මහත් හරසරින් ධාතුන් වහන්සේ වැඩම වන උත්සවය සංවිධානය කර තිබුණි……………….. ඊට මද වේලාවකට කලින් සෝනුත්තර මහ රහතන් වහන්සේ නා ලොවට ඍධියෙන් වැඩම කර මහා සෑයේ නිදන් වීමට නියම්ත යැයි බුදු රජාණන් වහන්සේ දේශණා කල උන් වහන්සේගේ මව්පස ඥාාතින්ට හිම්ව තිබූ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් අඩංගු කරඪුව වැඩම වූ සේක………….. සාධු නාදයන් මැද පුන්‍යමහෝත්සවය ආරම්භ විය……………………..

මේ උත්සවයට දෙව් ලොව දෙවියන්,, බඹ ලොව බඹුන්,,, අසුරයින් සහ නාගයින්ද නොයෙක් මිනිස් වෙස් මවාගෙන පැමිණ සිට්යහ…………… සෝනුත්තර මහ රහතන් වහන්සේ තමා රවටා ධාතු රැගෙන ගිය බැවින් කෝපයට පත්ව උත්සවයට නොපැමිණි ජයසේන නා රජතුමා අවසාන මොහොතේදී පැමිණියේය………… මේ උත්සවයට පැමිණිමට යාලිනි හටද අවසර ලැබුණි…………….

පුන්‍යමහෝත්සවය අවසන් වන විට රාත්‍රිය උදා වී තිබුනී……………. මිත්‍රවින්ධා කුමරිය සිටියේ සිය මෑණියන් හා සොයුරිය ලඟ බැවින් රුද්‍ර ට ඇය හා එක් වදනක් හෝ කතා කිරීමට නොහැකි විය……………. ඉන් ඔහු මහත් සේ පීඩා වින්දේය……………. එදින නම් ඔවුන්ට මුණ ගැසීමට නොහැකි වනු ඇති බව ඔහු පසක් කරගෙන හිත හදාගත්තේය……………….

නමුත් ඉඩක් ලද මොහොතේ සිය මෑණියන් හා සොයුරිය මඟහැරිය මිත්‍රවින්ධා රුද්‍ර සොයා පැමිණියාය……….. ඒ එන විටත් ඔහු සිටියේ ඔවුන් නිතර හමුවන ගල් තලාවේ වාඩිවී ඈත තිසා වැව දෙස බලාගෙනය…………….. මැණිකාද අැය සමග පැමිණ අසලින් සිට ගත්තාය………………….

සුදෝසුදු චන්ද්‍රාලෝකය රුද්‍රාක්ෂගේ නිරුවත් උරහිස මතට වැට් දිලිසෙන්නට විය…………….. ඇය සෙමෙන් ඔහු ලඟට ගොස් උරහිසට අතක් තැබුවේය…………..

💚 සිතුවා මා හමු නොවීම ඔබ යන්නට ඇති කියා…………….

💙 එය මා කෙලෙසද කරන්නේ රුද්‍ර……………

💚 කුමරියනි…………….

රුද්‍ර මිත්‍රවින්ධා කුමරිය සිය ලයට තදින් තුරුලු කරගත්තේය…………….. ඔහු සිටින්නේ යම් ගැටලුවක බව ඇයට තේරුම් යන්නට වැඩි වෙලාවක් ගියේද නැත……………. මිත්‍රවින්ධා ඔහුගේ මුහුණට එබුනේ ඒ දෑස් වලින් හෝ යම් හෝඩුවාවක් ලැබේ යැයි සිතාය………

💙ඇයිද මේ………………

💚කුමරියනි………………..

රුද්‍ර සිය දෑතින්ම ඇගේ මුහුණ පිරිමදින්නට විය…………………….

💙 මා බියට පත් නොකර පවසන්නකෝ…………….

💚 මා පවසන දෙයට කලබල නොවන්න…………. එය අසා සිටින්න…….. පසුව කල යුත්ත නොකල යුත්ත ඔබතුමියම තීරණය කරන්න………..

💙 ඉතින් තවත් මා මෙතරම් වේදනාවට පත් නොකර පවසන්නකෝ…………..

💚 කුමරියනි………. මා……….. මා…….. මනුෂ්‍යයෙකු නොවෙමි……………………..

මිත්‍රවින්ධා කුමරියගේ දෑස් විසල් විය………..

