සංසාර පුරුද්ද ද මේ- දෙවන කොටස
ඔව් ඔව් ෆ්‍රාන්සස් ඩිබෝරා තමයි. බඩතඩියා ආයෙම කිව්වෙ ජයග්‍රාහී හඬකින්.
ඉතිං ඒකෙ වැරැද්ද මොකද්ද? කෙල්ල ඇහුවෙ සතරසිංහ මහත්තය දිහාම බලල. බයවෙච්ච පාටක් වත් නෑ ඒ මූනෙ.
වැරැද්ද ? වැරැද්ද තමන්ට කිසිම සම්බන්දයක් නැති මනුස්සයෙක්ගෙ මෙඩිකල් රිපෝට් ඉදිරිපත් කරල මුදල් ලබාගන්න උත්සහ කරපු එක. සතරසිංහ මහත්තය කිව්ව.
මට දැනගන්න පුලුවන්ද මගේ මෙඩිකල් ඉන්ශුවරන්ස් එක ගන්න පුලුවන් කොන්දේසි මොනවද කියල. කෙල්ල ඇහුවෙ මගේ දිහාත් රවීන් දිහාත් බලල.
ඇයි තමුන් කන්ඩිශන් නොදැනද ඒක පාවිච්චි කලේ? අපි දෙන්න උත්තර දෙන්නත් කලින් අර බඩතඩියා ආයෙම මැද්දට පැන්න.
මගේ අත මිටමෙලවුනේ ආපු කේන්තියට. අර කෙල්ලගෙ සිටුවේශන් එකේ එයා නැතුව මම හිටිය නම් අම්මප අර සතරසිංහ ය කනව ආය. මගේ පෞද්ගලික දෙයක් නොවුනත් මට කේන්තියි ඒ මිනිහ කියන ඒවට.
මම කන්ඩිශන් හොඳට දැනගෙන තමයි ඉන්ශුවරන්ස් එක ක්ලේම් කරගන්න තාත්තව යැව්වෙ. තව වැඩිය හොඳයිනෙ ඒ කම්පනි එකේ කෙනෙක්ගෙන්ම අහන එක.
කෙල්ල නිවී සැනසිල්ලෙ කිව්ව.
ලමයි එක්ක වැඩ කරලම හින්දද මන්ද එයාට හොඳ ඉවසීමක් තියෙනව. මටත් හිතෙන් හිනා. හොඳ වැඩේ.. ඕකට හොඳම වැඩේ.
මිස්ටයි මිස්ගෙ අම්මටයි තාත්තටයි ඒක යූස් කරන්න පුලුවන්. ඉඳල ඉඳල රවීන් කිව්ව.
දැන් මේ ඔෆිසර් කියන්නෙ මටයි අම්මටයි තාත්තටයි යූස් කරන්න පුලුවන් කියල. ඉතිං එහෙනම් මොකද්ද ප්‍රශ්නෙ ? කෙල්ල ආයෙම ඇහුවෙ බඩතඩියාගෙන්. දැන් නම් ඒ මූනෙ තිබ්බෙ නොඉවසිලිමත් බවක්.
තමුන්ටයි තමුන්ගෙ අම්මටයි තාත්තටයි කිව්වම කොහේවත් ඉන්න ෆොරිනර් කෙනෙක්ගෙ රිපෝට් පෙන්නල සල්ලි ගත්තු එක වංචා සහගතයි. බඩතඩියා ආයෙම කිව්වෙ උස් හඬකින්.
ඒකට නම් කෙල්ලගෙ ඉවසීමේ සීමාව නැතිම උනාද මන්ද.
ෆ්‍රාන්සස් ඩිබෝරා කියල කියන්නෙ මගේ අම්ම. මගේම අම්ම. කෙල්ල කිව්වෙත් උස් හඬකින්. ඒ කටහඬේ තිබුනු මොකක් හරි දෙයක් හින්ද මාත් ගැස්සුනා.
ආහ්.. සතරසිංහයටත් කියවුනේ ඉබේම වගේ. මෙහෙම දෙයක් එයා හිතල තිබ්බෙත් නැද්ද කොහෙද?
දැන් තමයි මටත් තේරුනේ එයාට අසාමාන්‍ය පැහැපත් පෙනුමකුයි ලස්සන ඇස් දෙකකුයි ලැබිල තියෙන්නේ මොකද කියල. ප්‍රංශ කෙල්ලෝ කොහොමත් ලස්සනයි. ඒක මන් දන්නවා ෆිල්ම් බලලම.
කෙල්ල සතරසිංහ මහත්තය ගෙ මේසෙ ලඟටම ආව.
