චීනයේ සිටින ශ්‍රී ලාංකික දරුවන් හැකි ඉක්මනින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන ලෙස ගෝඨාභය රාජපක්ශ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මෙරටට පැමිණීමෙන් පසු සියලුම දරුවන් වෛද්‍ය පරීක්ශණයකට ලක් කර යුතු බවටද වැඩි දුරටත් උපදෙස් දී තිබෙනවා.

මේ වන විට ලාංකික සිසුන් 30 දෙනෙක් වුහාන් ප්‍රාන්තයේ සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.මේ වන විට චීන බලධාරින් එම ප්‍රාන්තයේ සිටින ජනතාවට වුහාන් නගරයෙන් පිටවීම සහ ඇතුල්වීම තහනම් කර ඇති අතර එම තහනම ඉවත් කළ විගස ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.
චීනයේ වුහාන් ප්‍රාන්තයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් නොමැති අතර මෙම සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් එහි යැවීමට අවශ්‍ය පියවර ගනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. මේ සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයද සේවය ලබා දීමට සීරුවෙන් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