පස්වන_කොටස

කොච්චර හිත හදා ගන්න හැදුවත් හිතට දරා ගන්න බැරි වේදනාවක් ඒ හැමවෙලේම දැණුනේ. මිනිස්සු කසාදේ කඩාගෙන ආපු කෙනෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලද්දි මම වැටුණ තරම් කාටවත්ම නොතෙරෙන්න ඇති. මුළු ලෝකයක් ඉස්සරහා මන් හොදින් කියලා හිනා වෙලා පෙන්නුවාට මම හොදින් කියලා හිත ඇතුලෙන් පිච්චි පිච්චි මම විදපු වේදනාව කවුරුත් නොදැකපු, නොවිදපු තරම්… ජිවීතේ අන්ත අසරණ තත්වයට මන් වැටිලා හිටියේ…

දිනෙන් දින මගේ කුස මෝරා වැඩෙද්දි මට මේ ලෝකේ ජීවත් වෙන්න එකම එක බලාපොරොත්තුවෙක් දැන් තියනවා කියලා හිතුණා. හැමදාම මන් මගේ කුස පිරිමදිමින් පැටියාට කතා කලේ ගොඩාක් බලාපොරොත්තු ඇතිවයි.

උගුරෙන් පහලට මගේ කුසේ පණ ගැහෙන මේ පුංචි පැටියා වෙනුවෙන් බොහොම අමාරුවෙන් කෑම ටිකක් දාගත්තේ නොකා බැරිකමට. කන්න තරම් පිරියක් නොවුණත් හිත ඇතුලෙන් පිච්චි පිච්චි මම අඩපු තරම් මගේ කොට්ටය ඇරෙන්න වෙන කවුරුත්ම දන් නැතුව ඇති.

කාලය ගෙවි යද්දි ක්ලිනි ගියේ මන් හැමදාම අම්මා එක්ක. තමගේ ස්වමියා අතේ එල්ලිලා එන කුසක් දරන් ඉන්න අම්මලා දැක්කාම මට සුසුමන් හෙළුණේ ඉඹේම. මාත් ආසකලා කවදාහරි මගේ ආදරේ කරපු කෙනා බැදලා එයා එක්ක මෙහෙම එන්න. ක්ලිනික් යද්දි සමහර අය මගේ දිහා බැලුවේ අමුතු විදිහට. ඒත් මගේ ජිවිතේ මටවත් අයිති නැති කරමින් හැමදේම උඩ ඉන්න දෙවියන් ලිවේ පුදුම දුකක් ඉතිරිකරලා.

ගෙදර අය මගේ හිත කොච්චර හදන්න හැදුවත් මගේ යාළුවෝ කොච්චර මාව සතුටින් තියන්න හැදුවත් මන් හිනාවෙලා හැමෝම ඉස්සරහා හිටියාට හොදින් වගේ.

කොච්චර අමතක කරන්න හැදුවත් සිහින මගේ ඉස්සරහාට විහාරා එක්ක එන්න ගත්තේ මාව රිද්දන්න පුලුවන් උපරිමයෙන් රිද්දමින්. මගේ ඇස් ඉස්සරහා විහාරාගේ දරු ගැබ ආදරෙන් පිරිමදිමින් මන් දිහා දෙන්නාම සමච්චලෙන් හිනා වෙද්දි මම වැටුණ තරම් කාටවත්ම නොතෙරෙන්න ඇති. සිහින විහාරා එක්ක මන් වැඩකරන ආයතනයේ මගේ යහළු යෙහෙලියන්ව ටැග් කරමි මුහුණු පොතේ එක එක පොස්ට් දාද්දි ආයතනයේ අය මගේ දිහා අසරණව බලද්දි මට මන් ගැනම කලකිරිමක් දැණුනේ. මගේ කුසේ මේ පැටියා නොහිටියා නම් මන් මෙලහකටත් මැරිලා…

ටික ටික කාලය ගෙවි යද්දි සිහිනගේ මේ ක්‍රියාකලාපයන් මට මහත් හිසරදයක් වූවා කිවහොත් නිවැරදියි. හැමදාම උදේ හවස මන් වැඩකරන ආයතනය අසලට ඇවිත් මගේ හිත එයා රිද්දන්න පුලුවන් උපරිමයෙන් රිද්දුවේ ඈත් වෙලා හිටියාත් මන් උඹෙන් පලිගෙන ඉවර නෑ කියන බැල්මෙන් බලන ගමන්.

