දොලොස් වන කොටස෴

අවසානයේදී ශාලිනී ඔවුන් දෙදෙනා දුටුවාය……………. කොහොමත් උපක්‍රමශීලි ශාලිනි නා රජවරුන් දෙදෙනා එම ස්ථානය අසලින් කැඳවාගෙන ගියාය……………..

🐍 රුද්‍රාක්ෂ නොවේද ඒ……………..

නාගසේන මුලින්ම ඔහුව දුටුවේය………….. රුද්‍රාක්ෂ හා මිත්‍රවින්ධා කුමරිය ගල්තලාවේ වාඩ් වී සිට්යේ එකිනෙකාට බොහෝ ලං ලංවය………… බැලූ බැල්මට ඔවුන් පෙම්වතුන් බව හොඳින් හඳුනාගත හැක……………….. ඔවුන් දෙදෙනාත් මහා පද්මානන්ද සිටුතුමා හට රහසේ හමුවන්නේ මේ ස්ථානයේය…………………….

🍃 ඔහු තමයි ඒ……….. කවුරුන්ද ඔහු සමග සිටින තැනැත්තිය……………..

🐍 අපගේ නාග ලොව කන්‍යාවක්ද………..

🧞 පියානෙනි………. එදා මා ඔබට පැවසුවේ මේ තැනැත්තිය ගැන තමයි…………. ඇය අපගේ රුද්‍රාක්ෂ රවටාගෙන බවයි හැඟෙන්නේ……………. මිනිස්දුවක් ඇය………..

කෝපයට පත්ව සිටින ජය සේන ඔවුන් ලඟට යන්නට සැරසුනි…………..

🧞 මාමණ්ඩිය……… කලබල නොවන්න……… මා ඊට සුදුසු දෙයක් කරන්නම්………….

🍃 හොදයි ශාලිනී…………….. රුද්‍රාක්ෂ හට පවසන්න ඉතා ඉක්මනින් මා හමු වන ලෙස……………….

ජයසේන නා රජු පිටව ගියේ අපමණ කේන්තියෙනි……………….. ජයග්‍රාහී ලීලාවෙන් ශාලිනී රුද්‍රාක්ෂ පිටව යන තුරු බලා සිටියාය………………… රුද්‍රාක්ෂ ගෙන් සමුගත් මිත්‍රවින්ධා කුමරිය සිය නිවස බලා යන්නට මාවතට පිවිසියාය…………… ශාලිනී යලිත් වරක් ඇය ඉදිරියේ සිට ගත්තාය………………. මිත්‍රවින්ධා ඇයව හඳුනාගත්තාය………..

💙 ඔබද මේ………………….. සිතුවේ හඳුනා නොගනීවි යැයි කියාද……….. එතරම් මුසා පවසා මා මරා දැමීමට ඔබට මා කල වරද කුමක්ද…………….

🧞 වරද…………. වරද කුමක්ද………….. එය අසන ලස්සන විතරක්…………….. මගේ රුද්‍රාක්ෂ මගෙන් උදුරාගත් එකම මදිද……….. ඔබ සිතා සිට්න්නේ ඔහු මිනිසෙකු කියාද…….. ඔහු නාගයෙක් ඔහු නාගයෙක්…………

💙 ඔහු නාග මානවකයෙකු බව මා දන්නවා ………………….

🧞 කුමක්ද ඔබ දන්නවා………… එසේ නම් ඔබ කෙලෙසකද නාග මානවකයෙකු හා එක්වන්නේ……………….

💙 ඔබ කවුරුන්ද කියා නම් මා නොදන්ම් සොයුරිය……… නමුත් හදවතේ උපන් අව්‍යාජ සෙනෙහසට ඔහුගේ කුලය බලය තනතුරු උස් පහත්කම් ආදිය කිසිඳු අදාලතාවයක් නැත…………… කොන්දේසි සීමා නීති රීති රහිතවම මා රුද්‍ර හට සෙනෙහස දක්වමි………………..

🧞 ඉඩ නොදෙමි……… ඊට මා කිසිසේත් ඔබට ඉඩ නොදෙමි………….

💙 කෙසේද ඔබ මා නවත්වන්නේ……………..

🧞 අදත් මා පෙරදා ලෙසම දෂ්ඨ කරනවා පුුලවන් නම් බේරිලා යනවා…………….

