ඔව්.. අද අපේ සමස්ත ලංකා තරගාවලියේ ජයග්‍රාහකයා වන්නේ,
සියල්ලෝම බලන් හිටියේ තුෂ්නිම්භූත වෙලා. මෙහන්සා පත් වෙනු ඇති කියල ඔවුන් හැමෝම හිතාගෙන හිටියේ. ඒත් ඇයට ස්ථානයක් ලැබිල නැද්ද? ……….. එහෙම උනේ කොහොමද?
වේදිකාව මත හිටපු කොල්ලගේ ඇස් වලට කඳුළු එන තරම්. සම්මානය එතනම දාල බැහැල එන්න තරම් හිතෙනවා කොල්ලට. එහෙම උනේ කොහොමද ඇයි මෙහන්සා තේරුනේ නැත්තේ…………
නෑ නෑ මට වැරදුනා. ජයග්‍රාහිකාවක් තමයි පත්වෙලා තියෙන්නේ. ඔව් ඇය මෙහන්සා නිල්නයනි වීරසේකර.
මට යන්න දීපන් අරූගෙ හොම්බට දෙකක් ඇනල එන්න. ඕකා මගෙ ඇගේ ලේ වතුර කරා. බිතුම් කියනව මෙහන්සටත් ඇහුන.
ඔව්. ඉතින් මම ප්‍රාර්තනා කරනව ඉදිරි දිනක ශ්‍රී ලාංකීය නිවේදන ක්ශේත්‍රයේ දිදුලන පහනක් වෙන්න ලැබේවා කියල. නිවේදකයා යලිත් කිව්වෙ කෙල්ල වේදිකාවට ගිහිං ඇයට හිමි සම්මානය ගන්නකොට.
මම මෙච්චර සතුටු වෙච්ච දවසක් ඉතිහාසෙ කොහෙවත් නෑ බං
හිතට දැනෙන දේ ඒ අයුරින්ම වදන් වලට ගොනු කරේ බිතුම් විතරයි. අනිත් හැමෝම ඒ සතුට හදවත් තුලම ගොනු කරගෙන මෙහන්සයි කිලානුයි දිහා බලං හිටිය.
කිලාන්ගෙ අම්මත් තමන්ගෙ පුතු දිහා බලං හිටියෙ කදුලු පිරුනු නෙත් වලින්.
දඩබ්බර ගති පැවතුම් වලින් යුතු වූ ඔහු යහමගට වැටී ඇති බව ඇයට සක්සුදක් සේ දැන් පැහැදිලියි. ඇය මෙහන්සා දිහා බලං හිටියෙත් සතුටෙන්. පුතුන්ම දෙදෙනෙකුගේ මවක වූ ඇය දියනියක් සිටියා නම් කොපමන අගේ දැයි කල්පනා කරේ කෙල්ල දිහා බලාගෙන. දුවෙක් ලැබෙන්නත් වාසනව තියෙන්න ඕනෙ. ඇයට හිතුන. කිලාන් ඒ යුවතියත් එක්ක කතා කරනව ඇය දැක්ක.
ඔවුන් හදුනනවාද? ඔහු කිසිදිනෙක ඇය පිලිබදව තමන් සමග පවසා නැතසමහරවිට මේ තාගෙට ඇවිල්ල අදුනගන්න ඇති. වටපිට බලද්දි ඇය දැක්කෙ බිතුම්ව. ඒ ඔස්සේ බලනකොට ඇය දැක්ක යාලුවො ඔක්කොම ඇවිත් ඉන්නව. ඒ නිසා ඇය තමන් හිටපු තැනින් නැගිට්ටෙ ඔවුන් හිටි දෙසට යන්න.
අනේ ආන්ටි. කොහෙද මෙච්චර වෙල හිටියෙ. අපි දැක්කෙත් නෑ. අරූ කිව්වෙත් නෑ ආන්ටි එනව කියල. සේනානායක මැතිනිය මුලින්ම දැක්කෙ අදීශ. ඒ නිසා යාලුවො ඔක්කොම බැලුව.
