·
🔘 දෛව යාත්‍රා 🔘
තෙවන_කොටස
එහෙත් එක දිනක් මා හට ලැබුණු දුරකථන ඇමතුමෙන් මගේ ජිවිතයේ සියල්ලම උඩු යටිකුරු වෙයි කියලා මන් කීයටවත් හිතුවේ නම් නැහැ…
ඒ ඉරිදා දින අක්කා ඒ කියන්නේ මගේ මහත්තයාගේ අයියා බැදලා ඉන්න අක්කා මට එදින ඇමතුමක් ගත්තේ මගේ ජිවිතේ වාසනාවටද අවාසනාවටද මම නොදනිමි…
“හෙලෝ අක්කි…”
“මොකෝ නංගි කරන්නේ…”
“ඉන්නවා අක්කි. අද නිවාඩු දවසක්…”
“කෑම කෑවද. අමාරුවක් එහෙම නෑනේ නංගි…”
“නෑ. අක්කා. කෑම කලා ඉන්නේ.. අපේ පොඩි එකි පාඩම් වැඩ එහෙම කරනවද අක්කි…”
“ඔව්. පාඩම් වැඩ කෙසේවත්.සෙල්ලම් නම් කරනවා….”
එලෙස ඇරඹි අපේ කතබහා විනාඩි දහයක් විතර තියෙද්දි අක්කා කතාව වෙනස් කරමින් කතා කරේ ලොකු රහසක් මට කියන්නට වගේ…
“නංගි. මන් පොඩි දෙයක් කියන්නමයි කතා කරේ. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න ඔයත්…”
“ඇයි අක්කි…”
“ඔයා ඉන්න තත්වය එක්ක කියන්නත් බෑ. ඒත් නොකියත් බෑ නංගි…”
“කමක් නෑ අක්කා කියන්න….”
“මෙහෙමයි මන් දවස් කිහිපයක්ම මල්ලිව දැක්කා. හැබැයි තනියම නෙවේ. තව ගෑණු කෙනෙකුත් එක්ක. නිකන් ලොකු සම්බන්ධයක් තියනවා වගේ තෙරුණේ. හරි ආදරෙන් ඒ දෙන්නා ඉන්නවා වගේ දැක්කේ…”
අක්කාගේ වදන් මා සවන වැකුණේ එහා ලොකෙකින් වගෙයි මට දැණුනේ.. හිතා ගන්න බෑ සිහින එහෙම දෙයක් කරයි කියලා.
“නෑ අක්කා වෙන්න බෑ සිහින එහෙම…”
“ඒක තමා දරුවෝ පොඩ්ඩක් හොයලා බලන්න කිවේ. මන් වැරදි වෙන්නත් පුලුවන්. ඒත් පුලුවන්නම් හොයලා බලන්න…”
අක්කා එහෙම කියද්දි මගේ හිතේ තිබුණ ලොකුම ප්‍රශ්නය සිහින මාව රැවැට්ටුවාදෝ යන්නයි. කිසිම දෙයක් හිතා ගන්න බැරි විදිහට මම දෙලොවක් අතර තනි වෙද්දි හිත ඇතුළේ හැඟීම දහසක් පෙරලි කරද්දි මන් කලපනා කලේ සිහිනගේ හැසීරිම් පිළිබඳයි. මන් සිහිනගේ ජිවිතේට ලොකුවට බලපෑම් නොකලත් ඔහු වෙනුවෙන් ඉටු වියයුතු හැම යුතුකමක් මන් අති කරද්දි කිසිම අඩුපාඩුවක් මම නොකරද්දි අක්කා ඒ කිව දේවල් මට තාම විශ්වාස කරන්නට බැරුවයි හිටියේ…
අක්කා කීව විදිහට මන් සිහින ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. කෙසේනම් විශ්වාස කරන්නද මා ඔහු හා විවහා දිවියට එළබීමටත් ප්‍රථම ඈ හා පෙමින් වෙලි ඇති බව. මා හා විවහා වුවද ඈ හා තිබු සම්බන්ධය අත නොහැරි වග. ඇස් ඉස්සරහා විශ්වාස කරන්න බැරි ඇත්ත ටිකින් ටික දිගහැරෙදි මම නොමැරි මැරුණා කිවා නම් හරි.
