42 කොටස

අවසන් දිගහැරුම …………

ර..රන්………….

ශ්……..ශ්…..කෝ ඔය අඩන එක නවත්තලා මන් කියන එක අහන්න මැණික ..

මොනවා අහනද..ආ…කියන්න..ඔයා මට එදා කිව්වා එ හැමදේම ඔයා ඇතැරියා කියලා.එහෙම කියලත් ඇ..ඇයි මේ……ඔයා මට මෙහෙම බොරු කරන්නේ…

ඔයාට මාව විශ්වාස නැද්ද…

මන්දිරා………..

වචනයක් කතා කරොත් බලාගමු..

මොනාද මේ කියවන්නේ ……..ආ..තමුසෙ නැතුව මන් අල්ලපු ගෙදර ගෑනි විශ්වාස කරන්නද..පොඩි ලමයි වගේ හැසිරෙන්න එපා..මන්දිරා …….

මන් මේ දේවල් ඔයාගේ හැංගුවේ හේතුවක් ඇතුව..එ.එත් ඔ ඔයා..ශික්……..

අනේ..රාගව් ..ප්ලීස් ප්ලීස් තරහා වෙන්න එපා…මට ඒ දෙවල් දැක්කහම එකපාර මොක්කද කරන්නේ කියලා හිතා ගන්න බැරි උනා..ඔයා මට ඒ දේවල් නොකියා ඉන්න නෙවෙයි මට තියන ප්‍රශ්නේ ..

මට බයයි ඔය දේවල් හින්දා ඔයාට මොනවා හරි වෙයි කියලා……

ශ්…….

මේ අහන්නකෝ දරුවෝ …..

මන් කවුද මන් රාගව් නිකන්ම නිකන් රාගව් නෙවෙයි .හැටේවත්තේ රාගව් ඉතිං මට ඇටැක් කරන එක එච්චර ලේසි නෑ..ඔයා එ දේවල් ගැන හිත හිත බය වෙන නිසයි මන් මේ දේවල් හංගන් හිටියේ …

මන් පොරොන්දු වෙනවා..මේ මන් කරන දේවල් වලින් ඔයාටවත් මටවත් අපි කිසිම කෙනෙක්ට පුංචිම සීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ කියලා……

ම්…..තේරුනාද..කෝ දැන් ඔය විකාර හිතන එක නවත්තලා එනවා නිදාගන්න ……..

රාගව් ……..

ම්………..

එක්කෝ ඕනි නෑ……..

අහපන් බන් ..ඕන එකක් තටමන්නේ නැතුව .

මේ..මේ.ඔයා වෙන මුකුත් මගෙන් හන්ගන්නේ නෑ නේ………

මන් හන්ගන දේ නේද ම්………..

මන් කියන්නේ..නෑ..හන්ගන්නේ මොනාද කියලා…..පිස්සු කෙල්ල…….

උබට හොදටම ශුවර්ද…මේ ගත්ත ඩිශිශන් එක ගැන….

ඔව් ලකියා මේ දේවල් නිසා මගේ දරුවන්ට දවසක කතාවක් හැදුනොත් එක මට ඉවසන්න බැරි වෙයි..

ඇත්තටම මට මාරම සතුටුයි බන් .මන් බයේ ඉදියේ උබ මේ දේවල් අතාරින්නේ නැතුව ඉදි කියලා….

උබ දැන් ඉස්සරහටත් වඩා පරිස්සම් වෙයන් මොක්කද දැන් උබ තනිකෙනෙක් නෙවෙයි ..

හෙට අනිද්දට තාත්තා කෙනෙක් ……..

ඔව් බන් තාත්තා කෙනෙක් කියන එක මෙහෙම හැගිමක් කියලා මන් කවදාවත් හිතුවේ නෑ…බන්…..

