දෛව යාත්‍රා 🔘

සිව්වන_කොටස

කාලය සෙමින් ගෙවි යද්දි මෙපමණ කලක් කාටත් හොර රහසේ අනියම් පෙම්වති සමග පෙම්සුව විදි ඔහු මා ඇස් පනා පිටම ඈත් සමග එහෙ මෙහේ ගමන් කරනවා දකින්නට තරම් මා නුවන් අවාසනාවන්ත විය. මා ඉදිරියේ ඈ හා පෙම්බස් දොඩමින්, මා ගමන් ගන්නා පේන මානෙම ඈ හා අත් අල්ලා පියමනිමින් ඔහු මගේ හිත උපරිමයෙන් රිද්දමින් සිටියේය. ඔහුට නිවසට එනතුරු බලා සිටින බිරිදක් සිටිනවා යන්න, ඔහුගේ ලේ ධාතුවක් මා කුස තුල පණ ගැහෙන බව දැන දැනත් ඔහු මා රිදෙව්වේ කිසිදු හිතක් පපුවක් නොමැති අයෙකු විලසයි. මේ හැමදේම අතහැර ඔලුව හැරුණ අතේ යන්නට හිතුණාත් මා මේ සියල්ලම විද දරාගෙන ජිවත් උනේ තාමත් මගේ කුසේ පණ ගැහෙන දරු පැටියා නිසාවෙනි . ඒ ඔහු දරුවාගේ පියා නිසාවෙනි.

එක් දිනක් මා සුදුපුරුදු පරිදි ආයතනයේ සේවයේ නියුතුව සිටියදි ආ නාදුනන ඇමතුමෙන් මා මැරි මැරි ඉපදුනා කිවොත් හරි. කවදක් බිරිදකුට තම ස්වාමියා පිළිබඳ ඇසීමට නොහැකි වදන් මා සවන පතිත වෙද්දි මා අතින් මා දුරකථනය අතහැරුණේ මා සිටින්නේ ආයතනයේ සේවයේ නියුතුව බව පවා අමතක වෙද්දි. කඳුළු වැල් එක පෙලට හෝ ගලා පතිත වෙද්දි මම අසිහියෙන් වගේ හිටියේ ඒ නාදුන් පුද්ගලයා පැවසු වදන් නැවත නැවතත් මා සවන් අතරේ දෝන්කාරදෙද්දි. කුමක් කරම්දෝ සිතමින් දෙලොවක් අතර තනිවෙලා හිටිය මාව ආයතනයේම වාහනයකින් ගියේ ඔහු පැවසු ස්ථානයටයි නික්මුණේ…

“අරලියා හොටෙල්…”

දෑස් මානයේ ඒ නාදුනන පුද්ගලයා පැවසු හෝටලයේ නම දිස් වද්දි මා මලකදක් සේ ඇවිද ගියේ හීනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින්. හෝටලය තුල පිවිසි මා පිළිගැනීමේ නිළධාරිනියකගේද උදව් ඇතිව ආදාල කාමර වෙත ගියද එය ඇතුලතින් වෙනුවට පිටතිනුයි අගුලු ලා තිබුණේ.. ගැහෙන හදින් යුතුව මා සෙමින් සෙමින් දොර විවර කරද්දි දුටුවේ ජිවිතයේ ගැහැණියක කිසිදා නොදැකිය හැකි දසුනකි.

මාගේ ස්වාමි පුරුෂයා තවත් ලදක් සමක යහනක පෙම් සුව විදිනවා දකින්නට තරම් මා දෑස් අවාසනාවන්ත වූවා කිවහොත් නිවැරදියි…

“ස්… සිහි… න…”

ඉකිය බොහොම අපහසුවෙන් දෙතොල් අතරම සිර කරන් මා ඔහුට කතා කලත් ඔවුන් දෙදෙනා දෙදෙනාගේ ලෝකයේම ගැලි සිටියේ තමන් අවට සිදුවනා දේවල් පිළිබදව කිසිදු නිනව්වක් නොමැතිවමයි. දෑස් ඉදිරියේ ඔවුන්ගේ රැගුම් තවමත් දරා ගන්නට නොහැකි තැන මා බිත්තියකට වාරු වෙද්දි මා අත වැදි අසල තිබු මල් බදුනක් බිම පතිත වුණේ දෙදෙනාගේම අවධානය මා වෙත යොමු වෙද්දි.

“ම්.. මින්.. ම්න්දුලි තමුසේ…”

සිහින සමග සිටි කාන්තාව ඇද මත තිබු ශිට් එකකින් තම විලි වසාගද්දි සිහින මා ඇමතුවේ ඔහුගේ සතුටු මොහොත නැති කල අයෙකු මරන්න තරම් තරහකින්… මා දුටු විට ඒ මුහුණේ තිගැස්මක් ඇති වුවද තරහින් මා දෙස බලමින් ඔහු තම කලඹල දෑස් මාගෙන් වසන් කරගත්තේය.