විශ්වාස නැද්ද? මම මේ ඔෆිස් එකෙන් අයින් වෙල තාම මාසයයි. කරුනාකරල බලන්න එම්ප්ලෝයි ඩොකියුමන්ට් තියෙන අන්න අර බොක්ස් ෆයිල් එකේ මගේ සී.වී. එකේ විස්තර තියෙනව ඒකෙම ඇති බර්ත් සටිෆිකට් එකත්. බලල සැකහැර දැනගත්තොත් හොඳයි.
කෙල්ල කිව්වේ අර බඩ තඩියාගේ පිටිපස්සේ තිබුණු රාක්කෙක තිබුණු කොළ පාට බොක්ස් ෆයිල් එකක් පෙන්නලා. පේන විදිහට නම් එයා මේ ආයතනයේ පරණම සේවිකාවක් වගේ. ඒකනේ මේ තරම් විස්තර දන්නේ. ඇයි දන්නේ නැහැ එයා අස් උනේ. අම්මපා මටත් ඔලුවට එන ප්‍රශ්න. අනුන්ගේ ඕප දුප හොයන්නේ. සමීර උඹ නම් මේ කෙල්ල ගැන හිතනවා හොදටම වැඩියි. මම හිතට කියාගත්තේ තදින්ම. ඒත් ඊළගට එයා කියපු දෙයින් මගේ ප්‍රශ්නෙකට උත්තර හම්බුනා.
මම මේ ඉස්කෝලේ අවුරුදු පහක් වැඩ කරා. මේ ඔෆිස් එකේ ඩොකියුමන්ට් සේරම හැදුව. ඔෆිස් එකේ වැඩ වලටත් උදව් උනා. ඒත් තමුන් දන්නේ නැහැ මගේ අම්ම ප්‍රංශ ජාතික කාන්තාවක් කියල. වංචා සහගතව මුදල් වංචා කරා කියල මට චෝදනා කරන්න කලින් පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න තිබුනේ නැද්ද? දැන් මට වෙච්ච අවනම්බුවට තමුන් මොකද කියන්නේ? කෙල්ල අහපු විදිහට බඩ තඩියට උත්තර න ෑ. බලන්න ලස්සනයි උගේ මුණ. ඔහොම යන් ඔහොම යන්. හොද වැඩේ. සාදු වැඩේ. මගේ හිත උඩපනිනව.
සොරි මිස් දෙවන්ගනා. මේ චෙක් එක ගන්න අපෙන් වෙච්ච වැරැද්දට. සතරසිංහ ගත්ත ගමන් චෙක් පොතෙන් කොලයක් කඩ ලා දුන්න.
ඔන්න පෝසත් මිනිස්සු ප්‍රශ්න විසදන හැටි. මනුස්සයෙකුගේ ආත්ම ගරුත්වය සල්ලි වලට යට කරන්න මිනිහ හදන්නේ. ඩියාෂි චෙක් එක ගනී ද. මගේ හිත නම් කිව්වේ එයාව එහෙම සල්ලි වලට ගන්න බැරි කෙනෙක් කියල.
මම හිතපු දේ සනාථ කරමින් කෙල්ල ගත්ත ගමන් චෙක් එක ඉරල දැම්ම. රවින්ගේ ඇස් දෙක නම් දොඹ ගෙඩි දෙකක් වගේ උනා. ෂුවර් එකට ඕකා හිතන්න ඇති අපරාදේ චෙක් එක කියල. මන් දන්නැද්ද ඕකගේ හැටි.
මට සල්ලි අවශ්‍ය නැහැ මිස්ට සතරසිංහ. මින්පස්සේ කෙනෙක්ට චෝදනා කරන්න කලින් ඒ ගැන හොඳට හොයල බැලුවොත් තමයි හොඳ. මම අවුරුදු ගානක් වැඩ කරපු තැන හින්ද ඉවසනවා. තවත් මිනිත්තුවක් වත් මට මෙතන ඉන්න අවශ්‍ය නැහැ. කරුණාකරලා මගේ ලෙටර් එක ඉක්මනට දුන්නොත් හොඳයි. කෙල්ල කිව්වේ හරිම සංයමයකින් එත් දැඩිව. ඒ හඬේ ලොකු කලකිරීමක් තිබුන කියල මට හිතුන. එච්චර කාලයක් වැඩ කරලා මෙච්චරද ලැබුනේ කියල හිතෙන්න ඇති එයාට.
අයි ඇම් රියලි සොරි දෙව්. සතරසිංහ මහත්තය කිව්වා. ඒ සැරේ නම් මිනිහට ඇත්තටම දුක හිතිලද කොහෙද. මොන පිස්සුද ඒකා එහෙම කියන්න ඇත්තේ අපි ඉස්සරහම වෙච්ච ලැජ්ජාව වහගන්න වෙන්නැති. ආයෙම මට හිතුන.
