නව වන කොටස෴
ශාලිනීගේ දෑස් තිබුනේ ඇයට පිටු පා මහා සෑයට යන මිත්‍රවින්ධා කුමරිය දෙසටයි………………. එක්වරම ඇයව මැණිකාගේ නෙත ගැටුණි……………… ඇය ශාලිනියට රවා බැලුවාය…………. තම ස්වාමි දුව දෙස ඔය අයුරින් කිසිවෙක් බලා සිටිනවාට ඇය කොහෙත්ම කැමැත්තක් නැත…………… ඒ බැල්මෙන් පවා ඇයට ඇස්වහක් වදීවි යැයි තියෙන බයටය……… මැණිකා කුමරියව රැකගන්නේ මැණිකක් පරිද්දෙනි…………
ශාලිනී ඔවුන් පසුපස මහා සෑය අසලටම ගියාය…………….. වටපිට කිසිම තැනකට තම අවධානය යොමු නොකල මිත්‍රවින්ධා කුමරිය මහා සෑයට මල් පුදා සුවඳධුප අල්ලා පහන් පත්තු කලාය…………… ඉන්පසු බොහෝ වේලාවක් ගෙන වන්දනාමාන කලාය………… රුද්රාක්ෂ ඇතුලු මිතුරන් පිරිස ඇයගේ කටයුත්ත අවසන් වනතුරු පසෙකින් රැදී සිටියෝය………………
වන්දනාවෙන් අනතුරුව නැගී සිටි මිත්‍රවින්ධා කුමරිය රුද්රාක්ෂ වෙතට ආවේ සිනාමුසු මුහුණිනි……………. ඔවුන් දෙදෙනා ලංවත්ම දෙදෙනාගේ දෑස් වල තිබුණු අාදර කැල්ම ශාලිනීගේ හිත ඊර්ෂ්‍යාවෙන් පුරවා දමන්නට විය…………………
💙 ඔබතුමා පැමිණ බොහෝ වේලාවක් ගත වුනාද………………
💚 මඳ වේලාවක් ගත වුනා…………. මේ මං ඔබට දෙයක් පවසන්නද කුමරියනි…………….
💙 පවසන්න……………
💚 මේකයි……. උදෑසනින් ස්නානය කරන එක ගැන නම් ගැටලුවක් නැහැ නමුත් ඔබතුමියගේ ඔය සුන්දර දිගු වරලස පිහදමාගන්න නැතිනම් අසනීප වෙයි…………………….
එයට නම් සිනාගියේ මැණිකාටයි…………
💚 මැණිකා අම්මා……….. මෙතුමිය ඔබටවත් ඉඩ නොදෙන හැඩයිි පිහදැමීමට………..
🌾 එහෙමයි………….. දැන් නම් ඉතින් ඒ දෙය කරයි…….. මොකද ඔබතුමා පැවසුව නිසා………………..
💚💚 මා පවසන දේ අහන්නට ඔබ මගේ කවුරුන්ද කුමරියනි………………….. අනේ ඔබට දිය නොහැකිද ඒ මා පතන නෑකම…………………….
රුද්රාක්ෂ මිත්‍රවින්ධා කුමරියගේ දෑස් වලට එබුනේ එසේ සිතමිනි…………………..
💙 තවදුරටත් මෙතැන රැඳෙන්නද කල්පනාව ඔබතුමා………….
💚 ආ… මා හට අමතක වුනා……… අද මගේ පියානන් මෙහි වීරුධාර සිටුතුමා සමගින් වෙලඳ කටයුතු අරඹනවා ඉතින් මාද ඒ සඳහා සහභාගි වනවා…………… යලිත් මං ඔබව සවසට හමුවන්නම්……………..
ඉන් මිත්‍රවින්ධා කුමරියගේ සිතට මදක් නොසතුටක් දැනුනි………… අැය සිතා සිට්යේ අද දවසම ඔහු හා ගත කිරීමටයි……………….. අකැමැත්තෙන් වුවත් ඔහුගෙන් සමුගෙන ඇය නිවස දෙසට පිය මැන්නාය…………… රුද්රාක්ෂ ත් ඇය පසුපසින්ම යන බැවින් ශාලිනීට යාමට නොහැකිය…………එබැවින් සවස කෙසේ හෝ ඇය අල්ලා ගන්නට සිතා ඇය යලිත් උමග දෙසට ගියාය………….. නමුත් සුබාහු ශාලිනීව දුටුවේය………….
🌾🌾🌾 මේ ශාලිනී නේද…………… ඇය පැමිණියේ කුමක් සඳහාද…………… මැය ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි…………….