එන්නකො ආන්ටි මම කෙනෙක් අදුන්නල දෙන්න. බිතුම් කිව්වෙ මිහින්ගෙ අම්ම පුදුමෙන් වගේ අමුත්තිය දිහා බලනව දැක්ක හින්ද. පස්සෙ ඔහු කාන්තාවන් දෙන්න එකිනෙකාට අදුන්නල දුන්න.
මම මිහින්ගේ අම්මව නම් අදම තමයි හම්බවුනේ නේද? සේනානායක මැතිනිය කිව්වේ මිහින් දිහත් බලල. මිහින් අම්මත් එක්කම ඇවිත් ඉන්නේ මේ කම්පටිෂන් එකේ ඔයාලගේ කවුරුහරි ඉන්නවද?
ඔව් ආන්ටි. මෙහන්සා ඉන්නවනෙ. මිහින් කිව්වේ නෑ කමක් සඳහන් නොකර.
මෙහන්සා කිව්වේ අර පළවෙනියට තේරිච්ච ගර්ල් නේද? සේනානායක මහත්මිය අහනකොට මිහින්ගේ අම්ම සතුටින් හිනා වුනා. ඇගේ දෑස් බැබලුනේ ආඩම්බරයෙන්. ඒ දැකපු යාළුවො හිතුවේ ඇය තම අනාගත ලේලිය ගැන ආඩම්බර වෙනවා කියල.
දහසක් ප්‍රශ්න සිතට නැගුනත් ඒ ගැන අහන්න මේ වෙලාව නෙමෙයි කියල කිලාන් ගේ අම්මට තේරුණා. ඒ යුවතිය ගැන තව විමසල දැනගන්න තරම් මෙහන්සා ඇගේ හිත අරගෙන තිබුනේ.
සම්මාන ලබා ගත්තට පස්සේ මෙහන්සයි කිලානුයිත් එතනට ආව.
හා හිනාවෙන්න බලන්න දෙන්නම. අදිශ මුලින්ම කරේ සම්මාන අතේ තියන් ඉන්න දෙන්නගේ පින්තුර ගත්තු එක.
මගේ සුභ පැතුම් දුව. කිලාන් ගේ මව මුලින්ම සුභ පැතුවේ මෙහන්සට.
තැනක් යු ආන්ටි. ඇය කවුද කියල දන්නේ නැතත් මෙහන්සා කිව්වේ හිනා වෙලා.
මේ මගේ අම්ම මෙහන්සා. කිලාන් එවෙලේ තමයි අම්මට මෙහන්සව අදුන්නලා දුන්නේ.
එතකොටම කවුරුහරි ඔවුන්ට කතා කරා.
සමාවෙන්න ටිකකට ප්ලේස් කරපු දෙන්නට කතා කරන්න පුලුවන්ද?
ඒ විනිශ්චය මණ්ඩලයේ හිටපු කෙනෙක් බව කිලාන් වගේම මෙහන්සත් හඳුනාගත්තා.
මම කිර්ති අතුකෝරල. ගගන චැනල් එකේ ඩිරෙක්ටර් කෙනෙක්. මිසිස් සේනානායක මාව දන්නවනේ. ඒ තැනැත්තා කිව්වේ කිලාන්ගේ අම්ම දිහා බලල. තාත්ත වගේ ක්‍රිකටර් කෙනෙක් වෙයි කියල හැමෝම හිතුවට මොකද පුතා කැමති නිවේදකයෙක් වෙන්න වගේ නේද?
කිලාන් හිනා උනේ අහිංසක විදියට.
ඔව් ඉතින් එයාගේ කැමැත්තනේ.
සර් නේම් එක තිබුනට තුෂාර මහත්තයාගේ පුතා කියල මම දැනගෙන හිටියෙත් නැහැ මැඩම්ව දකිනකම්.
එයා කැමති එයාටම කියල අනන්‍යතාවයක් හදාගන්න. ඒකයි මිස්ටර් අතුකෝරල.