ඉට්ස් ඕකේ. කෙල්ල ආපහු චුයින්ගම් එකත් හප හප වටපිට බැලුවේ මෙතනින් යන්නේ කොයි වෙළෙද කියල හිත හිත වෙන්න ඇති.
යකාගේ කෙල්ලක්. ඇයට නොදැනෙන්න මම ඇය දිහා බලන් හිටියේ. වචනෙන් කියන්න නොතේරෙන අමුතු සුන්දර බවක් ඇගේ ඉරියව් වල රැඳිලා තිබුනා.
කොහොම හරි අන්තිමට ඇගේ සර්විස් ලෙටර් එකත් අරගෙන ඇයත් අපි දෙන්නත් පිටත් උනේ එකම වෙලාවට වගේ.
බොහොම ස්තුතියි මිස්ට රවීන්. කාර්යාලයෙන් එලියට ආව ගමන් එයා කිව්වේ රවින් ට.
ඇයි ඒ? රවින් ඇහුවේ පැණි හිනාවකුත් දාගෙන.
මේකා ඒ කෙල්ලටත් පැණි හලන හැටි. අම්මප හොම්බට දෙන්න හිතයි මට. හිටුකෝ අනිත් සැරේ ශානිකා හම්බුනු ගමන් මම කියනවා ඕක. ශානිකා කිව්වේ රවින්ගේ වර්තමාන පෙම්වතිය. ඒකී අන්තිම එක කියල තමයි ඌ නම් කියන්නේ? ඒ උනාට මට නම් තඹ සතේකට ෂුවර් නැහැ. ඩියාශිටත් ඇඹල පාට දාගෙන ආවොත් මම බලාගන්නම්කො ඒක.
අර මිස්ට සතරසිංහට ඉන්ෂුවරන්ස් එකේ කන්ඩිෂන් ටික පැහැදිලි කරලා දුන්නට.
ඒක සුළු දෙයක්.
එහෙනම් මන් යනවා. ඇය අපි දෙන්නටම පොදුවේ කිව්වා. යනවා සමීර. ඇය ආයෙම මට කිව්ව හින්ද රවිනුත් මගේ දිහා අමුතුවට බැලුව. ඌ හිතුවද දන්නේ නැහැ අපි දෙන්න අඳුනනවා කියල. පිස්සු මන් එයාව අදමයි දැක්කේ.
ඊටපස්සේ එයා අර කොන්ඩේ ගහගෙන හිටපු චීන කොන්ඩ කටුව ගලවල අතට ගත්ත. ඒ ගත්තු විදිහට එයාගේ කොන්ඩේ පහලට කඩන් හැලුන හරියට දිය ඇල්ලක් වගේ. එයාට තිබුනේ දණහිස දක්වා දිගු කඩා හැලෙන තඹ පාට කොණ්ඩයක්. මම එච්චර දිගට ඒ පාට කොණ්ඩයක් හැබැහින් දැක්කේ පලවෙනි වතාවට. එයා පාරේ යන ගමන්ම ආයෙමත් අර දිග කොන්ඩෙ එකතු කරලා ඔලුව උඩින් ගැටගහගෙන අර කටුවත් මොකද්ද එකක් කරලා අඹරල ගහගත්තා. ඊට පස්සේ පාර පැන්න. මගේ කරුමෙට ද මන්ද එතකොටම බස් එකක් ආවනේ එයා ඒකට නැග්ග.
හ්ම්හ්. රවින් උගුර පාදනකම්ම මම එයා දිහා වශී වෙලා වගේ බලන් හිටිය කියල මට තේරුනේ නැහැ. මිස්ට සමීර දැන්වත් අපි යමුද? ඌ කිව්වේ අමුතු හිනාවක් දාගෙන.
අර සතරසිංහ ගෝතයා හින්ද අපිත් නෝන්ඩි වෙනවා. මම කිව්වේ තරහෙන්.
ඇයි බන් ඒ?
එයා හිතන්න ඇති ඔක්කොම ඩොකියුමන්ට් අපි ලග තිබිලත් ඇයි අපි කලින්ම සතරසින්හයට ඒ එයාගේ අම්මා බව කිව්වේ නැත්තේ කියල.
ඉතින් අපි මෙතෙන්ට එනකම්ම අර මිනිහ එන්න කිව්වේ මොකටද කියල දන්නේ නැහැනේ බන්.
ඒ උනාට බන් අපේ කම්පැනි එකෙන්නේ මිස්ටේක් එක වෙලා ඇත්තේ. අපි සාමාන්යෙන් කස්ටමර්ගේ ඔක්කොම විස්තර ගන්නවනේ. කම්පැනි එකෙන් කම්ප්ලේන් කරේ නැත්තම් සතරසින්හයා ඕක හාරාවුස්සන්නේ මොකද?