සුබාහු පිරිස මගහැර ශාලිනී පසුපස යන්නට විය……………………
🍃🍂🍃🌹🍃🍂🍃🌹🍃🍂🍃🌹🍃🍂🍃🌹🍃🍂🍃🌹🍃🍂🍃🌹🍃🍂🍃🌹🍃🍂
සවස මිත්‍රවින්ධා කුමරිය මැණිකාද සමගින් තිසාවැවේ වැව් ඉවුර දෙසින් එමින් සිට්යහ………………. මෙය සුදුසුම අවස්ථාවයැයි සිතූ ශාලිනී හඬමින් ඇය ඉදිරියට ගියාය………………
මින්සුන්ගේ කරදරයකදී ඉක්මනින් උණු වන සිත් ඇති කුමරිය වහා ඇය වෙතට ගියාය…………
💙 සොයුරිය……… කුමක්ද මේ කරුණ……… ඇයි ඔබ හඬා වැලපෙන්නේ…………
🧞 අහෝ නැගනීයනි……… ශිව දේවාලය අසලදී මා පුතු නයෙකු දෂ්ට කරනු ලැබුවා………ඔහු බේරා දෙනු මැනවි……… කරුණා කර බේරාදෙනු මැනවි…………….
💙 දෙවියනේ ඉතින් මෙතැන පමා විය යුතු නෑ……. මැණිකා ජීවක තුමා කැඳවාගෙන එන්න…………
මිත්‍රවින්ධා කුමරිය මැණිකාවද පිටත් කර යවා ශාලිනී හට තවත් උදව්වක් කලාය……………. සුබාහු හටද ශාලිනීව මග හැරී තිබුණි……… ඔහු ඇයව අවසන් වරට දුටුවේ මිත්‍රවින්ධා සමගින් තිසා වැව ඉස්මත්තේදිය…………. ඒ ලඟම පිහිට් ශිව දේවාලය ඔහුගේ නෙත ගැටුනි……… සුබාහු වහාම රුද්රාක්ෂ වෙත ගියේය……….
🌾 රුද්‍ර යම් ගැටලුවක් ඉක්මන්ව කරන්න…………
💚 කුමක්ද සුබාහු………
🌾 උදෑසන මා ශාලිනිව දුටුවා………..
💚 ශාලිනී…………. ඇය කුමක්ද මෙහි කරන්නේ……….
🌾 කුමරුනි…….. මා අවසන් වරට දුටුවේ ඇය මිත්‍රවින්ධා කුමරිය සමග තිසා වැව අසලදී…………..
ශාලිනී තමා කවුදැයි ඇයට පැවසුවොත් සියල්ල අවසන් වනු ඇත…………. ඊටත් වඩා දැන් ඇගේ ජීව්තයද ඇත්තේ අනතුරකය…………………. ශාලිනී තමා සමග ඇති වෛරය නිසා මිත්‍රවින්ධා හට අනතුරක් කරයිදැයි ඔහු බිය විය…………. සියලු දෙනාම තිසා වැව දෙසට දිව ගියෝය……………… ශිව දේවාලය දෙසින් මැණිකා කෑගසන හඬ ඇසුනි……
🌾 ශිව දේවාලයේ බලමු……………..
ඔවුන් ශිව දේවාලයට යන විට මිත්‍රවින්ධා කුමරිය සිහිසුන්ව බිම වැටී සිටියාය……… මැණිකා ඇගේ හිස තම ඇකයේ හොවාගෙන හඬමින් සිට්යාය…………… රුද්රාක්ෂ දිව ගොස් ඇයව සිය තුරුලට ගත්තේය…………. අද පලමු වරට ඔහු මිත්‍රවින්ධා කුමරිය ස්ඵර්ෂ කලේය………. ඉන් ඔහුගේ අතුරුදන් වීමේ බලය නැතිවී ගියේය……………….
ඇගේ පපුව මත තිත් දෙකක් ආකාරයට නාගයෙකු දෂ්ඨ කර තිබෙනු ඔහු දුටුවේය………………
💚කරුණාකර ඉවතට යා හැකියිද….. මා දන්නවා කල යුතු දේ…………….
සියල්ලන්ම ඉවතට ගිිය පසු රුද්රාක්ෂ කුමරියගේ සළුව ඉවත් කලේය…….. ඉන්පසු ඇගේ පපුව මත ඇති දෂ්ඨ කල ස්ථානයෙන් විෂ ඉවත් කලේය………………… මද වේලාවකින් මිත්‍රවින්ධා කුමරිය සිහි ලැබුවාය………….. රුද්රාක්ෂ සිතට බියක් දැනෙන්නේ ශාලිනී ඇයට තමා පිලිබඳ සත්‍ය පවසා ඇත්දැයි සිතෙන බැවින්…………..