සැනෙකින් ශාලිනී භයානක අර්ධ නාග ස්වරුපයට පැමිණියාය………….. තක්ෂක් නාග වංශයට අයිති ශාලිනී අධික විෂ සහිත දැඩ් වෛරී නාගකන්‍යාවකි………. සැබැවින්මඇය විෂ කන්‍යාවක්……………. මිත්‍රවින්ධා කුමරිය මුවැත්තියක් මෙන් බිය වූයේ තමා කොතරම් නිර්භීත වුවත් මෙවැනි බලයකටඑරෙහිව සටන් කිරීමට තමා හට හැකියාවක් නොමැති බැවිනි………..

අැය පස්සෙන් පස්සට යන විට ශාලිනී ඇය වෙතම ආවේ සිනාසෙමිනි…….. ඇගේ දෑස් කහ පැහැ වී තිබුණි………….. නමුත් මිත්‍රවින්ධා ගේ වෙලාව හොඳවිය………… ශාලිනී ඉදිරිපිට හිට ගත්තේ රුද්‍රයි………….

🧞 රුද්‍රාක්ෂ ………………….

💚 ශාලිනී මා පැවසුවා එක් වරකුත් මගේ මිත්‍රවින්ධා දෙස නෙත් පියවිල්ලක් හෝ නොහෙලන ලෙස……….

🧞 රුද්‍ර……. නමුත්…….. නමුත්…………..

💚 මා දැන් මෙතැනම ඔබ ඉවරයක් කිරීමට මත්තෙන් පිටව යනු……………

🧞 ඔබ අයිති විය යුත්තේ මා හටයි මැය වැනි මිනිස් කන්‍යාවකට නොවේ…………..

💚 ඔබට………………. ඔබ තැබිය හැකිද මගේ මිත්‍රවින්ධා අසලකින්වත්……….. ඇයයි මා පැතූ ජීවන සහකාරිය……….. ඇයයි…….මගේ සංසාරගත පතිනිය………… නුඹට කිසිසේත් අපව වෙන් කල නොහැකියි…………..

ශාලිනී යලිත් නාග ස්වරූපයෙන් මිනිස් ස්වරූපයට පැමිණියාය…………..

🧞 රුද්‍රාක්ෂ…………….. අද නුඹත් නුඹේ මේ මිනිස් කුමරියත් බේරුනා කියා නම් සිතන්න එපා………… මා ඇය මරා දමනවාමයි………………..

ඉදිරියට ගිය රුද්‍ර ව අතින් අල්ලා නතර කල මිත්‍රවින්ධා ශාලිනී ලඟට ගියාය…………….

💙 ශාලිනී…….. දැන් ඔබ පිටවෙන්න………. එමෙන්ම තේරුම් ගන්න අප අතර ඇත්තේ එක්තරා ආකාරයක ආකර්ශනයක් හෝ කැමැත්තක් නොවන බව…………. අප අතර ඇත්තේ එකිනෙකා වෙනුවෙන් උපන් ආදරණිය හැඟීමක්………… එය රුද්‍ර ගේ සිතේ ඔබ ගැන ඇති නොවීම ඔහුගේ ගැටලුවක් නොවේ ශාලිනී………. එය ඔබේ ගැටලුවක්……………ඔහුගේ සිතේ ඇති වූ රැවට සමාන වීමට නොහැකි වීම ඔබේ ගැටලුවක්………

ශාලිනී යන්න ගියේ මිත්‍රවින්ධා දෙස තර්ජනාත්මක දෑසින් බලාය…………. යන්නට ගිය ඇය නැවතත් හැරී රුද්‍ර ඇමතුවාය…………..

🧞 රුද්‍ර……….ජයසේන මාමණ්ඩිය පැවසුවා ඔබට ඇවිත් හමු වන ලෙස…………

අනිවාර්යෙන්ම තමාත් මිත්‍රවින්ධා කුමරියත් පියානන් දකින්නට ඇති බව ඔහු අනුමාන කලේය…………….. මිත්‍රවින්ධා කුමරිය සිට්න්නේ බියෙන් බව රුද්‍රාක්ෂ දැනගත්තේය…………..

💚 මගේ කුමරියනි……… මා සිටින තුරු බිය විය යුතු නොවේ ඔබ………….

💙 එහෙමයි…….. මා හට විශ්වාසයක් තිබුනා ඔබ පැමිනේවි කියා………

මිත්‍රවින්ධා කුමරිය රුද්‍ර ගේ උර තලයේ හිස හොවාගත්තාය…………… තමා නිසා මිත්‍රවින්ධා හට කරදරයක් වේ යැයි රුද්‍රාක්ෂ හට ඇති වුනේ බියකි………………

💚 මා සිටින්නේ ඔබ අසලමයි………. බ්ය නොවන්න…….. මා ඔබ නිවසට ඇරලවන්නම්…………………

💙 නමුත් පියානන්……………

💚 ඔබට පැවසීමට අමතක වුනා…….. මහා පද්මානන්ද සිටුතුමා හමුවුනා මා හට………. දැන් සාලියත් අශෝකමාලා හා එක් වුන බැවින් ඔහු අප දෙදෙනාට විරුද්ධ නොවනු ඇති……….. ඔබ හා විවාහයෙන් පසු මට නාග ආත්මයෙන් මිදීමට හැකියි නේ……… එතෙක් මේ රහස රැකුනොත් ඒ ඇති……….

