ඔන්න අන්තිම තරගේ දවස උදා උනා. මෙහන්සා එදත් තරගෙට ගියේ අම්මත් එක්ක. කෙල්ල එදා නම් හිටියේ බය වෙලා. අන්තිම තරගෙනේ.
අද නම් මට බයයි වගේ අම්මා.
බය වෙන්නෙපා දරුවෝ මේකත් ඔයා ගියපු අනිත් තරග වගේම තමයි කියල හිතන්න. ඔයාට බැරි වෙන්නේ නෑ. මම මෙතන අම්මල ඉන්න ශාලාවෙන් ඉන්නම්. කෝ අද කිලාන් ඇවිත් නැද්ද?
එයා ඔය කොහෙහරි ඇති.
එතකොටම එතනට ආවේ කිලාන්.
ආ ඇන්ටි මොකෝ මෙහන්සා අද බය වෙලාද? කිලාන් එහෙම ඇහුවේ කෙල්ල මුනත් අමුතු කරගෙන ඉන්නවා දැක්ක හින්ද.
අනේ දරුවෝ මම දැන් මේ ඔයාව ඇහුව විතරයි. ඔව්නේ. මෙයාට අද බයයි වගේ කියන්නේ.
පිස්සුද මෙහන්සා අද තියෙන්නෙත් වෙනද වගේම පොඩි තරගයක් කියල හිතන්න. මොකටද බය වෙන්නේ. දැන් යමු නේද? අපි ගිහින් එන්නම් ඇන්ටි.
මෙහන්සා වැන්දට පස්සේ කිලානුත් අම්මට වඳිනවා කෙල්ල බලන් හිටියේ පුදුමෙන්.
මොකද පුදුම වෙලා බලන් ඉන්නේ අම්මට මම වැඳපු හින්දද? කිලාන් ඇහුවේ කෙල්ලත් එක්කම තරගේ පැවැත්වෙන ශාලාවට යන ගමන්.
නෑ නෑ මම පුදුම උනේ නෑ. කෙල්ල ඉක්මනට කිව්වේ තමන්ගේ සිතිවිලි ඔහු මෙච්චර හොදට තේරුම් ගන්නේ කොහොමද කියල හිත හිත.
යාලුවන්ගේ අම්මල කියන්නෙත් මගේ අම්ම වගේ තමයි. අද මිහින්ගේ අම්ම නැතුව ඔයාගේ අම්ම හිටියත් මම අනිවාරෙන්ම ආන්ටිට වඳිනවා.
කෙල්ලට හිනා. මේ ඉන්නේ මගේ අම්ම තමයි කියල කියන්න හිතයි ඒත් මේ එකට වෙලාව නෙමෙයි කියල කෙල්ල හිතුව. ඔයා නම් දිනන්නම බලාගෙන ඇවිත් වගේ නේද?
එහෙම නෑ මෙහන්සා. මම මගේ උපරිමයෙන් තරග කරනවා කියල හිතාගෙන ආවේ. අරුන් ටිකට මම පොරොන්දු උනා අනුශුරතාව අරන් එන්නම් කියල.
ඇයි ශුරතාවය එතකොට?
ඒක ඔයාට?
පිස්සු කියනවද මේක ලොකු තරගයක්.
මනස්ගාත හිතන්නේ නැතුව තරගේ ගැන හිතන්න මෙහන්සා. ඔය කවදාවත් නැතුව අද තියෙන මෝඩ බය අමතක කරන්න. හොද ළමය වගේ කප් එක ගන්නවාම කියල හිතන්න.
කිලාන් කියනකොට කෙල්ලට මතක් උනේ අයියව. මිහින් හිටියනම් ඔහු තමාව සන්සුන් කරන්න උත්සහ කරන්නෙත් මෙහෙමයි කියල හිතිලා කෙල්ල කිලාන් ගැන දැනුනේ පහන් හැඟුමක්.
කියන්න මෙහන්සා. ඔයා බය වෙන්නේ නෑ නේද? කිලාන් බලාපොරොත්තු සහගතව අහනව දැක්කම කෙල්ලට හිනා.
නෑ
කප් එක ගන්නවමනේ?
බලමු
බලමු නෙමේ ගන්නවාම කියන්න
හා
අන්න එහෙම තමයි හොද ළමයි.
මොන තරම් දගකාරයෙක්ද ඔහු. ඒ සැහැල්ලුව ඇගේ හිතට සතුටක් ගෙනාව.
අදම සහතික දෙයි නේද?
ඔව්. දිනුවත් නැතත් පාටිසිපේෂන් හරි හම්බවෙන එකම ඇතිනේ. හවස මිහින්ල එනවා කිව්වා උත්සවේට ඉස්කෝලේ ඇරුනම.
එතකොටම ඔවුන්ගේ තරග ආරම්බ උනා.
සහතික පත්‍ර බෙදා දීමේ අවස්තාව එළඹුනා.
අනේ මට නම් බයයි අයිය. අම්මටයි අයියටයි මැදිව හිඳගෙන හිටපු මෙහන්සා මිහින්ට කෙඳිරුවේ දැන් කී වෙනි සැරේටද මන්ද.
බය නොවී ඉන්න නංගි. මේකේ ප්ලේස් ආවේ නැති උනා කියල ඔයාට මුකුත් නැති වෙනවද? නෑනේ. වැඩිය බය වෙන්න ඔයාට හොදත් නැහැ. ඔය වගේ දගලන්න ගත්තොත් නම් මම ආයේ එන්න දෙන්නේ නැහැ තරග වලට. මිහින් කිව්වේ සැරෙන් කෙල්ල කියන දේ අහන්නෙම නැති හින්ද.