මුළු ලෝකයක් ඉස්සරහා මට ආදරෙයි වගේ රග පා ඔහු හා විවහා දිවියට එළඹීමට අකමැත්ත පලකර නිසාවෙන් ඔහු මා හා විවහා වී ඇත්තේ මාගෙන් පළිගැනීමට කියා දැනගන්න විට හැම දේම සිදුවී අවසානයි මට හැගුණේ…
ඔහුගේ පලමු පලිගැනීම වශයෙන් ඒ අදුරු රාත්‍රියේ ඔහු හිතා මතාම වහනයේ බ්‍රේක් තිරිංග ක්‍රියාවිරහිත කොට මා හට රථය ලබා දී ඔහුගේම ලෙයින් මා කුස පිළිසිද ගත් ඔහුගේම දරුවා මරු තුරුලට යවා ඔහුගේ පලමු පලිගැනීම සිදුකොට ඇති බව කෙසේ නම් විශ්වාස කරන්නද.
“ඇයි සිහි… න ඔයා එහෙ… ම කරේ. ඒ ඔයාගෙ… ත් දරු…. වානේ . ඇයි දෙයිය…නේහ් එ..හෙම කරේ…”
මන් සිහිනගේ කොලර් එක තදින් අල්වා කෑ ගසමින් විමසුවේ මේ ඇත්ත තවත් දරාගන්නට බැරුව…
එහෙත් මා එදින දුටුවේ මා මෙතෙක් දුටු සිහින නොවේ. වියරුවෙන් මගෙන් පලිගන්න මාන බලන මගෙන් පලිගන්න බලන් ඉන්න වෙනත් සිහින කෙනෙකුයි…
මගේ පසුපස හිසකෙස් තදින් අදිමින් මාව බිත්තියට තද කරමින් සිහින මගේ මුහුණට එඹුණේ වියරු බැල්මන් හෙලමින්…
“මැරුවා තාමා ඌව. ඉක්මනට මූවත් මරනවා… මන් දරුවන්ට කැමති නෑ. මොකද ඒත් උඹ දරුවන්ට කැමතිනේ. උබට මන් ටික ටික රිද්දන්නේ. බලන් ඉන්නවා මින්දු මන් රිද්දන හැටි. මෙච්චර කල් උඹට නොදැනෙන්න මන් පලිගත්තේ. හැංගි හැංගි පලි අරං මට එපා වෙලා හිටියේ…දැන් බලාගන්න මේ සිහිනව රිජෙක්ට් කරපු එකේ විපාකය…”
තදින් හිස කෙස් අදිමින් සිහින මගේ මුහුණට එඹුනේ මගේ කුසත් සෙමින් සෙමින් තද කරමින්. මන් ඔහුගෙන් ගැලවෙන්නට උත්සහා කරේ මගේ කුස මතින් ඔහුගේ දෑත ඉවත්කිරිමට උත්සහා දරමින්.
තාත්තෙක්ට තමන්ගේ දරුවා එහෙම ඈත් කරන්න පුලුවන්ද. එහෙත් ඔහු එක කර ඇත. මට එතැන් පටන් මාගේ දෙවනි දරුවා ගැනද බියක් දැණුනේ… කන කෑම බීම වල පටන් මා හට දැණුනේ බියක්. එතැන් පටන් මා වාසය කලේ අපායක කිවෝත් හරි…
මා ඉදිරියේම ඔහුගේ අනියම් පෙම්වති හා පෙමින් වෙලෙද්දි ඔහුගේ සෑම වැඩක්ම මා අතින් කලයුතු වූයේ මා ගැබිණියෙකු යැයි නොසිතාම. මුළු පවුල ඉස්සරහාම ආදරයෙන් රග පා නිදන කාමරයේදි මා ඔහුගෙන් ලද්දේ ප්‍රමාණ පිඩායි. රාත්‍රි එක දෙක වනතුරු ඔහුගේ පෙම්වති සමග රසමුසු තැන් සොයා යන ඔහු එනතුරු මා නොනිදා පහන් කලයුතු අතර මා බැරි වී වත් නිදි දෙව් වැලදගතහොත් මා එතැනම දමා යන්නේ කාමරයට නොදුටු විලසින්.
මතුවට