දසවන_කොටස❄️💦

තුහින්‍යායි ගිහන්ස්‍යායි දෙන්නා කන්ද බැහැගෙන සීතල මීදුම් තට්ටු පිරුණු නුවරඑළිය නගරයේ ප්‍රධාන බැංකුවක් අසලට ආවා……..

” අක්කි……. බෑන්ක් යන්නෝනද……

තුහින්‍යා සිනාසෙමින් හිස සැළුවාය…….. ඇය අප්පච්චිට පසුම්බිය පෙන්වා පැමිණියාට අතෙහි සල්ලි තිබුනේ නැත………. ඇය බැංකු පාස් පොතත් අරගෙන බැංකුවට ඇතුළු වුනේ ගිහන්ස්‍යාගේ අතක අත පටලගෙනමයි…….

” මේහ්…….. දැන් ඔය බැංකු පොතේ සල්ලි තියනවද……….

තුහින්‍යා හිස සැළුවේ ඔව් කියන්න….. හුඟාක්ම ඉස්සර දවසක මොකක්දෝ හේතුවකට වේදේශ් ඇගේ බැංකු ගිණුමට දැමූ සුළු මුදලක් එහි තිබුණා…… ඇය ඉන් සතයක් වත් ගත්තේ නෑ……… නමුත් ඇය තීරණය කලා අද ඒ මුදල් ගන්නවා කියලා…… මොකද වේදේශ් සහ ඔහුගේ පවුලම කොච්චර සල්ලි තියන මිනිස්සු වුනත් එයාලා සල්ලි වලට වඩා වටින තුහින්‍යාගේ.ජීව්තය අඳුරු කරලා තිබ්බා……. දරුවන් නැති ගැහැණියෙක් කියලා අයින් කරලා තිබ්බා……… එලෙස බලන කල ඔවුන් තුහින්‍යා හට ණයකරුවන්ය……. ඇය මේ මුදල් ගැනීම සම්බන්ධව බොහෝ සිතුවා වුනත් ඇයටත් මේ වෙලාවේ කරන්න දෙයක් තිබුනේ නෑ……….අප්පච්චිගේ පෙන්ෂන් එකෙන් හැමදෙයක්ම කරගන්න බෑ කියලා ඇය දැනගෙනයි සිටියේ්…….. මොනවා වුනත් මල්ලිටයි නංගිටයි හොඳට උගන්වන්න ඕනි කියලා ඇය සිතුවා…….

කෙල්ලෝ දෙන්නා බැංකුව ඇතුලේ ඉන්න සෙනඟ දැකලා මුහුණෙන් මුහුණ බලා ගත්තා…….. දොරටුව අසල ඉඳන්ම පෝලිම……….

” අක්කා…. තමුසෙ පුරවන් එනවා මං එතකල් පෝලිමේ ඉන්නම්………

ගිහන්ස්‍යා සෙනඟ පීරගෙන පෝලිමට එකතු වෙද්දි තුහින්‍යා ස්ලිප් එක පුරවන්නට වුනා………. මුළු නිවසටම අවශ්‍ය දේවල් ගන්න ඕනි කියලා ඇය සිතුවේ ඇත්තටම ඒ වෙද්දිත් කිසිම කිසි දෙයක් ගෙදර තිබුනේ නැති හින්දා……… තුහින්‍යා කෝකටත් කියලා තිසි දහසක්ම පිරෙව්වා…….. ඒ නංගිටයි මල්ලිටයි අම්මටයි අප්පච්චිටයි මොනවා හරි අරන් දෙන්නත් එක්ක…… තුහින්‍යා ඔය හැමදේම ගැන හිත හිත ගිහන්ස්‍යා ගාවින් හිටගත්තා…..

” බලනවාකෝ අක්කා…… පෝලින් එකක්වත් ඉස්සරහට යන්නෙ නෑ…… අර කවුන්ටර් දෙකෙ ඉන්න ගෑණු දෙන්නා වෙනමම ලෝකෙක ඉන්නේ….. එක්කෝ කතාව ඉවරයක් නෑ……… පිස්සු ගෑණු… නිකම් මිනිස්සුන්ට වද දෙනවා මදිවට තමන් රස්සාව කරන තැනත් අපකීර්තියට පත් කරනවා…….