💙 කුමක්ද මේ පවසන්නේ රුද්‍ර…….. මනුෂ්‍යයෙකු නොවේ නම් ඔබ කවුරුන්ද…………

මේ සියල්ල පුදුමයෙන් යුතුව මැණිකාද අසාගෙනය…………. ඇයට ඉමහත් බියක් දැනුනි…………

💚 මා…………………… නාග මානවකයෙක්……….. යුගන්ධන පර්වතය මුදුනේ ඇති මාන්ජෙරික නාග භවනේ ජයසේන නම් නා රජුගේ පුතු මමයි……….. මා ඔබතුමියට ආදරෙයි………..එය අවංකවම මා හදපතුලෙන් නැගුණු අව්‍යාජ හැගීමක්……………

මිත්‍රවින්ධා සිය අතෙන් මුව වසාගෙන පිටුපසට විය…….. ඇගේ දෑසින් උල්පතකින් මෙන් කදුලු ගලන්නට විය…………..

💚 කුමරියනි……… මා හැරදා නොයන්න………. මා ඔබට පමණමයි ආදරය කරන්නේ……………ඔබට පමණමයි……………….

මිත්‍රවින්ධා නැවතුනේ නැත……… නමුත් මැණිකා ඇයට යන්න දුන්නේද නැත………….

🍁 ඒ කුමාරයා මරා දමන්නද ඔබ ඔය හදන්නේ කුමරියනි……………. ඔබ නොදන්නේද…….. නාගයින් ආදරය කරන්නේ එක් වරයි………… ඒ ආදරය යම් හෙයකින් ලබා ගත නොහැකි වුනොත් ඔහු මිය යන බව ඔබ නොදන්නේද………. නාග මානවකයෙක් වුවත් ඔහු ඔබතුමියට කොතරම් ආදරෙයිද……… හැකිද සොයාගන්නට මෙතරම් ආදරය කරන අයෙක් ඔබට…………. අනෙක ඔහු නැතිව සිටිය හැකිද ඔබටත්………………….

💙 මා කුමක්ද කල යුත්තේ…… මැණිකා අම්මා…………….. ඔහු නැතිව නම් දිව් ගෙව්ය නොහැකියි……………..

මිත්‍රවින්ධා යලිත් ඔහු ලඟට ගොස් ඒ පපුවට තුරුලු විය……………….

💙 කමා කරන්න…………. මා හට ඔබ කවුරු වුනත් අත්හැර දැමීමට නොහැකියි……….. මං…… මං……. ඔබට හරිම ආදරෙයි කුමරුනි…………..

💚 මගේ මිත්‍රවින්ධා……. ඔබ හැර කිසිවක් නෑ මගේ ජීව්තයේ………….. එනිසා මා හැර නොයන්න……….. ඔබ මගේ ප්‍රාණයයි………………………

💙 කිසිදා මා ඔබ අත්හැර නොයම් කුමරුනි…………………..

නාගයෙකු බව දැන දැනත් මිත්‍රවින්ධා කුමරිය ඔහු අත් නොහැරියාය………………….

💙නමුත් කුමරුනි……….. නාගයෙකු යම් හෙයකින් මිනිස් ස්ත්‍රියක් හා එකතු වුනොත් ඔහු සිය නාග ආත්මයෙන් මිදෙන බව අසා ඇත්තෙමි……………

💚එය සැබෑවක්……………

💙නාග ශක්තිය ප්‍රබලයි………… බොහෝ දේ කල හැකියි ඉන්……… ඉතින් කිසිවෙකු එය අහිමි කරගන්න කැමති වන්නේ නැහැ නේද…………….

💚 එහෙමයි………….. නමුත්………

💙 ඔබ මා නිසා ඒ සියල්ල අත්හරිනවාද………. සාමාන්‍ය මනුෂ්‍යයෙක් බවට පත් වෙනවාද………………

💚 එහෙමයි………… ඔබ වෙනුවෙන් ජීව්තය වුවත් මා අත්හරිනවා…………… මා ඔබට ආදරෙයි……………………..

💙 නමුත් ඉන් ඔබට සියල්ල අහිම් වේවි……….. ඔබේ ලෝකය මව්පියන් සියල්ලක්ම අහිම් වේවි…………. ඔබ කවුරුන් වුනත් මසිතේ ඔබ පිලිබඳ ඇති සෙනහස ඉන් කිසිදා වෙනස් නොවේ……………. එමෙන්ම කුමක් හෝ හේතුවකට ඔබටපග මා අත්හැරීමට සිදුවුනොත් ඊටත් මා ඔබ හා අමනාපයක් නොමැතියි…………..

💚 මිත්‍රවින්ධා……….. කිසිදා අහිම්වීමක් ගැන කතා කරන්නට එපා……………… මා ඔබ අහිමි කරගන්නේ නැහැ…………… වටිනා දෙයක් වේ නම් මේ ලොව මා හට ඒ මා අදහන බුදුදහමත් ඔබත් පමණයි……………….

