සිතින් විතරක්..
තිස් එක….31
ඉක්මන් කරන්න ඒන්ජල්..අර කො/ල්ලා දැන් දවස් ගානක් තිස්සෙ බඩගින්නෙ ඉන්නෙ… සෙත් මගෙ ලඟට ඇවිත් කීවේ කීවෙනි වතා වට ද මන්දා. මම ඉක්මනටම හදලා නිවෙන්න දාලා තිබුන සුප් එක කප් එකට දා ගත්තා.
විහඟට සිහිය ආවෙ දවස් ගානකට පස්සෙ. ඒ වෙනකං එයා ජීවත් වුනේ සේල යින් වලින්. තු වාල තිබුනෙ බඩේ නිසා තාම ඝන ආහාර දෙ න්න හොඳ නෑ ඉති ඒක නිසා එයාට දෙන්න කී වේ සුප් කැද වගේ අර්ධ ගන ආහාර විතරයි.
එයාට ගෙනියන්න මායි සෙතුයි එකතු වෙලා සුප් එකක් හැදුවා. අපෝ සෙත් නං මට උදව් කරනවට වඩා කලේ එක වැඩේ දෙක කරන එකයි සේරම හැඩි කරන එකයි. ඒ කරලා දැන් කියනවා මට ඉක්මන් කරන්න කියලා.
අපි විහඟ ලඟට යන්කොට එයා හිටියෙ ඇඳ විට්ටමට හේතුත් වෙලා. එයාගෙ එක අතක සේලයින් එකක් තිබුනා. තාමත් ඒ මූණෙ තිබු නෙ මලානික සුදුමැලි පෙනුමක්. මූණ පුරාම අපිලිවෙලකට රැව්ල වැවිලා.
එයා එහෙම දකින කොට ඕනිම කෙනෙකුට දුක හිතෙනවා. කෙනෙක් අසනීප උනාම මොන තරම් අසරණ වෙනවද කියලා එයා දිහා බැළුව ම ඕනිම කෙනෙ කුට හිතා ගන්න පුළුවන්.
විහා උ ඹ හොඳින් නේද…? සෙත් එයා ලඟට ගියෙ එහෙම අහගෙන.
දැන්නං අවුලක් නෑ.. අනේ මන්දා උ ඹ ආයිමත් දුවගෙන ආවද..?
එයා එහෙම කීවෙ හුඟක් අසරණ හඬකින්.
විකාර දොඬවන්න එපා..බං ආයිම එන්නෙ නැතුව උ ඹ ව තවත් බඩගි න්නෙ තියන්නය…. සෙත් කීවේ හෙමින්.
ඒත් මේ කෙ/ල්/ල/ත් ඇදගෙන
.හැමවෙලාවෙම හොස්පිට්ල් එන්න එපා බං..
විහඟ එහෙම කීවේ මොන හැඟීමකින් ද කිය ලා මට හිතා ගන්න බෑ.
ගෙදර දාලා ආවනං මට කනක් ඇහිලා ඉන්න දෙන්නෙ නෑ..එක්ක ආවම ලේසියි… සෙත් කීවෙ මගෙ දිහා බලලා හිනාවෙන ගමන්.
ඔහොම හුරතල් කරලා නං හරි යන්නෙ නෑ..ටිකක් සැරට හිටියෙ නැත්තං හදා ගන්න වෙ න්නෙ නෑ..මුරණ්ඩුකම ඕනිවට වඩා වැඩි හො ඳටම..
සෙත් දිහා බලාගෙන උනත් එයා කීවේ මට. එතකොට එයා මට ඒ තරම් සැරවුනේ මාව හදා ගන්නද.. තේරෙන්නෙ නෑ මට.
තාම පුංචි එ/කා/නෙ කාලයක් නිවාසෙක හිරවෙ ලානෙ හිටියෙ ටික දවසක් යද්දි හරියයි…
සෙත් කියවගෙන ගියෙ හරිම ආදරණීය හඬ කින්. එයාට මාව තාමත් පේන්නෙ පුංචිම එකෙ ක් වගේ. එයා මාව බලා ගන්නෙ තාත්තා කෙ නෙක් තමන්ගෙ දුවව නැත්තං අයියා කෙනෙක් තමන්ගෙ නංගිව බලාගන්නවා වගේ.
