සිතින් විතරක්

තිහ….. 30

ඒත් එයා මැරි කරලා බබාලත් ඉන්න කෙනෙක් නං. මාස ගානක් එයා කොහොමද අර විඳිහට මගෙ ලඟට වෙලා හිටියෙ.

එතකොට එයා ඉන්නෙ ඒ බබාලා එක්ක නෙවී ද වයිෆ් එයාව හොයන්නෙ නෑද..මට තේරෙ න්නෙ නෑ.

ඒ සේරම අතරෙත් එයා අර උන විකාරෙන් කිය පු දේවල් මට මතක් වෙනවා. ඒත් ඒත් මනුස්ස යෙක් අවසිහියෙන් කියපු දේවල් ඇත්තමයි කියලා කොහොමද විශ්වාස කරන්නෙ.මට එයා විශේෂ නිසා එයාටත් මාව විශේෂයි කිය ලා හිතපු එක මගේ වැරැද්දක්. ඒකට එයාට කරන්න දෙයක් නෑ.

මොනාද ඒන්ජල් ඒ ගමන ඔච්චර කල්පනා කරන්නෙ..

මම මොනවත් කියන්නෙ නැතුව එයා දිහා බලාගෙන හිටිය නිසාද කොහෙද සෙත් ඇහුවා.

අනේ… ඒ බබාලා පව්නෙ… අපි එයාලව බලන්න යමුකො….

හිතට දුකයි තමයි. ඒත් මම හිත හදා ගන්න ඕනි. අයිති නැති කවදාවත් අයිති කරගන්න බැරි කෙනෙක් ගැන මෙච්චර හීන දකින්න මට බෑ. එහෙම හීන දැකලා සෙත්ව තවත් අසරණ කරන්න මට බෑ.

ඇත්තටම එයා මොන තරම් හොඳ කෙනෙක් ද.. සෙත්ගෙ පුංචිම වැරැද්ද ක්වත් මට හොයා ගන්න බෑ. වැරැද්ද මගෙ. අයිති නැති අයිති කරගන්න බැරි කෙනෙක් ගැන මෙහෙම හීන දකින එක මගෙ වැරැද්දක්.

ඒකට ඒකට සෙත්ට කරන්න දෙයක් නෑ. අමා රුයි තමයි ඒත් මම මම හිත හදා ගන්න ඕනි. මට මාව රිද්ද ගන්න පුළුවන් ඒත් මට පුංචිම වරදක්වත් කරපු නැති කෙනෙක්ව රිද්දන්න මට බෑ.

මම අද මෙතන ඉන්නෙ සෙතුයි සීයා පප්පයි හින්දා ඉතිං මම කොහොමද එයාලට වැරැද්දක් කරන්නෙ. හීන ඒවා ඔහෙ ඇස්වලම තිබුන දෙන්. ඒවගෙන් සෙත්ගෙයි විහඟගෙයි දෙන්න ගෙම ජිවිත අවුල් කරන්න මට බෑ.

මොන බබාලද.. බලන්න යන්න හදන්නෙ ඒ ගමන..සෙත් ඇහුවෙ පුදුමෙන්.

ඇයි ඔයා දැන් කීවෙ..විහඟගෙ බබලා දෙන්නා

මම හරි අමාරුවෙන් කීවා. ඇස්වලට කඳුළු පි රෙන එක නතර කරගන්න මම දැරුව මහන්සි ය දන්නෙ මමම විතරයි.

විහඟ මගෙ නෙවී කියලා මම දන්නවා ඒත් එයා වෙන කාගෙ හරි කියන එක මේ තරම් දරාගන්න අමාරු ඇයි කියලා මම දන්නෙ නෑ.

දෙයියනේ ඔයා මොනවද විහඟ මේ කලේ. එච්චරම පුංචි කාලෙකදි මේ තරම් ආදරයක්. ඒකත් අයිති නැති කෙනෙකුට. ඇයි දෛවය මාව මේ තරම්ම අසරණ කරන්නෙ.