ගිහන්ස්‍යාාග් වචන ඉතා සැරට ඇසුනා අවට සිටින සියල්ලන්ටම…… ඔවුන් සියළු දෙනාම ඒ කියමන අනුමත කරද්දී ඉදිරියෙන් ඇහුනේ ඊට නොදෙවෙනි සිංහ නාදයක්………..

” මොන මගුලක්ද අයිසෙ කරන්නේ……. තමුසෙලාට වට්ටි අම්මලා වගේ කතා කර කර ඉන්න ඕනෙ නම් ගෙදර යනවලා…….මෙතන මිනිස්සුන්වත් රස්තියාදු කරවලා එපා කරවන්නැතුව…..

ඉදිරිපසම සිටින තරුණයෙක් මහා සද්දෙට කෑ ගසනවා…….. ගිහන්ස්‍යා නම් ඔහු දිහා බලාගෙන හිටියේ ආඩම්බරෙන්…… නමුත් පිටුපා සිටි හෙයින් ඇයට ඔහු පෙනුනේම නෑ……..

” තමුටසලට වැඩේ කරන්න බැරි නම් මං තමුසෙලාගේ තමුසෙලාගේ head office එකට කතා කරලා complain එකක් දාන්නම්……. එතකොට ඉවරනේ……..

ඔහු තාම බැන වැදී අවසන්ව නැත…… කවුන්ටරයේ කාන්තාවන් දෙදෙනා තවත් ඔහු කියූ දෙය ගණනකට නොගත්තේය………..

” ශිට්………….. ගෑණු දෙන්නෙක් නිසා ඉවසනවා ඇත්තමයි මේ එන කේන්තියට මුහුණ සමතලා කරනවා……… පව් යකෝ මේ අහිංසක මිනිස්සු…….. උඹලා මෙතන කාලේ කෑවට මේ මිනිස්සු මේ පෝලිම් වල ඉන්නේ දහසකුත් වැඩ ඔළුවේ තියාගෙන……….

මේ තරම් කෝපයට පත්ව කෑ ගසමින් සිටි තරුණයා තමයි භූමි……… ඔහුත් පැමිණායේ මුදල් රැගෙන යාමටමයි…. නමුත් එක් වරම ඔහු එතැන කවුන්ටරය මත තිබූ වීදුරු මල් වාස් එක පොළවේ ගැහුවා………

” ශහා……… නියමයි යකූ……. ෆිල්ම් එහෙක වගේ………. මෙයා නම් ශා්ක් අක්කා රොමෑන්ටික් දුෂ්ඨයෙක්ට……. අර බලපම්කො අත් වල ලස්සන පච්චයක් කොටලා…….. මාර හැන්ඩ්සම් ආ………..

ගිහන්ස්‍යා භූමි දිහාම බලාගෙන කියද්දි තුහින්‍යා ඇය දෙස රවා බැලුවාය……

” රවන්නැතුව ටිකක් බලන්නකෝ අක්කේ……..

” අනේ මේ චූටි……… කට වහගෙන ඉන්නවා……. මොන විකාරයක්ද ඒ මිනිහා ඒ කලේ…… ඕක සමාදානයෙන් කතා කරගෙන කරන්න තිබුනානේ….. මෙතන පොලවේ පස් කන්න හදන්නැතුව……. ඒ මදිවට තව බැංකුවම හෙල්ලෙන්න කෑ ගහනවා….. මහ මෝඩයෙක්……. මෝඩ මිනිස්සු තමා ඔහොම කෑ ගහන්නේ…… කිසිම හැදියාවක් නෑ……..

අක්කාගේ දාර්ශනික මහප්‍රාණ වදන් වලට ගිහන්ස්‍යා කලේ ඇය දෙස උපහසොත්මකව බැලීම පමණයි……

” ඒ අයියා ලඟට ගිහින් මේ මිස් කියලා කතා කලා නම් බලන්න තිබුනා ඔය අම්මණ්ඩිලාගේ කටේ සද්දේ…… හොඳ වැඩේ…….