ඒ නිසාමද මන්දා මට එයාව දැනෙන්නෙ තා ත්තා කෙනෙක් නැත්තං අයියා කෙනෙක් වගේ.
ඒ කවුරුවත් මගෙ ජීවිතේ හිටියෙ නැති නිසා ඒ ආදරේ මොන වගේද කියන්න මට තේරුං ග න්න බෑ. ඒත් මට සෙත් ගැන ඇතිවෙන්නෙ විහ ඟ ගැන ඇතිවෙන හැඟීම නෙවී කියලා මම දන්නවා.
කතාව ඇති දැන් අපි සුප් ටිකක් බීලා ඉමු නෙ..දවස් ගානකින් බඩ ගින්නෙනෙ.. ඒන්ජල් ඕක බෝල් එකට දාලා ගන්නකො…
හදිසියෙන් දෙයක් මතක් වුනා වගේ සෙත් මට යි විහඟටයි එකපාර කීවා.
මම ඉක්මනින් සුප් එක බෝල් එකට දාලා හැ න්දත් එක්ක සෙත්ගෙ අතට දුන්නා. විහඟගෙ උරහිසත් තුවාල වෙලා තිබුනෙ අනිත් අතේ සේලයින් එක. ඉතිං එයාට තනියම කෑම ග න්න බෑ.
සෙත් එයාට සුප් එක පොවන්න ගත්තා. අනේ මන්දා මේ සෙත් නං. එයාට මේ පුංචි පුංචි වැඩ එකක්වත් කරගන්න බෑ. කවදාවත් කාටවත් කවලා පොවලා නැතුව ඇති.
සුප් එක පොව නවට වඩා හලනවා. දැන් මෙ යාට මෙතනින් යන්න වෙන්නෙ සුප් එක පො වලා ඉවර වෙලා විහඟව නාවලත් තියලා. ඇයි ඉතිං ඇඟ පුරාම සුප් පොවනවනෙ.
ඔය ඔය සුප් එක පොවනවද.. නාවනවද…?
මම ඇහුවෙ බලාගෙන ඉන්නම බැරුව. ඒ ගමන ඒ දෙන්නම එකපාරම මගෙ දිහා හැරිලා බැළුවා. මම එහෙම කියාවි කියලා එයාලා හිත න්න නැතුව ඇති.
විහඟගෙ ඇස් තිබුනෙ පුදු මෙන් ලොකු වෙලා. මේ එයත් එක්ක හිටපු කෙ/ල්/ල/මද කියලා හිතා ගන්න බැරුව වගේ.
අනේ මන්දා..මට කවන්න පොවන්න තේරෙ න්නෙ නෑනෙ…. සෙත් කීවේ අසරණ හඬකින්.
මම පොවන්නද…?
මම ඇහුවෙ මමවත් හිතපු නැති වෙලාවක. එහෙම අහපු එක වැරදි ද කියලත් මට හිතුනා. ඒත් දැන් අහලා ඉවරනෙ. ඇත්තටම ඔහොම සුප් පොවන්න බෑ. මෙයා පොවන විඳිහට තව සුප් බෝල් දෙක තුනක් ඕනි වේවි පොවන්න.
මම එහෙම ඇහුවම විහඟ මගෙ දිහා බැළුවෙ තරවටු ඇස් වලින්. හරියට මම වැර දි දෙයක් ඇහුවා වගේ. ඒත් සෙත් ඇස්වල නං තිබුනෙ සැනසිලි දායක බවක්. හරියට එයාව ලොකු කරදරයකින් ගලවා ගත්තා වගේ හැඟීමක්.
පුළුවන් ද…?
සෙත් ඇහුවෙ අඩමානෙට. මට එහෙම එකක් කරන්න පුළුවන් කියලා එයා හිතන්න නැතුව ඇති.
පුළුවන් නිවාසෙ ඉද්දි පොඩි අයට කවන්න පොවන්න දෙන්නෙ අපිටනෙ..
නිවාසෙ හිටපු පුංචි උන්ව මතක් වෙලා මට සුසුමක් හෙළුනා. දවසක යන්න ඕනි එයාලව බලලා එන්න. සෙත්ට කීවොත් එයා මාව එක්කගෙන යාවි.