ඒක හොදයි.
මිස්ට අතුකෝරල කතා කරන්න ඕනේ කිව්වේ ඒ ගැන වෙන්න බැහැනේ?
මේකයි. මේ තරගෙන් පලවෙනි දෙවෙනි ස්ථාන ලබා ගත්තු දෙන්නව අපි අලුතෙන් පටන් ගන්න වැඩසටහනකට සහභාගී කරවගන්න හිතාගෙන තමයි මම අද ආවේ. ඕගොල්ලෝ කැමති නම් මට පුළුවන් අදම ඒක කන්ෆර්ම් කරගන්න.
මේකයි මිස්ට අතුකෝරල. මේ දෙන්නම මේ අවුරුද්දේ එක්සෑම් කරනවා. ඉතින් ඒකට බාධාවක් වෙයි නේද ඔය වගේ දෙයක් බාරගත්තොත්. මිඩියා වල වැඩ කරනව කියන්නේ තමන්ගේ මුළු කාලෙම කැප කරන්න වෙන දෙයක්නේ. එහෙම කිව්වේ මිහින්ලගේ අම්ම.
ප්‍රශ්නේ ඒක නම් මට පුළුවන් දැනට එක වැඩසටහනකට විතරක් කාලය හදල දෙන්න. මොකද අපි දැන්ම මේක පටන් ගන්න තරමට හොදයි මේ තරගේ උණුසුම යන්න ඉස්සෙල්ල. ඉස්සරහට ඔය දෙන්න කැමති නම් තව හදල දෙන්න පුළුවන්. මේ වැඩසටහන අලුතින් පටන් ගන්නේ ඔය දෙන්න වෙනුවෙන්ම. අනිත් එක අපිට ඕනේ හරියට කරන ය.
මම මේ තරගේ ජජ් කරන්න විශේෂයෙන්ම ආවේ ඇත්තටම නිවේදනය කියන්නේ මොකක්ද කියල හරියටම දන්න ඇත්තටම හැකියාව තියෙන අලුත් පරම්පරාවේ ළමයි මට හොයාගන්න ඕනේ නිසා. දන්නවා ඇතිනේ අද කාලේ නිවේදකයෝ නිවේදිකාවෝ කියල මහා ලොකුවට නමට කියාගන්න ය ඉන්නවා තමන් කරන්නේ මොකද්ද කියල තමන් වත් දන්නේ නැති. එහෙම කට්ටියට අපේ චැනල් එකේ නම් ඉඩක් නැහැ ඉතින්. ඒ නිසාම තමයි මේ ගැන කතා කරන්න හිතුවේ. සතියකට පැය බාගයක් මේ වෙනුවෙන් වෙන් කරන්න දෙන්නටම බැරි වෙන එකක් නැහැ නේද?
දුව කැමතිද ඒකට? සේනානායක මහත්මිය ඇහුවේ කෙල්ලගෙන්.
ඔයා කැමතිද? කෙල්ල මිහින්ගෙන් ඇහුව.
මිහින් මොහොතකට හිතල බැලුව. ගගන කියන්නේ දැනට තියෙන හොදම සහ ප්‍රසිද්ධම මාධ්‍ය ජාලය. එහි රැකියාවක් ලබා ගන්නටම මිනිස්සු පොරකන එකේ එහි වැඩ සටහනක් කරන්න ලැබෙන එක ඇත්තටම ලොකු වාසනාවක්.
මම කැමතියි නංගි. මිහින් කිව්වේ ඒ හින්ද.
ඔයා මොකද කියන්නේ පුතා. සේනානායක මහත්මිය දැන් තමයි තමන්ගේ පුතාගෙන් ඇහුවේ.
මෙහන්සට පුළුවන් නම් මට බැරි වෙන එකක් නැහැනේ අම්ම.