ගිහන්ස්‍යා වෙතින් දෑස් ඉවතට ගත් තුහින්‍යා බිම බලාගත්තා……… ඇය කොහොමත් වැඩිය කතා බහක් නැති නිහඬ චරිතයක්……….. ඒ හින්දාමයි ඒ කුලගෙයි කටුක ජීවිතයම නිහඬව වසර හතරක් ගෙවා දැම්මේ……. ඇගේ තියන අහිංසක කම නිසාමයි වේදේශ් හා ඔහුගේ මව ඇයට බොහෝ නපුරු විදිහට සැලකුවේ………… තුහින්‍යාටත් නොහිතුනා නෙවේ නංගි කියන්නෙත් ඇත්ත කියලා………… තුහින්‍යා නැවතත් හිස ඔසවා ඒ පැත්ත බලන විට බැංකුවේ මැනේජර්ත් එතනට ඇවිත් ප්‍රශ්ණය විසඳන්න……… අවසානේ මැනේජර් මහත්තයා කවුන්ටර් දෙකේ හිටිය කාන්තාවන් අයින් කරලා එතැනට තවත් අළුත් කවුන්ටරයක් දාලා දැන් පෝලිම් තුන කිසිම කරදරයක් නැතුව ඉදිරියට යනවා……. භූමි ඉක්මනින් මුදල් ටිකත් අරගෙන ගියේ New paper advertisement එකට ගෙව්වේ ඇඩ්වාන්ස් එකක් විතරක් නිසා ඒම මුදල් සම්පූර්ණයෙන්ම ගෙවීමටයි…… බැංකුවේම සිටි සියල්ලන්ම භූමිට ප්‍රසංශා කලත් තුහින්‍යා නම් මේ පුද්ගලයා කලුද සුදුද කියලාවත් බැලුවේ නෑ……… නපුරු මැර චණ්ඩි මිනිසුන්ට ඇය බියයි…… ඊටත් වඩා ඇයට දැන් පිරිමි සංහතිය ගැනම ඇත්තේ හැඟීම් විරහිත බවක්……

” අක්කා…….. ඒ අයියා නම් මාර හැනිඩියා ආ…….. පිස්සු හැදෙනවා ඕයි ඒ ලස්සනට………. හැබැයි අක්කා පට්ටම මැරයෙක් වගේ…….. හරියට අර ලස්සන ටැමිල් අැක්ටර් කෙනෙක් වගේ…….. බලනවාකෝ…… අක්කේ බලන්නකෝ

ගිහන්ස්‍යා තුහින්‍යාට වැලමිටෙන් අැන්නේ භූමි ඔවුන් ලඟින් යද්දි…. ඒ වුනත් භූමි එක ඇහිපිල්ලමක්වත් ඔවුන් දෙසට හෙළුවේ නෑ………. තුහින්‍යා නංගිගේ වැවිටිල්ලට යන්තම් ඇස් පා කලා විතරයි………. නමුත් භූමිගේ කඩවසම් රුව මැර පෙනුම ඇගේ මතකයේ ගැඹුරින්ම ඇඳුනා……

තුහින්‍යාගේ වාරය පැමිණි බැවින් ඇය කවුන්ටරය වෙත ගියේ නංගි තවමත් පිටුපස හැරම්න් මැර කොල්ලා දිහා බලද්දි………….

සල්ලිත් අරන් ඔවුන් දෙන්නා නුවර එළිය නගරයේ සීතල දැවටුන වෙළඳසැල් අතරින් ඉදිරියට ඇදුනා……. එහි සිරි නරඹමින් පැමිණි ඔවුන් දෙන්නා අවශ්‍ය ඇඳුම් අයිත්තම් ගැනීමට එතැන තිබුන ෆැන්ටෑස්ටික් ෆැෂන් එකට ගියා………. සිව් මහල් ගොඩනැගිල්ලේ ඉහලම මහලේ කාන්තා නිමි ඇඳුම් අංශයට ගිය ඔවුන් දෙන්නා තෝර ගත්තේ නම් එකම විදිහේ ඇඳුම්……. ඊට අමතරව ශීතලට අඳින්න අවශ්‍ය ජර්සි කීපයක් මිළට ගත්හ……..

