39 කොටස
-රහස් මධ්‍යස්ථානය

” අහ්…….”

මුළු සිරුරම නැහවී යන ලෙස වතුර පහරක් වදිද්දී සිහිය ආවත් දෑස් ඇරගන්න දැනුනු අපහසුව නිසා කිහිප වතාවක් හිස සෙපසට කර ඔහු කෑගසන්න වුයේ දැත් දෙපා සොලවාගත නොහැකිව බැද තිබුණ නිසාවෙනි …….

අපහසුවෙන් දෙනෙත් විවර කල ඔහුගේ නෙත ගැටුනේ තමාට අඩි කිහිපයක් ඉදියේන් මේසයක් මත හිදගෙන සිටින රාගව්ගේ රුවයි….

තැනින් තැන කලු පැහැ ඇගලුමින් සැරසී මුව ආවරණය කරගෙන අවි අත දරාගත හැඩි දැඩි ආරක්ෂකයින් රැසකි..

වටාපිටාව වෙත තව තවත් නෙත් යොමද්දි මෙය අතහැරදැමු පරණ ගොෆනැගිලලක් බව ඔහුට පසක් විය..මේසය හිදගෙන පාදයක් යාබද යකඩ පෙට්ටමක් මත තබාගෙන දුම්වැටියක් උරමින් හිදන ඔහුගේ එක් අතක විසල් යකඩ පොල්ලකි..

රාගව් උඹ……….

ආ..උබට එහෙනම් මාව තාම මතකයි නේ.මන් හිතන් හිටියේ දැන් අපිව අමතකත් ඇති කියලා .මොකද දැන් ඉතිං ලොකු මිනිස්සුනේ……….

ඇයි## මාව ගෙනාවේ……….

ශ්……..සද්දේ අඩු කරගනින්.සද්දේ දාගන්න මේ උබේ තැන නෙවෙයි කියලා මතක තියා ගනින්…

ඇ # මන් උබට බයවෙයි කියලා හිතුවද…

අහ්……………

උබ මට බය වෙන්න ඔනි කියලා මන් දැන් කිව්වේ නෑනේ….

මොන # යකෝ මාව ගෙනාවේ…..

උබට මන් මිට කලිනුත් එක පාරක් කිව්වා මගේ කෙල්ලගෙන් අයින් වෙලා ඉන්න කියලා.උබට මන් මතක හිටින පාඩමක් උගන්නලත් උබ එක ගානකට ගන්නේ නැතුව එකිගේ ගෙදරට ප්‍රෝපසල් එකක් අරන් ගියා..
උබ හිතුවේ මන් කිසි දෙයක් නොදැන හිටියා කියලදා…මන් බලන් හිටියේ උබ මේ පාර නටන්න යන නාඩගම…

උබ මේ පාර නටන්න හදන්න නාඩගම එච්චර හොද නෑ….උබට මන් දුන්න කල් හොදටම වැඩි මට හිතන්නේ උබේ කතාව කෝලොස් කරන්නම් ඔක්කොම හරි …..

හහ්………

මිගාර …….

උබ මන් කවුරු කියලද හිතන් ඉන්නේ රාගව් …..

යකෝ මන් ඩිෆෙන්ඩ් මිනිස්ටර්ගේ පුතා…..

හහ්..හහ්…..ශික්……බලහන් ඉතිං මන් හිතුවේ උබ මන් නොදන්න දෙයක් කියන්න හදනවා කියලනේ මිගාර …..බලහන් ඉතිං උබ පුරුදු තැටියමනේ දාන්නේ….

උබ හිතුවේ මන් දන්නේ නෑ කියලද උබ ඒ # පුතා කියලා..මන් දන්නවා යකෝ මට ඌ එකත් බේරගන්න පොඩි ගනුදෙනුවක් තියෙනවා..මන් එක බේරගෙන උබේ මහ ලොකු තාත්තාවත් එවනම් උබේ තනියට…

එහෙනම් ඉතිං සුබ ගමන් සහෝදරයා…

අ..යන්න කලින් පොඩි තැග්ගක් මන් දෙන්නම්..තනි අලියා වගේනේ හැදුනේ නේද පොඩි කාලේ ඉදන් මේ තෑග්ග එ නිසා ටිකක් වටී..

