ආදරණීයම ඔයා…28(අවසන් කොටස)

මම අමාරුවෙන් දෑස් විවර කරද්දී දුටුවේ සෝ න්‍යගෙ කඳුළු පිරුණු දෑස්ය. දෙවියනි ඔහු මට එතරම්ම ආදරය කලේ දැයි මට සිතා ගන්නට වත් බැරිය.

ඔහු ගැන උපන් අනුකම්පාවකින් මගේ දෑස් කඳුලින් පිරීගියේය. පහුගිය කාලය පුරා ඔහු කොතරම්ම වේදනාවකින් හිඳින්නට ඇතිද..

මම සතුටින් හිටියේ ඔයා ලග හිටපු දවස් ටි කේ විතරයි තාදී…සතුට කියන්නේ මට අයිති දෙය ක් නෙවී වෙන්න ඇති…

සෝන්‍යගෙ වදන් මට ඇසෙනවාක් මෙනි. මම දෑස් කරකවා ඔහු දෙස බැලීමි.

තාදී මගෙ මැනික…හොඳින් නේද ඔයා…

සෝන්‍ය ඇසුවේ මහිස පිරිමදිමිනි. ඔව් යැයි කියන් නට මම හිස සැලුවේ පිපාසය නිසා උඟු ර කට වියැලී ගොස් තිබූ නිසාය.

සෝන්‍ය දිය බඳුනක් ගෙන දෙතොල් තෙමුවේය. මම දැනුනේ සහනයකි.

දැන් බය වෙන්න දෙයක් නෑ..මචං කෙ ල් ල ට සිහිය ආවනෙ…ටිකක් රෙස්ට් කරන්න දියන් හරි යයි හැමදේම.. මාව පරීක්ෂා කර බලා එ සේ කී වෛද්‍යවරයා එතැතින් පිටවිය.

ඔයාට මං ගැන පුංචිම දුකක් වත් දැනුනෙ නැද්ද තාදී..මාව මෙච්චරම පුච්චන්න මං පව් කියලා හිතුනෙ නැද්ද….

මගේ දෑසට එබෙමින් සෝන්‍ය ඇසුවෙි හඬ න් නට ඉතාමත් ලග හඬකිනි. දෙවියනි ඒ වදන් වල වූයේ ඉවසිය නොහෙන වේදනාවකි.
මගේ දෑස්වලට කදුළු පිරුනේ තත්පරයෙනි.

මට…මට… මොනවා හෝ කියන්නට උවමනා උවද වදන් වෙනුවට පිටවූයේ ඉකියකි.

නාඬා ඉන්න තාදී… ඔයා ටිකක් රෙස්ට් කරන්න කො හැමදේහ හරියයි… ඔහු කීවේ මුදු ලෙස නලලත සිපගන්නා අතරය.

පසුදින සෝන්‍ය මා නිවසට රැගෙන ගියේය. මා උන්නේ තවමත් තෝන්තුවාවෙනි. පසුගිය දිනවල දිගින් දිගට දකිනා සිහිනවල උන් දනුක කීවේ ඔහුට තනිවම සිටිය නොහැකි බවයි.

ධනුකගේ අම්මා කීවේ මා දුකින් සිටිනා තාක්ක ල් ධනුකත් සතුටින් නොයින්නා බවය. ඇත්තය අර සිහින වල උන් ධනුක සිටියේ දුකිනි.

ධනුක පමනක් නොව සෝන්‍ය හිදින්නේද දුකෙ නි. ඔහු ධනුකත් මාත් නිසා කෙතරම් දුක් විදි න්නට ඇතිද..ධනුක නිසා ඔහුගේ ආදරය නිසා ද සෝන්‍ය මාගේ නොසලකා හැරිම් දරා සිටිනා බව ඇත්තය. එහෙත් ඒ කවදා වන තුරුද. .