අයියෝ ඒන්ජල්.. ඔයානම්… එහෙම කියලා එයා හිනාවුනා.

ඇයි…? මට කිසි දෙයක් හිත ගන්න බෑ.

එයාලා බලන්න ඉතිං ඔයාට කැනඩා වලට තමා යන්න වෙන්නෙ …

එයා තාමත් හිනාවෙනවා.

ඒ කියන්නෙ ඒකියන්නෙ එයාලා විහඟ එක්ක නෙවීද ඉන්නෙ..

හිතට දැනුන දේ මට එහෙම්ම ඇහුනා.

විහඟ එක්ක ඉන්න ඒ ඒ\ක/ගෙ බබලා නෙවී අයියගෙ බබාලා..දෙන්නා…

සෙත් කීවේ හිනාවෙවි මයි. මෙයා නං මොනා කියනවද මන්දා. මාව පිච්චි ලා නොමැරුනා විතරයි.

ඒ කියන්නෙ එයා මැරි කරපු කෙනෙක් නෙවීද

..ඉතිං ඔයානි කීවේ අම්මයි අප්පච්චියි අයියයි වයිෆුයි බබාලා දෙන්නයි ඉන්නවා කියලා ගෙදර…

මම ඇහුවෙ නෝක්කාඩු හඬකින්.

ඉතිං ඔව් මම කීවද ඒ විහඟගෙ වයිෆ් කියලා.. එයාගෙ බබාලා කියලා..ආ..

එයා ඇහුවෙ මගෙ නහය මිරිකන ගමන්. ඇත් ත නේන්නං එයා එහෙම කීවේ නෑනි මම නෙ ඕනි නැති විකාර හිතන්න ගියෙ.

ඒත් ඒත් එයා මැරි කරපු කෙනෙක් උනානම් හොඳයි. එතකොට මට හිත හදාගන්න ලේසි වෙන්න තිබුනා. දැන් ආයිම මේ හිත තේරුමක් නැතුවම එයාගැන හිතනවා.

ඒත් බබෝ පොඩි අවුලක් තියනවා…

ඒ ගමන සෙත් කීවේ බැරෑරුම් හඬකින්.

ඒ මොකක්ද…?

මේ දවස්වල විහඟගෙ ගෙදර අය කවුරුත්ම ගෙදර නෑ…

ඇයි ඒ..?

අයියා ඉන්නෙ කැනඩා වල.. අම්මයි අප්පච්චි එහෙ ගිහින් ටික කාලෙකට..

එතකොට එයා පහුගිය දවස්වල තනියමද හිටියෙ. ආ ඒක තමා එයාට පුළුවන් වුනේ මම ලඟටම වෙලා ඉන්න.

එතකොට එයාලා මේ මොනවදත් දන්නෙ නෑද.. මම ඇහුවෙ විහඟට වෙඩි වැදුන එක… මම ආයිම ඇහුවා.

නෑ ළමයො…මම කොහොමද මේවා කියලා ඒ මනුස්සයොත් අවුල් කර න්නෙ…

කලින් හඬින් හඬින්ම සෙත් කියවගෙන යනවා. ඒ කතාවෙත් ඇත්තක් තියනවා. ඒත් විහඟ මේ තරම් අමාරුවෙන් ඉද්දි එයාලට දන්වන්නෙ නැතුව ඉන්න එක වරදක්නෙ.

අනේ එතකොට.. එයාලා විහඟ ගැන හොය න්නෙ බලන්නෙ නෑද..ටික දවසක් කතාවත් නොකර ඉන්නකොට.. මම ආයිම ඇහුවා.

උ\ඹ\ට\ත් මොනාත් කියලා ලේසියකට බේ රෙන්න බෑ විහඟ හුඟක් වෙලාවට එක එක මිෂන් වල ඉන්න නිසා…නිතර එයාලා එක්ක කතා කරන්නෙ නෑ..

ඒ නිසා සතියක් දෙකක් යනකං නං එයාලා වැඩිය හොයන්නෙ නෑ..ඒත් දිගටම මේවා නොකියා ඉන්න බැරි වෙයි…. සෙත් කීවෙ බරට.