රාගව් මිගාරගේ කනට බරව සෙමෙන් වදන් පෙලක් පවසන්න වුයේ ..මිගාරගේ දෑස් විස්මයෙන් විසල් වද්දිය …..

සහොදරයෙක් අතින් අවසන් ගමන් යද්දිත් පොඩි ගැම්මක් තියෙනවා නේද…

එහෙනම් ඉතිං සුබ ගමන්……

රාගව්ගේ රීවෝලරයෙන් ගිලිහ හුනු උණ්ඩ කිහිපයක් ඔහුගේ හිස පසාරුකරගෙන ගිලා බසින්නට විය….

බොස්…….

ශේෂ්……..රේෂ් මුගේ බොඩිය අර ඇමැතිගේ කල්බ් එකෙන්ම තියපන් මන් කිව්ව විදිහට ..

මතකනේ………කිසිම සාක්කියක් ඉතුරු වෙන්න බෑ..

ඔකේ බොස් මේවා ඉතිං අපි පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි නේ ..

බොස් දැන් ආයි යනවද…..

නෑ බන් දැන් පොඩි ඇලට් එකක් දාන් උදේම යනවා..උබලත් පොඩි රෙස්ට් එකක් අරන් උදේම ලෑස්ති වෙයන්..

හරි බොස් ලකී බොසුත් යනවනේ…

ඔව් බන් ඌ නැතුව කොහොමද …..

හරි බොස් එහෙනම් අපි ගියා…..

ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..

අද නම් සුදු මැණිකේ ඇත්තටම වලව් කුමාරිහාමිකෙනෙක් වගේමයි….

කැසපත ඉදියේ අත් බෝරිච්චි හැට්ටයකට සුදු පැහැ බීරුළු ඔසරියකින් හැඩවී මාල හත පැලද තුන් පොඩින් හැඩ වුනු මන්දිරාගේ රුව සැබැවින්ම සුන්දය….

සුදු මැණිකේ ඔහොම ඉන්නකෝ..මන් පහල වැඩටික බලලා එන්නම්…මන් හිතන්නේ අර දරුවගේ ගෙදරින් ආවා…

මන්දිරා නිහඬව සෙමෙන් සෙමෙන් බැල්කණියේ වු.බංකුව මත හිදගෙන දුරකථනය කනේ රදවාගන්නට විය…….

නැත…ඊයේ රාත්‍රීයේ සිට මේ වනතුරු ඔහුගේ දුරකථනය කෙදිනකවත් නොවු ලෙස ක්‍රියාවිරහිත වී ගොස් ය…

පෙර දින රැයේ තමා සමග පැමින නගරයෙන් ඔහු බැස ගත් පසු මේ වනතුරු ඔහුගේ වදනක් හෝ නැත….

නිවසේ සිදුවු දේ පිළිබඳ ඔහුට පැවසීමට නොහැකිව ඇය සිටින්නේ පශ්චාත්තාපයෙනි . අද දින සිය විවාහ ගිවස ගැනිම එයත් කිසිදා දැක නොමැති කෙනෙක් සමග නැත එයනම් කිසිසේත් සිදුවීමට ඉඩ දිය නොහැක ……..

සිය දැගිලි අතර සිර වී ඇතී කුඩා බෝතල දෙස නෙත් යොමකර එය තවත් තදින් එය දැගිලිවලින් ගුලිකරගන්නට විය…

.
හරි එහෙනම් මන් කිව්වට පස්සේ මනමාල මහත්තයා මේ පොරොන්දු වාක්‍ය කියන්න…

හුරුපුරුදු සුවදක් නාස්පුඩු හරහා සිරුර පුරා ගමන් කලද..මේ වනතෙක් මන්දිරා හිස මදකට හෝ ඔසවා තමාට පසෙකින් හිදන ඔහු වෙත එකදු බැල්මක් හෝ පා නොකලේය……

උඩහප්පෙරුම මුදියන්සෙලාගේ රාගව් දිර්වන් දිසානායක වන මම………..

චටාස් …….

මන්දිරා කමුල හරහා වේගවත් පහර වැදි යන්න වුයේ ඇය සැමට රහසින් මුවට දමාගැනිමට සැරසුනු වස බෝතල බිම වැටී බිදි යද්දීය…..

සලං………

මතුසම්බන්ධයි