සංසාර පුරුද්ද ද මේ…….

පළමු_කොටස

මගේ නම සමීර ගුණතිලක, වයස අවුරුදු 27යි. අම්මයි , තාත්තයි ,අයියයි, මමයි පවුලෙ. අයියා නම් බැදලා.එයා ඉන්නේ වෙනම. අම්මයි,තාත්තයි, මායි ගෙදර ඉන්නේ.මම අවුරුදු ගානක්ම රට ඉදලා ලංකාවට ආවේ ගිය මාසෙ.ගෙදර ඉන්න කම්මැලි හින්ද මගේ හොදම යාළුවා වෙච්ච රවීන් වැඩකරපු රක්ෂණ සමාගමේ අලෙවි ප්‍රවර්දන නිලදාරියෙක් විදිහට ජොබ් එකක් හොයා ගත්තා.

එදත් රවීනුයි මායි යුනිට්යි කොලෙජේ නම්වූ ආයතනයට ආවේ රැකියාවේ වැඩකට. අපි එනකොට ආයතන ප්‍රධානින් ඇවිල්ල හිටපු නැති හින්දා අපි එතන පිළිගැනීමේ නිලධාරිනිය සිටි තැන පනවලා තිබුණු ආසනයේ වැඩිවෙලා හිටියේ ඔහුන් එනතුරු.. රවීන් නම් හිටියේ මෙලෝ සිහියක් නැතුව ෆොනේ එක ඔබනවා.මට වෙලාවකට හිතෙනවා උගේ ඇස්‌ දෙක ෆොනේ එක ඇතුලට යයි වත් ද කියලා.

මමත් ඉතින් නිකන් ඉන්න කම්මැලි හින්දා fb එකට ලොග් උනා.

excuse me….ගූඩ් මොර්නින්ග් ….

මම ඔලුව උස්සලා බැලුවේ ලස්සන කටහඩක් ඇහුන හින්දා.

නිල් ඩෙනිම් කලිසමක් ඇදලා සුදු පාට බැනියමට උඩින් බොත්තම් ටික ඇරලා දාපු කොටු ෂර්ට් එකක් ඇදලා වැලමිට ළගට නවලා ඩෙනිම් බැග් එකකුත් ලැම හරහට දාගෙන කොන්ඩේ උඩට බැදලා චීන කොණ්ඩ කට්ටකුත් ගහගෙන අඩුගානේ තොල් ආලේපනයක් වත් නොගහ සිටි නමුත් ඉතාම සුන්දර යුවතියක් හිටගෙන හිටියේ පිළිගැනීමේ නිලධාරිනිය හිටපු මේසය ඉස්සරහ.

ගූඩ් මොර්නින්ග්….. මොකද්ද මිස් වෙන්න ඕනේ පිළිගැනීමේ නිලධාරිනිය ඇසුවා.

මම ආවේ මගේ සර්විස් ලෙටර් එක ගන්න.

මිස්ගේ නම….?

දෙව්…… නෑ මං කිව්වේ ඩියාෂි දෙවන්ගනා අතුරලිය.

මිස් ඩියාශි ….සර්ලා නම් තාම ඇවිල්ලා ටිකක් ඉන්න පුලුවන්ද….?
කිය වෙයිද එද්දී?

දහය වත් වෙයි….

මට අපොයින්මෙන්ට් එක දුන්නේ නමයාමාරට කමක් නැහැ පැය භාගයක්නේ.. මං ඉන්නම්.. ඒ කෙල්ල එහෙම කියලා වටපිට බැලුවා….

සර්විස් ලෙටර් එකක් ගන්න කියන්නේ.. මේ ආයතනයේ වැඩ කරලා ඇති. මට හිතුනා..

මම වගේම රවීනුත් උගේ දොබගෙඩි ඇස් දෙක ෆෝන් එකෙන් එලියට අරගෙන කෙල්ල දිහා බැලුවා.

මොකද ටිකක් වෙලා ඉන්න කිව්වම අපි නම් කෙලින්ම ඇවිල්ල පුටු දෙකක් අල්ලලා වාඩි උනා.

නමුත් ඇය…….

ඇය මුලින්ම කලේ වට පිට බලපු එක….. මේ තැන අවුරුදු ගානක් වැඩකරපු තැන නේද කියලා හැගීමක් අගේ දෑස්වල තිබුන කියලා මට හිතුනා.

