නවවන_කොටස❄️💦

රජීව් භූමි සොයා එන විට රාත්‍රි හතට පමණය……….. අද දවස පුරාම භූමි කලේ ලිලී මල් තවන් සඳහා පාත්ති සකස් කිරීමයි…….. තෙනුක තවමත් නැත ඔහුගේ දුරකතනය වැඩ කරන්නේද නැත……….

” මූ මොන මගුලක ගියාද……… යකෝ දැන් රෑත් වුනා…….. කරදරයක්වත්ද දන්නෑ……. මොකද වේදේශ් දැන් ඇත්තේ මාත් එක්ක වෛරෙන්…… ඕකා ඒවා මගේ උන් පිටින් යවන්න පුළුවන්….. කොහොමත් ඕකාට කෙලින් ඇවිත් පුරුද්දක් නෑනේ……

භූමි සිතුවේ කාර්යාල කාමරයේ එහාට මෙහාට යමින්………. දුරකතනය නොවත්වාම නාද වන්නට වුනත් භූමි එය ගානකට නොගත්තේ ඒ ඇමතුම ආවේ නොදන්නා අංකයකින් වීම නිසයි……… නමුත් දුරකතනය නොනවත්වාම නාද වන හෙයින් ඔහු එය කනේ තබාගත්තේ නොරිස්සුමෙනි….

” hello…… This must have been Mr. Ahas Wickramanayake.

එහා පසින් ඇසුනේ තරුණ පිරිමි හඬකි…..

” yes……. Would you please tell me who is talking?

” Mr Wickramanayaka මං සුශීම් රංගජීව… මේ විසිපහ ඒ කියන්නේ friday වල මගේ wedding එක තියනවා…….. නුවරඑළියේ Golden mountain reception hall එකේ තමයි තියෙන්නේ…….. flower decorations ටිකයි flower bouquet ටිකයි arrange කරගන්න පුළුවන් වෙයිද……. මං කලින් මේ ඔක්කොම arrange කලත් දැන් එයාලට බෑ කියනවා…… මං මාර ප්‍රශ්ණයකට මුහුණපාලා ඉන්නේ ඔයාට පුළුවන්ද මට මේක කරලා දෙන්න මං ඔයා ඉල්ලන ගානක් ගෙවන්නම්… අහම්බෙන් මං ඔයාගේ advertisement එකක් දැක්කේ…….

” පුළුවන්……… අනිවාර්යෙන්ම කරලා දෙන්නම්…….. පුළුවන්ද ටිකක් ඇවිත් මාව මීට් වෙන්න……….

” මේ දවස් ටිකේ මං ටිකක් බිසී අහස්….. over the phone වැඩේ කතා කරගන්න බැරිද……..

” එහෙමද…….. මිම්ම්ම්ම්…… මට theme එක කියනවද……. මං ඕනැ කරන මල් ලෑස්ති කරන්නම්…….

භූමි ඇසුවේ note book එක අතට ගනිමින්……….

” theme එක beauty and the beast… ම්ම්ම්ම්ම් yellow roses තිබුනොත් හොඳයි ඒ වගේම අනිත් ඒවට ඕර්කිඩ් තමයි හොඳ…… බලලා කරන්න…….. පළවෙනි දවස කැන්ඩියන් අඳින්නේ…. මං එයාගේ සාරි එකේ ෆොටෝස් එවන්නම්……..

මේ භූමිගේ මල් සැකසුම් ආයතනයට පලමුවෙන්ම ලැබුන function එක…….. ඔහු ඉතාම සතුටින් එය භාරගත්තා…… රාජීව් ආවේ තවත් ටිකක් ප්‍රමාද වෙලා……..

” සොරි භූමි……. මං ටිකක් පරක්කු වුනා…. යමුද උඹ ලෑස්තී නේද……

” ඔව් ඔව්…… දැන් කීයේ ඉදන්ද මං ලෑස්ති වුනේ………

භුමි කිව්වේ කෝපයෙන්…….. කොහොමත් භූමිටත් ඉවසීම නම් ටිකක් නෙවේ හුඟක්ම අඩුයි…….. රජීව් සිනාවෙමින් වාහනය හරවගත්තේ නුවරඑළිය නගරය දෙසට…….

” මේ රජ්ජා …… මට function එකක් ආවා…… wedding එකක්……..

” නෑහ්….. නියමයිනේ………. අපි වැඩේ කරමු… කවදද තියෙන්නේ…….

