දෛව යාත්‍රා 🔘
පලමු_කොටස
ජිවීතේ මා මේ තරම් අසරණවූ අවස්ථාවක් තවත් නැතුව ඇති කියලා මට හිතුණේ මගේ ආදරයට ගෙදරින් විරුද්ධවෙද්දි. අවුරුදු දහයක් ආදරය කරලා දුප්පත්කම ඒ ආදරයට හරස් වෙද්දි දෙමාපියන් වෙනුවෙන් මට මගේ ආදරය අතහරින්නට සිද්ධ උනේ ජිවීතේටම මගේ ඇස් වලින් නොවැටුණු කඳුළු වැල් බිම හැලෙද්දි… කෑ ගහලා අඩන්න ඕන උනත් ලෝකේට පේන්න හිනා වෙලා හිත ඇතුලින් මම හැමදාමත් මැරි මැරි ඉපදුණේ…
“දෝණි…”
එක් අඳුරු රාත්‍රියේ මගේ අම්මා මා අසලට පැමිණියේ මගේ ජීවිතයේ ලොකු තීරණයක් අරගෙන…
“අම්මා…”
ඇස් කෙවිනි අග දග කෙරු කඳුළු බිංදු අම්මා දකින්නත් පෙර පිසලමින් මම ඈ දෙස බැලුවේ මවාගත් මද සිනහාවකිනි..
“ඔයාට ප්‍රොපොසල් එකක් ආවා. අපි නම් කැමති ඒ දරුවාට. තාත්තාත්. අර ළමයාව හිතින් අයින් කරන් මේ දරුවාව බදින්න කැමති වෙන්න….”
“අ..අම්මාහ්…”
පපුව අකුණු සැර වදිනවා හා සමාන වේදනාවක් දැනෙද්දි මවගේ වදන් මා සවන වැකුණි එහා ලොකෙකින් වගේ දැණුනේ…
“මගෙත් ඒ දරුවට අකමැත්තක් නෑ. අනික ඔයාට දුකක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඒ දරුවා ඔයාව දැකලාම තමා අපෙන් ඇවිල්ලා ඇහුවේ…”
“අනෙහ් අ.. අම්මා මට බෑ මට බෑ දැම්ම බදින්න…”
“දැන්ම බදින්න ඕන් නෑ. දෙන්නා කතා කරලා අදුනාගෙන ඉන්න මුලින්.. හෙට ඒ ළමයා එනවා කිවා ඔයාව හම්බෙන්න.. දෙන්නා කතා කරලා අදුන ගන්න…”
මගේ ආදරයෙන් දුරස් වෙන්නට සිදු වුණාට මේ තරම් විගසින් මා හට මනමාලයෙන් නිවසින් සොයයි කියා කිසිවිටකවත් නොසිතුවෙමි. කෑ ගහලා හයියෙන් හඩන්නට තරම් මගේ හිත රිදෙද්දි අම්මා මගේ හිස පිරිමදිමින් කාමරයෙන් නික්මුණේ මගේ ජීවිතය ගැන අන්තීම තීරණයත් ඔවුන් අරගෙන බව මට පසක් කරමින්…
විසි දෙහැවිදිරි මින්දුලි අහිංසා වෙච්ච මම අම්මා තාත්තා මල්ලි එක්ක ආදරෙයෙන් මේ නිවස ඇතුලේ හිටියේ කාටත් හොරා මගේ වයසේම වූ නෙහන්ස මදුහංස සමග ආදරයෙන් වෙලෙද්දියි. අපේ ආදරේට අවුරුදු දහයක් වෙද්දිත් ඒ ආදරේට කවදාවත් දුප්පත් පොහොසත් බේදයක් උනේ නම් නෑ. දුක සතුට හැමදේම සමසේ විදදරා ගත් අපේ ආදරයට කනකොකා හැඩුවේ කොහොමද කියලාවත් මම නොදනිමි.. ඒත් අපේ ගෙදර අයට අපේ ආදරයට දුප්පත්කම හරස් වෙද්දි අවුරුදු දහයක් වෙච්ච අපේ ආදරේට මට තිත තියන්න උනේ අම්මා තාත්තා ගැන හිතලා…
