සිතින් විතරක්

තිස් දෙක…32

පිස්සුද ඒන්ජල් ත\මු\සෙ/ගෙ මොලේ හොඳ නැ ද්ද… ත\මු\සෙ දන්නවද ත\මු\සෙ මොනවද ඔය කියවන්නෙ කියලා…

එක පාරම බයෙන් ලොකු වුන ඇස් තරහින් රතු කරගෙන එයා කියව ගෙන ගියා. ඇත්ත ටම මම කියන්නෙ මොනවද කියලා මමම දැනගෙන හිටියෙ නෑ. කියන්න ඕනි මොනවද කියලා තේරුමක් තිබුනෙත් නෑ. ම උන්නෙ එච්චරට නොසන්සුන් වෙලා.

පිස්සු විකාර දොඬවලා..මාවත් අවුල් කරන්නෙ නැතුව ඉන්නවා ඒන්ජල්.. ත\මු\සෙ මොනවද කියන්නෙ කියලා ත<මු\සෙම දන්නෙ නෑ.. මුර ණ්ඩුකම පැත්කින් තියලා මනුස්සයෙක් වගේ කල්පනා කරලා බලනවා…

එයා ආයිම කෑ ගැහුවා.

ඉතිං ඇයි ඔයාට එහෙම කියන්න බැරි…..

මම ඇහුවෙ වෙව්ල වෙව්ල. තේරුමක් නැතුව මගෙ මුළු ඇඟම වෙව්ලනවා මට දැනෙනවා.

කියන්න බැරි….. කියන්න බැරි….

එහෙම කියලා එයා හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. තරහින් ඒ මූණ ලේ පාට වෙලා. දෙයිය නේ එයාව ආයිම අසනීප උනොත් මට දැනුනෙ වචන යෙන් කියන්න බැරි තරම් බයක්.

මෝ\ඩ/යෙක් වගේ වැඩ කරන්න එපා ඒන්ජ ල්… ඔයාට තාම මේ කිසි දෙයක් ගැන ලොකු තේරුමක් නෑ..තාම පුංචි ළමයෙක් ඔයා

.. ඒක නිසා කල්පනා වෙන් වැඩ කරන්න… පස්සෙ පසුතැවිලි වෙන්න සිද්ධ වෙන දේ කරන්න එපා… හිතට එන හැමදේම කියන්න යන්න එපා…තේරුනාද…?

සෙත් කියන්නෙ හුඟක්ම අහිංසක හුඟක් සෙ න්සිටිව් කො ල් ලෙ ක්.. ඔය පුංචිම වචනෙත් ඇති ඒකට අවුරුදු ගානක් විඳවන්න..ඒක නිසා කතා කරනකොට පරිස්සම් වෙන්න…

මම දන්නවා ඔයා එහෙම කීවේ වැරදි අදහස කින් නෙවී… ඒත් ඔයා දන්නෙ නෑ ඒක මොන තරම් බරපතල ද කියලා ඒක නිසා කල්පනා වෙන් වැඩ කරන්න තේරුනාද..

එයා කියවගෙන ගියෙ හුඟක් නිවුන හඬකින්. කෑ ගහලා හිනාවෙන්න ද ඉකි ගහලා අඬන්න ද කියලා මට හිතා ගන්නවත් බෑ. මම දන්නවා. එයා කවදාවත් සෙත්ගෙ හිත රිදෙන දෙයක් කර න්නෙ නෑ. මම කොච්චර අරගල කලත් එයා මාව එයාගෙ කරගන්නෙ නෑ.

එයා මට මොන තරම් ආදරේ කලත්, සෙත්ට තරම් කවදාවත් මට ආදරේ කරන්නෙ නෑ. එ හෙම ආදරේ කලත් කවදාවත් ඒක මට කිය න්නෙත් නෑ. හිතේ තියාගෙන මුළු ජිවිත කලෙම දුක් වින්ඳතත්.

ඉතිං මටත් කරන්න වෙන්නෙ ඒකම තමා. විහඟ කියන්නෙ ඇත්ත තමා මට ඒක නො කියා ඉන්න තිබුනෙ. එහෙනං මේ හිතට මේ තරම් බරක් නෑ.

ඒක කියලා මං කලේ විහඟ ගෙ හිතට තවත් බරක් එකතු කරපු එක විත රයි. මේ ජීවිතේ දි කවදාවත් මට එයාගෙ වෙන්න පුළුවන් කමක් නෑ. ඉතිං ඉතිං එත කොට.

සමාවෙන්න..ආයිම එහෙම කියන්නෙ නෑ..

ටික වෙලාවකට පස්සෙ මම කීවේ හීනි හඬකින්. එයා මොනවත් කියන්න ගියෙ නෑ. මම සුප් එක පොවලා ඒ බාජන ටික අස්කරන කොට සෙත් එතෙන්ට ආවා.