මචන් මෙහන්සට පුළුවන් හැම එකම උඹටත් පුලුවන්ද? බිතුම් ඒ අස්සේ කිලාන්ට පිටුපසින් ඉදන් කොඳුරනවා. සේනාල් ඉක්මනට බිතුම්ව නිහඬ කරේ වැලමිටෙන් ඇනල.
අතුකෝරල මහතා සමුගත්තේ ඔවුන් එක්ක කතා කරලා සියලු කටයුතු ස්ථිර කරගෙන.
අපිත් යමු නේද? මම ඇරලවන්නම් ඔයාල හැමෝම. කිලාන් ගේ අම්ම කිව්වා.
අනේ බොහොම ස්තුතියි ඇන්ටි. ඒ උනාට අපි බස් එකේ එන්නම්. හැමදාම මෙහෙම ෆන් ගන්න හම්බ වෙන්නේ නැහැනේ. කොල්ලෝ ටික කියන්න ගත්ත.
හා එකත් එහෙමද? එහෙනම් හැමෝම ඉරිදා හවස අපේ ගෙදර එන්න. මේ වෙනුවෙනුයි කිලාන්ගේ බර්ත් ඩේ එක නිසයි මම පාටි එකක් ලැස්ති කරනවා. දුව ඔයා අනිවාරෙන්ම එන්න ඕනේ හරිද?
මචන් උඹලගේ අම්මට මෙහන්සව ලේලි කරගන්න හිතිලා වගේ දැන්මම කියල තියපන් එයා මිහින්ගේ අම්මගේ ලේලි කියල. බිතුම් මුමුනද්දී එය නම් සැබෑවක් බව කිලාන්ටත් හිතුන.
හරි දැන් ඉතිං අපිත් යමු. මෙතන හිටිය මදැයි. අදීශ කිව්ව.
කට්ටියත් එක්ක බස් එකට නැග්ග. කොල්ලො සෙට් එකට වාසනාවට පිටිපස්සෙ සීට් එකම හම්බුනා. මෙහන්සා අම්මත් එක්ක ගිහින් ඉස්සරහ සීට් එහෙකින් ඉදගත්ත.
කට්ටිය ඉතින් හැමදාම මේ වගේ දුර ගමන් එන්නෙ නැති හින්ද කලේ පාරෙ බස් එකක් සෙනග ඉන්නව කියන එකත් අමතක කරල සිංදු කිය කිය ආපු එක. කොල්ලන්ගෙ වෙලාවට බස් එකේ හිටපු කොන්දොස්තරයත් පොඩි කොල්ලෙක්. දැන් හරි ජාඩියට මූඩිය වගේ.
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
කැරකිල..
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
දෙකට නැමිල ..
ශෝකය දුක ආවත් මට කොයි තරම්.
එකෙන්ම
මම දාල යන්නෙ නෑ මගෙ සුදු රත්තරං
හරි අයියො..
ඉතුරු ටික මතක නෑ වෙන එකක් පටං ගනිං
කොඩිගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ
කොලබය කියලයි කියන්නෙ
මුලු ලෝකය හතර වටේ
හැඩට වැඩට හරි සූරයෝ
අපි සත්සර කොල්ලෝ
සුරාංගනී සුරානගනී සුරන්ගනිට මාළු ගෙනාවා
මාළු මාළු මාළු මේ දැන් ගෙනාපු මාළු
සුරංගනීට මාළු ගෙනාවා
මගේ ඔරු කදත් දිරාලා කොල්ලෑවේ ලනු කැඩිලා
එනමුදු මුහුදු යායුතු රැකගන්න ජිවිතේ
මගේ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මම සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්…….
කාගේද ගොන් වස්සා මගේ කුබුරට බැස්සා
මන්ගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ ……………….
මොනාද බං හැම එකම බාගෙට කියන්නෙ? ඔක්කොම දන්න එකක් කියහල්ලකො.
ඉතිං ඔක්කොම දන්නෙ නෑ යකෝ.
මාගෙ පැලෙ අදුර නසන්න.