කාලය හෙමින් ගෙවි ගිහින් මගේ කුස දිනෙන් දින මෝරමින් මාස හතරක් පමණ ගත වෙද්දි මන් මගෙ කුසේ ඉන්න පැටියා එක්ක කතා කරමින් මගේ පාළුව මකා ගත්තා.

එහෙත් මගේ සතුට තිබ්බේ මන් ගාව ටික කාලයයි. එකම එක කාලකණ්නි දවසක ආයතනයේ පඩිපෙලින් මම වැටුණේ මගේ ජිවිතේ අන්තිම බලාපොරොත්තුවත් උදුරාගන්න ගමන්. මන් කෑ ගහලා ඇඩුවා ආපහු මගේ ගාවට එන්න කියලා. ඒත් එයා ආවේ නෑ. ආව දාලා එයත් යන්නම ගියා මගේ පලවෙනි දරුපැටියා වගේම. හැබැයි එයා මාව දාලා ගියේ මාව වට්ටන්න පුලුවන් උපරිමයෙන් වට්ටන ගමන්.

තාත්තා කෙනෙක්ට පුලුවන්ද තමන්ගේ දරුවා නැති උනාම හිනාවෙන්න. ඒත් සිහින හිනා උනා. මගේ දෙවනි දරුවාත් මාව දලා යද්දි හිනා උනා. මන් කෑ ගහලා අඩද්දි එයා මගේ දිහා හිනා උනා විහාරා එක්ක එකතුවෙලා. පලවෙනි දරුවා හිතා මතාම එයා සිදුකල අනතුරකින් උදුරාගෙන, දෙවනි දරුවා අහම්බෙන් සිදු වූ අනතුරින් මාව දාලා යන්නම යද්දි සිහින හිනා උනේ මේ ලොකේ ලබපු ලොකුම ජයග්‍රහණය එයාට ලැබුණා වගෙ සතුටින්.

මගේ ජිවිතේ අන්තිම බලාපොරොත්තුවත් මේ විදිහට මගෙන් ගිලිහිලා යද්දි මට පිරිමි ගන මේ සමාජයේ ඇති උනේ මහත් කලකිරිමක්.

ගොඩාක් අය මගේ ළග ඉදන් ජිවිතේ අලුතින් පටන් ගමු, මේ අපලයක් ගෙවුණේ, තාම ඔයා විසි හතරක කෙල්ලක්නේ ඔයාට තව ජිවිතේ විදින්න කල් තියනවා කියලා මාව නැගිට්ටවන්න හැදුවත් මන් වැටිලා හිටියේ නැගිටගන්න බැරි තරම් පහලකින්.

හැමෝම මට ඉස්සරවගේ හිනා වෙලා ඉන්න කියද්දි මන් කොහොමද ආපහු හිනාවෙන්නේ කියලා එයාලාගෙන් අහන නොහිතුණා නොවේ. හිනාවෙන්න මගේ ජිවිතේ තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් මගෙන් දුරස් වෙද්දි මන් කොහොමද හිනා වෙන්නේ කියලා අහන්න නොහිතුණාම නොවේ. මට වෙච්ච දේ ඔයාලට උනා නම් ඔයාලා කොහොමද ප්‍රතිචාර දක්කවන්නේ කියලා ඔවුන්ගෙන් අහන්න නොහිතුණාම නොවේ…

කාලය ටිකින් ටික ගෙවි යද්දි මන් මනසින් උපරිම වැටෙද්දි මගේ ආයතනයේම මගේ ළගම හිටපු මගේ අක්කා වගේ ඉන්න සයුරි අක්කා මාව එයාගේ ගෙදරට එක්ක ගියේ මන් මේ ඉන්න විදිහෙන් ලෙඩ වෙලා දුක් විදි කියලා බයෙන්. බලෙන් බත් කටක් කවලා මන් ළගම එයා හිටියේ මන් ජිවිතේට මොකක් හෝ අනතුර්ක් කරගනිදෝ සැකයෙන්.

මතුවට…..