දහතුන් වන කොටස෴
මිත්‍රවින්ධා කුමරිය තරමක් රාත්‍රියේදී මැණිකා සමගින් යන්නේ දුටු ගැමුණු මහ රජතුමා මුණගැසීමටයි………………… ඇය සුවිසල් මාලිගය වෙත යන විටත් රජතුමා සිටියේ උද්‍යානයේ කෙලවරට වන්නට තිබුණු නෙලුම් පොකුණ අසලය………………
💙 රජතුමනි………. ප්‍රණාම වේවා ඔබතුමා හට………….. මේ රාත්‍රියේදී උද්‍යානයේ රැඳීම නම් ඔබතුමා හට උචිත නොවේ……………..
👑️ මිත්‍රවින්ධා දියණිය……… මා ඔබතුමිය දුටුවේ නැහැ ලඟට එනතුරුම…………..
💙 එය මා හට සිතුනා………. සිටියේ ඔබ විශාල කල්පනාවක නොවේද……………
👑️ එහෙමයි…. කුමරිය……….
💙 ඒ සාලිය අයියන්ඩි ගැනද මහ රජතුමනි………………..
👑️ හ්ම්ම්ම්ම්……… මා කොතරම් වාසනාවන්ත ශ්‍රේෂ්ඨ රජකෙනෙක් වුවත් පලක් තිබේද කුමරිය…………. මතු රජකිරුලට නියම උරුමකරුවෙකු ලබාදෙන්න නොහැකි වුනා………….
💙 රජතුමනි……… ඔහුට සමාව දෙනු මැනවි……….
👑️ කෙසේ නම් සමාවක් දෙන්නද දියණිය………. මා කොතරම් අවමානයකට ලක් වුනාද……… මා පුතු……….. මහ රජ දුටුගැමුණුගේ පුතු විවාහ වූයේ රොඩී කෙල්ලක සමගයි………… ඉන් ඔබට වූ අවමානය……….. ඔබ රොඩී කෙල්ල තරම් වත් නොවට්නා බව නේද ඔහු එයින් අදහස් කලේ…………… එයට මා කෙසේද ඔහුට සමාවක් ලබාදෙන්නේ………….
💙 රජතුමනි…………….. සාලිය කුමරු දිනාගනු ලැබුවේ ඔහුගේ ආදරයයි……….. අප ඕනැම කෙනෙකු තමා ආදරය කරන දෙයක් අහිමි කර ගැනීමට අකැමතියි………… එනිසා නේද ඔබතුමාත් කොත්මලේ ගැමි දියණියව ඔබගේ අගරැජිණිය කර ගත්තේ………… ඉතින් සාලිය කුමරු කල දෙය වරදක් වන්නේ කෙසේද………..
රජතුමා මදක් කල්පනා කලේය……….. ඇය පවසන දෙයෙහි සත්‍යයක් නැත්තේමත් නැත………………… සාලිය කෙරේ රජතුමාගේ හිතේ වූ අප්‍රසාදය පහව යන සෙයක් දැනුනි…….. නමුත් සම්පූර්ණයෙන්ම සමාව දී අශෝකමාලා රජමාලිගයට කැඳවාගෙන ඒමට අවසර දීමටත් රජතුමාගේ කැමැත්තක් නැත……………….. රජතුමා ඔහුගෙන් සමුගෙන පිටව යන මිත්‍රවින්ධා කුමරිය දෙස බලා සුසුමක් හෙලුවාය…………
👑️👑️👑️ දියණිය…….. ඔබ වන් ගුණවත් සිල්වත් සුන්දර ලේලියක් ලැබීමට මා පින් කර නැති හැටි………… ඔබ වන් බිරිඳක් ලැබීමට මා පුතු පින් කර නැති හැටි…………. එමෙන්ම මතු මේ රාජ්‍යයේ අගරැජිණිය වීමට ඔබට පින් නැති හැටි………… පුදුමයි…….. නමුත් ඔබ හිමි වන තැනැත්තා හට ඔබව සක්විති රජකමටත් වඩා වටිනු ඇත……………..