” ලබන සිකුරාදා…….. මල් මදි වෙයිද බං…. ලිලී ටිකකුත් හොයාගන්න වෙයි…… නැද්ද දන්න තැනක්……

” යකෝ ඇයි බං හොටෙල් එකේ තියෙන්නේ යායට ලිලී…….. පහල බෑවුමේ ඕනැ තරම් තියනවා……. අනික ඒවා දාලා තියෙන්නේ සෙල්වම්…… අපි වැඩේ හොදටම කරමු භුමි……

භූමිට දැනුනේ අපමණ සතුටක් ඒ මංගල්‍ය ගැන ඇසූ මොහොතෙම ඉතාම සුන්දර අදහසක් ඔහුගේ සිතට අැවිත් තිබුණි……….

” උඹ මේ මාව එක්ක යන්නේ උඹේ snow palace hotel එකට නේද බං…….. ඒත් උඹ යනවා කීවේ වෙන දිහාවක්නේ…..

ග්‍රෙගරි වැව අසලින් කඳපොල පාරට වාහනය හරවද්දි භූමි ඇසුවේය……

” හරි බං අදහස වෙනස් වුනා…….. ධනුවයි තරුනුයි ඇවිත් ඇති දැනටමත්

” කෝ බං තෙනුකයා.. ඌ කොහේ මකබෑවීිලාද මගුල……..

” වෙලාවට එයි……….

පුදුමාකාර සීතලකින් ගත වෙව්ලා ගියෙන් භූමි අත්දෙකම සිය ජර්සියෙ සාක්කුවට දාගත්තා………..

” මාර සීතලක් බං තියෙන්නේ……

” ඉවසපන් ටිකක් යනකම් රත්වෙන දෙයක් දෙන්නම්……..

ඔය කියන්නේ මත්පැන් ගැනයි……. රජීව් වාහනය සුදු පැහැ බල්බ් වැල් වලින් ආලෝකමත් කර ඇති මාලිගාවක් වැනි snow palace hotel වෙත වාහනය හැරවීය………….. තරමක සෙනඟක් සිටියත් එය අතිශයින් කාර්යබහුලම නැත……..

” කොහොමද බං වැඩේ සාර්ථකයි නේද…….

” හ්ම්ම්ම් අවුලක් නෑ…….. යමන්කෝ උඩට………

රජීව් භූමිව එක්ක ගියේ උඩ මහලේ සුවිසල් කාමරයට……….

Happy birthday to you
Happy birthday to you
Happy birthday to you dear bhoomy
Happy birthday to you

කාමරයේ දොර විවර කරද්දිම තෙනුක ධනු තරුන් වගේම සිතිජ හා රවිකත් හිටියා………. භූමි කාමරය හාත්පසම ඇස් යවලා බැලුවා…….. මුළු කාමරේම ලස්සනට සරසලා අද භූමිගේ තිස් වෙනි උපන්දිනය………… ඔහුට එය සිහිවුනෙත් දැන්…….

” අඩෝ අහසා හැපි හෙලිකොට්ටන් ඩේ ඈ………..

ධනු පැනපු ගමන් භූමිගේ කරේ එල්ලුනා………

” අපොයි ඔන්න ඔන්න පටන් ගන්න හදන්නේ දෙන්නා අදත් රණ්ඩුව……. හරි ඉතින් කෝ භූමි වරෙන් කේක් එක කපන්න……….

රජීව් එහෙම කිව්වේ ඔය වගේ ඇඟට පැනලා සුරතල් වෙනවට භූමි එච්චර කැමති නැති නිසා……..

කාමරය මැද වීදුරු ස්ටූල් එක උඩ තියන තරමක් විශාල ලස්සන කේක් එක ඉස්සරහින් සිටගත්ත භූමිට මේ අවස්ථාව පුදුම සහගතයි වගේම…… විකාරයි කියලත් හිතුනා……… ඔවුන් සත් දෙනා කිසිම දිනක උපන්දින සමරා නැත………පහුගිය කාලයේදී උපන්දින මතකයේ තිබුනේද නැත………. ඔවුන් සිටියේ මත් පැන් බඳුන් අසල හෝ සුරූපිනියන් ලඟ මත්වය………. එක් සිදුවීමක්……. එක් ප්‍රතික්ෂේප කිරීමක්…… එක් අහිමිවීමක් ජීවිතයේ සියල්ල වෙනස් කලේය……… ආත්මය පුරා නිදාගෙන සිටි ධෛර්යය යලිත් ඉපදී හඬ නගන්නට විය………..

