අට වන කොටස෴
🍂 ඔබතුමිය හිත් ගිණි තියන්න පුදුම හපන් කමක් නෙ දක්වන්නේ……….
💙 ඇයිද ඔබ එසේ පවසන්නේ………….
🍂 ඔබතුමිය සාලිය කුමාරයාගේ බලාපොරොත්තු බිඳ දමා ඔහු සිත දුකින් පිරවූවා………………
💙 නමුත් මා ඔහුට විසඳුමක් ලබාගැනීමට සුදුසු මාවතක් පෙන්නුවා………….
🍂 ආ…..හ්…..හ්…..ඔව් එය නම් සැබෑවක්…………… එවිට අර තරම් ආදරය උතුරන රුද්‍ර කුමාරයාගේ දෑස් දැක දැකත් ඇයිද එතුමගේ සිතට අර තරම් දුකක් දුන්නේ…………..
💙 අවශ්‍ය වුනේ දැන ගන්න කොපමණ මා ගැන හිතනවද කියා………
මැණිකා ඇය දෙස සමච්චල් සිනාවක් පෑවාය………….
🍂 ඉතින් දැනගත්තද එය………………..
මිත්‍රවින්ධා එවර නම් මැණිකා දෙස ගැඹුරු බැල්මක් හෙලුවාය………
💙 මැණිකා අම්මා………. ඔහු මට ආදරය කරන බව සිතනවා……………
🍂 එහෙමයි………… එතුමා රෝහණයේ සුදත්ත සිටුතුමාගේ පුතු නම් අප පද්මානන්ද සිටුතුමා සමගින් මේ විවාහය කතා කල හැකියි නේද………
💙ගැටලුව ඇත්තේ සාලිය කුමරු හා මාගේ විවාහයයි……… පියානන් කිසිදා දුටුගැමුණු මහ රජතුමා හට එරෙහි නොවේවි…………
🍂 සාලිය කුමරු මතයි සියල්ල තීරණය වන්නේ……………..
ඔවුන් නිවසට එන විට මහා පද්මානන්ද ඇය දෙස බලා සිටියේ විමසිල්ලෙනි………… ටික දිනක සිට තම දියණිය කවදාවත් නැති ලෙස තරුණයෙකු හා ලෙංගතුව කතා බහ කරන බව ඔහු හට ආරංචි වී තිබුණි………. ඊටත් වඩා පසුගිය දිනයක මහා සෑය අසලදී තමා ඔවුන්ව දුටුවේය………
🌷 මිත්‍රවින්ධා……… මට ඔබ සමග කතා කල යුතුයි…………….
💙 පවසන්න මගේ පියානෙනි………….
🌷 ඔබ මේ රෑ බෝවි යන ගමන ගැන නම් ප්‍රසාදයක් නැ මා තුල…………
💙 කමා කරන්න පියානෙනි……….. අද සාලිය කුමරුන් හමුවුනා…….. එනිසයි මදක් පමා වුනේ………
එයින් පද්මානන්ද ගේ දෑස් දීප්තිමත් විය…………
🍂 එවිට අර තරුණයා කවුරුන්ද………
පියානන් මේ අසන්නේ රුද්‍ර ගැන බව ඇයට හොඳටම විශ්වාසය………….
💙 කවුරුන්ද…………
🌷 පෙර දිනයක මහා සෑය අසලදී ඔබ කතා කරමින් සිටි ඒ කඩවසම් තරුණයා ගැනයි මා විමසන්නේ………….
💙 ඔහුද……….. ඔහු මෙහි කෙනෙකු නොවේ………. රෝහණයේ අයෙක්……….. රෝහණයේ සුදත්ත සිටුතුමාගේ පුතු ඔහුයි…………..
🌷🌷🌷 එසේ නම් ඔහුත් සිටු කුමාරයෙක්……… මා ඔහු හමුවිය යුතුයි…………
මිත්‍රවින්ධාගේ සිතට බියක් දැනෙමින් තිබුණි……………. තමාගේත් සාලිය කුමරුගේත් විවාහය යම් හෙයකින් සිදු වුනොත් ඉන් ජීවිත හතරක් නිකරුනේ දුක් විදිනු ඇත……… එක් පසෙකින් තමාත් සාලිය කුමාරයාත් අනෙක් පසින් රුද්‍ර හා අශෝකමාලාවනුත් සිට්න බව ඇය සිතුවේ වේදනාවෙනි………………
💙💙 නමුත් මා තවම දන්නේ නැහැනේ රුද්‍ර මා ගැන සිතන්නෙ කෙලෙසකද කියා………………
මෙවන් කල්පනාවන් අතරේ ගිලෙමින් මිත්‍රවින්ධා රාත්‍රිය පහන් කලාය…………….