අගේ ඇහැ ගැටුනේ නිර්මාණ පුවරුව කියලා ගහලා පොඩි ළමයින්ගේ නිර්මාණ පුරවලා තිබ්බ දැන්වීම් පුවරුවක. ඇය එතනට ගිහිල්ලා ඒ නිර්මාණ අතගැවේ ලොකු ආදරයකින් එයාට මටහක් වෙනවා ඇති එයා ළමයි එක්ක එකතු වෙලා ඒ නිර්මාණ කරපු හැටි.

මේ සංකේත් බබා තාම ස්කුල් එකේ ඉන්නවද? ඇය නිර්මාණ දිහා බලමින්ම පිළිගැනීමේ නිලධාරිනියගෙන් අහුවා.

එයා නැහැ මිස් …

හ්ම්……එතකොට තුෂාල් ,වෙනුකි , එහෙම …

එයාලා ඉන්නවා…….

හ්ම් …..

කෙල්ල ඒ නිර්මාණ පුවරුව දිහාම බලාගෙන හොද හුස්මක් ගත්ත. ඊට පස්සේ හැරිලා ඇවිත් අපි දෙන්නට එහා පැත්තේ තිබුණු පුටුවෙන් ඉද ගත්තා.

හ්ම්…. පැය භාගයක් තියෙනවනේ. කතාකරන්නවත් කව්රුත් නැහැ. දැන් ඉතින් මන් අදුරන අයත් මේ ස්කොලේ නැහැනේ.ඒ හින්දා චුඉංගම් එකක් වත් කමු අපේ බොස් එනකම්. කෙල්ල තමන්ටම එහෙම කියලා බැග් එක ඇරලා චුඉංගම් එකක් ගත්තා ,කොලේ කටේ දාගෙන හපන්න ගතේ කකුල් දෙකත් පද්ද පද්ද. රවීන් මගේ දිහාත් මම රවීන්ගේ දිහාත් බැලුවේ මොකුත් කරගන්න බැරුව.

ඇය ළගම ඉදගෙන හිටියේ මම …..හුරු පුරුදු පිච්ච මල් සුවදක් එනව. අමුතු හැගීමක්.

මට ඇය ගොඩාක් පුරුදුයි කියලා හිතෙනවා.

සමීර උබට පිස්සු.උබ මේ කෙල්ලව දැක්කේත් අද. මම හිතට කියාගත්තා තදින්ම.

නැහැ උබ මේ කෙල්ලව කොහේදී හරි දැකලා තියෙනවා……..

රට ඉන්න කොටද?

වෙන්න බැහැ

කොහෙදිද මන් එයාව දැකලා තියෙන්නේ ?

මම හිත හිත කල්පනාවෙන්ම පුටු ඇන්ද මතින් අත තිබ්බා. නමුත් මම වැරදිලා අත තියලා තියෙන්නේ කෙල්ලගේ අත උඩින් .

එයා ගැස්සිලා වගේ කෙලින්ම බැලුවේ මගේ ඇස් දිහා……..

මම හිතන්නේ අපි දෙන්නා කලින් හම්බවෙලා නැහැ……

මේ ආත්මෙදි නම් නැහැ ……..

එයා කිව්වේ මගේ හිත කියෙව්වා වගේ.

එයා කොහමද මම හිත හිත හිටපු දේ දැනගත්තේ? මම හිතන දේවල් මගේ මුහුණේ තියෙනවද?

මම පත්උනේ ගොඩක් පුදුමයට

රවීනුත් මන් දිහා බලන් හිටියේ පුදුමයෙන්.

ඊට පස්සේ එයා හරි සාමාන්‍ය විදියට හිනා වුනා…..

මම ඩියාෂි …..එතකොට ඔයාලා ?

මම රවීන් ….මේ සමීර…රවින් අපිව අදුන්වලා දුන්නේ මම වචන හොයාගන්නත් බැරි තරමට පුදුම වෙලා ඉන්නකොට.

එතකොටම ඒ ආයතනයේ ප්‍රධානින් දෙන්න අවා.ඔහුන් දෙන්නා ඔහුන්ගේ කාර්යාල කාමරයට ගියේ අපි තුන්දෙනාටම හොදට හිනාවෙලා. මොහතකින් පිළිගැනීමේ නිලධාරිනිය කෙල්ලට කතා කළා.