එහෙනං පොවන්කො මේ ඉන්නෙ නං පොඩි එකෙක් නෙවී හැබැයි..
සෙත් සුප් බෝල් එක මගෙ අතට දුන්නෙ එහෙ ම කියාගෙන. මම මොන වත්ම නොකියා සුප් බෝල් අක අතට අරගෙන විහඟට සුප් පොව න්න පටන් ගත්තා.
විහා මම අම්මලට නං තවම මොනාත් කීවේ නෑ..උ/ඹ කතා කලාද එයා ලට… ඒ ගමන සෙත් ඇහුවෙ වෙනස්ම කතාවක්.
නෑ බ/න් හෙමීට කියවා..නැත්තං දන්නවනෙ හැමදේම දමලා ගහලා ආපහු දුවගෙන එයි…
විහඟ කියවගෙන ගියා. අම්මලා අප්පච්චිලා එහෙම තමා. දරුවන්නට පුංචිම කරදරයක් උනත් දරාගන්න අමාරුයි.
ඒත් නොකියම ඉන්න එක හරි නැති වෙයිනෙ.. පස්සෙ ආරංචි උනොත් මටත් එක්ක බනින්න තියා ගනී අම්මගෙ හැටි දන්නවනෙ.. උ/ඹ කිය නවද මං කියන්නද…?
මම කියන්නම්..තව දවසකින් දෙකකින්.. දන්න වනෙ /කියන්න ගියොත් අර මිනිස්සු එවලෙ ම දුවගෙන එනවා.. එහෙම කියලා විහඟ හිනාවුනා.
හ්ම්ම් උ/ඹ කැමති දෙයක් කරපංහැබැයි
මෙහෙන් ඩිස්චාජ් කරපු ගමන් එහෙ මෙහෙ දුවන්නෙ නැතුව අපේ ගෙදර එන්න ඕනි හරිද..?
සෙත් හඬේ තිබුනෙ තරවටුවක්. මටත් දැනිලා තිබුනා විහඟ හිතුවක්කාරයි කියලා. සෙත් ඒක දන්නවා ඇතිනෙ හොඳටම.
ඕනි නෑ බ/න්..උ ඹ ට කරදරයි..මම ක්වාටස් වලට යන්නං..එහෙ ඉන්නවනෙ ඕනි තරං කට්ටිය..
විහඟ කියවගෙන ගියා. එහෙම වෙනව නං එක අතකට හොඳයි කියලා මට නිකමට වගේ හිතුනා. මට කොහොම හරි ඕනි මේ හිත හදා ගන්න.
විහා මේ උ ඹ මං ලවා අනිත් අත පය ටිකත් කඩා ගන්න හදන්නෙ ඒ ගමන ..පිස්සු කෙලි න්නෙ නැතුව…උ ඹ ට මාව පේන්නෙ එහෙම ද දැන්..
ඒත් කතාවෙන් වුනේ සෙත් තරහා ගත්ත එක විතරයි. සෙත් නිතර තරහා ගන්න කෙනෙක් නෙවී. ඒ නිසාම එයාට තරහා ගියාම ඒක ලේසි යකට නිවෙන්නෙ නෑ.
හරි ඉතිං තව දවස් කීයක් මේකෙ ලඟින් වෙයි ද කවුද දන්නෙ..එතකොට ඒක බලමුකො.. ඒක දන්න නිසාද කොහොද ඒ ගමන විහඟ එහෙම කීවා.
බලන්න දෙයක්ක නෑ.. උ/ඹ අපේ ගෙදර යනවා එච්චරයි..
සෙත් කීවේ තීරණාත්මක හඬකින්. මේදෙන්නා අතර මැද්දෙ මගෙ ජීවිතේට මොනවද වෙන්නෙ කියලා මම තවමවත් දන්නෙ නෑ. ඒත් ඒත් හැමදේම දෛවයට ඉඩදීලා බලාගෙන ඉන්න මට පුළුවන් වේවිද..?
ඒන්ජල්.. ඔයා ඔය සුප් එක පොවන්නකො.. මම ඉක්මනට ඩොක්ටර්ව මීට් වෙලා එන්නම්..
