දෛව යාත්‍රා 🔘

සයවන_කොටස ( අවසාන කොටස )

කාලයත් එක්කම මගේ ජිවිතේ විශ්වාස කරපු මගේ හොදම යාළුවා වගේ හිටපු මගේ ආයතනයේම යහළුවෙක් වෙච්ච සහනිත් මාව රවට්ටලා කියලා දැනගත්තේ ඔය කාලේ. මන් ළග ඉදන් මිතුරු වෙසින් මගේ දුක අහනවා වගේ ඉදන් මගේ හිත හදනවා වගේ ඉදන් මන් ගැන හැම දෙයක්ම එයා සිහිනට පවසා තිබුණේ යහළුකමද පවා දෙමින්. සහනිගේ මේ ක්‍රියාවලියත් සමගම මට මිනිස්සු ගැන තිබ්බ විශ්වාසය නැත්තටම නැති උනා කිවොත් හරි. ළගම ඉදන් මිනිස්සු මේ විදිහට දිව දෙකේ වැඩකරද්දි මේ ලෝකය ගැන ඇත්තටම කලකිරුණා කිවොත් හරි. වටේ මිනිස්සු කසාදය කඩන් ආපු ගැහැණියක්, දරු දෙන්නාම අහිමි වෙච්ච මවක් විදිහට මගේ දිහා අනුකම්පාවෙන් බලද්දි මම වැටුණ තරම් කියා ගන්න තෙරෙන්නේ නෑ…

ඒත් සයුරි අක්කි මාව පුදුම විදිහට ශක්තිමත් කලේ. ළග ඉදන් අම්මා කෙනෙක් වගේ මගේ හිත හදන්න එයා නොකරපු දෙයක් නෑ.

ජිවිතේට තව කෙනෙක් එකතුකරගන්න කියලා හැමෝම කිවත් මගේ ඇස් ඉස්සරහා මගේ යළුවාත් මාව රවට්ටද්දි, බැදපු සිහිනවත් මට තේරුම් ගන්න බැරි වෙද්දි මගේ ජිවිතේ තවත් කෙනෙක්ට ආයේ භාර දෙන්න තරම් කෙනෙක්ව කොහොමද විශ්වාස කරන්නේ කියලා අහන්න නොහිතුණාම නොවේ.

ගොඩාක් අය මගේ ජීවිතය හදා ගන්න උදව් කරද්දි තාමත් මන් ඒ ගිනි ගොඩේ පිච්චි පිච්චි වේදනා විදිනවා. තාමත් සිහින එයාගේ විහාරා එක්ක මගේ ඉස්සරහාට එමින් මාව වට්ටන්න පුලුවන් උපරිම වට්ටනවා, තාමත් සිහින මගේ ආයතනයේ සේවය කරන මගේ හිත මිතුරන් ටැග් කරමින් මුහුණු පොතේ විහාරා එක්ක එක එක පොස්ට් දාද්දි ඔවුන් මගේ දිහා අනුකම්පාවෙන් බලනවා…

ඉතින් මේ මගේ කතාව. මගේ හැමදේම මගෙන් ඈත් කරපු, මගේ හිනාව මගෙන් උදුරගත්ත සිහිනටයි විහාරටයි මන් අනුකම්පා කරන්නද කියලා තෙරෙන් නෑ. අදටත් මම මේ පිච්චි පිච්චි ඉන්න ගිනි ගොඩෙන් එලියට එන්න හැදුවත් මාව තව තවත් ඒ ගිනිගොඩටම ඇද වැටෙන එකයි උනේ.

ඉස්සරහාට මගේ ජිවිතේ මොනවා වෙයිද කියන්නවත් මම දන් නෑ. මන් දැන් බැදීම්වලට පුදුම බයක් තියෙන්නේ. මගේ ළගම හිටපු පාසලේ පිරිමි යහළුවෙක් වෙච්ච අංජන ආපහු මාත් එක්ක බැඳිමක් හදා ගන්න ආවෙ ඔය කාලෙදි. හැමෝම ජිවිතේට තව අවස්ථාවක් දෙන්න කියද්දි අංජන එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්න කියද්දි මන් බැඳිම් වලට බයවෙලා හිටියේ.

ටික ටික හිත හදන් ආපු මගේ හිත ආපහු වැටුණේ ඉන්බොක්ස් හරහා ආපු මැසෙජ් එකකින්. හරියටම කවුද කියලා නොදන්නවා උනාම මන් ඕපන් කරලා බැලුවේ ඒ මැසෙජ් එක. ලස්සන දරු පැටියෙක් එක්ක ෆොටෝ එකක්. ඊට යටින් ලියලා තිබ්බ වාක්‍ය මාව නොමරා මැරුවා..