මිස් ඩිෂානි සර් දෙන්න ඔයාට කථා කරනවා.

තැනක් යූ……. කෙල්ල නැගිට්ටේ එහෙම කියල.

සර්ලා දෙන්නටත් ඒ එක්කම එන්නලු, පිළිගැනීමේ නිලධාරිනිය අපි දෙන්නටත් කිව්වා.

ඒ යුවතියත් බැලුවේ පුදුම වෙලා.

අපි තුන්දෙනා එකට නෙමෙයි අවේ,

මගේ සර්විස් ලෙටර් එක ගැන කතා කරන්න යන එකට මෙයාල දෙන්න මොකටද?

ඇය ඇසුවේ මගෙත් ඔලුවට අපු ප්‍රශ්නය?

ඔව්…………. ඇය හරි ……. මොන ආයතනයේද මේ විදියට ඔක්කොම එකට අමුත්තෝ මුණ ගැහෙන්නේ .ආයේ සේවා ලිපිය කියන්නේ පෞද්ගලික කරනයක්.

I am sorry මිස් …… සර්ලා එහෙම තමයි කිව්වේ.

හ්ම් එකත් එහෙමද?

ඇය ආපසු කිව්වේ ලොකු හුස්මක් අරගෙන ඇයම සන්සුන් කරගෙන වගේ. මටනම් ඇය ඇත්තටම ප්රහේලිකාවකි. මට හිතුන රවීන්ටත් එහෙමයි කියලා උගේ මුණ බැලුවම මට හිතුනා. කෙල්ල ප්‍රධානින් දෙන්න හිටපු කාමරයේ දොර ඇරියා.අපි දෙන්නත් ඇය පිටුපසින්ම ඇතුළු වුනා.

ගූඩ් මොර්නින්ග්….කොහමද නාලක සර්? හිරාන් සර් කොහමද?

කෙල්ල සුහදව කිවුවේ හිනාවෙලා.

හොදින් ඉන්නවද දෙව්….?නාලක විජේසිංහ කිවුවේ හිනාවෙලා.

ආයතනයේ සම අයිතිකරුවකු වෙච්ච ඔහු ඉතා නිහතමානී පුද්ගලයකු ලෙස අපි හොදින් හදුනාගෙන හිටියේ.

හිරාන් සතරසිංහ නම් වූ අනිත් පුද්ගලයා නම් මට පොඩ්ඩක් වත් පෙන්න බැහැ .

බඩතඩියා කියලි මමයි රවීනුයි ඔහු හදිනුයේ. අකමැති උනත් අපිට ඔහු එක්ක එකට වැඩ කරන්න සිද්දවෙලා තිබුනා. බඩතඩියානම් කෙල්ල දිහා බලාගෙන හිටියේ රවාගෙන.

අයි යකූ ඒකි එච්චර හොදින් හිනා වෙලා කථා කරද්දී ටිකක් හිනවුනානම් ඇගේ ඇටයක් යනවද?

අනිත්තෙක මේ තමන්ගේම සේවිකාවක් වෙච්ච කොට. මට හිතුනේ එහෙම…

දෙව් …… මොකෝ කලකින් අපිව මතක් වෙලා, නාලක ඇසුවේ හිනාවෙලා

බඩතඩිය නම් තවත් ඔරවගෙන බලන් ඉන්නවා.

මගේ සේර්විස් ලෙටර් එක ගන්න සර් මම ආවේ…

හහ්…..ස්ර්විසේ ලෙටර් නේද? බඩතඩියා ඇසුවේ සමච්චලයට වගේ.

කෙල්ලට හිතාගන්නවත් බැරිවුනා කොහොමද බඩතඩියා ඇයට මේ විදියට කථා කරන්න හේතුව?

ඇස් දෙකත් ලොකු කරගෙන ඇය බලන් හිටපු විදියට මට හිතුනේ එහෙම.

ඇයි මොකද්ද හිරාන් සර් ප්‍රශ්නේ?

