අටවන_කොටස❄️💦

” මාව බේරගන්න…….අනේ කවුරුත් නැත්ද…………

තුහින්‍යා පිටුපස බලමින් කෑ ගැසුවත් පේනමානයක කිසිවෙක්ම සිටියේ නෑ………

” අතහැරපන්……. පව් කාරයා…….. උඹ නම් මහ ජරාම ජරා මිනිහෙක්…… අතහැරපන්…………

තුහින්‍යාගේ නියපොතු පාරවල් වලට සාකේත්ගේ අත තුවාල වෙලා…….

” මාව බේරගන්න……. කවුරුත් නැද්ද………

තුහින්‍යා යන්තමට දැක්කා ඔවුන් දෙසට දිව එන රුවක ඡායාවක්………. දෑස් ගිණි පුලිඟුමෙන් රතු කරගෙන ඔවුන් වෙත දිව ආවේ දුවීන්‍ය……..

” අත ඇරපන් මගේ අක්කව……… කාලකණ්නියා……. යකෝ තොපි ඔහොමද නෑදැයින්ට සලකන්නේ…… අත ඇරපන් සාකේත් අක්කව නැත්තම් මං තෝ ඉවරයක්ම කරනවා……..

දුවීන්‍යගේ කෝපයෙන් වියරු වැටී නලියන මස්පිඬු…….. රතු පැහැ ගිණි පුලිඟු වන් දෑස…….. මිට මෙලවුන දෑත් දුටු සාකේත් මදක් බියට පත් වුනත් ඔහු සිතුවේ මේ පොඩි එකා කුමක් කරන්නද කියලා……….. ඒත් සාකේත් දැනගෙන හිටියේ නෑ……. තම සහෝදරියට අවැඩක් වෙද්දි සහෝදරයෙක්ගේ ලේ උණු වෙනවා කියලා………. කොහෙන්දෝ බලයක් ලැබෙනවා කියලා………..

” අනේ උඹ මට මක් කරන්නද පොඩි එකෝ………පැත්තකට වෙලා හිටපන්…… නැත්තමි අක්කටයි මල්ලිටයි දෙන්නටම යන්න පුළුවන් එලොව………..

” එලොව යන්නේ උඹ සාකේත්………..

සාකේත්ටවත් තුහින්‍යාටවත් හිතන්න මොහොතක් නොතියා දුවීන්‍යගේ අතට අහුවුනේ ඝන බරැති ලී කඳක්………… දෑතට විරිය අරන් දුවීන්‍ය එල්ල කල පහරින් සාකේත් විසිවෙලා ගිහින් වැටුනේ හිසක් පැත්තකින් ලේ පෙරාගෙන……….. සාකේත් එහෙමම සිහි විසඥ වුනා………..

” ම……….ම……මල්……ලී…….. උ…..ඌ මැරුණද………. අනේ…….ම..ල්…..ලී……. දැන්…… මොක…ද කර…න්නේ…………

තුහින්‍යා දුවීන්‍යගේ ඇඟේ එල්ලිලා ඇහුවේ බියෙන් ගැහෙමින්………

” ඒකා මැරිලා නෑ අක්කේ….. අපි යමු……. සිහිය ආවම නැගිටලා යන්නැතෑ…….. හැබෑ අක්කේ….. ඕකා නිකම් ඉන්න එකක් නම් නෑ…………

දුවින්‍ය කියද්දි තුහින්‍යාට මල්ලි ගැන ඇති වුනෙ අපමණ බියක්………

” මල්ලී…….මං හින්දා ඔයත් කරදරේ පැටළුනා දෙයියනේ……… දැන් ඌ අපෙන් පලිගනී…………

” හරි හරි වෙන දෙයක් පස්සෙනේ….. අපි යමු දැන් ගෙදර………..

අක්කයි මල්ලියි දෙන්නා ඉක්මනින් ගෙදර ගිහින් අප්පච්චිට වෙච්ච දේ කියද්දි ඔහු ඔළුවේ අත ගහගත්තා…….

” මං හිතුවා ඔය මනුස්සයා නිකම් නෙවේ මෙහෙ ආවේ ගියේ කියලා……

” පුල්ලෙයාර් දෙයියනේ….. දැන් මොකද කරන්නේ අපේ මහත්තයා…….. උන් අපෙන් පලිගනී…………..

” අපි බලමුකෝ නෝනා………. කලබල වෙන්න එපා…….. දැන් ඒ මිනිහා එතනම දාලාද ආවේ…….. ලේ ගිහින්ම මැරෙයි……මං ගිහින් බලලා එන්නම්……

අප්පච්චි යන්නට සැරසෙද්දි තුහින්‍යා ඔහුව වැලැක්වීය…………

” අප්පච්චි…….. අනේ අපි මෙහෙන් කොහේ හරි යමු……….. කවුරුත් දන්නෙ නැති දිහාකට………

තුහින්‍යාගේ ඉල්ලීම සාධාරණයි කියලා රණසිංහ ඉස්කෝලේ මහත්තයාට නොතේරුනා නෙවේ ඒත ප්‍රශ්නෙන් පැනලා හොරු වගේ හැංගිලා ඉන්න ඔහුට ඕනැ වුනේ නෑ……..

