මා මෙහි සිටින්නේ කැමැත්තෙන්……………..

💙 අක්කන්ඩි ඔබේ පිය රජතුමා සිටින්නේ අධික කෝපයෙන්ලු අප මහරජතුමා ගැන………….. රුද්‍රාක්ෂ කැඳවූවා ඔහු අද…………….

🌼 පියානන් රජතුමා හට අනතුරක් කරාවිද………..

💙 අප දැන් කුමක්ද කල යුතු වන්නේ අක්කන්ඩි

🌼 ගොස් මලනුවන්ට පවසන්න කෙසේ හෝ එවන් දෙයක් වීමට ඉඩ ලබා නොදෙන ලෙස………

💙 හොඳයි මා එලෙස සිදු කරන්නම් අක්කන්ඩි……………….

මිත්‍රවින්ධා ඇගෙන් සමුගෙන රුද්‍රාක්ෂ හමුවී මේ සියලල ඔහුට පැවසුවාය………… රුද්‍රාක්ෂ ඇයගෙන් සමුගෙන නා ලොවට ගියේ එහි සිදුවන්නේ කුමක්දැයි සැක හැර දැනගන්නයි……………..

🐍 රුද්‍රාක්ෂ තමුන් පැමිණියද…………….

💚 පියානෙනි කුමක්ද ගැටලුව…………

🐍 අ…හ්..හ්…. ඌ……. අර දුටු ගැමුණු………… ඒ නරයා මා සන්තකව තිබූ ධාතුන් වහන්සේ සොරාගත්තා මදිවට මගේ ගෞරවය යාලිනීය පැහැරගත්තා…………….

පියා පවසන දෙයෙහි වරදකුත් නැත……….. සියල්ලටම වඩා උසස් යැයි සම්මත මාන්ජෙරිකයේ ජයසේන නා රජුගේ දියණිය මිනිස් ලොව මහ රජතුමා විසින් සරණපාවා ගැනීම ඇත්තෙන්ම ඔහුට අවමානයකි…………….. දැන් ඔහුට තම වර්ගයාට මුහුණ දීමට වත් නොහැකි වනු ඇත……………

💚 යාලිනී සිටින්නේ කැමැත්තෙන්ම නම්………..

🐍 ඇගේ කැමැත්ත අකැමැත්ත මට වැඩක් නෑ…………. රුද්‍රාක්ෂ ඔබ තමයි මනු ලොව ගැන හොඳින්ම දන්නා නාග මානවකයා………… දුටු ගැමුණු කෙසේ හෝ මරා දමා මා හට අයිති සර්වඥ ධාතුන් වහන්සේ සහ මා දියණි යාලිනී නැවත රැගෙන එන්න…….. මා ඔබට භාර කරනවා………….

💚 පියානෙනි……….. අැය මෙලෙස අනුවණ ලෙස හැසිරෙන්නේ……….. අප බුදුපියානන් වහන්සේම දේශණා කර තිබෙනවා උන් වහන්සේගේ මව්පස ඥාතින්ට හිම්වූ ධාතුන් වහන්සේ තැන්පත් වන්නේ මහා සෑයේ බව…………

🐍 එය මට කාරි නෑ…….. මා පැවසූ දෙය කරනු………

💙 නොහැකියි……. මට කමා කරන්න……. දුටුගැමුණු මහ රජතුමා ශ්‍රේෂ්ඨ රජකෙනෙක්….. මට එතුමාගේ දිවි තොර කල නොහැකියි………………. එමෙන්ම යාලිනී එහි සිටින්නේ ස්වකැමැත්තෙන්මයි………….

🐍 රුද්‍රාක්ෂ……….. උඹත් මට විරුද්ධව මිනිසුන්ගේ පැත්තද ගන්නේ……… ඕ..හ්….. මා හට අමතක වුවා……… ඔබත් මහා පද්මානන්ද ගේ දුවට වසඟ වෙලානේ ඉන්නේ……………

💚 පියානෙනි……. මේ ගැටලුවට ඇගේ සම්බන්ධක් නෑ……………. මා දිගු කලක් මනු ලොව සිටි නිසා මා ඔවුන් ගැන දන්නවා…………….