උබ අන්කල්ට සමාදුන්න එක හොදයි බන්..මොකද උබ ඇමැතිතුමාට දෙන්න පුලුවන් ලොකු දඩුවම එ දුන්නේ..උබ එයාගේ පුතා කියලා නොදැන උබව මරන්න හැදුවත් .උබ ඌට සාමදුන්න නිසා..ඌ මනසිකව විදවලාම මැරිලා යයි බන්…………

මාත් තාත්තා කෙනෙක් බන්..කවුරු කොහොම කිව්වත් එ හැගීම එ මනුස්සයාටත් මන් ඉපදිච්ච දවසේ දැනෙන්න ඇතිනේ……

හරි උබ පලයන්..නංගීව මේ දවස් වල පරිස්සමෙන් බලාගනින් දවස් ලගයිනේ..අපිත් එන්නම්කෝ.පොඩි දිර්වන් බලන්න……

වසර පහකට පසු…………

මැණික ……මොනවද ඔච්චරම කල්පනා කරන්නේ..පැටව් දෙන්නා නැතුව පාලුද…

අම්මා කතා කරා පැටව් දෙන්නා නිදි කිව්වා.අපිව ගානක්වත් නැතුව ඇති දවසම නටලා නටලා මහන්සි නිසා ඉක්මනින් නිදාගෙන …….

අත් වැටට බරදී…පහලින් පෙනෙන වෙරල තිරය දෙස නෙත් යොමන් සිටි ඇගේ පිටුපසින් රාගව් වැළදගන්න වුයේ …ඇගේ ගෙල පිටුපසින් හදුවක් තවරන අතරවාරයේය ………

මොකෝ…මේ….ම්…………

නිහඬව තමා දෙසට හැරි සිය ලයට තුරුල් වු ඇගේ හිස සෙමෙන් පිරිමදිමින් රාගව් වදන් කරන්නට වුයේ ඈ තව තවත් ඔහුට තුරුල් වෙද්දිය ……….

අද මගේ මැණිකට සතුටුයිද .ම්….

මටත් නොකියා හිටියට මන් දැන් හිටියේ ..පෝරුවක නැගලා ලස්සන වෙඩින් එකක් ගන්න ආසාවෙන් මගේ මැණික හිටියේ කියලා……..

මගේ පණ….ඔයා කොහොමද සුදු මහත්තයයෝ මේ තරම් හොදට මගේ හිත කියෙව්වේ..

ම..මන් කවමදාවකවත් හිතුවේ නෑ..මට වෙඩින් එකක් ගන්න පුලුවන් කියලා…එ..එත් ඔය.ඔයා රත්තරන් මගේ එ හීනෙත් හැබැ කරා…

මන් මොනවද ඔයාට කියන්නේ..ඔයා මේ දෙන ආදරේට මන් කොහොමද ණය ගෙවන්නේ ම්………

රාගව් ඔහුගේත් ඇයගේත් පස්වන විවාහ සංවත්සර දින…මන්දිරා මනාලියක් ලෙස සරසා හෙවිසි බෙර නාද මධ්‍යයේ හෙල සිරිතට විරිතට මුල් තැන දී පෝරු මස්තකයට වී දෙදෙනාගේ විවාහය චාම් අයුරින් සිදුකරන්න වුයේ .ඔහුගේ වසර ගනනක සැලසුමක් සාර්ථක කරමින් ය….

මට ලස්සනම ලස්සන හුරතල් පැටව් දෙනෙක් දීලා මාව තාත්තා කෙනෙක් කරේ.එ මදීද මට ම්….කාත් කවුරුත් නැතුව හිටිය මට ලස්සන පවුලක් දුන්නා ම්.තව මොනවද මැණික මට ඕනි…..

පුලුවන් නම් මැරෙන තුරාවට මේ උනුසුමේ ඇස් පියා ගන්න දෙන්න.ඔයාගේ ඔය ආදරේ පොඩ්ඩක්වත් අඩුනොකර හැමදාමත් වගේ මට දෙන්න ……….

හුස්මක් තරම් ආදරේයි අප්පච්චී …….

මාත් මගේ මැණිකට මගේ පණටත් වඩා ආදරේයි ……….

සමාප්‍තයි………….

ආදරේයි හැමෝටම