“තමුසේ…”

මාව ගනනකටදු නොගෙන සිහින මා ඔහුගේ කාමරයෙන් එළියට ඇද දැමුවේ ඔහු නමින් මා කුස තුල පණ ගැහෙන දරුවා ගැනද කිසිදු හැඟිමක් නොමැතිව. ඇස් පනා පිටම දුටු දේ නිසා මට මං ගැනම ඇති උනේ කලකිරිමක්. හොටෙල් කාමරය ඉස්සරහා බිම වාඩි වුණ මම මහ හයියෙන් කෑ ගහලා හැඩුවේ ඒ වේදනාව දරා ගන්න බැරි තරමටම පපුව ඇදුම් කද්දියි.

සිහින මේ විදිහට දැකපු මම යන්නේ කොහෙද කියලාවත් ගනනකදු නොවෙද්දි ඔහේ ඇවිද ගියේ පිස්සුවෙන් වගේ. ඇස් වලින් හෝ ගාලා කඳුළු කැට කඩා වැටෙද්දි තාම සිහින හා අන් ලද හා සිටි අයුරු මගේ ඇස් මත්තේ මැවෙද්දි කෑ ගහලා ඇඩුවේ ඉන්න තැනම බිම වාඩි වෙමින්…

මගේ කුසේ පණ ගැහෙන මගේ දෙවනි දරුවා ගැනද මට ඇති වුණේ බියක්. නිවසට පැමිණ දින කිහිපයක් ගත වෙද්දිත් මාත් සිහින අතර කිසිදු කතබහක් නොවුනද මා කොතෙක් සිහින මග හරිමින් කාලය ගෙවිය. මා තුල ඔහු ගැන යම් ගරුත්වයක් තිබේද එයත් සිතින් මේ වෙද්දි නැතිවි ගොස් තිබුණේ එදා සිද්ධියෙන් පසුව. සිහින මා ඉදිරියේ ඔහුගේ ප්‍රේමවන්තිය හා පෙම් බස් තෙපළුවේ මාව තව තවත් කඩා වැටෙද්දියි. මාගේ දරුවා වෙනුවෙන් සිහින හෝ කෙසේ ජීවත්වෙනවායි සිතුවද අන්තිමට මා තීරණය කලේ සිහිනගෙ පෙම්වතිය හමුවීමටයි.

එහෙත් මා පමා වූවා වැඩිදෝ සිතුණේ ඈද ඒ වනවිටත් සිහින අතින් ගැබ් ගෙන ඇති බව දැනගත්විටයි. මාගෙ කුසට මාස දෙකකට ආසන්න වන විට ඈ ඈද සති තුනක කලලයක් මා මෙන් කුස දරා සිටියාය.

ඇයගෙන් පිහිටක් පතා ආවද අන්තිම මොහොතේ මාද අසරණකරමින් සිහින මාගේ දරුවාට වෛර කරද්දි ඈගේ දරුවාට පමණක් ආදරෙ කරන බව මනාවට ඔප්පු වෙද්දි මා හිතට එකඟ නොමැති වුවද ඈටත් සිහිනටත් එක වහලක් යටට එන්නට අවකාශය සලසමින් මම සිහිනගෙන් දික්කසාද වීමට තීරණය කලෙමි.

ඉතින් අවසානයේදි හෝ අපහසුවෙන් වුවද මගේ දරුවාගේ ජීවිතය ගැන හිතලා මගේ දෙමාපියන් සෙවනට යන්නට සිතුවේ කුමක් කෙසේ වුවත් ඔවුන් අසල තරම් මට වෙන කොහෙවත් ආරක්ෂාවක් නොදැණුන නිසායි…

මංගල මුදු තැලි පිළි පැලද කුමාරිකාවක් ලෙසින් මා නිවසින් බට වුවද අද මා සුදු සාරියක් ඇද උසාවියෙන් නික්මුණේ දික්කසාද යුවතියක් ලෙස වද්දි , සිහින විහාරා සමගා දෑතේ වෙලි නික්මුණේ ඔවුන්ගේ කැදැල්ල කරා. රිදුම් දෙන පපුවත් තදින් මිරිකාගෙන මම මගේ දෙමාපිය සෙවනට ආවේ මට ජීවත් වීමට මගේ කුසේ පණ ගැහෙන අන්තිම බලාපොරොත්තුවත් පෙරදැරිවයි.

අම්මා තාත්තා මට සිහිනව කසාද බන්දලා දිලා මගේ ජීවිතය විනාශ කලා යැයි දුක් වෙද්දි මගේ සුපුරුදු කාමරයට වෙලා අඩු කඳුලින් ජීවිතය ගෙව්වේ මේ දුක කාට පසම්දෝ සිතමින්. තවත් මේ දුක පපුවේ හිරකරන් ඉදලා පපුව පැලිලා මාව මැරිලා යයි කියලා නොහිතුණා නොවේ. මට අන්තිමට මතක් උනේ ඔහු. ඔව් මන් ඔහුට කතා කලා. මගෙන් ගව් ගානක් දුර හිටියත් මගේ නොවුණ ඔහු වෙත මම ඇමතුමක් ගත්තා…

මතුවට…..