🐍 උඹ හා කතා කර පලක් නෑ රුද්‍රාක්ෂ මගේ දෑහැට නොපෙනී පිට වෙනු……. මා එය ප්‍රහස්ථක ලවා කරවන්නම්…………

පිය පුතු බැඳීම පලුදු විය…………… මේ තත්වය යටතේ ඔහුට නා ලොව ජීවිතය නීරස විය……………… ඔහු වහාම මනු ලොවට පිවිසියේ කෙසේ හෝ දුටුගැමුණු මහ රජතුමාගේ ජීවිතය බේරා ගැනීමේ අදිටනිනි……

නමුත් කිසිවෙකුටත් එය කීමට නොහැකිය…………… ඇය මිත්‍රවින්ධා සොයා ගියේය………………. නමුත් ඇගෙන්ද ඊට නිසි පිලිතුරක් නොලැබුනේ එය පැවසීමෙන් ඔහු කවුරුන්දැයි හෙලි වන බැවිනි………….. මෙසේ දින කීපයක් ගත විය………………. එක් දිනක් කපුරුනාද වෙද මහතා ඉක්මන් ගමනින් රජ මැදුර දෙසට දිව යයි………… මහා පද්මානන්ද ඔහු දැක කලබලයට පත් විය…………

🍃 කපුරුනාද වෙද මහත්තයා කොහිද මේ කලබලෙන්………..

🍂 දුටුගැමුණු මහ රජතුමා හට නාගයෙක් දෂ්ඨ කරලා ඔබ ඒ ගැන නොදන්නේද…………

🍃 නෑ……. මා එය දන්නේ නෑ……

රජතුමාගේ වෙලාවට කපුරුනාද වෙද මහතා විසිනි ලබා දුන් ඔසු වලට එතුමා සුව විය…………….

මේ ලෙස අවස්ථා දෙකකදීම නා ලොවෙන් ආ ප්‍රහස්ථක ගේ දෂ්ඨනයෙන් ඔහු දිවි බේරා ගත්තේය………………

රජතුමා සහ සෑයේ වැඩ ඉක්මන් කලේය……….. තව ඇත්තේ හතරැස් කොටුවත් දේවතා කොටුවත් කොත් කැරැල්ලත් නිම කිරීමයි…………….

අලුත් සහල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට දුටු ගැමුණු මහ රජතුමා නියෝග කලේ මේ අතරවාරයේදීයි……………….. මහා පද්මානන්ද,,, වීරුධාර ආදී මහා ධන සිටු වරුන්ට කාර්යබහුල විය……………. අස්වනු නෙලා අලුත් සහල් කිරි ආහාර පූජාව ඉතා උත්කර්ෂවත් මංගල්‍යයකි…………………

තිසා වැව් දිය මතට වැටුනු චන්ද්‍රාලෝකයෙන් මුලු පලාතම රිදී පැහඅයෙන් බබලන්නට විය………… පුරන් කෙත්වතු පිසගෙන හමා එන නැවුම් සුලඟ රුද්‍රාක්ෂ ගේ සිරුරේ වැදීමෙන් ඔහු මදක් ඇකිලුනි……………………. මිත්‍රවින්ධා තවමත් නැත…………… මෙතරම් රාත්‍රියපඋදාවී අඅයව හමුවීමට යොදාගත් එක නම් උචිත නොවන බව ඔහුට නොසිතුනා නොවේ……… නමුත් ඇය දැනටමත් සිටින්නේ දුටුගැමුණු රජතුමාගේ සුවදුක් විචාරන්නට ගොස්ය…………….. රුද්‍රාක්ෂ මේ මඟ බලා සිටින්නේ ඇය එනතුරුයි……………..

මඳ වේලාවකින් මිත්‍රවින්ධා ඔහු අසලට ආවේ සිනාමුසු මුහුණිනි………….

💙 ඔබතුමා පැමිණ බොහෝ වේලාවක් ගතවුනාද……….. ප්‍රමාදය ගැන කමා කරන්න…………….

💚 මා පැමිණ නම් සුළු මොහොතක් ගත වුනා……… දැන් කෙසේද රජතුමා හට……..

💙 එතුමා නම් දැන් සුවෙන්………….. කපුරුනාද වෙද මහත්තයා ඉන්න තුරු ගැටලුවක් ඇති නොවේ…………………

💚 මට ප්‍රහස්ථක අයියන්ඩි පාලනය කල නොහැකියි…………. මා ඔබ සමග සබඳකමක් ඇති කර ගත් නිසා ඔහු මා අත් හැර දැමුවා………..

💙 මා නිසා ඔබතුමාට බොහෝ දේ අහිමි වේවි…………….

💚 මිත්‍රා………… නමුත් ඔබ මට හිමි වෙනවානේ……… ඒ මට ප්‍රමාණවත්…………. ආ..හ්…හ්………… එය නොවෙයි………. මා ඔබට දෙයක් ගෙන ආවා……..

රුද්‍රාක්ෂ මෙතෙක් සිය අතෙහි තබාගෙන සිට් ත්‍යාගය මිත්‍රවින්ධා අත තැබුවාය………………. එහි තිබුනේ රතු,,, රන් මිශ්‍ර වටිනා සළු පිලි…………………

💙 කුමරුනි……… කෘතඥ වෙනවා……. මෙයට…………

💚 හෙට අලුත් සහල් මංගල්‍යයට ඔබ මෙය අදින් ඇතැයි මා විශ්වාස කරනවා…………..