🍂💚🌿🌷🍂💚🌿🌷🍂💚🌿🌷🍂💚🌿🌷🍂💚🌿🌷🍂💚🌿🌷🍂💚🌿🌷🍂💚
අයුරින් බොහෝමයක් දින වලදී ඔවුන් තිසා වැව අද්දර ඇති ගල්තලාව උඩදී හමු වෙයි………… කාලයත් සමගින් ඔහුට ඇයවත් ඇයට ඔහුවත් නොදැක සිටිය නොහැකි විය…….. වචනයෙන් නොපැවසුවත් ඔවුන් එකිනෙකා කෙරෙහි උපන් සෙනෙහෙන් පසු විය……. මිත්‍රවින්ධා කුමරියගේ සේවිකාව වන මැණිකා ඔවුන්ට හමුවීමට උදව් කලාය……….
තමා නාග මානවකයෙක් බව දැන ගත් විට ඇය තමා අත්හරිනු ඇතැයි ඔහු බිය විය………
🌾 කුමරුනි………. ඔබතුමා සිත්තැවුලින් බවයි පෙනෙන්නේ…….
සුබාහු ඇසුවේ ඔහු අසලින් වාඩිවෙමිනි…………….
💚 එහෙමයි…… සුබාහු………. මට ඔබලාට පැවසීමට දෙයක් තිබේ………..
🌾 ඒ කුමක්ද කුමරුනි……..
💚 මා ඒ මිනිස් කුමරියට බොහෝ සෙනෙහස දක්වනවා…….. හුදෙක් එය ඇය හා එක් වී මිනිස් ආත්මයක් ලබාගැනීමේ චේතනාවෙන් නොවේ………. එය මා හද පතුලෙන් නැගුණු අවංක හැගීමක්….
රුද්‍රාක්ෂ ගේ ඒ වදනට ඔවුන් පස් දෙනා මුහුණෙන් මුහුණ බලාගත්තෝය…….. එය සිදු වන බව ඔවුන් දැන සිටියත් මෙතරම් රුද්‍රාක්ෂ හැගීම් බරව එය පවසාවි යැයි කිසිදා ඔවුන් සිතුවේ නැත………..
🍂 කුමරුනි…….. එය පුදුමයක් නොවෙයි………. ඔබතුමා වැනි අයෙකුගේ හදවත දිනාගැනීමට සමත් වන්නේ එවන් ස්ත්‍රියාවක් තමයි………….
🌹 නමුත් කුමරුනි……… පැනනගින එක් ගැටලුවක් වෙයි………
💚 පවසන්න ඒ කුමක්දැයි කියා………
🌹 කුමරුනි………….. නාගයෙකුගේ හිතේ ලේසියෙන් සෙනෙහසක් උපදින්නේ නැහැ………. ඔවුන්ට මුලු ජීවිතයම වන්නේ ඒ ආදරයයි………. ඒ ආදරය අහිමි වූ නාගයින් මිය ගිය බව ඔබ දන්නවනේ……….
💚 කුමක්ද පවසන්න උත්සහ කරන්නේ…. අමිත්ත
🌹 කුමරුනි……… ඔබ නාගයෙක් බව දැනගත්තොත් අැය කුමක් කරාවිද……….
💚 නොදනිමි……………..
🌹 එහෙම වුනොත් ඔබතුමා…………..
💚 දැන් කොහොමත් ඇය අහිමි වුනොත් මා මිය යාවි………………………………
රුද්‍රාක්ෂ සෙමෙන් සෙමෙන් සිය කුටියට ගියේ මිත්‍රවින්ධා කුමරිය සිතෙන් මවාගනිිමිනි……………..
🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾🌺🍃🌾
මේ අතර ශාලිනි හට අකැමති වන බැවින් ඇය රුද්‍රාක්ෂ හා වෛර බැඳගනී………………… නමුත් ඇය ඒ වන විටත් දන්නෙ නෑ රුද්‍රාක්ෂ ගේ මුලු හදවතම මිනිස් දුවක් අයිති කරගෙන ඉන්නේ කියලා……………..
🧞 රුද්‍රාක්ෂ ඇයිද නිතරම මිනිස් ලොවට යන්නේ………..
ශාලිනී රුද්‍රාක්ෂගේ සොයුරිය වන යාලිනී නාගකන්‍යාවගෙන් ඇසුවාය…………..