මම ඩොක්ටර් එක්ක කතා කලා විහා… තව දවස් තුන හතරකින් ඩිස්චාජ් කරන්න පුළුවන් කීවා..සැබැයි ටික දවසක් යනකං පරිස්සම් වෙන්න වෙනවා… සෙත් ආවෙ එහෙම කියාගෙන.

උ<ඹ\ට කරදරයි සෙත්… මම ක්වාටස් එකට යන්නම්…

විහඟ කීවේ මොන හැඟීමකින් ද මන්දා.

ලෙඩ කියලා බලන්නෙ නැතුව දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න දෙකක් දැන්.. කරදර වෙන්න මම උ\ඹ\ව වඩාගෙන ඉන්නෙ නෑ..පිස්සු නටන්නෙ නැතුව හිටපං… සෙත් ආයිම කිව්වා.

ඒකට තව දවස් දෙක තුනක් තියනවනෙ..ඊට කලින් උ/ඹ හැම වෙලාවෙම මේ කෙ ල් ලව ඇඳ ගෙන මෙහෙට දුවගෙන එක නතර කරපං..

ඇඟත් වීක් වෙලා ඉන්න වෙලාවෙ..ඔහොම ඇවිත් මොකක් හරි අසනිපයක් හැදු නො ත්… විහඟ කීවේ මගෙ දිහා බලාගෙන. එයාට ඕනි වුනේ මම එයාව බලන්න එන එක නතර කරන්න.

කොහොමත් මම ආයිම එයාව බලන්න හො ස්පිට්ල් යන්නෙ නෑ කියලා හිතා ගත්තා. එයා දිහා බලබල කොච්චරවත් හිතින් පිච්චෙන්න මට බෑ.

විහඟට එහෙම කියපු එක වැරදි කියලා හිතු නත් එක අතකට එහෙමවත් කියලා හිත නිද හස් කරගන්න ලැබුන එක ලොකු දෙයක් කි යලා මට හිතුනා. දැන් මම දන්නවා මොන හේතුවකින්වත් කවමදාවත් මට එයාව ලැබෙ න්නෙ නැති බව.

හිත හදාගන්න එක හරි අමාරුයි තමා. කුළුදු ලේම හිතට පිරුණු ආදරයක් ආදරෙයි කියන්න වත් අවසයක් නැතුව හිතින් ම\ර\ලා දාන එක මොන තරම් අමාරුද කියලා ඒ වගේ දෙයකට මූණ දුන්න කෙනෙකුට ඇරෙන්න වෙන කාවත් තේරුංගන්න බෑ. මට දැනුනෙ මාව පනපිටින් පිච්චචෙනවා වගේ හැඟීමක්.

ඒන්ජල් බබෝ ඔයා හොඳින් නේද මැණික…?

මම පියවි සිහියට ආවෙ සෙත්ගෙ හඬින්.

මම හොඳින් ඉන්නෙ… මම කිවේ වෙන කියන්නම දෙයක් නැති නිසා.

බොරු කියන්න එපා ඒන්ජල්..ඔයාට සනීප නෑද..ඔය මූණත් එක්ක මැල විලා..දැන්නං මටත් බයයි..විහඟ කියනවා වගේ මොකක් හරි අසනිපයක් දන්නෙ නෑ.. සෙත්කීවේ බියපත් හඬකින්.

එහෙම නෑ..අනේ…ඔයාලා බොරුවට බය වෙනවා..මම හිනා වෙන්න උත්සහ කලා.

එහෙම තමා බං ආදරේ වැඩි උනාම…උ ඹ ට වඩා මට රිදෙනව උ ඹ ට මොනා හරි වෙන කොට…

එයා කියවගෙන ගියෙ හිනාවෙවි. එයා මට මෙච්චර ආදරේ කරද්දි මට එයා ගැන ආදරෙ යක් ඇති නොවෙන්නෙ මගෙම අවාසනාව වෙන්න ඇති. විහඟ කීවා වගේ සෙත්ටත් මේ හිතේ තියන දේවල් කියන්න පුළුවන් වුනා නම්.

ඒත් එයා විහඟ වගේ හැමදේම දරාගන්න පුරුදු කෙනෙක් නෙවී. එයාට ඒක උහුලගන්න බැරිවෙයි. දෙයියනේ මම මහම මහ ප ව් කා රි යක්. ඇයි දෛවයත් මටම මෙහෙම දේ කරන් නෙ.

ඉතිං මට මොනවත් වෙලා නෑ..බොරුවට බය වෙන්න එපා.. මම එහෙම කීවේ වෙන කියන්නම දෙයක් නැති තැන.

බඩගිනි බං ඉන්න බෑ.. සෙත් ගෙට ගොඩවුනේ එහෙම කියාගෙන. ඇත්ත වෙන්න ඇති උදේ ඉදන් කෑම හැදුවා මිසක් හරියකට කන්න වුනේ නෑනෙ.

ඉන්න මම ඉක්මනට කෑම අරින්නම්..

එහෙම කියාගෙන මම උඩට දුවගෙන ගියා.

පිඟානකට බෙදාගෙන අරගෙන එනවා හ ලෝ..ඔය මෝස්තර දාන කං මට ඉන්න බෑ..