ඒක නම් මන්ද බන්. කොහොමහරි දැන් ඒක ඉවරයිනේ. කෙල්ලට පාඩුවක් උනේ නැහැනේ.
ඔව් ඒක නම් එහෙම තමයි . රවීන් කිව්වෙ කල්පනාකාරීව .
මට ඒ කෙල්ල ගැන හොයාගන්න ඕනෙ බං.
මලසරා විදලා වගේ. මං හිතුව උන්හිටි තැන් අමතක වෙලා වගේ ඒකි ගිය දිහා බලං ඉන්නකොටම. රවීන් කිව්වෙ නෝන්ඩි හිනාවක් දාල.
මම විතරක් යැ. උඹත් ඇඹල හිනාවක් දාගෙන හිටියෙ. හිටපියකො මං අරකි හම්බුන ගමන් කියන්න.
අනෙ අනේ මේ බං වඳින්නම් ඕක නම් ඒකිගෙ කනේ තියන්න එපා.
ඔච්චර බය තිබ්බොත් ඇති ගෑනිට.
හම්මෝ ඕකි මාව ලූනු නැති සම්බෝල හදයි.
හ්ම්..
දැන් උඹට මොකටද ඩියාශිගෙ විස්තර .
මන්ද බං. මට හොයාගන්න ඕනෙ. එච්චරයි .
ඇයි බං එයාගෙ ඉන්ශුවරන්ස් ඩොකියුමන්ට් වල විස්තර ඇතිනෙ.
මං රවීන් දිහා බැලුවෙ සතුටින්. මට ඒක කල්පනා උනේ නැහැනෙ. උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්.
හා හා ඕවට පස්සෙ සලකන්න වෙයි මස්සිනා.
පලයං බං යන්න.
මේ දැං ඒකිට කොල්ලෙක් හිටියොත් උඹ මොකෝ කරන්නෙ?
හත්ගව්වක් දුර මුහුද තියාගෙන අමුඩ ගහන්නැතුව හිටපං බං.
හෑ. මොකද්ද යකෝ ඒ කිව්වෙ?
මම දන්නෙත් නෑ බං.
අම්මප උඹ නම්. ගහපං චාමර මට පොල්ලකින්.
විහිලු නෙවේ බං. මට එයා ගැන හොයාගන්න ඕනෙමයි.
හරි හරි නාඬ හිටපං චූටි කුකූ. ඔෆිස් එකට ගිය ගමන් බලමු.
ඒ උනාට ඔෆිස් එකේ වැඩත් එක්ක එයා ගැන විස්තර හොයාගන්න අපිට වෙලාවක් තිබුනෙ නෑ.
ගෙදර ගිය ගමන් මම ෆේස්බුක් එකටත් ලොග් වෙලා බැලුව එයාව හොයාගන්න පුලුවන්ද කියල. අද කාලෙ කාවහරි හොයාගන්න ඕනෙ නම් මුලින්ම බලන්න ඕනෙ ෆේස්බුක් එකේනෙ. මොන.. මට එයාව නම් එහෙම හොයාගන්න පුලුවන් උනේ නැහැ.
ඩියාශි දෙවංගනා. එහෙම එකවුන්ට් එකක් නෑ.
ප්‍රින්සස් ඩියාශි. දැං කාලෙ කෙල්ලන්ගෙ එෆ් බී එකවුන්ට් තියෙන්නෙ එහෙමනෙ. ඒත් නෑ.
ප්‍රින්සස් දෙව්
ඒන්ජල් දෙව්
ඒන්ජල් ඩියාශි.
ඔය විදියට හිතෙන හිතෙන හැම එකම ගහල බැලුව. හරි ගියෙ නෑ. පස්සෙ මටම එපා වෙලා වැඩේ අතඇරල දැම්ම.
එයා එෆ් බී නැද්ද එතකොට? කොහොමද මම එයාව හොයාගන්නේ? හිත හිත ඉන්නකොට තමයි රවින්ගෙන් කෝල් එකක් ආවේ.
සමීරයා උඹ ඇත්තටමද කිව්වේ අර කෙල්ලව අඳුනන්නේ නැහැ කියල? ෆෝන් එක ආන්සර් කරපු ගමන්ම රවින් ඇහුව.
ඔව් බන් ඔව්. මම දන්නවා නම් උඹට හොයල දෙන්න කියයි යැ .
ගොතයෝ.. මෝඩයෝ.. බුරුවෝ ඒකි ඉන්නෙත් උඹ ඉන්න හවුසින් ස්කීම් එකේමයි