💙 හොඳමයි……… මා හෙට මෙය අදින්නම්…………….

💚 සැබැවින්ම මා නාගයෙකු බව දැනගත් විට ඔබේ පියානන් කුමක් කරාවිද………………

💙 ඔහු කිසිසේත්ම අපට එක්වන්නට නම් නොදේවි………………..

💚 එසේ වුවහොත් ඔබ මා අත්හරිනවද කුමරිය…………………….

💙 දැන් එය කල නොහැකියි මට…………….. ඔබට සිදුවේවි මා රැගෙන යන්නට රෝහණයට

රුද්‍රාක්ෂ ගේ සිතට සතුටක් දැනුනේ මිත්‍රවින්ධා කුමරියද එවන් තීරණයක් ගෙන තිබෙන බැවිනි…………….. කිසිදා ඔවුන්ට දෙමව්පිය ආශිර්වාදයෙන් එකිවීමට නොහැකි වන බව ඔවුන් දෙදෙනාම දැන සිටියහ………………………………

උදෑසන අලුත් සහල් මංගල්‍යයේ පූජා කටයුතු සිදු කල අතර රාත්‍රිය රජතුමා විසින් සාදයක් සංවිධානය කර තිබුණි…………………….. එයට සුදත්ත සිටුතුමා හටත් රුද්‍රාක්ෂ හටත් ආරාධනයක් තිබුණි……………….

මිත්‍රවින්ධා කුමරිය ඇඳ පැලඳ ගත්තේ හදවතේ උතුරන සතුටිනි…………….. අැය රුද්‍රාක්ෂ විසින් ලබා දුන් ඇඳුම අදින විට මැණිකා ඒ දෙස බලා සිටියේ සතුටිනි…………..

🍂 ඔබතුමියගේ සිරුරේ මිම්මටම එය මසා තියෙනවා……………..

💙 එහෙමයි මේ වර්ණ සංකලනයත් අතිශයින් සුන්දරයි…………..

🍂 මේ ආභරණයන් තමයි ඔබට වඩාත් ගැලපෙන්නේ

සුන්දර ආභරණයන්ගෙන් විල්ලුද සළුපිලි වලින් සැරසුන මිත්‍රවින්ධා පලමුව ගියේ රුද්‍රාක්ෂ හමුවීමටයි………….. ඇය ඔහු හමුවුනේ ශිව දේවාලයේදීයි…………… ඔහු ශිව දෙවියන්ට පුද පුජා පවත්වමින් සිටියේය………… නාගයන් අදහන්නේ ශිව දෙවියන්ය………………

මිත්‍රවින්ධා කුමරිය ඔහුට බාධා නොකර මදක් පසුපසට වී සිට ගත්තාය………………. පූජාව අවසන් කල පසු මිත්‍රවින්ධා ඔහු අසලට ගියේය…………

💚 කුමරියනි…………………..

රුද්‍රාක්ෂ ඇසිපිය නොහෙලා ඇය දෙස බලා සිටියේ එතරම්ම සුන්දරවඇය දිස්වුන නිසායි…………… මිත්‍රවින්ධා කුමරිය වන් සුන්දර දෙවඟනක් දෙව් ලොව හෝ සිටිය නොහැකිය……………… ඇගේ රුව ඔහුගේ හදවත නිවාලයි………….

💙 රුද්‍රාක්ෂ…….. කුමරුනි ඇයිද මේ…………..

💚 ඔබේ සුන්දරත්වයට මා වශීවූවා…………….. පැමිනෙන්න මෙතැනට………………….

ඇය පැමිණ ඔහු අසලින් අසුන්ගත්තාය………. රුද්‍රාක්ෂ එකින් එක ඇය පැලඳි රන් ආභරණ ගලවන්නට විය……….. ඉන්පසු ඔහු තවත් මංජුසාවක් විවර කලේය……….. එහි වූයේ නා ලොව පමණක් දක්නට ඇති වටිනා රතු දියමන්ති,,, මැණික් හා මුතු යොදාගත් රන් ආභරණ කට්ටලයකි…………… ඔහු ඇයට ඒවා එකිනෙක පැලඳුවේය………..

ඉන්පසු ඇගේ රතු සළුවෙන් හිස ආවරණය කල ඔහු එහෙමම පහත් වී ඇගේ හිස ආදරයෙන් සිපගත්තේය…………………. රුද්‍ර තමාට කොතරම් ආදරෙයි දැයි මිත්‍රවින්ධා හොදින්ම දැන සිටියාය……………. තම පියානන් අකැමති වුවත් රුද්‍ර සමගින් පිට වීමට ඇය තීරණය කර තිබුනේම ඒ ආදරයට ඇති ලෝබ කම නිසාය……………………..

සාදය ආරම්භ විය………

෴ මතු සම්බන්ධයි