“වදන් බැරි එකේ දැන් මේ දරුවා දිහා බලලාවත් හිත හදාගන්නවා…”

අටුවාටිකා ඕන නෑ ඒ සිහින කියන්න. මගේ දරුවෝ දෙන්නාම මාව දාලා යද්දි හිනා උන එයා තාත්තෙක් වෙලා සතුටු වෙනවා මාව තව තවත් රිද්දමින්. මුහුණු පොතේ එක එක නමින් ගිණුම් හදන් ඔහු මාව තව තවත් රිද්දන්නේ තව තවත් පලි ගන්නේ ඇයි කියන්න මට තෙරෙන් නෑ. මන් කෑ ගහලා ඇඩුවා. ඒ චෝදනාව මගේ පපුවට බර වැඩි. කිසිම වැරැද්දක් නොකරපු මටම ඇයි මෙච්චර විදවීමක්. මැරෙන්න තරම් වෙදානා දෙද්දි මන් තාම විදව විදවා ජිවත් වෙනවා මලකඳක් වගේ…

සමහරවිට මගේ ජිවිතේ තව බැඳීමකට ඉඩ නැති වෙයි. බැඳෙන තැන ඇති වෙන වේදනාවට, අතහැරිම් වලට, අහිමිවීම් වලට මන් දැන් පුදුම විදිහට බයයි. ඔව් මට තවත් විදවන්න බෑ. ජිවිතේට තව බැඳීමක් ඕන් නෑ කියන තැනයි මන් ඉන්නේ.

ඉතින් මේ මගේ කඳුළු කතාව. ඉස්සරහාට මගේ ජිවිතේ මොනා වෙයිද මම දන්නේ නෑ. තවත් මගේ හිතට දුක් විදින්න තරම් ශක්තියක් නෑ.

නිමි…..

සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

කොටස් හයක් පුරාවට මාත් එක්ක මින්දුලිගේ ජිවිතේ බෙදාගත්ත ඔයාලාට ගොඩාක් ස්තුතියි. සමහර විට ඔයාලා දන්නවා ඇති මින්දුලි කියන්නේ කවුද කියලා. එයත් අපි එක්කම මේ මුහුණු පොතේ ඉන්න යහළුවෙක්.

මට දෙයක් කියන්න ඕන මින්දු ගැන. මින්දු මට හම්බෙන්නේ 2020 ඔක්තොම්බර් වල. ඒ කාලේ තමා එයාගේ පලවෙනි ඇක්සිඩන්ට් එක උනේ. සිහිනගේ නංගි එදා මට මැසෙජ් කරද්දි කිවේ අක්කාට තාම සිහිය නෑ. අයියාත් අඩනවා පුදුම විදිහට. අක්කි තමා මගේ අම්මි. මගේ අම්මි මාවයි අයියලා දෙන්නාව දාලා මේ ලොකෙන් ගියාට පස්සේ මට මගේ අම්මිව දැක්කේ අක්කිගෙන් කියලා කිවේ. ඉතින් මන් එදා හිතුවේ මින්දුලි ලස්සන ජිවිතයක් ගත කරනවා කියලා. ඒත් එහෙම නෑ. එකම එක දවසක මින්දුලි මට එයාගේ කතාව කිවා.

එයාගේ ජිවිතේ හැම දෙයක්ම. සිහිනගේ බොරු ආදරේ, වාහනේ බ්‍රේක් නැති කරලා ඇක්සිඩන් එක. බදින්න කලින් ඉදන් සිහින විහාරා එක්ක තිබ්බ එෆයාර් එක හැම දෙයක්ම මින්දු කිවා. සිහිනට එදා ප්‍රපොසල් කරද්දි අකමැති වෙච්ච හින්දා තමන්ගෙන් පලි ගන්න දරුවාවත් මරපු තාත්තෙක්. එයා විහාරාගේ දරුවාට විතරක් ආදරේ කරමින් හැමදාම වගේ මින්දුලි ඉස්සරහාට එයා එක්ක එනවා. ඇවිල්ලා විහාරාගේ කුස පිරිමදිමින් කෙල්ලව වට්ටන්න පුලුවන් උරිමයෙන් වට්ටනවා.

කිසිම වැරද්දක් නොකරපු මින්දුලි අද අඩ අඩා ජිවත් වෙද්දි, සිහින විහාරා එක්ක සතුටින් ජිවත් වෙනවා. මින්දුලිගේ දරුවෝ දෙන්නාටම වෛර කරපු ඔහු, මින්දුලිගේ එක දරුවෙන් හිතා මතා නැති කරපු ඔහු, මින්දුලිගෙයි එයාගෙයි දරුවෝ දෙන්නා මේ ලෝකෙන් යද්දි හිනා වෙච්ච ඔහු, අද සතුටින් විහාරා එක්ක, දරුවා එක්ක. මින්දුලි අඩ අඩා ජිවත් වෙනවා.

මන් දන් නෑ නංගි ඔයාගේ කතාව මන් සාර්ථකව ලිව්වද කියලා. ඒත් ඒ මිනිහාගෙන් ගැලවුණ එක මන් සතුටුවෙනවා. මේ බැඳිම තියන් ළග උන්නා නම් ඔයා මිටත් වඩා දුක් විදි සමහරවිට.

පොඩි ඉල්ලිමක් මන් ඔයාලාගෙන් කරනවා. මින්දුලි මේ හැම කමෙන්ට් එකක්ම බලනවා. එයා ගොඩාක් වැටිලා ඉන්නේ. ජිවිතේ වැටෙන්න පුලුවන් උපරිමයටම. පුලුවන් අය අද පුංචි කමෙන්ට් එකක් දාන් යන්න මින්දුලි වෙනුවෙන්… 🙏 🙏 🙏

❤ යේශ්නි අකේල්‍යා