කපන්න කොටන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
ගෙනෙල්ල බලන්න
නිවසේ අදුර එලිය කරන්න
පොල්තෙල් ලාම්පුවක් පත්තු කරන්න..
මූ එක්ක බෑ සිංදුව කනව. මම කියන්නෙ නෑ ආයෙ එකක් වත්. අදීශ කිව්වෙ බිතුම් හරියට සිංදුව කියන්න දෙන්නෙම නැති නිසා .
කිලාන් උබ මොකද අපායට ගහපු කැලන්ඩරේ වගේ බලං ඉන්නෙ කියපං සිංදුවක්
උබ ඉතිං මයික් එක සම්පූර්නෙන් අයිති කරගෙනනෙ. කිලාන් කිව්ව. හරි දැන් ඉදං කියපං එහෙනම්.
රෑට කමු අපි වම්බටු හොදි හදලා
ඊට නරකද කොස් ඇට කොස් ඇට
තෙල් දාලද බැදලද බං මට මතක නෑ.
නැන්දගෙ අදහස ලොකු දුව දෙන්නයි..
මාමගෙ අදහස පොඩි දුව දෙන්නයි..
මගෙ නම් අදහස දෙන්නම ගන්නයි..
දෙන්නම අරගෙන ලිදේ පනින්නයි..
කහ මල් අත්තක් සැලුනා
කහ මල් අත්තක් සැලුනා
කහ මල් අත්තක් සැලුනා ආ ආ ආ ආ ………….
කහ මල් අත්තක් සැලුනා
සෙනාල් මේ බිතුම එක්ක නම් බෑ බං සිංදු කියන්න.
බැරි නම් උබ ඉදපන් මම කියන්නම්
මේ විකාර අහං ඉදල බස් එකේ හිටපු මිනිස්සුන්ටත් හිනා… ගෙදරට එනකම්ම කට්ටිය ආවෙ ඔහොම පිස්සු නට නට.
කට්ටිය ගෙවල් වලට යනකොට එදා රෑ නමයත් පහු වෙලා. අම්ම තමන් එනකම් බලන් ඉන්නේ මොකටද කියල කිලාන්ට දුර තියාම තේරුණා. නැත්තම් කවදාවත් කිලාන් එනකම් බලන් ඉන්න එක සේනානායක මහත්මියගේ පුරුද්ද නෙමෙයි. මොකද ඇය දන්නවා එහෙම හිටියට වැඩක් නැහැ කියල. කිලාන් සමහර දවස් වලට ගෙදර එන්නෙත් නැහැ. කොල්ලට තමන් කැමති ඕනෑම තැනක ගිහින් රෑ දෙගොඩහරියේ හරි ගෙදරට එන්න නිදහස තිබුන.ඒ ඉතින් ගෙදරින් දීපු නිදහසක් නෙමෙයි කොල්ල බලෙන්ම ලබාගත්තු එකක්. මෑතකදී තමයි ටිකක් හරි ගෙදර ඉන්න පුරුදු වෙලා හිටියේ මෙහන්සා මුණගැහුනට පස්සේ.
මම අද අර කප් එක ගෙනාවට හරි නම් ඒකටත් අයිතිය තියෙන්නේ මෙහන්සට තමයි. මේ වෙනකොට සාලේ තැන්පත් කරලා තිබුන කුසලානය දෙස බලමින් කිලාන් කිව්වා.
අනතුරුව ඔහු මහන්සිය නොබලා විද්‍යා දිනයේ සිට ඇය හමු වූ අයුරු බැන වැදුණු අයුරු ආදී මෙහන්සා ගැන තමන්ගේ හිතේ තියෙන දේ හැරුනුකොට සේරම විස්තර අම්මට කිව්වා. ඇය ඒවා අහගෙන හිටියෙත් පුදුමෙන්.
ඉතින් පුතා ඔයාට තියෙන්නේ ඒ ළමයට ඔයාගේ අදහස කියන්නනේ. මමත් කැමති ඒ දුවට.
අම්ම කියද්දී කිලාන් බැලුවේ තිගැස්සිලා.