💙 රුද්‍ර………. කවුරුන්ද ඒ තැනැත්තිය………. ඇය එක්වරම නාගයෙක් බවට පත්වී මා හට දෂ්ඨ කලා………. මා………මා…….. ඇයට අයිති දෙයක් බලෙන් ලබාගත් බවයි පැවසුවේ………. නමුත් ඒ කුමක්ද කියා මට නොවැටහේ……………………
💚 මගේ කුමරියනි…………. දැන් අමතක කර දමන්න එය………..ඔබට කිසිවක් සිදු නොවේවි මා සිටිනතුරු…………..
💙 කවුරුන්ද ඒ………….
💚 අැය විශ නාග කන්‍යාවක්………. දැන් ඔබ ආරක්ෂිතයි……….. නැවත කිසිදා ඔබව තනිව නොයවන්නෙම්……….. මා නිවස අසලටම පැම්නෙනම්……….
රුද්රාක්ෂ අැයව තවත් සිය ලයට තුරුලු කරගෙන හිස සිපගත්තේය………………… අැයටද ඔහුගෙන් මිදීමට ලොභකමක් දැනුනි………………… මුවින් නොකීවත් ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාට අසීමිතව ආදරය කරමින් සිටියහ……………. ඇයට තමා කොතරම් ආදරය කරනවාදැයි පැවසීමට දැඩ් අවශ්‍යතාවයක් ඔහුට දැනුනත් ඒ පිලිබඳ සියුම් බියක් තිබුණි……………….
💚 එසේ නම් දැන් ඔබතුමිය නිවසට යන්න………. විවේක ගන්න……….. මා ඉක්මනින් නැවත පැමිනෙන්නම්………. මේ දිනවල මා රුඳෙන්නේ අනුරාධපුරයේ මයි………………..
💙හොඳමයි………. නමුත් මට තව ටිකක් ඔබ හා සිටීමට අවසර නොදෙන්නේ මන්ද ඔබතුමා……………
අැය බොරු තරහක් මවාගනිමින් පැවසුවාය……………….
💚 අනේ මගේ කුමරියනි…………. මා ඉතින් ඔබව පිටත් කර හරින්නේ සතුටින් බවද සිතන්නේ………………..
💙 සතුටින් සිටීමට ඔබටත් නොහැකි නම් ඇයිද මා හට යන්න යැයි පවසන්නේ……………..
💚එසේ නම් මේ වෙලාවේදී මා ඔබතුමියට එක් දෙයක් පවසන්නම්…………
💙 පවසන්න……………….
💚 මා ඔබතුමියට බොහෝ සෙනෙහස දක්වනවා…………… ඔබතුමිය විවාහ කරගැනීමටයි අවශ්‍ය මා හට………. ඉක්මන් පිලිතුරක් අවශ්‍ය නෑ මට……….. හිතා බලා පිලිතුරක් ලබාදෙන්න…………..
රුද්රාක්ෂ ඇගේ ගෙල පිරිමදිම්න් පැවසුවේය……………. දෙනවා නම් දැන්මම පිලිතුරක්ද ලබා දියහැකිය………. නමුත් ඊට ඉක්මන් විය යුතු නැති බව ඇය සිතුවාය……………
ඇය යලිත් ඔහුගේ පපුවට සිය හිස තබාගත්තාය………….
💚 යන්නට කල්පනාවක් නැතිද මගේ කුමරියට……………………..අද……..
💙 හෙට උදෑසනින්ම එනවද……………
💚 එහෙමයි………….. ඔබතුමිය නොදැකසිටිය නොහැකියි දැන්…………… මා ඉක්මනින් එන්නම්…………………….
රුද්රාක්ෂ ඇගේ නිකටෙන් අල්ලා ඇගේ දෑස් දෙසම බැලුවේය………….. ඔහු ලං ලංව ඇගේ දෑස් වල කදුලක් දුටුවේය…………….
💚 අනේ අැයිද මේ……….ඔබ හඬන්නේ…………. මෙලෙස මා ඉදිරිපිට කිසිදා හඬන්නට නම් එපා………… එය මට දරාගත නොහැකියි……….. කුමරියනි……………….
රුද්රාක්ෂ මිත්‍රවින්ධා කුමරියගේ දෑසම සිපගත්තේ උතුරා යන සෙනෙහසිනි……………….
💚💚💚 නොකිව්වට මා දන්නවා………. මට දැනෙනවා……… ඔය හදවතේ මා ගැන ඇති සෙනෙහසේ තරම………….. මට මෙන්ම ඔබටත් ජීවත් විය නොහැකි වේවි අපගේ ආදරය අහිමිව……………..
෴ මතු සම්බන්ධයි