බඩගින්නෙ මැ රෙ න් න යනවා..

සෙත් මං පිටි පස්සෙන් දුවගෙන ආවෙ එහෙම කියාගෙන. ඉතිං මම ඉක්මනට කිචන් එකට ගිහින් එයාට කෑම එකක් බෙඳලා ගෙනත් දුන්නා.

පොඩී උන්ට කවලා පුරුදු එකේ පොඩි එකෙක් කියලා හිතාගෙන මටත් කවනවකො.. අත උස්ස ගන්නවත් බෑ බඩගිනියි..

අමුතු හිනාවක් ඇස්වල පුරෝගෙන එයා කීවා. බලාගෙන යද්දි මෙයත් කපටිම නෑ. මට සෙත් ගැන දැනුනෙ ලොකු අනුකම්පාවක්. මම කෑම එක අනලා එයා කෑම කවන්න පටන් ගත්තා.

රසයි බං.. කවදාවත් මෙච්චර රසට කාලා නෑ මං…එයා කියවගෙන යනවා. මන්දා මට තේරෙන්නෙ නෑ. මම මොනවද කරන්න ඕනි කියලා.

අනේ යන්න බොරු කියන්නෙ නැතුව…

බොරු නෙවී බබෝ…ඔහොම අනලා කවනවං වහ උනත් රසයිනෙ.. පුංචි දවස්වලවත් මට කෑම කවන්න කවුරුත් හිටියෙ නෑනෙ.. මම මගෙ හැම දේම කරගත්තෙ තනියම.. ඉතිං මං වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියද්දි.. මට ඒක හුඟාක් බරට දැනෙනවා….

සෙත් කියවගෙන යනවා. මටත් නොකියම මගෙ ඇස්වලට කඳුළු පිරුනෙ ඒ අත්දැකීම මමත් ඒ විඳිහටම විඳලා තිබුන නිසා. අපි දෙන්නම හිටියෙ එකම මට්ටමේ.

මොන වගේ පරිසරයක උනත් අපි දෙන්නම අම්මා තාත්තා නැති අනා තයො. ඉතිං ඉතිං මම කොහොමද දෙයියනේ සෙත්ට තවත් වේ දනාවක් දෙන්නෙ. අනේ මම මැ\රි\ලවත් යනවා නං මට මෙච්චර විඳවන්න බෑ දෙයි යනේ.

ඒ ගමන ආයිම කල්පනාව.. මෝනාද ඔච්චර කල්පනා කරනව ද මන්දා..

සෙත් කීවේ නෝක්කාඩු හඬකින්.

මාත් පොඩි කාලෙ ඉදන්ම මගෙ දේවල් කර ගත්තෙ තනියම තමා.. ඔයාට නං සීයා පප්පා වත් හිටියා මට කවුරත්ම නෑ… මම කියවගෙන ගියා.

ඒවා හිතන්න එපා..මැණික..දැන් ඔයාට මම ඉන්නවනෙ.අපිට සීයා පප්පා ඉන්නවා..පහුගිය දේවල් හිතන්නෙ නැතුව සතුටින් ඉන්න…

ඉක්මනින් මැරි කරමු කියලා ඔයාට බල කර න්න මට බෑ… මේ ජීවිතේට හුරු වෙන්න ඔයාට ටික කාලයක් දෙන්න ඕනි.. ඒත් තව හුඟක් කල්නං බලාගෙන ඉන්න බෑ මට තේරුනාද..?

එයා කියවගෙන යනවා. මොනා වෙයිද කියලා මට හිතා ගන්නවත් බෑ. මේ තරම් අසරණක මක් නං කාටවත්ම ඇතිවෙන්න එපා. අපි ආදරේ කරන කෙනොගෙ ආදරේ නැතුව වෙන අයගෙ ආදරේ මොන තරම් ලැබුනත් තේරුමක් නෑ. ඒත් ඒත්.. දෛවය ඒකනං හිත හදාගන්න වා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

කියා ගන්නට බැරිම තැනකදි
දරා ගැන්මත් ප්‍රේමයක්..

පලා යන්නට බැරිම තැනකදි
බලා හිදුමත් ප්‍රේමයක්..

මලානික ඇස්වලත් දැවටෙයි
දරාගනු බැරි හීනයක්

හඬා වැටෙනා නොවැටෙනා තැන
සුසුමකත් ඇත මහ බරක්..

නෙලා ගන්නට බැරි මලක් ලඟ
බලා හිදුමත් මහ දුකක්…

දරාගනු බැරි ප්‍රේමයක් ලඟ..
පලා යාමත් හීනයක්…

හමුවෙමු.

ඒන්ජල්ටයි මටයි දෙන්නටම බනින්න ඔට්ටු නෑ හරිද… මේක සංකීර්ණ කතාවක් ඒන්ජල්ගෙ තැන ඔයාලා හිටියනං ඇත්තටම මොනවද කරන්නෙ කියන්නකො මං ඉන්නෙත් හිරවෙලා.