එතකොට මොනවද කරන්නෙ…?

මොනා කරන්නත් මේ කො\ල්ලට සිහිය එන්න ඕනි බබෝ.. තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා..

ඩොක්ටර්ස්ලා මොනවද කියන්නෙ…

එයාලටත් මොනවත් කියන්න විඳිහක් නැතුව ඉන්නෙ..සැරෙන් සැරේට සිහිය එනවා..ආපහු නැතිවෙනවා.. දැන් නං නෝමල් වෝඩ් එකකට දාලා තියෙන්නෙ ඒත් දිගටම මෙහෙම උනොත් මන්දා මට තේරෙන්නෙ නෑ…

සෙත් කියවගෙන ගියා. එයත් ඉන්නෙ හොඳට ම අවුලෙන්. ඉතිං එක එක ඒවා අහලා එයාව තවත් අවුල් කරන්න මට බෑ.

ඔයා ඕවා හිතන්න එපා…එයාට ඉක්මනින් අඩුවේවි..අපි කරන්න පුළුවන් හැමදේම කලා නෙ..

මම දෙවියො විශ්වාස කරල නං නෑ කවදාවත්.. ඒත් අපි දෙවියන්ට කියමු..කාටවත් වරදක් කරලා නැති නිසා එයා ගැන දෙවියො නොබලා ඉන්න එකක් නෑ..

මම කියවගෙන ගියෙ සෙත්ගෙ හිත හදන්නද මගෙම හිත හදා ගන්නද කියලා නම් මම දන්නෙ නෑ.

ඔයානං ඒන්ජල් කෙනෙක්ම තමා ඒන්ජල්.. ත මන් ගැනවත් හිතන්නෙ නැතුව වෙන කෙනෙ ක් ගැන හිතන්න හැමෝටම බෑ.. අච්චර එපා කියද්දිත් ඔයා එයාට බලඩ් දුන්නනෙ එහෙම නොවුන නං මේ වෙන කොටත් විහඟට මොනා වෙලාද කියන්න බෑ…

ඒ ගමන සෙත් කීවෙ මම හිතපුවත් නැති දෙය ක්. ඇත්තටම මම ඒ ලේ දුන්නෙ එයා විහඟ නිසා ද වෙන කෙනෙක් උනානම් මම එහෙම කරන්නෙ නැති වෙයිද කියලා කියන්න මම දන්නෙ නෑ. ඒත් මට ඒක සෙත් එක්ක කියන්න බෑ.

මට අනන් මනං හිතන්න එපා කියලා.. ඒ ගම න මොනවද කල්පනා කරන්නෙ..හැමදේම හරි යයි මැණික.. ඕවා හිතන්න එපා.. මම හෙට උදේ යද්දි ඔයාව එක්කගෙන යන්නංකො.. දැන් හරිනෙ…

සෙත් ඒ ගමන මගෙන් ඇහුවෙ යන්තමට හිනා වෙලා. මම මොනවත්ම නොකියා හිනාවුනා.

ඒන්ජල්… මම ඩොක්ටර් ලඟට ගිහින් එනකං.. ඉන්න පුළුවන්ද මෙතන..

සෙත් විහඟගෙ ඇඳ ලඟින් පිටවෙන්න හැදුවෙ එහෙම අහගෙන. හා කියලා කියන්නෙ නැතුව මම ඔළුව වැනුවා.

හැබැයි අඬන්න තියාගෙන මෙතන ඉන්න අය ව බය කරන්න බෑ හරිද..

ඒ ගමන එයා ඇහුවෙ මගෙ මූණ දිහා බලා ගෙ න. මොකද විහඟව දකින ඕනිම කෙනෙකුට ලොකු දුකක් දැනෙන එක සාමාන්‍යයි.

නෑ මම අඬන්නෙ නෑ…

මම කීවේ බිම බලාගෙන. ඒ වෙද්දිත් මගෙ ඇස් කඳුළු වලින් පිරිලා තිබුනෙ. ඒ නිසා මට ඔළුව උස්සලා සෙත් දිහා බලන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.