මා නිසා ඔවුන් දෙදෙනාම දුකිනි. සත්තකින්ම එය කෙතරම අකාරුණික ද කුමක් සිදු උවද සෝන්‍ය මා අතහරින්නේ නැත .එසේ නම් එවිට ඔහුව මුළු ජීවිත කාලයම වේදනාවේ තබ න්නේ කෙසේද

සෝන්‍ය මට කල වරදක් නැත. ඔහුට හැකි උප රිමයෙන් මා සතුටින් තබන්නට වෙහෙ සෙයි. වෙනත් පිරිමියෙකු වෙනුවෙන් හඬා වැටෙ න් නට සිය බිරිදට ඉඩ දෙයි. වඩාම අසාධාරණ ය සිදුවී ඇත්තේ සාදාරණම මිනිසාටය.

තාදී දරුවො මදිද ඔය ඇඬුවා…
සෝන්‍ය ඇසුවේ මා අසලින් හද ගන්නා අතරය.

මට සමාව දෙන්නම බෑද තාදී.. මම තව කො ච්චර කාලයක් විඳවන්න ඕනි ද…
ම​ගේ නිහඬ බව නිසාම ඔහු නැවතත් ඇසුවේ ය.

සෝන්‍ය…. මට කෑ ගැසුනේ ඒ අසරණකමටය.

හරි ඔයා මගෙ ලග ඉන්නම කැමති නැත්තං මං ඔයාට ඩිවෝස් එක දෙන්නං… ඒත් ඔයා ඔහොම දුක් විඳිද්දි ඔයාව තනිකරලා මට හිත හදාගන්න බෑ…. සෝන්‍ය කියවයි.

සෝන්‍ය මට.. ..

දන්නවා ඔයාට බෑ ධනූට තරම් මට ආදරේ ක රන්න මටත් බෑ ධනූ තරම් ආදරේ කරන්න ඒත් මං මගෙ මුළු හදවතින්ම ඔයාට ආදරෙයි තාදී

මගෙ අම්මගෙන් පස්සෙ මං වෙන කාටවත් මේ තරං ලංවෙලා නෑ මෙච්චර ආදරේ කරලා නෑ ඒකයි මට බැරි ඔයා දුක් විඳිනවා බලන්න…

ඔයා දිගටම ඔහොම දුක් වින්දොත් මට ධනූ ගෙන් විතරක් නෙවී මගෙන්මත් සමාවක් නැති වෙයි… සෝන්‍ය කියවාගෙන යයි.

ඔහු මේ සියල්ල කියන්නේ ඒ හිතේ කැකෑරෙන වේදනාව නිසාය. සෝන්‍ය මට ආදරේ බව ඇ ත් තය. මම එය හොඳින්ම විඳ ඇත. ඉතිං ඔහුව රිදවන්නේ නිරපරාදේය.

මට…මට…සමාවෙන්න..සෝනු..
මම කීවෙ අසරණම අසරණ හඬකිනි.

තාදී…

මං ඔයාව රිද්දනවා සෝනු….

මට රිදුනට කමක් නෑ තාදී ඒත් ඔයත් ඔ​හොම රිදෝගද්දි… මට දරාගන්න බෑ..

මං ගැන ඔච්චරම හිතන්න එපා දෙයියනේ..

ඔයා ගැන නැතුව මං වෙන කවුරු ගැන හිතන් නද තාදී… මං අද මෙහෙම ඉන්​නෙ ඔයා නිසා නැත්තං අර ඩැඩී කියන මි නි හ ව මරලා එක්​කො හිරේ නැත්තං මැ රි ලා…

සෝන්‍ය කියවාගෙන ගියේ මාව ඒ සිරුරට වාරු කරගෙනය. හිත හරි බරය සෝන්‍ය මා නිසා වේදනාවෙනි.

අපිට ඒ වගේ සතුටින් ඉන්න ආයිම බැරි වෙයිද තාදි… ඔයාට බැරිද මට එක පුංචි අවස්ථාවක් දෙන්න…

සෝනු…..

ධනූට තරම් ලස්සන ට ආදරේ කරන්න මට බැ රි වෙයි තාදී ඒත් ජීවිත කාලෙ පුරාම දුකක් නො දී ඔයාව බලාගන්න මට පුළුවන්..