රජතුමා තම සිතට පැවසුවේය……..
රජතුමාගෙන් සමුගෙන නැවතත් නිවසට යන මිත්‍රවින්ධා කුමරියගේ දෙපා නැවතුනේ ඉදිරියෙන් තමාට පිටුපා යුවතියක් හා ලෙංගතුව දොඩමළුව සිටින රුද්‍ර දැකීමෙනි………… මැණිකාද එය දුටුවාය……………. වහාම බැලුවේ සිය ස්වාමි දුව දෙසයි………… මිත්‍රවින්ධා කුමරියගේ මුහුණ දුකෙන් බරවී තිබුණි………… කෝපයක් තරහක් දුකක් හා ඊර්ෂ්‍යාවක් මිශ්‍ර හැඟීම් ඇගේ මුහුනෙන් විටෙන් විට වෙනස් වන්නට විය………………..
🍂 කුමරියනි………. එතුමා හඳුනන අයෙකු වන්නට ඇති…………. ඇයිද මේ…………
මිත්‍රවින්ධා කුමරියගේ දෑස් කඳුලින් පිරී මුව වෙව්ලන්නට විය……………….
🍂 අනේ ඉතින් ඔය………… මගේ කුමරියනි…………………
මිත්‍රවින්ධා ඔවුන්ගේ කතාව අවසන් වන තුරුම නිහඬව පසෙකට වී බලා සිටියාය…………… අවසානයේ ඔවුන් දෙදෙනා සමුගත්තේ සුහද ලෙංගතු වැලඳගැනීමකිනි…………….
රුද්‍ර ආපසු හැරෙන විටම මිත්‍රවින්ධා කුමරිය දැක ගැස්සුනාය………. නමුත් ඇගේ මුහුණේ වූ දුක්බර බව දැක සිද්ධ වී ඇති දෙය වටහා ගත්තේය……….. රුද්‍රාක්ෂ අඩියට දෙකට ඇය අසලටම ආවේය…………….. රුද්‍ර ලංවෙත්ම මිත්‍රවින්ධාගේ දෑසේ වූ කඳුලක් ඇගේ කොපුල් හරහා ගලා ගියේය…………..
රුද්‍ර දෝතින්ම ඇගේ මුහුණ තමා දෙසට හරවා ගත්තේය………….
💚 මිත්‍රවින්ධා…….. අැයිද මේ මගේ කුමරියනි…………
මිත්‍රවින්ධා කිසිවක්ම නොකිව්වාය…………. ඔහු ඇයව සිය ලයට තුරුලු කරගත්තේ හිස ද අතගාමිනි…………… තව ටිකක් ඇයව අවුස්සා ගැනීමට තරම් දගකාර සිතුවිල්ලක් පහල වුවද ඇගේ කඳුලු බලන්නට ඔහුට නොහැකි විය……………
💚 මගේ කුමරියනි………… ඔබේ ගැටලුවට මා පිලිතුරක් ලබාදෙන්නම්……………..
💙 ගැටලුවක් බව පවසන්නෙත් නැතිව දන්නේ කෙලෙසකද ඔබ…………..
මිත්‍රවින්ධා ඔහුගේ ලයෙන් හිස ඉවත් නොකරම ඇසුවාය……………….
💚 ගැටලුවක් නිසානේ මගේ කුමරිය මෙතරම් කදුලු සලන්නේ……………
💙 රුද්‍ර………………..
💚 කුමරියනි………….. ඒ මගේ එකම සොයුරිය යාලිනී…………. අක්කන්ඩි පැමිණ ඇත්තේ මහා සෑය වන්දනාමාන කරන්නට……………..
මිත්‍රවින්ධා හට ලැජ්ජාවක් දැනුනි……… තමා හැසිරුනේ කොතරම අනුවණ විදිහටදැයි ඇය සිතුවාය…………….