මම ඉක්මනින් එන්නම්…තත්පරයක් ඔහොම ඉන්න..

කියාගෙන සෙත් එතනින් පිටවුනා.මොන තරම් ඉවසන් ඉන්න හැදුවත් විහඟ එහෙම ඉන්නවා දකිනකොට වාවගෙන ඉන්න මට පුළුවන් වුනේ නෑ.

ඇස් වලට පිරුණු කඳුළු නතරකර ගන්නත් කලින් මටත් නොකියම උඟුරින් ඉකියක් එලියට පැන්නා. මම අත්දෙ කෙන්ම කට වහා ගත්තෙ ආයිම ඉකි ගැහෙයි කියලා බයට.

එකම දවසක්වත් ආදරෙන් වචනයක්වත් කතා කරලා නැති හැම වෙලාවකම බනින්නයි රවන් නයි විතරක් දැනගෙන හිටිය අර නපුරා මේ තරම් අසරණ වෙලා සිහියක්වත් නැතුව මේ විඳිහට ඉන්නවා දකින කොට මට දැනුනෙ පපුවා හීරිලා යනවා වගේ හැඟීමක්. මට ඕනි වුනේ මහා හයියෙන් කෑ ගහලා අඬන්න. ඒත් මට එහෙම කරන්න බෑ.

දවස් ගානක් එකම විදිහට ඉදලා මුළු මූණම සුදුමැලි වෙලා. ඒ මූණ පුරාම තිබුනෙ මහා පුදුම අසරණකමක්. ඒ අසරණකම දකිද්දි අඬන්නෙ නැතුව ඉන්න හිත හදාගන්නෙ කොහොමද..?

න/පු/රා…හැමදේම කරලා අපිව හොඳටම රිද්ද ලා..මෝ\ඩ/යා වගේ නිදාගෙන ඉන්නවා නැඟි ටි නවා ඉතිං නැඟිටලා බනිනවා මට..

මම කියන දේ අහන්නෙ නැතුව වැරදි වැඩ ගොඩක් කලා.. නැඟිට්ටෙ නෑ නං මං අඩනවා හරිද.. නැඟිටලා කට වහ ගන්නවා කියලා කියනකම්ම…

මම එයාගෙ මූණට එබිලා පිස්සුවෙන් වගේ ඔහේ කියෝගෙන ගියා. මොනවද කියන්න ඕනි කියලා මට තේරුමක් තිබුනෙ නෑ. එයාව දැක්කම මට හැමදේම අමතක වෙලා තිබුනෙ. මගෙ ඇස්වලින් ගලාගිය කඳුළු කම්මුල් දිගේ ගලාගෙන ගිහින් එයාගෙ මූනට වැටුනා.

මගෙ කඳුළු වලින් ඒ මූණ තෙමිලා ගියා තත්ප රෙන්. මම පියවි සිහියට ආවෙ එතකොට. එයා ගෙ මූණෙ කඳුළු පිරිලා තියනවා වෙන කෙනෙ ක් දැක්කොත් කියලා බය වුන මම මගෙ අතින් ඒ මුනෙ තිබුන කඳුළු පිහලා දැම්මා.

ඒත් එක්කම වගේ එයා එකපාරම ඇස් දෙක ඇරියා. ඇත්තමයි මාව ගැස්සුනා. මුලින්ම මට හිතුනෙ ඒක හීනයක් කියලා. මම ආයිම ඒ මූණට අත තිබ්බා.

එයා ඇස් කරකවලා මගෙ දිහා බලනවා මම දැක්කා. දෙයියනේ ඒක හීනයක් නෙවී. ඒ කිය න්නෙ ඒ කියන්නෙ එයාට සිහිය ඇවිත්.

හිතට දැනුන සතුටට මට කෑ ගහලා ඇඬුනා. මගෙ කටේ සද්දෙට ඩොක්ටර්යි නර්ස්ලයි එයා ගෙ ඇඳ ලඟට දුවගෙන ආවා. සෙතුත් ඇවිත් හිටියා. ඩොක්ටර් විහඟව පරීක්ෂා ක ලා. එයා ලට ඉද දීලා සෙත් මාත් එක්ක වෝඩ් එකෙන් එලියට ගියා.

