ආපසු නා ලොවට යන රුද්‍රාක්ෂ කෙලින්ම යන්නේ ශාලිනී සොයායි……………….

💚 ශාලීනී……….. ඔහොම ඉන්නවා……..

🧞 ඇයි රුද්‍රාක්ෂ……………. දැන් නම් මා සිතේ ඔබ ගැන ආදරයක් ඇත්තේ නැහැ………….

ඇය සිතුවේ මිත්‍රවින්ධා කුමරිය මිය ගොස් ඇතැයි කියායි………………..

💚 ශාලිනී…. එක් දෙයක් හොදින් සහි තබාගනු………. මගේ මිත්‍රවින්ධා හට කුමක් හෝ සිදු වුනොත් මා තමුන්ට සිදු කරන දෙය හිතාගන්නවත් බැරිවේවි……….

🧞 ඔබේ මිත්‍රවින්ධා………. රුද්‍රාක්ෂ ඇය මිනිස් කන්‍යාවක්…………… ඉතින් ඔබ කෙසේද අැයව ලබාගන්නේ…………….. ඔබ උමතුවෙන්ද…………….

💚ඔව්…… මා උමතුවෙන්……… ඇය පිලිබඳ හදපතුලෙන් උපන් අවංක සෙනෙහසින් මා උමතුවෙනුයි සිට්න්නේ ඇය ගැන………..

🧞 රුද්‍රාක්ෂ මා හා ව්වාහ වන්න……… ඔබ නාගයෙක්……… මිත්‍රවින්ධා ඒ බව දැනගත්තොත් ඔබ හා සිටීවිද……….. නැහැ නේද…………..

💚 ඒ කෙසේ වුවත් මා ඇයට පමණමයි ආදරය කරන්නේ…………

🍁 කුමක්ද මේ සිදු වන්නේ මෙතැන………..

ජයසේන නා රජු හා යුගන්ධරි නා රැජිණිය එතැනට පැමිණියේ එසේ අසාගෙනයි…………….

🧞 මාමන්ඩිය……… මේ රුද්‍ර මිනිස් ලොව මිනිස් තරුණියක් හා පෙම් සබඳතාවයක් ඇති කරගෙන……….

ශාලිනී කිසිම අනුකම්පාවක් නැතුව කේලම කිව්වාය…………….. ඉන් ජයසේන නා රජු අතිශයින් කෝපයට පත් විය………..

🍁 රුද්‍රාක්ෂ උඹ උමතුවෙන්ද සිටින්නේ……….. අපගේ ගෞරවය ගැන වත් තැකීමක් නැතිද……………….

💚 ශාලිනී පවසන්නේ මුසා…………….. එවන් සබදතාවයක් නැහැ පියානෙනි……………..

පියාගේ හැට් දන්නා රුද්‍රාක්ෂ පැවසුවේය………..

🧞 නමුත් මාමණ්ඩි………….

🍁 ශාලිනී……… තමුන් සෙවිය යුත්තේ සහ සිතිය යුත්තේ ප්‍රහස්ථක ගැනයි නැතුව රුද්‍රාක්ෂ ගැන නම් නොවේ…………. වැටහුනාද………..

ඉන් එය නිමා වුනත් රුද්‍රාක්ෂගේ සිත තුල ශාලිනී ගැන ඇති වුයේ දරා ගත නොහැකි කෝපයකි…………….. පියානන් හා මෑණියන් නික්ම ගිය පසු ශාලිනී අසලට ගිය රුද්‍රාක්ෂ ඇයට තර්ජනය කලේය………..

💚 මේ අවසන් අවස්ථාව ශාලිනී…….. මා උඹට ලබා දෙන……… මගෙනුත්,,,, මගේ ප්‍රිය කුමරියගෙනුත් ඈති වී සිට්නු……. නැත්නම්………….

🧞 නැත්නම් නුඹ කුමක් කරන්නද රුද්‍රාක්ෂ………

💚 මරා දමනවා……….. මං උඹව මරා දමනවා………………

රුද්‍රාක්ෂ පිටව ගියේ කෝපයෙන් ඇවිලෙමිනි………………. ඔහුට මාන්ජෙරිකයේ දිවිය නීරස විය……….. එනිසාම ඔහු යලිත් මනු ලොවට ගියේය……….. කෙලින්ම රෝහණයට ගිය රුද්‍රාක්ෂ සුදත්ත සිටුතුමා හමු විය……………

🌿 රුද්‍ර පැමිණිම නම් අතිශයින් සතුටක්…………

💚 ඔබ දැකීමත් ඉමහත් සතුටක්………..