” කලබල නොවී ඉන්නකෝ ලොකු ළමයෝ………..

අප්පච්චි නිවසේ සාලයේ එහාට මෙහාට ගියේ කල්පනා කරමින්……..

❤️🌿🌷❤️🌿🌷❤️

” අයියේ………. කෝ මේ කසාදේ කඩාගෙන ආව කුමාරිහාමී…….

සඳරේනු ආවේ මුළු ගමටම ඇහෙන්න කෑගසමින්……….. එතකොට මේ සිද්ධිය වෙලා පැය කීපයක් ගිහින්……… සිහිය ආ සැනින් සාකේත් තමා විසින්ම රෝහල් ගත වී තිබුණි……… රෝහලෙන් ඔහුව පොලිස් කට උත්තර ගැනීම සඳහා යොමු කිරීමේදී එය නොදන්නා පුද්ගලයෙකු ගේ පහරදීමක් බව කිව්වත් සිය මවට ඔහු මේ බව පැවසුවේය…………

” මගේ කොල්ලා මරාගන්නද හැදුවේ ආ…… උඹ ඇයි මලෙන් උපන් පත්තිනිද… කවුද දන්නේ දීගේ කැඩුනේ මොකෙක් හරි එක්ක නටලා අහුවෙලාද කියලා….. මගේ කොල්ලා උඹලා පව් නිසා රස්සාවක් හොයලා දෙන්නයි මේ වලිකෑවේ…… අපේ එවුන්නේ කියලා….. උඹ හිතුවද උඹේ රෙද්ද ගලවන් ඌ ආවා කියලා………. ආ………..

සඳරේනුගේ අශීලාචාර වදන් මුළු ගම්මානය පුරාම රැව්පිලි රැව් දුන්නේය….. අවට නිවෙස් වල මිනිසුන් හොරෙන් මේ සියල්ල බලාගෙන සිටියහ………

” මේ නංගි…… මගේ කෙල්ලගේ කසාදේ කැඩුන හේතුව අපි හොදට දන්නවා….. ඒක මගේ දරුවගේ වරදක් නෙවේ…….. අනික සාකේත් ආවේ හොඳකට නෙවේ කියලත් අපි දන්නවා……. උදව් කරන මුවාවෙන් ඇවිත් මේ දරුවගේ ආත්මය විනාශ කරන්න හදපු අමනයෙක්ට ඔයිට වඩා හොඳ උත්තරයක් තියනවද….. ඉස්සරලා තමන්ගේ එකා හදාගෙන හිටපන්….. ඌට කියලා දීපන් ගැණියෙක්ට ගරු කරන්නේ කොහොමද කියලා…… නැත්තම් මුළු ලෝකෙම උඹටයි බනින්නේ……….

” මට උඹේ බණ වැඩක් නෑ අයියේ……… මං මේක ලේසියෙන් අත්හරින්නෙ නෑ……මං මේකිට හොද වැඩක් කරනවා පාරේ බැහැල යන්න බැරි වෙන්නම…….

දුවින්‍යගේ ඉවසීම ඉක්මවා ගොස් දැන් බොහෝ වේලාවකි……..

” මේ නැන්දේ……… සාකේත් අයියා එහෙනම් මොන එහෙකටද අක්කව අර බසවක්කුලම වනේට ඇදගෙන ගියෙ……. අනේ මේ මගේ යකා අවුස්සන්නැතුව ඔයත් යනවද….වැඩිහිටියෝ කියලා අපිත් ඔයාලා කියන හැම කුණු කතාවම අහන්න ඕනැද…… අනික ඔයත් ගෑණියෙක් නේද……… තවත් ගෑණියෙක්ට ඔහොම කරන එක ඒ තරම් හොද නෑ කියල වත් හිතන්න බැරිද.. අක්කට වුන දේ දවසක ඔයාගේ දුවටත් වුනොත් තේරෙයි…… ආහ්…….. වැරදුනානේ…… එයාට නම් ඉතින් මොනා වුනත් ඒවා අතවර නෙවේනේ……. අපි දන්නැතුවයි එයාගේ හැටි……… මගෙ අක්කාගේ කසාදේ කැඩුනේ ඇයි කියලා හොයන්න කලින් තමුන්ගේ දුව දැන් ඉන්නේ මොකා එක්ක මොක කාමරේද කියලා හෙව්වොත් තමා වඩා හොඳ……… නැත්තම් හෙට අනිද්දට තවත් ඇබෝෂන් එකක් කරන්න වෙයි……..