🌼 මගේ මලනුවන් බුදුදහම අදහන සැදැහැවතෙක්………. ඔහු කිසිදා ලෞකික සැප ගැන නම් නොසිතාවි…………. ඔහුට අවශ්‍ය නිර්වාණාවබෝධයට මුල් අඩිතාලම දැමීමටයි………… ඔහු මිනිස් ලොවට යන්නේ මහා සෑයත් මහා බෝධියත් වන්දනා මාන කරන්නටයි…………….
🧞 මා නම් සිතන්නේ ඔහුට වෙනත් හේතුවක් තිබෙනවා…………
🌼 ශාලිනී……….. ඒ හැර ඔහුට වෙනත් හේතුවක් නැති බව මට විශ්වාසයි………..
යාලිනී දැඩි ස්වරයෙන් පැවසූ නිසා ඇය නිහඬ විය………… නමුත් රුද්‍රාක්ෂ පසුපස මිනිස් ලොවට යාමට ඇය සිතාගත්තාය…………. ශාලිනි කිසිදා ම්නිස් ලොවට ගොස් නැත…………
🧞🧞🧞 ඔබ කෙසේ පැවසුවත් යාලිනී………… ඔහු මා හට මෙතරම් අකැමති වන්නට හේතුවක් තිබිය යුතුයි……………. ඔහු නිතරම බැලුවොත් සිටින්නේ මිනිස් ලොවේ………… කුමක් හෝ දෙයක් තිබේ…………….. මා සොයා බැලිය යුතුයි……………….
එදින මධ්‍යම රාත්‍රියේ රුද්‍රාක්ෂ ඇතුලු පිරිස මහා සෑය වදින්නට යන්නේ කඩුපුල් මල්ද නෙලාගෙනයි…………………. අද ඔහුට සුවිශේෂි දිනයකි……………. රුද්‍රාක්ෂ සුදත්ත සිටුතුමා සමගින් එකතුව වෙලඳ කටයුතු අරඹන පලමු දිනය අදයි……………… ඔහු සමගින් මිතුරන්ද ඒ කාර්යට එක් වීම ඔහුට සතුටකි………………………..
ශාලිනී තනිවම මනු ලොවට ආවේ සුරූපි තරුණියක් ලෙසයි………………… අැයට රුද්‍රාක්ෂ මඟහැරී තිබේ…………. ශාලිනී හැම අතටම ගොස් ඔහුව සොයන්නට විය……….. නමුත් ඇය මහාසෑයට නම් නොගියාය……………….. ශාලිනි යනු ශ්‍රද්ධාධික නාග කන්‍යාවක් නොවෙයි…………… එනිසා ඇයට බුදු දහම ගැන වැටහීමක් ද නැත………………
රුද්‍රාක්ෂ ඇතුලු මිතුරන් පිරිස රාත්‍රිය පුරාම මහ සෑ මළුවේ භාවනා කරමින් ගාථා සජ්ජායනය කරමින් ගත කලහ………………. ශාලිනී ද රුද්‍රාක්ෂ සොයමින් මහ සෑයට යන පාර දිගේ ආවාය………………..
උදෑසන හිරුකිරණ හුරු නැති ශාලිනීගේ හම විටෙන් විට නාග හමට හැරෙන්නට විය…………….. ඇය සිය සළුවෙන් එය සැඟවීමට උත්සහ කලාය………………… එවිටම මහ සෑ මළුවේ සිටින රුද්‍රාක්ෂ දැකගන්නට ඇයට හැකි විය…………….
🧞🧞🧞 වැඳ පුදාගෙන අවසන් බවයි පෙනෙන්නේ………. එසේ නම් කවුරුන් එනතුරුද මේ තවත් පමාවන්නේ………………
උදෑසන රන්වන් ලහිරු කිරණ යටින් ලා නිල් පැහැයත් රන් පැහැයත් රිදී පැහැයත් මිශ්‍ර සුන්දර විල්ලුද සේද සළුපිලියෙන් හා රන්,,, මුතු,,, මැණික් ආභරණයන්ගෙන් සැරසී තමා ඉදිරිපිටට එන මිත්‍රවින්ධා කුමරියව ශාලිනී දුටුවේ අරුන්දතී දෙවඟන බඳුවය………………..
🧞🧞🧞 ක්….ක්…කවු…වුරුන්ද…….. මේ……………. දෙවඟනක් නේද………….. මා ඇස් පින් කර තිබුනා දෙවඟනක් දැකගන්නට……………… නෑ………. නෑ…….. ඇය දෙවඟනක් නොවේ……….. දෙවඟනක් නම් අත මදාරා පරසතුයි තිබිය යුත්තේ……………. මේ සුරූපී දෙවඟනක් බඳු තැනැත්තිය මිනිස් දුවක්ද…………….
෴ මතු සම්බන්ධයි