නෙහංස පිස්සෙක් වගේ හැසිරෙද්දි ඔහු අසලට වී මට ඔහුව සනසන්න හිතුණ වාර ගණන නම් අනන්තයි. එහෙත් අන්තිමට මම ඔහුගේ මව් සිටින රටට බලෙන්ම ඔහුව පිටත් කලේ මෙහේ ඉදලා පිස්සු නටන හින්දාමයි. අකමැත්තෙන් වුවද අවුරුදු දහයක් ආදරය කරපු ඔහුව මන් මගෙන් ඈත් කරලා කුවේට් බලා මව් අසලට යැව්වේ ඔහුගේම යහපත වෙනුවෙන්. තාමත් මතකයි කඳුළු පිරිච්ච ඒ ඇස් වලින් නෙහංස මගේ දිහා බලන් හිටිය හැටි ආපහු මගේ ළගට එන්න කියලා. ඒත් දෙමාපියන් වෙනුවෙන් මන් ඔහුව අතහැරියේ මාව මෙච්චරකල් දුකක් කරදරයක් වෙන්න නොදි මලක් වගේ බලා ගත්ත මගේ දෙමාපියන් වෙනුවෙන්…
“අක්කා…”
නෙහන්ස ගැන කල්පනා කරමින්ම නිදි දෙව් දූ වැලද ගත් මා දොරට දෙතුන් වරක් තට්ටු කරලා කතා කරන හඩට නිදි ගැට කඩමින් මම ඇහැරුණේ ඇගම තලා පෙලා දාලා වගේ දැනෙද්දි.. කාමරය පුරාම අඳුර වෙලාගෙන තියන හැටි දකිද්දි මම ඇස් දෙක පිසලමින් බිත්තියේ වූ ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙමි. සවස හයත් පසු වී ඇති බව දුටු මා දිගු සුසුමක් හෙලමින් අවදි උනේ මල්ලි නැවතත් දොරට තට්ටු කරමින් කතා කරද්දි.
“අක්කා…
හඩලාම ඇස් කෙවෙනි කකියද්දි මම නහයත් උඩට ඇද ඇදම ගිහින් දොර හැරියේ පිට අත්ලෙන් මගේ ඇස් පිසලන ගමන්..
“අක්කා මොකෝ දොර වහන්. මන් කී පාරක් කතා කරද?… තාම කාමරේ ලයිට් එකක්වත් නෑ. සනීපවත් නැද්ද…”
“මට නින්ද ගියා මල්ලි. ඔයා කතා කරද්දියි ඇහැරුණේ…”
දොර ඇරිය ගමන් මල්ලි කියව කියවා යද්දි මන් ඔහුගෙන් දෑස් වසන් කරමින් පිළිතුරු සැපයුවේ ඔහු මාගේ ඇස් වලින් කඳුළු දැකීමට අකමැති නිසාමයි…
“අක්කා අඩලද…”
“නෑ ටිකක් ඔලුව කකියනවා…”
“හ්ම්. මන් දන්නවා මගේ අක්කා ගැන. අඩලා හරි හිත හදාගන්න පුලුවන් නම් හදා ගන්න අක්කේ…”
මගේ පොඩි මල්ලි මහ එකෙක් වගේ එලෙස පවසද්දි මම මද සිනහාවක් නගා ගනිමින් ඔහුගේ හිස පිරිමැද්දෙමි…
“ඇයි මල්ලි කතා කලේ…”
“කන්න එන්න කිවා අම්මා…”
“මම මුණ ටිකක් හොදන් එන්නම්. ඔයා යන්න…”
මල්ලිව කාමරයෙන් පිටත් කල හැරි මම මගේ සයනයේ මත හිද මගේ දුරකථනයේ තවමත් සුරැකි ඔහුගෙයි මගෙයි මතකන් දෙස බලා සිටියේ. එයා හොදින්ද කියලාවත් මට අහන්න හිතුණාද ඒ අදහස හිතේ හිරකරගත්තේ මගේ හැඟිම් වලට වැඩකඩොලු බදිමින්…
පසුදින අම්මා කිවා වගේම ඔහු ආවේ මාව බලන්න. ලංකාවේ ප්‍රසිද්ද නිමි ඇගළුම්හලක කාර්‍යාලයේ සේවය කිරීමට උදේ හවා යන මා දැක ඔහු මටත් හොරෙන් හැමදාම මා පසුපස විත් අද මගේ ගෙදරින් මාව ඉල්ලිවේ ඔහුට මාගේ අකමැත්ත ප්‍රකාශ කරද්දිත්.
මා හට තාමත් කසාද දිවියට එළබීමට අදහසක් නැති බව පුන පුනා කිවාත් ඔහු නෙවේ මා කනකටවත් ගත්තේ. නිවසින්වත් ඔහුවත් මා කනකටවත් නොගද්දි දෙමාපිය අභිමතය පරිදි මා හා විවාහයට දින ඔවුන් යොදා ගත්තේ මගේ හිත නෙහංසගේ ආදරය වෙනුවෙන් හඩා වැලපෙද්දියි…
මතුවට…..