දෛව යාත්‍රා 🔘
දෙවන_කොටස
කාලය කෙමෙන් කෙමින් ගෙවි ගොස් මා හා ඔහුගේ යුග දිවියට එළබෙනා දින ලං වුයේ මාව හිත ඇතුලින් පුච්චමින්. හිත මහ හයියෙන් හඩා වැලෙපෙද්දි හිනා නොවි බැරිකමට හිනා වෙවි මංගල සළුපිලි වලින් සැරසි මා ඔහු හා යුගදියට එළඹුණේ මරණයට කැපවු සතෙකු වගේ..
ලෝකේට පේන්න හිනා වෙලා හිටියාත් හිත ඇතුලින් මම විදවන තරම් කාටවත්ම නොපෙණුනේ මාගේ කරුමයටද මන්දා… අම්මා තාත්තා මල්ලි හැමෝගේම ඇස් සතුටින් හිනාවෙද්දි මමම විතරක් හඩා වැලපුණේ අදින් ඇරඹෙන මාගේ ජීවිතය මට අහිමි වෙද්දියි. මා ඔහු හා අවසානයේ අතිනද බැදුණේ පවුලේ අයගේ නැදැයෝන්ගේ යහළුවෝන්ගේ ආශිර්වාද සුභ පැතුම් මධ්‍යයේ…
බිරිදක වශයෙන් මා අතින් සිහින හට සිදුවිය යුතු සැම යුතුකමක්ම මාගේ අතින් සිහිනට හට සිදු කලත් මා හට ඔහු හට ආදරය කිරීමට තරම් හිත නොනැමුණේ හිත නෙහංසංසට දුන් ආදරය වෙන කෙනෙක්ට දෙන්න නොපෙළඹෙද්දියි.
කාලය ගෙවි ගොසින් මාගෙත් සිහිනගෙත් කුළුදුල් දරුපැටියා මාගේ කුස තුලට පැමිණියේ මාසයක් ගතවීම මත්තෙන්. සිහින හට මාගේ කිසිදු හැඟීමක් නොතිබුණද මා කුසට පැමිණි දරු පැටියා මලකඳක් සේ ජිවත් වූ මා හට ජීවයේ බලාපොරොත්තුවක් ලබාදුණි.
සිහිනගේ මව නැතත් ඔහුගේ පියත් දහසය හැවිරිදි සොහොයුරියත් අයියාත් ඔහුගේ බිරිදත් මා හට සැලකුවේ ඔවුන්ගේම පවුලේ අයෙකුට වාගෙයි. ඔහුගේ සොහොයුරිය සැම විටම මාගේ තනි නොතනියට මා අසල දැවටෙමින් මාගේ තනිකම පළුව මකා හැරියේ නැතිවී තිබු මගේ සිනහාව සමහර වෙලාවට මතක් කරන ගමන්…
“ඔන්න මම තමා චුටි අම්මි හොදේ. චූටි අම්මි කියන විදිහට තමා ඔවා හැදෙන්න ඕනි මගේ පැටියෝ…”
නිතරම මට එක එක කෑම ජාති කවමින් තවමත් නොමේරු මගේ කුස මත සිය අත්ල තවරමින් මාගේ දරුවාට දැන්ම අයිතිවාසිකම් කියන්නේ ලස්සන කතා කියමින් සිහිනගේ සොහොයුරියයි.
මාගේ කුසට දරුපැටියා පැමිණි දා සිටම සිහින විසින් උදේ හවා මාව මාගේ සේවා ස්ථානය කරා රැගෙන ගියෙත් නැවත රැගෙන ආවෙත් බස්වල ගමන් දරුපැටියාට හොද නැහැයි පවසමින් මාව ආරක්ෂා කරමින්…
එහෙත් මාගේ දිවියේ අඳුරුතම දින එළඹියේ මාගේ පැටියා කුසට පැමිණ මාස තුනක් ගතවන්නට මත්තෙන්. තාමත් හීනයක් වගේ එදින සවස් යාමය. මාගේ ආවසනාවට සිහින අධික හිසරදයෙන් පෙළෙද්දි මා වාහනය මා අතට ගත්තේ ඔහුට ටිකක් විවේක ගැනීමට පවසමින්… එහෙත් ඒ වැහිබර අඳුරු රාත්‍රියේ මදක් දුර වාහනය පදවා ගිය මා අතින් එකපාරටම වාහනයේ පාලනය ගිලිහි ගියේ මා සිටි ඉසව්ව වෑන් රථයක ගැටිමෙන්.