” කපපන්……

තෙනුක භුමිගේ උරහිසට ඇන කීවේ ඔහු කල්පනා කරන විටයි………

” කපපන් තමා……. මොකද්ද බං මේ වැඩේ…….. මට අන්දපල්ලා රෝස පාට ගවුමකුත්……… ඇයි යකෝ රෝස පාට කේක් එකක් ගෙනාවේ……..තොපිට නම් පිස්සු……. මං කෙල්ලක් වගේද පේන්නේ………

භූමි උපන් කුකුල්කේන්තිය පිටකර හැරියේය………..

ඉටිපහන් නිවා කේක් එක කැපූ පසු ටික වේලාවක් ඔවුන්ගේ ව්‍යාපාරයන් ගැන කතා කරමින් සිට මත්පැන් බෝතල් ලං කරගත්හ………

💙❤️💙❤️💙❤️💙

තුහින්‍යාගේ නව නිවහන පිහිටියේ සඳතැන්න පන්සලට කිට්ටුවය…….. මනස්කාන්ත කඳුගැටය මුදුනට වන්නට තිබූ සයිප්‍රස් හා පයිනස් ගස් වලින් වට වුන ඉඩමක පිහිටි තනිමහලේ කුඩා නිවස පසුබිම් කරගත් පරිසරය අතිශයින් රමනීයයි…….. අනෙක් පසින් පෙනෙන සඳ තැන්න ඉතාමත් චමත්කාර ජනක දසුනක් මවාපායි…… හීත පිණි කැට වැටෙන උදයේ තවමත් හිරු එළියක ඡායාවක්වත් දක්නට නැත……. මිදුල අද්දර යායට වැවී ඇති ක්‍රිෂාන්තිමම් ඩේසි ඩේලියා රෝස ලිලී වැනි කඳුකර මල් සුන්දරව පිපි නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කලාතුරකින් එන ළහිරු කිරණ දැක ගැනීමටය……….. එය හරියට විදේශීය කතාවක් වැනිය…… නැත්නම් සුරංගනා කතාවක එන සුන්දර පරිසරයක් වැනිය…… තුහින්‍යා අනෙක් පස නිදා සිටින නැගණිය දෙස බැලුවාය……. ගොරෝසු තද ලෝම සහිත පොරෝණයට ගුලි වී නිදන නැගණියගේ හිස අතගෑ ඇය නැගිට දිගු වරලස උඩට කර බැදගත්තාය……… කුස්සියට යන විට අම්මා අවදිවී සිටියාය………. අප්පච්චිද කෑම මේසයේ වාඩිවී තේ එකක් බොමින් සිටියේය……

” ලොකු ලමයත් ආවා නෝනා…… තේකක් හැදුව නම්…….

තුහින්‍යා අප්පච්චි ලඟින් වාඩි වූවාය…… අම්මා ඇය අතට තේ එක දී ඇය අසලින්ම වාඩි විය……..

” මොකද ලොකු ළමයෝ අපි දැන් කරන්නේ………..

” අප්පච්චි ඔයාගේ පෙන්ෂන් එකෙන් හැමදෙයක්ම කරගන්න බෑ…….. ඒක මං දන්නවා……. අනික මේ හින්දා මල්ලිගේ විශ්ව විද්‍යල ගමන නවතින්නත් බෑ……. මටත් පුළුවන් මොකක් හරි කරන්න අප්පච්චි……..

නමුත් ඊට ඔහුගේ වැඩි කැමැත්තක් නැතිවා මෙනි…….

” අම්මා කියනවා ඔන්න පහල බෑවුමේ මල් හරි එලවළු හරි හදමු කියලා…..

එය හොඳ අදහසකි………. නමුත් රැකියාවක් තිබිය යුතුය………

” අම්මා…… අප්පච්චි මං ජොබ් එහෙකට යන්නම්….. මෙහෙ ඕනැ තරම් ඒවා ඇති…….. බලමු අප්පච්චි මට උසස්පෙල හොඳ රිසල්ට් තියනවානේ බැරි වෙන එකක් නෑ………..

” බලමුකෝ……..

” ඔන්න අප්පච්චි අද ඔයා කොහේවත් යන්න බෑ හරිද ගෙදරම ඉන්න…… මමයි නංගියි ටවුන් එකට ගිහින් බඩු ගේන්නම්………

” මේ පුරුදු නැති ටවුන් වල පුළුවනෑ ලමයෝ………

” පුරුදු ටවුන් වලත් හිටියේ අපිව විනාශකරන්න හදපු අයමනේ අප්පච්චි…….

තුහින්‍යාගේ කතාව ඇත්තය……….
අම්මා උදෑසන හදා තිබුනේ ඉඳිආප්පය….