💙 නමුත් ඊට පෙර එය දැනගත හොත් මා පියානන් මෙන්ම අයියන්ඩිද අතිශයින් භයානකයි කුමරුනි………….. ඔවුන් ඔබ මරා දමාව්………………..

💚 නැහැ…….. මහාපද්මානන්දයන් ඔහුගේ දියණියට අසීමිතව ආදරය කරනවා………. ඔහු කිසිදා ඇය ආදරය කරන දෙයක් නම් උදුරා නොගනු ඇති……………

💙 රුද්‍ර………. මා ප්‍රිය කුමරුනි…………. යම් හෙයකින් අප සිතන අයුරින් කිසිවක් සිදු නොවුන හොත් ඔබ හා රෝහණයට පලා යාමට මා කැමැත්තෙම්…………

💚 කුමරියනි……… මට ඔබ ගැන ඇති වන්නේ අපමණ සංවේගයකි……….. මා හට සෙනෙහෙන් බැඳුන නිසා දුක් විඳීමට සිදුවේවි…………..

💙 එසේ නොපවසන්න……… කුමන දුකක් වුවත් නැතිවේවි ඔබතුමාගේ මුහුණ දුටු විට…………..

රුද්‍ර ඇයව තවත් තුරුලු කරගත්තේය…………. සුවිසල් සුදු පැහැ පලිඟු මාලිගය අද්දරටම පැමිණි රුද්‍ර එතෙක් වේලා අල්ලාගෙන සිට් මිත්‍රවින්ධා කුමරියගේ අත අත්හැරියේය……………..

💚 දැන් යන්න හෙට පාන්දරින්ම පැමිණිය හැකියි නේද මා හා මහා සෑය වන්දනාමාන කිරීමට යාමට…………..

💙 පැමිනෙන්නම්………………………….

🌹💚💙🍂🌹💚💙🍂🌹💚💙🍂🌹💚💙🍂🌹💚💙🍂🌹💚💙🍂🌹💚💙🍂🌹💚

එක් දිනක් රාත්‍රියක රාජ පුරුෂයින් විසින් මහා සෑය අසලදී රූමත් කුමාරිකාවක් දකී……………….

🌾 බලන්න ඒ රූප ශෝභාව…………. කවුරුන්ද ඒ………..

🍁 හැබෑට අනුරපුර ඉසව්වේ කුමරියක් නම් විය නොහැකියි………….

🌾මේ දෙවඟනක්ද…………..

🍁 එතරම් සුන්දර විලාශයකුයි කියෙන්නේ…………..

මඳ වේලාවකින් ඒ කුමරිය නික්ම ගියාය…………. ඉක්මනින් මහා සෑ බිමට ගිය රාජපුරුෂයින් ඔවුන් පිදූ මල් නිරීක්ෂණය කලාය………….

🌾 කඩුපුල් මල් නේද මේ……….

🍁 මේ වර්ගයේ මල් පිපෙන්නේ නා ලොවයි………

🌾 එවිට මේ නාග කන්‍යාවක්ද…………..

🍁 එසේ විය යුතුයි අප මහා රජතුමා දැනුවත් කරමු…………..

ඔවුන් රජතුමා හමුවට දිව ගියොය……….

🌾 රජතුමනි,,,, රජතුමනි,,, අතිශයින් සුන්දර නාග කන්‍යාවක් දුටුවා මහ සෑය අභියසදී…………….

👑️නාග කන්‍යාවක්…………

🍁 එහෙමයි….. ඔබතුමාගේ අන්තඃපුරයට කදිමයි……………

👑️ එතරම්ම ලස්සනද……… එසේ නම් හෙටත් රැක සිට ඇයව අල්ලාගෙන මගේ ඉදිරියට ගෙන එනු…………

දුටුගැමුණු මහ රජතුමා ගේ තිබූ එකම දුර්වල කම එයයි…………. ඔහු දැඩි ස්ත්‍රිලෝලියෙකු විය………… නමුත් ඒ බව ප්‍රසිද්ධියේ පෙන්නුවේද නැත……………..

෴ මතු සම්බන්ධයි