💚 කුමරියනි…………………. ඔබට පමණමයි මා ආදරය කරන්නේ……. ඔබට පමණමයි…………. මා සිත අයිති ඔබටයි………… එහි අන් කිසිවෙකුට ඉඩක් නොවේ………… ඉතා ඉක්මනින් ඉතාමත් ඉක්මනින් මා ඔබ මගේම කරගන්නවා……………….
රුද්‍රාක්ෂ මිතුරන් නිවස අසලටම ඇරලවා යලිත් අනුරාධපුරයේ සුමිත්ත සිටුතුමාගේ මන්දිරයට ගියේ මිත්‍රවින්ධා ගැනම සිතමින්…………….
💚💚💚 කොතරම් ආදරෙයිද ඇය මා හට……….. මට ලෝබ සිතෙනවා ඒ ආදරයට……………… මා ඇයට ආදරය කරන්නට ගත් තීරණය වැරදි නැති බව මට ප්‍රත්‍යක්ෂ වුනා……….. මිත්‍රවින්ධා මා පොරොන්දු වෙනවා ඔබ මගේම කරගන්නා බව ඉක්මනින්…………………
රාජ පුරුෂයින් මහා සෑය අසල රැක සිටියේය……… ඔවුන් මේ අල්ලාගන්නට සූදානම්ව සිටින්නේ අන් කිසිවෙකු නොව යාලිනී නාග කන්‍යාවයි……………… මහා සෑයෙන් පිටවුනු යාලිනී පසුපස ගිය රාජපුරුෂයින් ඇයව අල්ලාගෙන දුටුගැමුණු මහ රජතුමා හමුවට රැගෙන ගියේය……………………
අැය හා පැමිණි නාගයින් දෙදෙනෙකු දිවි බේරාගෙන අතුරුදන් විය………… යාලිනියගේ රූප ශෝභාවට වසග වූ දුටුගැමුණු මහ රජතුමා ඇයව සිය බිසවක් බවට පත් කර ගත්තේය…………………
මේ පුවත පසුදා මුලු අනුරාධපුර අගනගරය පුරාම පැතිරුණු අතර,,,, පලා ගිය නාගයින් ජයසේන නා රජුවත් දැනුවත් කරන ලදී……………….. පලමුව තමා සන්තකයේ තිබූ සර්වඥ ධාතුන් වහන්සේ හොරකම් කරගෙන යාමත්දෙවනුව ඒවා වැදීමට මනු ලොවට ගිය සිය දියණිය පැහැරගෙන යාමත් නිසා ජයසේන නා රජු සිටියේ දුටු ගැමුණු රජතුමා සමග අපමණ වෛරයෙනි………………
🐍 රුද්‍රාක්ෂ කැඳවන්න ඔහු තමයි මනු ලොව ගැන හොඳින්ම දන්න කෙනා……………
ඒ වන විට අනුරාධපුර නගර පුරාමත් මේ පුවත පැතිරී තිබුණු බැවින් පියා මේ තමා කැදවන්නේ සොයුරිය ගැන දැන ගැනීමට බව ඔහු අනුමාන කලේය……………… එනිසාම ඔහු මිත්‍රවින්ධා සොයා ගියේ අන්තඃපුරයට ගොස් සොයුරිය හමුවන ලෙස පවසීමටයි……………….. මිත්‍රවින්ධා කුමරිය හටත් මේ පුවත පැවසුවේ මැණිකාය…………..
🍂 අනේ හැබෑටම කුමරියනි……… අපගේ දුටුගැමුණු මහ රජතුමා ඇයි මේ තරම් අනුවණව කටයුතු කරන්නේ…………..
💙 මා නම් කිසිදා සිතුවේ නැහැ එතුමා මෙවන් දෙයක් කරයි කියා……….