” මේ සීතලේ ඇහැරගෙන මොකටද අම්මා මහන්සි වුනෙ මෙචිචර………

තුහින්‍යා නෝක්කාඩු කියන්නට විය……. අම්මා සිනාසුනා පමණි…….. දරුවන්ට රසමසවුලු ලබා දෙන්නට අම්මාවරුන්ට රැයක් දවාලක් උණුසුමක් සීතලක් නින්දක් නොනින්දක් නැත……. ඒ අම්මාවරුන්ගේ හැටිය………….. තුහින්‍යා සෙහන්ස්‍යා සමගින් පාරට බැස්සේ පර්ස් එකක්ද රැගෙනය………

” ලොකු ළමයෝ ඔය සල්ලි අරන් නෙවේනේ යන්නේ…….

අප්පච්චි දොරකඩට වී කෑගසයි……..

” සල්ලි තියනවා අප්පච්චි………

තුහින්‍යා කෑ ගැසුවේ පර්ස් එක පෙන්නමින්……….. තුහින්‍යාත් සෙහන්ස්‍යාත් පයින්ම නගරය දෙසට ඇදුනා………

” අයියා ඇහැරුනාම බනී අක්කේ අපිට……..

” පව්නේ මං ඒකයි කතා කලේ නැත්තේ……..

” ම්ම්ම්ම්ම් ලස්සනයි නේද මේ පැත්ත…….

සෙහන්ස්‍යා කීවේ අවට පරිසරය රස විඳිමින්………..

” ඔක්කොමත් හරි මේ සීතල……..

” කඳු අතරේ හැංගිලා ඇති අර අසු පිටින් වඩින කුමාරයා………. එයා හම්බ වුනාම ඔයාට නුවර එළියෙත් සීතල නැති වෙයි අක්කේ…… ටිකක් ඇස් කරකවලා බලපන් වට පිට……..

සෙහන්ස්‍යා කීවේ ඇසක් ඉඟි කරමින්….

” අපෝ මට මේ සීතල.හොඳයි……. ආය මිනිස්සු එපා……. උඹ ඇස් කරකවලා හොයාගනින් මට කියන්නේ

දෙන්නා හිනාවෙමින් නුවරඑළිය නගරයටම ආවා………. මීදුම් තට්ටු තට්ටු හැම තැනම විසිරිලා පැතිරිලා ගියේ වැස්සකට ආරාධනා කරමින්……………..

🌿🌷❤️🌿🌷❤️🌿

ඊයේ රාත්‍රිය හොඳටම මත්පැනින් සප්පායම්වී භූමි හා මිතුරන් එහිම නිදාගත්හ……….. උදෑසන අවදිවූයේ වැහි පොද වැටෙන හඬටය………… රජීව් අවදිවී bathroom එකට ගොස් සිටියේය………. ඇඳටම වී වැස්ස දෙස බලා සිටි භූමිට සිහිවුනේ ටාෂියාවයි…… මේ වසර ගනනාවටම ඇය සිහි නොවූ දිනයක් නැති තරම්ය……… කෙදිනක හෝ ඇය ඔහු වෙත එන බව ඔහුට විශ්වාසය…….

” භූමි……මොකද කල්පනාව………

” මොනවත් නෑ…….. ම්ම්ම්ම්ම්….. මට පොඩි වැඩ වගයක් කරගන්නත් තියනවා……… මල් ටිකක් හොයාගන්න තැනක් බලන්නත් ඕනි………

රජීව් භූමි දෙසට සරදම් සිනාවක් පෑවේ ඔහුට මදක් කෝප ගන්වමින්……. භූමි කියන්නේ හොස්ස ලගින් මැස්සා යන්න බැරි කුකුල් කේන්තිකාරයෙක්…… දැන් ඔහොම සාන්තුවරයෙක් වගේ හිටියට නොම්මර එකේ මැරයෙක්………

” මල් බල බල ඉන්නැතුව මලක් හොයාගනින් ඉක්මනට…….

” මේ රජ්ජා මගේ යකා අවුස්සන්න එපා..

භූමි bathroom එකට රිංගුවෙ රජීව් දෙස කෝපයෙන් බලමිනි…………. රජීව් සූදානම් වී පහලට ගියේය

භූමිද ඉක්මනින් සූදානම් වී එන විටත් හෝටලය කාර්යබහුලවී තිබුනි……..

” රජ්ජා…… මං ගිහින් හවසට එන්නම්….. උඹේ වාහනේ අරන් යනවා මං……..

රජීව් හිස සලා වාහනයේ යතුර ඔහු දෙසට විසි කලේය……….. භූමි මොහොතකින් වාහනය පණගන්වාගෙන ධාවනය කලේ නුවර එළිය නගරය දෙසටයි……….

••••මතු සම්බන්ධයි•••••