා වගේම ලස්සන ඇන්දා….
කුස්සියට ඇවිත් තේ ටිකක් හදලා ඔයාට අරගෙන ආවා….
සුදු නෝනා …..
නන්දි නැගිටලා ….
එයාගෙ ඇස් ලස්සනට දිලිසෙනවා …
ඔව් මට වැරදුනා.
ඕනි ගෑනියෙක් ආස තමන්ගෙ හස්බන්ඩ් ලස්සනට ඉන්නවා ට…..
දර්ශන ලස්සනයි …
ඔන්න ඔහොම ලස්සනට ඉන්න ….
වෙනදා වගේම සතුටින් දවස් ගෙවිලා ගියා…
ඔෆිස් එකේ වැඩ අස්සෙ ඉද්දි මට එක දිගටම කෝල් ආවා…
ඒත් මං හිටියේ ලොකු සර් ලග මීටින් එහෙක….
ඒ අස්සෙම මට මතක් උනේ නන්දි දැන් ඉන්න තත්වෙ …පුංචි පැටියා ලැබෙන්න ලග නිසා හදිස්සියක් වත් ද කියලා ….
ඒ නිසාම මං ෆෝන් එක ආන්සර් කරා…
මගෙ මැණික හුගාක් බය වෙලා …
බොහොම අමාරුවෙන් වචන එකතු කරේ….
සර් දරුවා ලැබෙන්න වයිෆ්ට අමාරුයි ..
එච්චරයි කිව්වෙ මං එහෙම්මම දිව්වා….
පුලුවන් ඉක්මනට මං ගෙදර ආවා නන්දි බොහොම අමාරුවෙන් කෙදිරි ගගා ඉන්නවා …එයාගෙ ඇස් වලින් කදුලු ගලනවා වේදනාව නිසාම වෙන්න ඕනි ….
ඉක්මනට නන්දි වඩාගෙන වාහනයෙන් තියාගෙන එයාගෙ අවශ්‍ය දේවල් සේරම අරගෙන ඉක්මනට හොස්පිට්ල් එකට එක්ක එන්න වාහනය පාරට ගත්තා …
ජීවිතය කවමදාකවත් දැනිච්ච නැති ලොකු බයක් මට දැනුනෙ .පුංචි පැටියා වගේම නන්දි ගැන …
වාහන එක්ක පාරෙ ලොකු ට්‍රැෆික් එකක්…
ඒ අස්සෙ බොහොම අමාරුවෙන් මං වාහනය අරගෙන හොස්පිට්ල් එකට ආවෙ…
පුලුවන් ඉක්මනට නන්දි වාට්ටුවට දැම්මා …
කාලය ගෙවුනෙ හුගාක් හිමින් වගෙයි මට නම් දැනුනෙ …
ඒත් ඒ පැත්තට මේ පැත්තට ඇවිද ඇවිද මං උන්නෙ දෙවියො බුදුන් වැද වැද….
පුංචි පැටියෙක් අඩනවා ඇහෙද්දි මාත් ඇඩුවා වාට්ටුවේ එලියෙ ඉදලා හොදටම ….
දොස්තර මහත්තුරු ඇවිත් මට අතට අත දීලා යන්න ගියා….
අනේ පුලුවන් ඉක්මනට මං දිව්වෙ වාට්ටුවට …රෝස මලක් වගේ ලස්සන පුංචි දෝනි කෙනෙක් ඉන්නවා …බලන්න ලස්සනයි ….මගෙ නන්දි හුගාක් මහන්සි වෙලා වගේ මූණ …මං ආදරෙන් මගෙ නන්දිට තුරුළු උනා …
එයා තමයි මට මෙච්චර ලස්සන වටින තෑග්ගක් දුන්නෙ….
දැන් මං සම්පූර්ණ මනුස්සෙක් කියලා මට දැනුනා…
නන්දි ….
ඒ ඇස් දිහා මං බැලුවේ හුගාක් ආදරෙන්….
දවස් දෙකක් උදේ දවල් හවස තුන් වේලෙම මං හොස්පිට්ල් එකට දිව්වෙ පුංචි පැටියා වගේම නන්දි බලන්න ආසාවෙන් ….
නන්දි මැණික ….
සේරම බඩු ගත්තා ….