එකපාරටම සිදු වූ දෙය සිතා ගැනීමට නොහැකි වූ මා රිදුම් දෙන හිසත් සමගින් දෑත ගියේ මාගේ කුසවෙතටයි. තාමත් මෙලොව එළිය නොදුටු මාගේ දරුපැටියා බේරා දෙන්න සිතමින් දෙවියන්ගෙන් යදින මාගේ සිහිය ටිකෙන් ටික දුරස් වී දෑස් පියවෙද්දි මා හට ඇසුනේ සිහින මාගේ නම කියා කෑ ගසනා හඩයි…
“මින්දු.. මින්දු…”
නාසයට සැර බෙහෙත් ගදක් දැණෙද්දි අපහසුවෙන් මම සෙමින් සෙමින් දෑස් විවර කලෙමි. මා අසලම හිස තමාගෙන නිදා සිටින සිහිනත් දකිද්දි එකපාරටම මාගේ දෑත ගියේ මාගේ කුස වෙතටයි…
“ස්.. සිහින.. සිහින…”
මා කලඹලයෙන් සිහින හට කතා ඔහුගේ උරහිස අපහසුවෙන් සොලවමින් මාගේ දරුපැටියා සුවෙන්ද යන්න දැන ගැනිමේ අරමුණිනි..
“සිහින .. සිහින..”
“මින්දු.. ඔයාට සිහිය ආවද දෙයියනේ… දවස් තුනක් දවස් තුනන් ඔයා සිහිය නැතුව හිටියා. මට පිස්සු වගේ. දෙයියනේ ආයේ මාව ඔහොම බයකරන්න එපා.. දැන් කොහොමද ඔයාට. ඇගට අමාරුවක් එහෙම තියනවාද. ඉන්න මන් ඩොක්ටර්ට කතා කරන්නම්…”
සිහින මාගේ දෑත ඔහුගේ හිතට තදකරන් හඩා වැටෙද්දිත් මගේ සිහිය තිබ්බේ දරුවා ගැන විතරමයි…
“ද්.. දරුවා මගේ දරුවා එ.. එයා හොදින්ද…”
“එයා හොදින්. එයා ගොඩාක් හොදින්. දරුවා අපිව දාලා ගිහින් නෑ. එයා ඉන්නවා පරිස්සමින් මෙතන…”
සිහින මගේ කුස පිරිමදිමින් පවසද්දියි මා හට සැනසුමක් දැණුනේ…
එහෙත් ඒ සැනසුම මා අසල තිබුණේ හෝරා කිහිපයයි. හදිසියේ යලිත් මා හට අමාරු විමෙන් මාගේ දරුපැටියා මාව දලා යන්නම ගියේ මා හට මෙතෙක් සැනසීමට තිබු බලාපොරොත්තුවත් රැගෙනයි..
මාගේ නුපන් දරුවා වෙනුවෙන් මා හඩද්දි මා අසලින් සැවොම හිදිමින් හිත සැනසීමට සැදුවත් කෙලෙස මවක් විදිහට හිත සනසා ගන්නද.. මගේ හැම සිහිනයක්ම හැම බලාපොරොත්තුවක්ම රැගෙන ඔහු යන්නට ගියේ මාව තවත් අඩියට ඇද දමමින්…
මාගේ කාර්‍යාලයේ වගේම මුහුණු පොතේ යහළුවන් මාගේ හිත සදමින් මාව තනි නොකර ඉද්දි නැවත්ත මා කුසට දරුවෙකු පැමිණියේ දුක මදක් තුනි කරමින්. පලමු දරුවා නැතිවීමත් සමග හිතින් වගේම ගතින් ගොඩාක් දුර්වල වෙලා හිටිය මම මාගේ දෙවනි දරුවා නැවතත් මා අසලට පැමිණියේ මාගේ නැති වූ සිනහාවත් රැගෙනයි… පලමු දරුවාට සිදු වූ දෙය මාගේ දෙවනි දරුවාට නොවිය යුතු නිසාම කැමෙන් බිමෙන් ගමනෙන් බිමනෙන් පවා මා පරිස්සම් වූයේ පුදුම විදිහට…
එහෙත් එක දිනක් මා හට ලැබුණු දුරකථන ඇමතුමෙන් මගේ ජිවිතය්ව්ව් සියල්ලම උඩු යටිකුරු වෙයි කියලා මන් කීයටවත් හිතුවේ නම් නැහැ…
මතුවට.