මම යද්දී මගේ ස්ර්විස් ලේටර් එක ගත්තේ නැහැ කියලා සර් දන්නවනේ.කෙල්ල කිවේ තවත් ගැටළුවක් හිතේ රදවාගෙන.

දෙවන්ගනා……. තමුන් දන්නවද තමුන්ට මේ ආයතනයේ දීල තියෙන ඉන්ෂුරන්ස් එක තමුන්ගේ තාත්තා අයිති විදියට පාවිච්චි කරලා තියෙනවා කියනවා. තඩියා කිවුවේ ගොඩාක් සැරෙන්…

මොකක්….?

ඔව් ඇයි විශ්වාස නැද්ද?

ඔය හොදටම දැනගෙනද කථා කරන්නේ?

ඔව් නැතුව? මම මෝඩයෙක් කියලා හිතුවද?

එක සර් තීරණය කරන්න.කෙල්ල දමල ගහන්න වගේ එහෙම කියද්දී රවීන් කට තද කරගෙන බිම බලා ගන්නවා මම දැක්කා.

නියමයි බඩ තඩියට මේ වගේ කථා කරන්න එකෙක් හරි ඉන්නවා.මට හිතුනේ එහෙම.

සමහර වෙලාවට ඌ කරන ඒවාට මට උනත් හොම්බට අනින්න හිතෙනවා. ඉවසලා ඉන්නේ ජොබ් එක හින්දා.

කෙල්ලෙක් වෙලත් මේ කෙල්ල නම් මාරයි.

දැන් මට කියන්නේ ඔය චෝදනාව පිළිගන්න කියලද?

කෙල්ල ඇය ඉදගෙන හිටපු තැනින් නැගිටලා ඇසුවේ දෙඅත් බැදගෙන.ඇයගේ මුනේ තිබුනේ දැඩි බැල්මක්.

එක ඔප්පු කරන්න තමයි ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ඇවිත් ඉන්නේ.බඩතඩියා එහෙම කියලා අපිව පෙන්නදී කෙල්ලත් බැලුව අපිදිහා.

බඩතඩියා කියපු කතාව තබෙකට ගනන් ගත්තු බවක් නම් ඒ මුනේ පෙන්නේ නැහැ.

දැන්…ඒ ඉන්ෂුරන්ස් ප්‍රශ්නේ මගේ සර්විස් ලෙටර් එකට අදාලද.. කෙල්ල ආයෙමත් බඩතඩියා දිහා බලලා ඇහුවා.

ඔව්….. ආයතනයේ සම්පත් වංචා සහගත ලෙස භවිතය ගැන ඔයාට විරුද්දව නඩුවක්දාන්න උනත් මට පුළුවන් දේවන්ගනා…බඩතඩියා කිව්වේ වීරයෙක් වගේ.

දැන් එතකොට මම වැරදි නැ කියලා ඔප්පු උනොත් මොකද්ද වෙන්නේ බඩතඩියාගේ තර්ජනය ගණන් ගන්නේ නැතුව ඇය ආපසු ඇසුවා.අන්න එතකොට ආයතනය චෝදනා එල්ල කිරීම ගැන මම තමුන්ට විරුද්දව නඩුවක් දානවා මිස්ටර් හිරාන් සතරසිංහ.

බලමු…. බඩතඩියා කිවුවේ ඇත්ත පිළිගෙන වගේ. සමීර මෙන්න මේ මිස්ට පැහැදිලි කරලා දෙන්න මේ වංචාව කරලා තියෙන්නේ කියලා.

මේකයි මිස් දෙවන්ගනා….. මිස්ටර් සේනක අතුරලිය කියන්නේ මිස්ගේ තාත්තද?

ඔව්.

මිස්ටර් සේනක අතුරලිය උත්සහ කරල තියෙනවා ෆ්රාන්සස් ඩිබෝරා කියන කාන්තාවගේ මෙඩිකල් රිපෝර්ට් වගයක් ඉදිරිපත්කරලා රක්ෂණ සමාගමෙන් මුදල් ගන්න.

ෆ්රාන්සස් ඩිබෝරා ….. කෙල්ල කිවුවේ අසිහියෙන් වගේ.ඒ හඩේ තිබ්බේ පුදුමයක්ද,අවිනිශ්තිත බවක්ද නැත්නම් මොකද්ද කියල මට තේරුම් ගන්න බැරි උනා.