මිහින් හෙමින් කිව්වත් යාළුවො කට්ටියත් එක්ක හිටියත් කෙල්ලගේ දිහආවටම අවධානය යොමු කරගෙන හිටපු කිලාන්ට මිහින් කියපු දේ හොඳින් ඇහුන.
බය වෙන්න හොඳ නැහැ? ඇයි ඒ? ශිහ් මට අහන්නත් බැහැනේ.
ජයග්‍රාහකයන්ගේ නම් එකින් එක කියවුනා.
ඔන්න මචන් දැන් නම් අපේ එකාගේ පපුවේ බිත්තර දහයක් තැම්බෙනව මට ඇහෙනවා. දසුන් කිව්වේ කිලාන් දිහා බලල.
මේ බඩගින්නේ හාමත් වෙලා ඉන්න වෙලාවේ බිත්තර මතක් නොකර හිටපන් බුරුවො. ඕනෙම නම් වතුර නටනවා කියපන්. බිතුම් කිව්වා.
නෑ නෑ හරියට රේස් එකක් දුවල ආපු අහ්වයෙක් වගේ.
අශ්වයා රේස් දිව්වද නැද්ද කියල හොයන්න බැහැ බන් අශ්වයින්ට මහන්සි දැනෙන්නේ නැහැ. ඒ උපමාව වැරදියි.
අනේ පලයන් බන් යන්න
ඔවුන්ගේ කතා අසමින් හිටපු මෙහන්සට බය අමතක උනා. ඒත් කිලාන් නම් තාමත් හිත හිත හිටියේ මිහින් කියපු දේ ගැන.
ඔය බෙලෙක් සද්ද ටික වහල හිටපල්ලකො අද වත්. කොල්ල කිව්වේ ඒ හින්ද.
තුන්වන ස්ථානය දක්වාම නම් කියවිණි. කිලාන්ට විහිලු කර කර හිටියට මොකද දැන් නම් කට්ටියගෙම හද ගැස්ම පිටතට ඇසෙන තරම්.
කෙහෙල් මල. අගය කරනවා අගය කරනවා ඉවරයක් නැහැ. ඕයි ඕක කියල දානවකෝ අපිට සැනසිල්ලේ හුස්ම ගන්න. බිතුම මහා හයියෙන් කෑ ගහනකොට ලග හිටපු අයටත් හිනා.
සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නිවේදන තරගාවලියේ අනුශුරතාවය දිනා ගනු ලබන්නේ සත්සර මහා විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණු කිලාන් පහන්සිත් සේනානායක.
තවත් මොහොතකට පසු නිවේදකයා පවසද්දී මිතුරන්ට සතුටත් පුදුමයත් නිසාම උන් හිටි තැනුත් අමතක උනා. කිලාන්ව වේදිකාවට තල්ලු කරලා ඔවුන් අත්පොලසන් දෙන්න පටන් ගත්තේ පිස්සෝ රැලක් වගේ.
මෙහන්සටත් සිහින් සතුටක් දැනුන. ඔහුට ස්ථානයක් තිබේ නම් තමන්ට නැතත් කමක් නැහැ කියල කෙල්ලට හිතුනේ. ඔහුට හිමි සම්මානය ලබාගෙන ඔහු ආචාර කලේ විනිශ්චය මණ්ඩලයට නොව තමන්ට බව කෙල්ල දැක්ක.
තෑන්ක් යු මෙහන්සා. වචනයෙන් කිව්වේ නැතත් ඒ ඇස් වල තිබුනේ එවැනි හැඟුමක් බව ඇය හිතුවේ කොල්ල දිහාම බලන් හිටපු හින්ද.
හොදයි. නිවේදකයා ආයෙමත් පවසන්නට උනා. වසර තුනකට වතාවක් පැවැත්වෙන සමස්ත ලංකා නිවේදන තරගාවලියේ අනුශුරතාවය දක්වාම ස්ථාන තෝරාගෙන අවසන්. ඔබ දන්නවා මින් ජයග්‍රහණය කරන සිසුවාට හෝ සිසුවියට රුපියල් ලක්ෂ දහයක ත්‍යාග මුදලක් සමග තවත් වටිනා ත්‍යාග රාශියක් සුදානම් කර තිබෙන බව.
මේ අන්කල් දෙන දේවල් පස්සේ දැනගන්න පුළුවන්. දිනුවේ කවුද කියල කියනවකො. බිතුම් මහ හඬින් කෑ ගහන හින්ද අවට හිටපු මිනිස්සුත් ඔහු දිහා බැලුව.
උඹ නම් අද ගෙදර යන්න ඉස්සෙල්ල කාගෙන් හරි කනවා. කට වහගෙන හිටපන් යකෝ. සේනාල් කිව්වේ බිතුම් දිහා රවල බලල.
ඔව්.. අද අපේ සමස්ත ලංකා තරගාවලියේ ජයග්‍රාහකයා වන්නේ,
සියල්ලෝම බලන් හිටියේ තුෂ්නිම්භූත වෙලා. මෙහන්සා පත් වෙනු ඇති කියල ඔවුන් හැමෝම හිතාගෙන හිටියේ. ඒත් ඇයට ස්ථානයක් ලැබිල නැද්ද? ……….. එහෙම උනේ කොහොමද?
වේදිකාව මත හිටපු කොල්ලගේ ඇස් වලට කඳුළු එන තරම්. සම්මානය එතනම දාල බැහැල එන්න තරම් හිතෙනවා කොල්ලට. එහෙම උනේ කොහොමද ඇයි මෙහන්සා තේරුනේ නැත්තේ