ඒක මම දන්නවා සෝනු ඔයා ආදරේ කරන විඳිහ හරි ලස්සනයි…

එහෙනං ඇයි දරුවො මේ…ඇයි ඔච්චර විඳව න්නෙ…ඔයා ඔහොම දුකින් ඉද්දි ධනූට සැන සීමකුත් නෑ මට සැනසීමකුත් නෑ…

මට සමාවෙන්න සෝනු මං නිසා ඔයාලා හැ මෝම දුකින්….

ඇති මැණික දැන් ඔය හොඳටම ඇති වි​ඳෙව්වා
ඔයාම දන්නවා කොච්චර ඇඬුවත් ධනූ ආපහු එන්නෙ නෑ….

සෝන්‍ය කියවාගෙන යයි. මා නිසා ඔහු තවත් වේදනා විඳවිය යුතු නැත. මේ තේරුමක් නැති විඳවීම නිසා ඔහුව රිදවා මට ලැබෙනා දෙයක් නැත.

කුමක් කෙසේ උවත් දැන් මා සෝන්‍යගෙ බිරිඳ ය. එය පහසුවෙන් කඩාබිඳ දැමිය නොහැකි බැඳීමකි. මා නීතියෙනුත් ගතිනුත් ඔහුගේය. ඉදින් සිත පමණක් වෙනතක රදවන්නේ කෙ සේද..

අනෙක් අතට සෝන්‍යගෙ වරදක් නැත ඔහු ආදරණීය සැමියෙකි. සෑම මොහොතකම මා සතුටින් තබන්නට ඔහු වෙහෙසුනේය.

මා හා විවාහ වූ මොහො තේ පටන් ඔහු මාත් මගේ පව්​ලේ අයත් වෙනුවෙන් සියළු යුතුකම් නොපිරි හෙලා ඉටු කලේය.

ඉදින් එසේනම් මට මේ සියල්ල අතැර සෝන්‍ය හැරදා ධනුක වෙනුවෙන් පේවී සිටිය හැකිද.. මා හිත හදා නොගත හොත් මා නිසා සෝන්‍ය පමණක් නොව අම්මාත් මල්ලීත් වේදනා විදිනු ඇත.

එහෙයින්ම කිසිම දිනක ධනුකව අමතක කල නොහැකි උවත් මට ඉතිරි ජීවිත කාලයම සෝ න්‍ය වෙනුවෙන් වෙන් කරන්නට සිදුවන බව මම දනිමි.

එය ලජ්ජා සහගත හිතිවිල්ලක් වන්නට ඇත. එහෙත් දෛවය කරනා දේ සමග අරගල කර න්නට මට බැරිය. මම බර සුසුමක් හෙලීමි.

ධනූට එහෙ පාළු ඇති තාදී අපි දෙන්නම නැතු ව..

සෝන්‍ය කී​වෙ කොහ දෝ ඉසව්වක බලාගෙන ය. ධනුක මට එහෙම කීවා මතකය. ඔහු තව මත් වේදනාවෙන් වන්නට ඇත. ඔහුව ඒ වේද නාවෙන් මුදවා ගත යුතුය

මට…මට.. එයාව ඉන්මනට ගෙනත් දෙන්න සෝනු… මම කීවේ සෝන්‍ය ගේ උරහිසේ හිස හොවාගෙනය.

තාදී……

එකපාරම අමාරුවෙයි සෝනු.. ඒත් මම හිත හදාගන්නං ධනුක පව් එයාට තවත් විඳවන්න දෙන්න මට බෑ…

මම කීවේ ස්තීර සාර හඬකිනි .

තාදි..මගෙ මැනික… ඔයාට පින් මගෙ ජීවිතේට මෙහෙම ආවට..පොරොන්දු වෙනවා කවදාවත් මේ ඇස් අඬවන්නෙ නෑ කියලා…

මගේ නලලත සිප​ගෙන ඔහු කීවේ උතුරා යන ආදරයකිනි.

(නිමි)