අපි හිමින් යමු….
ලස්සන පුංචි කෙල්ල අද අම්මා කෙනෙක් වෙලා …රෙද්දක් ඇදගෙන ජැකට් එකක් ඇදගෙන බොහොම අමාරුවෙන් ඇවිදින්නෙ පුංචි පැටියා ගෙනාව වේදනාව නිසා …රෝස මලක් මේ ලෝකෙට ගේන්න දාපු මැහුම් වල වේදනාවට….
හැම අම්මා කෙනෙක්ම දරුවෙක් මේ ලෝකෙට ගේන්න මොන තරම් ලොකු වේදනාවක් විදිනවද…
දෙවියනේ පුංචි කටුවක් ඇනුනත් උඩ පැන පැන අඩන ඒ පුංචි කෙල්ලම දවසක ඇගේ මහා වේදනාවක් විද දරාගෙන පුංචි පැටියෙක් ගේනවා.
එච්චර ලොකු වේදනාවක් දරාගෙනත් අර පුංචි පැටියා දැක්කම ලස්සනට හිනා වෙනවා.
බොහොම අමාරුවෙන් අඩි තිය තිය නන්දි මැණික ආවෙ පුංචි දෝනි හරි පරිස්සමෙන් තුරුළු කරගෙන ….
අද මගෙ පුංචි ගෙදර මොකද්ද සුවදකින් පිරිලා.මට හිතෙනවා හිනා වෙවී කෑ ගහන්න …ගෙදර හැම තැනම දුවන්න….
පුංචි දෝනි ඉන්න කාම්බරයට වෙලා මං බලාගෙන ඉන්නෙ ලස්සනට හිනා වෙවී නිදාගෙන ඉන්න පුංචි මැණික දිහා…
අනේ මං තාත්තා කෙනෙක් නේද ….
ගෙදර අස් කරලා කෑම ඉව්වෙ මං…නන්දි ගෙ වගේම මගෙ රත්තරන් පුංචි දෝනිගෙ රෙදි සේරම හේදුවේ මං…
දවසම පෙගි පෙගි පුංචි දෝනිගෙ හැම ඇදුමක්ම හේදුවේ ඒවා ඉබ ඉබ…
මහ අව්වට කර වෙවී මං පුංචි දෝනිගෙ ඇදුම් වේලුවා…ඒවා සුවද වෙන්න සුවද සබන් හුගාක් ගෑවා….
නන්දිට පුංචි දෝනි ට කිරි දෙන්න ඕනි නිසාම ෆ්‍රෙශ් මිල්ක් උදේම උණු කරලා උණුවතුර බෝතලයට දානවා…
හොද කිතුල් හකුරු ගෙනත් පුංචි පුංචි කෑලි කපලා බෝතලයකට දාලා තියෙන්නෙ ….
හිමින් නන්දිගෙ තුවාල වේලෙනකල් හැම දෙයක්ම මගේ අත් දෙකෙන්ම කරේ පුදුම ආදරෙන්…සතුටින් …
රස්සාවෙන් ලැබිච්ච නිවාඩු සේරම ඉවර උනත් වැඩට යන්න නම් කිසිම ආසාවක් නෑ …ඒත් කරන්න කිසිම දෙයක් නැති නිසා හෙට ඉදලා වැඩට යන්නම වෙනවා….
නන්දිට වැඩ සේරම කරන්න බැරි නිසා වයසක ගෑනු කෙනෙක් ගෙදර එක්ක ආවා…දැන් නම් හිතට බයක් නෑ ….
හැමදාම පුංචි දෝනි බලන්න නන්දි බලන්න පුලුවන් ඉක්මනට ගෙදර ආවා…
සමහර දවසට මුලු රෑම මාත් ඇහැරිලා ..පුංචි දෝනි ඇහැරිලා ඉද්දි…
ලස්සනට ගෙවිලා ගියපු ජීවිතය වෙනස් කරපු දවසක් ආවා ….
කවදාවත් හිතුවෙ නෑ ….මෙහෙම දෙයක් වෙයි කියලා …..
ඊලග කොටසින් හමුවෙමු .
ලයික් කමෙන්ට් කරන්න .
ඔයාගෙ අදහස් කියන්න …
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි