11_වන_කොටස❄️
ගිහන්ස්‍යා ඇඳුම අල්ලද්දි එහා පසින් එයම ඇල්ලුවේ මානවී……… දෙන්නාම දෙන්නා දිහා බලාගෙන හිටියේ හරියට පොර කුකුල්ලු දෙන්නෙක් වගේ………. තුහින්‍යා අනෙක් රැක් එකේත් තේජස්වි ඇමතුමකත් සිටියා……….. නමුත් තේජස්වි එදෙස බලාගෙන සිටියේ ඇස් කොනින්……
” please dear ඒක මගේ……. මමයි ඒක ඉස්සරවෙලාම ඇල්ලුවේ……..
ගිහන්ස්‍යා කිව්වේ කරමක හඬින්…… ඒ වගේමය මානවීත් එය අත්හරින්න කැමති නෑ…….
” කරන්න දෙයක් නෑ මටත් මේකමයි ඕනැ…………
” මේක හරි වැඩක්නේ මං අල්ලපු එක මං ගන්නවා ඒක ඔයා නෙවේ මෙතෙන්ට සක්‍රයා ආවත් නවත්තන්න බෑ………………
ගිහන්ස්‍යා කියන්නේ උපන් ගෙයි රණ්ඩු කෙක්කක් ආයෙම මොන දේකටවත් එයාව නවත්තනවා බොරු…… මානවීත් ඊටම ගැලපෙනවා…… සමස්ථයක් වශයෙන් නංගිලා ඔහොමයි…… එයාලා යන්නේ රණ්ඩු අවුලවා ගන්නටමයි….. ගිහන්ස්‍යාගේ රණ්ඩුව දැකලා තුහින්‍යා ඇය වත ගියේම කෝපයෙන්……
” චූටි…….. මොකක්ද ඒ කතා කරන විදිහ……. ඒ නංගි ඒකට කැමති නම් එයාට ඒක දෙන්න…… ඒ ඩිසයින් එක තියෙන්නේ ඒ ගවුම විතරනේ ඉතින් අපි දෙන්නටම ගන්න වෙන්නැති එකේ මේ නංගිට ඒක දෙන්න……
තුහින්‍යා දිහා රවලා බැලුව ගිහන්ස්‍යා පරාජය භාරගන්න හදන විටම ඇමතුම අවසන් කල තේජස්විත් ඔවුන් දෙසට ආවා……. හැබැයි ආවේ මානවී දිහා බලාගෙන…….
” මනූ……… මං හැමදේම බලාගෙන හිටියේ හිතුවේ මං කෝල් එකක නිසා දැක්කෙ නෑ කියලද…….. ඒ නංගි තමයි ඒක ඉස්සර වෙලා ඇල්ලුවෙ…… මං ආසා නෑ බබී ඔයා ඒ වගේ හැසිරෙනවට…..
තේජස්වි කීවේ තුහින්‍යායි ගිහන්ස්‍යායි දිහා බලාගෙන……..
” It’s ok අක්කා……… මගේ අක්කා කීව කතාව ඇත්ත අපිට මේකෙන් ගවුම් දෙකක් ගන්න බෑනේ….. ඒක මෙයා ගත්තාවේ…….. sorry dear… ඔයා ඒක ගන්න………
ගිහන්ස්‍යා කිවේ තේජස්විට ඇය තම අතේ තිබුන ගවුමද මානවීගේ අතින් තිබිබේ කිසි කහටක් නැතුවමයි…….ගිහන්ස්‍යා කොහොමත් තුහින්‍යා කියන දෙය අසයි…… ඇය කිසිදා සොයුරියට එපිටින් යන්නේ නැත……..
” මනූ……. අන්න එහෙමයි හොඳ නංගිලා….. හරිද අක්කලා කියන දේ අහනවා…..
” හා වදේ……… හා……… i’m sorry too dear…….
අක්කලා දෙන්නා හින්දා නංගිලා දෙන්නත් ටිකක් සාමකාමී වුනා…….
” එහෙනම් අපි හතර දෙනාම එකට ඇඳුම් තෝරගමුද……
තේජස්වි යෝජනා කලේ ඇත්තටම ඇයට තුහින්‍යා හා ගිහන්ස්‍යා ගැන පැහැදීමක් ඇති වෙලා තිබුන නිසා……
” ඊට කලින් අපි හඳුනගෙන ඉන්න එපැයි……. මං තේජස්වි…….. මේ ඉන්නේ මගේ නංගි…. මානවී…….. එතකොට ඔය දෙන්නා……..
තේජස්වි ඔවුන්ව අඳුන්වා දුන්නේ සිනාමුසු මුහුණින්………
” මං තුහින්‍යා මේ මගේ නංගි ගිහන්ස්‍යා….
කෙල්ලෝ හතර දෙනාම මොහොතින් මොහොත හොඳ මිතුරියන් බවට පත් වුනා………… ඇඳුම් බෑග් ටිකත් අරන් කෙල්ලෝ හතර දෙනා එලියට ආවා…..
” හොඳ පණ ගියා…… හැබැයි ඒවා අස්සේ අතරමං වෙද්දි නම් වෙලාව යනවා තේරෙන්නෑ……..
තේජස්වි කිව්වේ නංගි අතේ තිබුන බෑග් එකකුත් අරගන්න ගමන්……..
” හ්ම්ම්ම්ම්ම්ම්……. ඒක නම් ඇත්ත……. හුඟක් වෙලා ගියත් වගේ අනේ….. අප්පච්චි අම්මයි බය වෙලා ඇති……… තේජස්වි………
” ඉතින් දැන් ඉක්මනින් යන්න ඕනැ කියලා වගේ කියන්නේ……..
” ඔව් අපි ඊයේ තමා මෙහෙට ආවේ ඉතින් ගෙදර කිසි දෙයක් නෑ බඩු අරන් යන්න ආවේ………..
” එහෙමද තුහින්‍යා……. එතකොට ඔයාලා ඉන්නේ……….
” කඳපොල පාරේ………. සඳ තැන්න පේන මානේ………
” අපිත් ඒ හරියෙනේ……. හැබැයි අපි නුල්වල පාරේ උඩට යන්න ඕනි…….
” ආ….. අර.ලස්සන tea estate තියෙන්නේ ඒ හරියද……..
” ඔව් ඒ හරිය තමා……. ඒ තේවතු අපේ……… නැන්දයි තාත්තයි තමයි ඒවා කරන්නේ ඒත් ඉතින් නැන්දගේ ඒවා නම් අයිති එයාගේ ලොකු පුතා අහස්ට…… ඒ මිනිහා නම් අපි කවදාවත් දැකලා නෑ….. අනික මහම මහ බේබද්දෙක්ලු මැරයෙක්ලු…. එහෙම වෙන්නත් එපැයි ඉතින් තාත්තා ඇමතියෙක්නේ…….. ඇමතිගේ පුතා නම ගියපු මැරයෙක්….. පව් නැන්දා………. එයාට දස වද දීලා ඔය ඇමති මිනිහා….. ඊට පස්සේ නැන්දා ඩිවෝස් වෙලා එද්දිත් ඔය ඇමතියා නැන්දට අහස්ව දීලා නෑ……. ඒක නම් හා කමක් නෑ කියමුකෝ……. ඒ යකාට පුළුවන්නේ අම්මයි සහෝදරයනුයි බලන්න…. විශ්වාස කරන්න තුහී අද වෙනකම් ඒ මනුස්සයා තමන්ගේ අම්මවත් නංගිවත් මල්ලිවත් බලන්න ඇවිත් නෑ………..
” මං මෙහෙම කීවාට තරහ වෙන්න එපා තේජ්……. සමහර විට ඔය කියන අහස් ඇත්ත දන්නැතුව ඇති……… කවුද දන්නේ එයාගේ ඔළුවට මොන විෂ දාලාද කියලා……….
තුහින්‍යා කියද්දි තේජස්වි මෙන්ම මානවීත් ඇය දිහා බැලුවේ පුදුමයෙන්…… මෙච්චර දවසක් ඔවුන් ඔහුගේ ඒ පැත්ත ගැන හිතල තිබුනේ නෑ……….
” පුදුම වෙන්න දෙයක්නෑ තේජ් අක්කේ…. අපේ අක්කා ඔයවගේ තමා දාර්ශනිකයි………
ගිහන්ස්‍යා කීවේ සිනාසෙමින්…….
” ඔයා කිව්ව විදිහට වෙලාද දන්නෙත් නම් නෑ තමා………. ඒක නෙවේ තුහින්‍යා ඔයාට වයස කීයද……….
තේජස්වි ඇහුවේ මඳක් නැවතෙමින්…….
” විසි පහයි……….
” එහෙමද මටත් විසි පහයි……… එතකොට නංගා……..
” ආ එයාට නම් විස්සයි……..තාම මේ සැරේ උසස් පෙල ලියලා බලාගෙන ඉන්නවා රිසල්ට් එනකම්………..
” මෙයත් එහෙම තමයි……… එහෙම බැලුවම ශෝක් හමුවීමක්නේ මේක……..
තේජස්වි කීවේ මදක් මානවී දෙසද බලමින්………..
” මේ මට තිබහයි අපි මොනවා හරි බොමුද…………..
මානවී යෝජනා කරමින්ම ගිහන්ස්‍යාවත් ඇදගෙන කොෆි ෂොප් එකට ගියා………. හොට් කොෆී ඇනවුම් කල ඔවුන් ආ ගිය තොරතුරු කතා කරමින් මඳ වේලවෙක් රැඳි සිටියා…….
” නංගා මොනවද එක්සෑම් වලට කලේ
තේජස්වි ඇහුවේ ගිහන්ස්‍යාගෙන්……..
” මං බයෝ කලේ අක්කා……. සෙකන්ඩ් ෂයි……
කෙල්ලෝ කතා කරමින් නැවතත් වෙලඳසැල් අතරින් ඇවිද යන්නට විය…. වෙලාව දහය හමාරට ආසන්නය…..
” නංගි අපි අනිත් බඩු ටික අරන් ඉක්මනින් යමුද….. දවල්ට උයන්නත් ඕනැනේ…….
තුහින්‍යා කීවේ ගිහන්ස්‍යාගේ උරහිසෙන් අතක් තබමින්…… ගිහන්ස්‍යා හිටියේ මානවී එක්ක හරි හරියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය කතා කරමින්………
” ඉතින් අපිත් දැන් බඩු අරන් ඉවරයි….. ඔයාට යන්නොන Food city එකටනේ… ඉතින් ඒකෙන් බඩු ටිකත් අරන් අපේ කාර් එකේ යමු……….
තේජස්විගේ යෝජනාවට එකඟ වුන තුහින්‍යාත් ගිහන්ස්‍යාත් අවශ්‍ය සියල්ලම රැගෙන විත් නිවස අසලදී වාහනයෙන් බසින විට සියුම් හිරි පොදක් වැටෙමින් තිබුණි……….
” ගිහා අර උඩ තියන ගෙදර නේද……. එතන හරි ශෝක් අනේ…… ලස්සනට ඇති නේද………
” මාරම ලස්සනයි……… දවසක එන්න අපේ ගෙදර දැන් අපි යාළුවෝනේ…..
” ඒක තමා ඔයාලත් එන්න උඩට අපේ තේ වත්ත බලන්න………
ගිහන්ස්‍යාගෙයි මානවීගෙයි කතාබහට සවන් දෙමින් සිටි වැඩිමල් සොයුරියන් දෙන්නා මුහුණෙන් මුහුණ බලලා සිනාසුනා………. ඔවුන්ට සමුදී වාහනයෙනි බැස ගත් තුහින්‍යාත් ගිහන්ස්‍යාත් එතැනම තිබුන කුඩා කඩේට පියනැගුනේ ඉටිපන්දම් ගැනීමට……. ඔවුන්ට සුපර් මාර්කට් එකේදි ඒවා ගන්න අමතක වෙලා තිබුනා……… ඉටිපන්දම් විතරක් නෙවේ තුහින්‍යා සති අනිත පුවතපතක්ද ගත්තා…………. ඔවුන් නිවසට යන විට අප්පච්චි ගෙදර හිටියේ නෑ…….
” කෝ අමිමේ අප්පච්චි………
තුහින්‍යා ඇහුව අම්මා අතට රෙදි බෑග් ටික දෙමින්……
” ඔය ගියේ පරණ යාළුවෝ ටික බලලා එන්නම් කියලා…….. දැන් නවතින්නෑ ඔය ගමන……… අප්පච්චිගේ හිතේ තියනවා ලොකූ අර තේ වත්ත ටිකක් පිලිවෙලක් කරලා අරන් වගා කරන්න….. මං හිතන්නේ ඔය ගියේ තේ වතු අයිකාරයෙක් හම්බවෙන්න…….
අම්මා කිව්වේ සුසුමක් හෙලමින්……. අප්පච්චි කොහොමත් මේ දිවි ගමන අත්හරින්න සූදානම් නෑ කියලා තුහින්‍යා දැනගෙනයි හිටියේ……… නමුත් මේ වයසට අප්පච්චි කොහොම මහන්සි වෙන්නද කියලා ඇය හිතුවේ වේදනාවෙන්…….
වසර ගානකට පෙර මතක ඔස්සේ තුහින්‍යාගේ අප්පච්චි සනත් රණසිංහ නූල්වල පාරේ ඉහල තේවතු මැදින් ගමන් කලේ බොහෝ කලකින් නොදුුටු මිතුරා හමුවීමටයි……… ඔහු යන විටත් ඔහුගේ මිතුරු රංජන් සමරනායක සිටියේ ඔහුගේ කාර්යාලයේ………..
” සමරනායක මහත්තයා….. ටිකක් කතා කරන්න පුළුවන්ද……….
ඒ හඬින් රංජන් පුදුම වෙලා බැලුවා…….
“බුදු සන්තෝ……… මේ සනත්නේ…….. මං ඒත් මේ සමරනායක මහත්තයා කිව්වට කවුද කියලා බැලුවා……… යමුකෝ ඇතුලට……….
මිතුරාගේ උණුසුම් පිළිගැනීමෙන් ප්‍රමුදිත වූ සහන් ඔහුත් සමගින් කාර්යාලයට ඇතුළුවුනේ හාත්පසම නෙත් යොමමින්………..
” මොකද හදිස්සියේ නුවරඑළියෙ ආවේ……. අනික සේවය දීර්ඝ කරගත්තද………
” නෑ රංජන්…… අපි එහෙ විකුණලා මෙහෙ ආවා………. අපිට කරදර හුඟකට මුහුණ දෙන්න වුනානේ…… පුතා අසනීප වෙලා හිටියා…… එයා බේරගන්න නොනාගේ අයියා උපකාර කලා…… ඊටත් පස්සේ මගේ ලොකු ළමයා ඒ පවුලේ වැඩිමලාට බන්දලා කරලා දුන්නවා…….. අන්තිමේ මගේ කෙල්ලව ගෙදරින් එලියට දැම්මා…….. ඔන්න ඕකයි වුනේ…………. ඒ කරලා කෙල්ල ගමට ආවම මගේ අක්කාගේ එකා මේ කෙල්ල විනාස කරන්න හදනවා……. මොන අවනඩුවක්ද කාට කියන්නද මේවා……… ඉතින් අපි පොඩි මිනිස්සු ගම අත්හැරලා නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න අපි මෙහෙ ආවා………………
සනත් රණසිංහ මහතා සියල්ලම ම මිතුරාට පැවසුවේ මේ තරම් කාලයක් හිත පුරා රිදුම් දුන් වේදනාවන්……… ඒවා සාවධානව අසා සිටි රන්ජන් සුසුමක් හෙලා සනත්ගේ අත උඩින් අත තැබුවේය….
” ඒවා අත්හැරලා මෙහෙ එන්න ගත්ත තීරනය හරිම අගෙයි………… බය වෙන්න දෙයක් නෑ……. මං ඉන්නවානේ…. මං උදව් කරන්නම් මං දන්නවානේ සනත් කියන්නෙ කවුද කියලා……… සනත්ට ඕනැම බිමක් සරු බිමක් කරන්න පුළුවන්…….. මතකනේ අපි කාලයක් කෘෂිකර්මෙ ඉද්දි කරපු දේවල්………
ඔවුන් දෙන්නා අතීතය දිග හරිමින් ඉතාම සතුටින් පිළි සදරේ යෙදී සිටියා………..
” නංගිට නම් මාව මතක් නැතුව ඇති…… මං එන්නම්කෝ හවස් වරුවේ ඒ පැත්තේ…………
” ඒකනම් අපූරුයි……. එයාට මොකද රංජන් මතක නැත්තේ…. මං එළියට බහිද්දිත් කීවේ ඔය යන්නේ යපරණ යාළුවා බලන්න වෙන්න ඇති කියලා……
” ආ…….. ඉන්නකෝ මං පොඩි දෙයක් දෙන්න………..
එහෙම කිව්ව රංජන් ඇතුලට ගිහින් පිහියක් අරන් ඇවිත් මිදුල කොනේ වාඩි වෙලා යමක් කපන්නට වුනා….. සුළු මොහොතකින් ඔහු ගෙන ආවේ ඒ මොහොතේ.නෙලා ගත් ලොකු ගෝවා මලක්………………
” මේක නංගිට දෙන්න……….
” හොදයි මං ගෙනිහින් දෙන්නම්……….. එයාට සතුටු හිතෙයි එයා කැමතී ගෝවා මල් වලට……. එහෙනම් මං ගිහින් එන්නම්….
සහන් රණසිංහ මහතා පල්ලම බැස්සේ උතුරා යන සතුටින්…….. නොහොමහරි ජීවිතය ජය ගැනීමමයි ඔහුගේ අරමුණ……….
කෙල්ලෝ දෙන්නා අම්මත් එක්ක එක්වෙලා උයද්දිි අප්පච්චි ආවේ අළුත කඩපු ගෝවා මලකුත් අරන්………..
” කොහෙන්ද අප්පච්චි අනේ හරි ශෝක්….
ගිහන්ස්‍යා ඒක උදුරගෙන එහාට මෙහාට කරමින් හැඩ බලන්නට වුනා…
” රංජන් අයියා මට වෙන්න ඇති දෙන්න ඇත්තේ………….
අම්මා ගිහන්ස්‍යා අතින් ගෝවා මල ගනිමින් කීවේ අප්පච්චි දිහාත් බලමින්…….
” හ්ම්ම්ම්… හ්ම්ම්ම්ම්…. තකහනියක් ගිහින් කඩාගෙන ආවේ නංගිට දෙන්න කියලා………
අප්පච්චි එහෙම කියලා බුලත් විට හපමින් ඉස්සරහට ගියා………..
අම්මට උයන්න උදව් කරපු කෙල්ලෝ දෙන්නා අම්මා එපා කියද්දම පොද වැස්සෙම පීල්ලට ගිහින් නාගෙන එද්ද මල්ලිත් ඇහැරලා හිටියේ……… අම්මා දවල් අහාරය මේසෙටම ඇරලා තිබුනා……….. එලවළු බත් එකක් හදලා අල තෙල් දාලා පරිප්පු හදලා වම්බටු මෝජුවක් හදලා එළවළු කැට සලාදයක් හදලා පපඩම් බැදලා තිබුනා…….
” ෂාහ්……… කාලෙකට පස්සේ අක්කා ඔයාගේ කෑම වේලක් කන්නෙ………
මල්ලි කියද්දි අම්මාත් තුහින්‍යා දෙස බැලුවේ සිනාසෙමින්…….
” දැන් ඉතින් ඉස්සරහට සතියකට සැරයක් අපිට අක්කාගෙයි නංගිගෙයි අත්හදා බැලීම් පරීක්ෂා කරන්න වෙයි වගේ නේද පුතා……..
අප්පච්චි කීවේ බත් හැඳි තුනක්ම දාගනිමින්……… විශේෂම කරුණ නම් මේ පවුලම නිර්මාංශ වීමයි………..
ආහාරයෙන් පසු තුහින්‍යා පත්තරේත් අරන් ඇඳට ආවා………. මුළු පත්තරේම පිටුවෙන් පිටුව ඇය පුරා හෝරා දෙකක් පමණ පත්තරය පීරා සෙව්වේ රැකියාවක්…… නුවරඑළිය ප්‍රදේශයේ රැකියාවක්…….. නමුත් ඇය බලාපොරොත්තු සුන්වූ සිතුවිල්ලෙන් පත්තරය වසා දමන විට අයිනේ විශාල තීරුවේ තිබූ දැන්වීමට නෙත් ගියේ අහම්බෙනි………….
” නුවර එළිය නගරයේ ප්‍රසිද්ධ මල් අපනයන සහ මල් සැකසුම් ආයතනයකට පුහුණු/නුපුහුණු ගිණුම් ලිපිකාරිණියන් හා මල්සැකසුම් ශිල්පීන් අවශ්‍යයි…….
තුහින්‍යා එය එක හුස්මට කියවා ඇගේ කුඩා දුරකතනය ගෙන එහිවූ අංකයට ඇමතුමක් ගත්තාය………
මතු සම්බන්ධයි