රුද්‍රාක්ෂ සහ මිත්‍රවින්ධා ගේ ආදර කතාව එලෙස ආරම්භ විය………………. රුද්‍ර ඇයට අසීම්තව ආදරය කලේය…………. ඒ අතර කාලයේදී සිදුවූ තවත් විශේෂ දෙයක් නම් දුටුගැමුණු රජතුමා හට විරුද්ධ වී සාලිය කුමාරයා අශෝකමාලාවන් හා ව්වාහ වීමයි………… ව්වාහයෙන් අනතුරුව සාලියට මිත්‍රවින්ධා හමුවීමට අවශ්‍ය විය………. ඔහු අශෝකමාලා ද සමගින් තිසාවැව් ඉවුර දිගේ එනවිට ගල් තලාවඅසල සිට්න රුද්‍ර හා මිත්‍රවින්ධා දකී………………. ඔහු ඔවුන් අසලට ගියේය………………

💙 සාලිය කුමරුනි ඔබ……………..

🦋 මිත්‍රවින්ධා………ඔබ පැවසූ දෙය පිලිබඳ සිත මෙහෙයවූ මා අවසානයේ මේ තීරණය ගත්තෙමි………………..

💙 නමුත් දැන් රජතුමා ඇත්තේ අපමණ වේදනාවෙන් නේද……………..

🦋මා ඔබ සොයා පැමිණියේද ඒ සඳහා තමයි…………..ඔබට හැකි වේවි ඔහුගේ දුක තුනී කිරීමට………….. කරුණාකර ඔහු හමුවන්න මිත්‍රා………. කුඩා කල ඔබගේ හොඳම මිතුරායි මේ ඉල්ලීම කරන්නේ……….

💙 හොදයි කුමරුනි මා එහි යන්නම්………….. දැන් ඔබ කොහේද යන්නට බලාපොරොත්තු වන්නේ…………

🦋 රෝහණයට යාමටයි අදහස් කලේ……………….

💙 මහ රජතුමා හට පාලුවක් දැනේවි සාලිය…………………..

🦋 සුලු පියානන් සිටින නිසා ගැටලුවක් නැති වෙයි මිත්‍රා………………….

💙 දැන්මම ඔබ එහි නොයනවා නම් තමයි මා කැමති……………….

🦋 හොඳයි මහා සෑයේ වැඩ කටයුතු අවසන් වන තුරු රැඳෙන්නම්………….. මිත්‍රා මේ ඔබේ සිත් ගත් තැනැත්තා විය යුතුයි………..

💙 එහෙමයි කුමරුනි…………

🦋 මිත්‍රයා………… ඔබ වන් අයෙකුට හැර ඇයගේ සිත නම්වාගත හැකි අයෙක් නම් මිහිපිට නොවනු අැති…………… මිත්‍රවින්ධා කුමරිය යනු සිල්වත් ගුණවත් අහිංසක සුන්දර තැනැත්තියක් වුවත් අතිශයින් ආඩම්බරකාරියක් ඇය…………

සාලිය කුමරු පැවසූ දෙයින් රුද්‍ර ඇය දෙස බලා සිනාවක් පෑවාය……………….

🦋 දිනෙක ඔබ දෙදෙනා හට මගෙන් යම් උපකාරයක් ඇවැසි වුවහොත් මා ඊට නොපැකිලව ඉදිරිපත් වන්නෙමි……………….

💚 ඒ ඔබගේ වදනට අප කෘතඥ වෙනවා කුමරුනි………………..

ශාලිනී දිනක් රුද්‍රාක්ෂ ගේ පියා වන ජයසේන නා රජු සහ ඇගේ පියා වන නාගසේන රජුත් සමගින් මිනිස් ලොවට ආවේ ආගමික වතාවත් සඳහා වුවත් එහි යටි අරමුණක් තිබුණි………………. රුද්‍රාක්ෂ දැන් නා ලොවට පැමිනෙන්නේ කලාතුරකිනි……………. ඔහු නොදැකීම ශාලිනීගේ සිතට මහත් වේදනා ගෙන දෙන්නක් විය……………. ශාලිනී රුද්‍රාක්ෂගේ කඩවසම් රුවට වසඟවී සිටියාය……………..

මහා සෑය අද්දරදීත් ඇය විමසිල්ලෙන් වට පිට බලන්නේ රුද්‍රාක්ෂ හා මිත්‍රවින්ධා එක්ව සිටිනු දැක ගැනීමටයි…………………. නමුත් ඇයට ඔවුන් දෙදෙනා නෙත ගැටුනේ නැත…………….

෴ මතු සම්බන්ධයි ෴