🌿 නමුත් මුහුණින් නම් පෙනෙන්නේ යම් ගැටලුවක් බවයි……….

💚 ගැටලුවක් නැත්තේමත් නැහැ………….

🌿 මොකද සිත්ගත් මිනිස්දුවෙක් වත් ඉන්නවද……………….

සුමිත්ත සිටුතුමා විහිලුවට කිව්වත් රුද්‍රාක්ෂ මඳක් ගැස්සී ඔහු දෙස බැලීය……………

🌿 රුද්‍ර…….. ඔබ නිහඬ ඇයි……… එවන් ගැටලුවක්ද ඇත්තේ…………

💚 එහෙමයි………………..

🌿 කවුද දෙවියනේ රුද්‍ර ගේ සිත්ගත් තරුණිය………. ඇය නම් සියලු දෙයින් පරිපූර්ණ අයෙකු විය යුතුයි………… මට දැන ගත හැකිද ඒ කවුරුන්ද කියා…………

💚 හ්ම්ම්ම්ම්ම්……… මහා පද්මානන්දයන් ගේ දූ කුමරිය……. මිත්‍රවින්ධා……………………

🌿 පුදුමයකුත් නෑ…………. ඇය වන් සිල්වත් සුන්දර ගුණවන්ත කුමරියකට ඔබින්නේ ඔබ වැනි කුමාරයෙක් තමයි………….. ඇය දන්නවද නුඔ නාගයෙකු බව………….

💚 නැහැ……….. එය තමයි මට ඇති ගැටලුව………. ඇයට පැවසුවේ මා ඔබේ පුතු බවයි…………

🌿 එහෙනම් ඉතින් ගැටලුවක් නැහැනේ………………

💚 නමුත් පිටතින් ඇය ඒ ගැන දැනගැනීමට මත්තෙන් මා විසින්ම ඇයට එය පැවසීමටයි සිතුවේ……………

🌿 හ්ම්ම්ම්ම්……… දැනගත්තොත් ඇය කුමන තීරණයක් ගනීවිද……….

💚 කුමන තීරණයක් ගත්තත් මට ඇයට තවදුරටත් බොරුවක් කිරීමට සිත් නොදේ…………..

🌿 ඔබ ඇයට පැවසුවත් නැතත්…… මා ඔබේ රහස රැක ගැනීමට සහය වන්නම්……………..

💚 කෘතඥවෙනවා මා ඔබට…………..

🌻🌿💚🍃🌻🌿💚🍃🌻🌿💚🍃🌻🌿💚🍃🌻🌿💚🍃🌻🌿💚🍃🌻🌿💚🍃🌻🌿

නාග ලොවට මුහුදේ පාවෙමින් තිබුණු සර්වඥ ධාතුන් වහන්සේ හමුවන්නේ මේ අතරයි…………….. ජයසේන නා රජු සර්වඥ ධාතුන් වහන්සේ ගෙන ගොස් රන් අසුනක තැන්පත් කර පුද පූජා පවත්වයි………….. රුද්‍රාක්ෂ හටද මෙය දැනගන්නට ලැබේ………….. ඔහුද නා ලොවට ගොස් ධාතුන් වහන්සේ වැඳපුදා ගනී…………………..

මේ අතර අනුරාධපුරයේ පැතිරෙන්නේ වෙනත් කතාවකි………..

🍃 රජතුමනි……….ආරංචිද සිදුව ඇති දෙය………………….

👑️ කුමක්ද සිදුව ඇත්තේ ඝෝෂක සිටුතුමා………..

🍃 අපගේ මහා සෑයේ තැන්පත් වීමට නියම්තව තිබෙන තිලෝගුරු බුදුපියානන් වහන්සේගේ මව් පාර්ෂවයට ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ දාගැබ පෙරදින සහ වැස්සෙන් රෝහිණි නදියට කඩා වැටිලලු……… ඉතින් දැන් ධාතුන් වහන්සේ අතුරුදන් වෙලා……………..

👑️ මොනවා……….. කුමන අභාග්‍යයක්ද මේ…………..

🍃 අප දැන් කුමක් සිදු කල යුතුද රජතුමනි…………………

👑️ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට කටයුතු සූදානම් කරලයි තියෙන්නේ………… අද මා එය රාජසභාවේදි ප්‍රකාශ කරන්නටයි සිටියේ……………..