එහෙම කියාගෙන සෙත් එතනින් පිටවුනා. මේ වෙලාවෙ නම් මෙතන තනියම ඉන්න මට දැනු නෙ මොකක්දෝ නොතේරෙන බයක්.ඒත් මට එයා පස්සෙන් යන්න බෑනෙ.
කොච්චර කීවත් ත/මු/සෙ/ගෙ මුරණ්ඩුකම යි..පණ්ඩිකමයි නං ටිකක්වත් අඩුවෙලා නෑ නේද අ ර ක ගෙ වැරැද්ද එපා කිව්වට අහන්නෙ නෑ..හුරතල් කරනවා..
විහඟ මගෙ දිහා රවලා බලලා එහෙම කියා ගෙන යනකොට මෙයා මේ කියන්නෙ මොකක් ගැනද කියලා මට හිතා ගන්න බැරි වුනා.
ඒ නපුරු කම නං බිඳක්වත් අඩුවෙලා නෑ. ඒත් දෙයියනේ මං මෙච්චර ආදරේ ඔය නපුරුකමට යටින් හංගගෙන ඉන්න ආදරේට කියලා එයාට කියන්න තිබුනා නං.
මං මොනවද කලේ..? මම ඇහුවෙ ඇත්තටම මොනවත්ම හිතා ගන්න බැරුව.
කලේ කවුද ත මු සෙ ටලේ දෙන්න කීවේ පණ්ඩි තකමට.. මොනාහරි උනානං එහෙම.. අර මෝ ඩ යා එපා කීවේ නෑද..?
මේ ටිකට ඒකත් මෙයාගෙ කනේ තිබ්බෙ ක වුද
.අනේ මන්දා මේ සෙත් නං. කියන්න දෙයක් නැති නිසා මං වට පිට බැළුවා. ඒත් දෙයියනේ මං ගැන ඔය තරම් හිතද්දි මම කොහොමද ඔයා ගැන නොහිතා ඉන්නෙ.
සෙත් මට කීව මඟුලක් නෑ…මීට පස්සෙවත් ඔහොම මුරණ්ඩු වැඩ කරන්නෙ නැතුව ඉන්න පුරුදු වෙනවා..මොනා හරි උනාට පස්සෙ කිය ලා වැඩක් තියනවද..
මෙයාට මගෙ හිත කියවන්නත් පුළුවන් ද..? මට තේරෙන්නෙ නෑ මම කොහො මද මේ හැමදේම අමතක කරන්නෙ කියලා. කියන්න දෙයක් තිබුනෙම නැති හින්දා මම කට පියා ගෙන හිටියා.
හිතේ තියන හැමදේම කියලා මට හිත නිදහස් කරගන්න තිබුනනං මොන තරම් හොඳද.. ඒත් ඒත් මට පුළුවන් ද එහෙම කරන්න මම කාටද එහෙම කියන්නෙ.. විහඟට කියන්ද මම ඔයාට ආදරෙයි කියලා. සෙත්ට කියන්නද මම විහඟ ට ආදරෙයි කියලා.
තරහින් ද මාත් එක්ක..?
ඒ හඬ ආවෙ කොහෙන්ද කියලා මට එකපාරම හිතා ගන්න බැරිවුනා. ඇත්තටම ඒ කතා කලේ විහඟ ද එයාට එහෙම කතා කරන්න පුළුවන් ද කියලා හිතා ගන්න බැරිවුන නිසාම මම ඔළු ව උස්සලා එයා දිහා බැළුවා.
තරහින් නේද ඉන්නෙ මං එක්ක ආ…?
ඒ ගමන එයා ආයිම ඇහුවා. ඔව් ඒ එයාම ත මා එයාට එයාට එහෙමත් කතා කරන්න පුළු වන්. එහෙනං ඇයි මේ හැම වෙලාවෙම මට නපුරු වෙන්නෙ. නෑ කියන්නෙ නැතුව මම ඔළු ව වැනුවා.
සිද්ධවුන හැමදේටම සොරි ආයිම කවදාවත් එ හෙම වෙන්නෙ නෑ.. සෙත් හුඟක් හොඳ කෙ නෙක් ඒ කා හැමදාම ඔයාව සතුටින් තියයි…
එයා කියවගෙන යනවා හිත්පිත් නැති කෙනෙ ක් වගේ. ඒ හැමදේම එච්චරම ලේසියෙන් අම තක කරන්න එයාට පුළුවන් උනාට. මම කො හො ම එහෙම කරන්නෙ. අනේ මට කෑ ගහලා අඬන්න පුළුවන් උනානම්.