” අක්කේ මේවා ගනන්නේ බං….. කොහේද සල්ලි………

” ඔයාට ඒවායින් වැඩක් නෑනේ ගන්නකෝ……..

තුහින්‍යා ඇය පැවසූ කිසිවක්ම ගනන් නොගෙන කීවේ තවත් ඇඳුම් තෝරමින්…..

” අක්කා…… තමුසෙට ලොතරැයියක් වත් ඇදුනද බං…….

තුහින්‍යා සුසුමක් හෙලා ගිහන්ස්‍යා දිහා බැලුවේ ඇයට කොහොමත් මුදල් ලැබුනේ කොහොමද කියලා කියන්න වෙන නිසා……….

” මේ සල්ලි මට දැන් හුගක් කාලෙකට කලින් වේදේශ් අයියා දුන්නේ……. එයා මාත් එක්ක හිටිය හොඳ කාලේ………

ගිහන්ස්‍යා ඇය දෙස බැලුවේ අනුකම්පාවෙන්……….

” ආ ඒකත් එහෙමද මේ මස්සිනාගේ සල්ලිද………. අවුලක් නෑ……. මේහ් ඇත්තම කියනවා මොනවා වුවත් වේදේශ් අයියා තමුසෙට ආදරෙයි නේද…….

නමුත් එය ඉන්තේරුවෙන්ම නෑ කියල කියන්න හිස දෙසපට සැලුවාය…… ගිහන්ස්‍යා දෑස් විසල් කර ඇය දෙස බැළුවාය………

” ඒ කියන්නේ……..

” ආදරේ කියන්නේ මොකක්ද……. මිනිස්සු ආදරේ කියලා කරන්නේ මහ විහිළුවක් නංගි……… වේදේශ් ඕනැ නම් මාත් එක්ක හොඳන් ඉන්න ඇති මාස හයක්…………. එච්චරයි…….. ඊට පස්සේ අපි අතරේ කිසිම ආදරයක් වත් එහෙම හැගීමක් වත් තිබුනේ නෑ……… කෞමදී නැන්දා හැමදේම කලේ එයාටම හරියනවා ටීෂා අක්කා…… එහෙ හොදයි කියන්න හිටියේ වෛදහී නංගි විතරයි……

” හරි හරි ඒවා කතා කරලා අපේ දවස අවුල් කරගන්න ඕනි නෑ අනේ එන්න යමු අර පැත්තේ ගවුම් තියනවා….

දෙන්නම ගවුම් තෝරන්න යද්දි තවත් දෙන්නෙක් ඇඳුම් තෝරගන්න ගමන් තමයි හිටයේ……….

” අක්කා අර ඇඳුම…… අර…..අර ගර්ල් ගාව තියෙන්නේ ඒක නම් ලස්සනයි.

ගිහන්ස්‍යා කීවේ ඔවුන්ට ටිකක් ඈතින් ඉන්න ගැහැණු ළමයි පෙන්නමින්……

” අපිත් යමු ඒ පැත්තට බලන්න…….

ඔවුන් දෙන්නත් එතැනට ගිහින් ඇඳුම් තෝරන්නට වුනා……. නමුත් අනපේක්ෂිත විදිහට ගිහන්ස්‍යා අල්ලපු ගවුමම අනෙක් පස සිටි එක් තරුණියක් අල්ලද්දි දෙන්නම ඔවුනොවුන් දෙස බැලුවා……………

මේ යුවතියන් දෙදෙනා භූමිගේ මාමා වන රංජන් සමරනායකගේ දියණියන්…….. තේජස්වි සමරනායක හා මානවී_සමරනායක

❤️••••මතු සම්බන්ධයි•••••❤️