🍃 දැන් අප කුමක්ද සිදු කරන්නේ…………………

👑️ මට නොවැටහේ……………………

දුටුගැමුණු මහ රජතුමා කල්පනා බරව සිහසුනට කඩා වැටුනේය…………..

””’ රජතුමනි……….. ඔබතුමා දිනය තීරණය කර ඒ කටයුතු සූදානම් කරන්න…………. මා සර්වඥ ධාතුන් වහන්සේ වැඩමවාගෙන එන්නම්………….

සෝනුත්තර මහ රහතන් වහන්සේ එතැනට වැඩම කලේ රජතුමා කල්පනා කරන අතරතුරයි……………….

දුටු ගැමුණු මහ රජතුමා ධාතු ගර්භයේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ දිනය ප්‍රකාශයට පත් කලේය………… එය යෙදී තිබුනේ එලඹෙන වෙසක් පුරපසළොස්වක් පොහෝ දිනයටයි…………… මේ පුවත මුලු හෙල දේශය පුරාම පැතුරුණි…………. සියල්ලන්ම මේ දුර්ලභ පුන්‍යමහෝත්සවයට සහභාගි වීමට අනුරාධපුර නගරයට පැමිනෙමින් සිටියහ………..

රුද්‍රාක්ෂ මිත්‍රවින්ධා හමුවීමට සිතා තිසා වැව අසලින් ඇගේ නිවසට යන මාවතට හැරුණි………….. මහා පද්මානන්දයන් එතැනට ආවේ නොසිතූ ලෙසයි…………..

🌷 ආ…හ්……… තරුණයා…….. මා ඔබ හමුවීමටයි සිට්යේ……….

💚 මාද ඔබ හමුවීමටයි මේ යමින් සිටින්නේ……………..

🌷 එහෙම නම් කතා කරමින් මහා සෑයට යමු…………

💚 හොදයි…………

🌷 කවුරුන්ද ඔබ……….

💚 මා…. රෝහණයේ සුදත්ත සිටුතුමාගේ පුතු රුද්‍ර……………

🌷 සුදත්ත ගැන මා අසා තිබේ…………. ඔබ ඔහුගේ පුතුද…………. එවිට මා දියණියන් හා ඇති සම්බන්ධ කුමක්ද……….

💚 සිටුතුමනි………. මා ඔබගේ දියණියට අපමණව සෙනෙහස දක්වනවා………… ඇවැසියි මට ඇය හා විවාහ වන්නට………….. ඒ සදහා ඔබතුමාගේ ආශිර්වාදය ගැනීමටයි මා අද එමින් සිට්යේ…………………..

🌷නමුත් දුටුගැමුණු මහ රජතුමාමයි මා දියණියන් ඔහුගේ පුතු සාලිය කුමරුන්ට යෝජනා කලේ………… එය විශාල ගැටලුවක් තරුණයාා……….

💚 නමුත් සිටුතුමනි………….. මේ ගැන තවත් සිතා බලන්න………. මා කිසිදා ඔබගේ දියණියට දුකක් වේදනාවක් නම් නොදෙමි………….. ඇය මගේ ප්‍රාණය හා සමයි……….

මහාපද්මානන්දයන් හට රුද්‍ර ගේ අවංක සෙනෙහස වැටහුණි………….. සාලිය කුමාරයා හට යෝජනා කර නොතිබුණි නම් තම දියණියට මේ තරුණයා හොදින් ගැලපෙන බව ඔහුට සිතුනි………………

🌷 අපි බලමු රුද්‍ර………… දෛවය සියල්ල විසඳාවි

පද්මානන්දයන් නික්ම ගියත් රුද්‍ර ගේ සිතට සැනසුමක් දැනුනේ නැත……… ඒ සිත තව තවත් අවුල් වියවුල් විය…………….

රුද්‍රාක්ෂ තනිවම යන්නේ තිසා වැවේ ඉවුරටයි………………. ඔහුට දැනුන අසරණකම වචනයෙන් විස්තර කල නොහැකිය……………… ඔහුට මිත්‍රවින්ධා කුමරියගේ සුන්දර මුහුණ මැවි මැවී පෙනෙයි………………. තමා කොතරම් තදින් ඇයට බැඳි තිබෙනවාද කියනවා නම් සාලිය කුමරුන්ට දෂ්ඨ කර මරා දැමීමට පවා සිතෙයි………………..

෴ මතු සම්බන්ධ

Advertisment