ඒන්ජල් ඇයි ඔයා කෑ ගැහුවෙ… සෙත් මගෙන් ඇහුවෙ පුදුමෙන්.

එයා…එයා…ඇස් ඇරලා..බැළුවා… මම කිව්වෙ බියපත් හඬින්.

ඔයා බය වෙලානෙ..බය වෙන්න එපා.. ළමයො
..ඩොක්ටර්ස්ලා ඉන්නවනෙ මෙතන.. ඒ ගමන සෙත් කීවේ සන්සුන් හඬකින්.

ඒත් ඒත් මගෙ දිහා බලපු විඳිහට මට මට මො නවත් හිතා ගන්න බැරි වුනා… මම කලින් හඬි න්ම කිවා ඇත්තටම මම හිටියෙ නොසන්සුන් හිතකින්.

ඉතිං ඒකට බය වෙලා හූ කිව්වද..? සෙත් ඇහුවෙ හිනාවෙවි.

බය හිතෙනවනෙ ඉතිං…..

අනේ මන්දා..ඒන්ජල් ඔයා නං… වෙලාවකට වැඩ කරන්නෙ පුංචි එකෙක් වගේ…

සෙත් එහෙම කියද්දිම ඩොක්ටර් අපිට එන්න කියලා කතාකලා. අපි එයා ලඟට ගියා.

දැන් බය වෙන්න දෙයක් නෑ..පේෂන්ට්ට සිහිය ආවා ඉක්මනින්ම හොඳ වෙයි…ගිහින් බලන්න වැඩිය කතා කරවලා මහන්සි කරන්න එපා… ඩොක්ටර් කියවගෙන ගියා. හිතට දැනුනෙ පුදුම සැනසීමක්.

තෑන්ක්ස් ගෝඩ්… දැන් තමයි හිතට සැනසීමක් දැනුනෙ..

සෙත් කීවේ සැනසිලි දායක හඬකින්. අපි දෙ න්නම ආයිම විහඟ ලඟට ගියා. ඒ වෙද්දි නං එයා ඇස් ඇරලා වටපිට බලබල හිටියා. සෙත් එයාගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා. විහඟ අමාරුවෙන් හිනාවුනා.

මෝ\ඩ/යා..හොඳවෙලා හිටපංකො..උ\ඹ/ට හොඳ ෆනිෂ්මන්ට් එකක් දෙනවා මම දවස් කීයක්ද… බය කරලා මැ රු වා මාව…

විහඟගෙ අත් දෙක අල්ලගෙන සෙත් කියව ගෙන යනවා. ඒ ඇස්වල කඳුළු පිරිලා. කතා කලෙත් අඬන්න වගේ. දෙයියනේ එච්චර බැඳීමක්. මට හිතා ගන්නවත් බෑ.

මගෙ ඇස්ව ලට ආයිම කඳුළු පිරුනා. මේ යාළුකම මැද්දෙ මං අතරමං වුනේ කොහොමද කියලා මට තේරෙන්නෙ නෑ.

සෙත් මං… විහඟ දෙයක් කියන්න හැදුවා.

කතා කරන්න එපා..උ/ඹ/ට තාම කතා කරන්න හොඳ නෑ…. දැන් ටිකක් රෙස්ට් කරහං අපි හෙමීට කතා කරමු…

සෙත් එහෙම කියලා එයාගෙ කතාව නතර කලා. ඊලඟට විහඟ මගෙ දිහා බලලා අසරණ විඳිහට හිනාවුනා. මට දැනුනෙ මා පිච්චිලා යනවා වගේ. එයා එහෙම හිනාවෙනවා මම කවදාවත්ම දැකලා තිබුනෙ නෑ. මම බිම බලාගත්තෙ ඒ හිනාව දරාගන්න බැරුව.

හමුවෙමු.