🍂 එතුමා පැහැරගෙන ඇත්තේ ඊයේ රුද්‍ර කුමාරයා කතා කරමින් සිට් නාග කන්‍යාවයි……….
💙 අැය රුද්‍රාක්ෂගේ සොයුරිය………. අපි දැන්මම ඔහු හමුවිය යුතුයි……………
ඔවුන් දෙදෙනා රුද්‍ර සොයා යන විට ඔහුව එම මගෙහිම හමු වුනේ ඔහු මිත්‍රවින්ධා කුමරියගේ නිවසට එන අතරතුරයි……….
💚 කුමරියනි…………….
💙 රුද්‍ර එය සෑබෑවක්ද……… ඔබගේ සොයුරියවද අප මහ රජතුමා පැහැරගනු ලැබුවේ…….
💚 එහෙමයි…………. පියානන් මා කැඳවා තිබුනා……. සමහර විට මේ ගැන විමසන්න විය හැකියි……………..
💙 එවිට…. කුමක් සිදුවෙයිද……………
💚 අැය සිට්න්නේ කැමැත්තෙන්ද කියා මා හට දැනගත යුතුයි හැකිද ඔබට ඇය හමුවී මේ ගැන විමසීමට…………
💙 හොඳයී ඔබතුමා මෙහිම රැඳී සිටින්න මා ඉක්මනින් එන්නම්…………….
මිත්‍රවින්ධා කුමරිය ඉක්මනින් රජමාලිගයට ගියාය…………….. අන්තඃපුරයේ උද්‍යානයේ රන්මැණිකා අගරැජිණිය ඈත කෙත් යාය දෙස බලාගෙන කල්පනා කරමින් සිටියාය………. මිත්‍රවින්ධා කුමරියට ඇය ගැන ඇති වුනේ වේදනාවකි……………..
💙 අගරැජිණියනි…….. ඔබතුමිය ඇයිද මේ තනිවම…………..
👸 මිත්‍රවින්ධා කුමරිය………………. මා වෙන කුමක් කරන්නද…………..
💙 ඔබතුමිය මේ ගැනම සිතුවොත් අසනීප වෙයි……………….
👸 අැයිද ඔහු මට එලෙස සිදු කරන්නේ…………..
💙 අගරැජිණියනි……… අප මහ රජතුමා ඔබතුමියටයි ආදරය කරන්නේ ඉතින් ඇයිද මේ දුක් සංකා
👸 මට කිසිවක් නොවැටහේ
💙 අලුත් බිසව හමුවිය හැකිද මා හට…………..
👸 හැකියි…….. යන්න………….
මිත්‍රවින්ධා කුමරිය ඉක්මනින් යාලිනී සොයා ගියාය…………. යාලිනීගේ මුහුනෙන් දුකක් පසුතැවීමක් හා වේදනාවක් ඇය නොදුටුවාය………
💙ඔබ රුද්‍ර ගේ අක්කන්ඩි නේද………..
🌻 එහෙමයි……………….. ඔබ එවිට මිත්‍රවින්ධා කුමරිය නේද………
💙 ම්ම්ම්… අක්කන්ඩි ඔහු ඔබට මා ගැන පැවසුවද……………
🌻 පැවසුවා…….. මා මලනුවන් ඔබට සෙනෙහස දැක්වීම පුදුමයක් නොවේ……… ඔබ අසාමාන්‍ය සුන්දරත්වයක් හිමි මිනිස් දුවෙක්………….
💙 අක්කන්ඩි වැඩ් වේලාවක් සිට්ය නොහැකියි……. මා පැමිණියේ යමක් දැන ගැනීමටයි………..
🌻 කුමක්ද…… පවසන්න……….
💙 අක්කන්ඩි ඔබ මෙහි සිට්න්නේ සතුටින් හා කැමැත්තෙන්ද…. නැති නම් පිලිකුලෙන් හා අකැමැත්තෙන් ද………………..
෴ මතු සම්බන්ධයි