ඒන්ජල් මේ අහන්න..ඔයා හොඳ ළමයෙක් හු ඟාක් හොඳ ළමයෙක්…ඒ වගේම මේ ලෝකෙ ගැන මොනවත්ම දන්නෙ නැති අහිංසක ළමයෙක්.. ඉතිං සෙත් ආපහු එනකං ඔයා පරිස්සම් කරගන්නයි නපුරු වුනේ.. තරහා වෙන්න එපා… දැන් හැමදේම හරියයි..
එයා කියවගෙන යනවා. මොනවත්ම කියන්න මට බෑ කතා කලොත් මට ඇඬෙ නවා. ඒක නිසාම මම කිසිම දෙයක් කියන්න ගියෙ නෑ. මම බිම බලාගෙන ඔහේ හිටියා.
මාත් එක්ක ඔච්චරම තරහද…? කතා කරන්න වත් බැරිද.. එයා ආයිම අහනවා.
ඇයි මාව රැවැට්ටුවෙ.. ඇයි මට බොරු ක ලේ
..ඔයාට එයාට එහෙම නොකර ඉන්න තිබුනා… කියන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරි උනත් මට එහෙම ඇහුනා.
සමාවෙන්න..ඒක වැරදි තමා ඒත් ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ…මම ඇත්ත ම කීව නං ඔයා කීයටවත් පිලිගන්නෙ නෑ…
එයා කියනවා. ඔව් හෙම වෙන්න තිබුන තමා. ඒත් ඒත් එයා එහෙම නොකල නං මට මෙච්ච ර ලං නොවුන නං අද මම මොන තරම් සතුටින් ඉන්නවද..
සමාවෙන්න කිව්වම… හැමදේම හරියනවද..? මම ඇහුවෙ දරාගන්න බැරි දුකකින්. ඇඬෙ න්නෙ නැතුව කඳුළු පෙරන්නෙ නැතුව එහෙම අහන්න පුළුවන් කියලා මමම දැනගෙන හිටියෙ නෑ.
එහෙනං මං මොනවද කියන්න ඕනි…?
එයා එකපාරම ඇහුවා.
කිව්වොත් කියන්න ඕනි දේ කියනවද…?
ඔව්..
ප්‍රොමිස්… පුංචි එකෙක් වගේ මම අත දික්කලා.
අතිං අල්ලන්න බැරි උනාට ප්‍රොමිස්…
ඇත්තටමද…?
ඔව් ළමයො මං මොකටද බොරු කියන්නෙ ඔයාට…
එයා එහෙම කීවේ ලස්සනට හිනාවෙලා.
එහෙනං… එහෙනං… මට ආදරෙයි කියන්න…
මට කියවුනා. දෙයියනේ මම කොහොමද එහෙම දෙයක් කීවෙ. ඒ වචන ටික ආපහු ඇදලා ගන්න පුළුවන්නං. මගෙ වචන වලට මංම බයවුනා. මංම ගැස්සුනා. මම ගැස්සිලා බය වෙලා එයා දිහා බැළුවා. එයා මගෙ දිහා බලාගෙන හිටියෙ මටත් වඩා බය වෙලා.
හමුවෙමු.
කොහොමද ඒන්ජල් ෂෝයි නේද..බලමුකො නපුරා මොකද කරන්නෙ කියලා. මේ තුන්දෙනාම පව් ඊට වඩා මම පව්. මොකද මොනාද කරන්නෙ කියලා තාම හිතා ගන්න බෑ.
ස්තූතියි කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම. සමාවෙන්න රිප්ලයි නැතිවට. ඒ හැම කමෙන්ට් එකක්ම මම හරි ආසාවෙන් කියවනවා.
ඉතිං නිකම්ම ලස්සනයි නොකියා මොනවම හරි කියාගෙන යන්න. දෙතුන් වතුවක්ම කීවා රික් කරනව නං මෙසේජ් එකක් තියන්න. නැතුව කතාව කියවන අයව මට හොයා ගන්න බෑ