දුවීන්‍යගේ වදන් වලට සඳරේණු ලැජ්ජාවෙන් හා කෝපයෙන් මුහුණ කළු කරගත්තාය……….

“මං උඹලා ගැන බලාගන්නම්…….

නැන්දා යන්න ගියේ තර්ජනයද කරමින්………. දුවින්‍ය තවමත් එතැනම සිටියේ අප්පච්චිගේ බැනුම අසාගන්නටය……… වැඩිහිටියෙකුට කතා කරන්නේ ඔහොමදැයි අසමින් වෙනදා නම් ඔහු මේ වන විටත් දේශනාව පටන්ගෙනය…….. නමුත් අද ඔහු නිහඬය……….. තුහින්‍යා නම් සිටියේ මල්ලී පිළිබඳ දැනුන ආඩම්බරයෙන් හා සෙනෙහසින්…….. මල්ලි කෙනෙක් රූකඩයක් නොවිය යුතුය…….. පියවරුන් නැති කලෙක ඔවුන් පියවරුන් නැති අඩුව සොයුරියන්ට දැනෙන්නට නොදිය යුතුය……. නමුත් දුවින්‍ය වැනි සොයුරන් නැත්තේම නැත…….. ඔවුන් අප අතර බොහෝ සෙයින් සිටී…….. තම සොයුරිය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන සොයුරෙක් ලැබීමම පෙර කරන කුසලයකි………

❤️🌷🌿❤️🌷🌿❤️

ඈතින් ඇසෙන ජලය ගලා හැලෙන හඬ දිය ඇල්ලකය…………. භූමි පහල බිම් කොටස සකස් කරමින් සිටියේ ලිලී මල් වගාව සඳහායි………. තෙනුක නුවර ගිය නිසා භූමි තනිවමයි පාත්ති හදන්න පටන් ගත්තේ…….. වැඩට පිරිමි දෙන්නෙකුත් ගැහැණු අය දෙන්නෙකුත් ඉන්නවා නමුත් ඔවුන් එන්නටත් පෙර භූමි වැඩ පටන් අරන්……. දියුණු වනනෙක් එලෙසය…….. දියුණු වන්නට අවශ්‍ය පුද්ගලයෙකුට සීතල නිදිමත එතරම් ගැටළුවක් නොවේ……….

Inthakanna Manchi Polikedi,
Naaku Thattaledu Gaani Ammu,
Ee Love Anedi Bubble-u Gum-mu
Antukunnadhante Podhu Nammu,

Mundu Nunchi Andharanana Maate Gaani,
Malli Anatanaane Ammu,
Idhi Cheppakunda Vache Thummo,
Premanaapaleru Nannu Nammu.

Ettaga Anaee Yeduru Choopuki,
Thaginattuga Nuvvu Badhulu Chebithive,
Arey Devuda, Idhendhanentha Lopate,
Pilladanta Deggarayi Nannu Cheradheestive,

Butta Bomma, Butta Bomma,
Nannu Suttukuntive,
Zindagike Atta Bommayi,
Janta Kattukuntive.

ඈතින් butta bomma ගීතය ඇසෙන්නේ තම දුරකතනයෙන් බව ඔහුට සිහිවුයේ මදක් පමාවීය……..

” හප්පාහ්….. මගේ ෆෝන් එක නේද

භූමි උදැල්ලත් පැත්තක දාලා දුවගෙන ගියේ ඊයේ මල් ගත්ත ආයතනයෙන්වත්ද කියලා……….. නමුත් ඇමතුම රජීව්ගෙන්……

” කොහේද බං මකබෑවුනේ………

රජීව්ගේ අඳෝනාව අහන්න බැරිම තැන භූමි දුරකතනය මදක් ඈත් කලේ මුහුණත් බෙරි කරගෙන…….

” ඉවරද උඹේ දේසනාව……. උඹ මෙතන මහත්තයා වගේ පුටු රත් කලාට මං ඉතින් පොළව එක්ක ඔට්ටු වෙන්න එපැයි……….

” මේ…. මට උඹ හම්බවෙන්න ඕනි වැදගත් දෙයක් කියන්න තියනවා…….

” දැන් කියන්න බැරිද……….

” බෑ මං එන්නම් තව ටිකකින් ලෑස්ති වෙලා ඉදපන් අපි පොඩි ගමනකුත් යනවා………. තෙනුකයා එයි එතකොට……. කට්ටයම යං පොඩි ආතල් එකක් අරගන්න…… කාලෙකින් සෙට් උනෙත් නෑනේ…….

” අමිමේහ්….. මං නොකියා හිටියේ උඹ බනී කියලා….. යමන් යමන්……

” මේ භූමි………… අද විතරයි හරිද පුරුද්දකට තියාගන්න එපා……… ඒකත් අද මගේ ගානේ නිසා……..

රජීව තරවටුවක් වගේ කියද්දි භූමි සිනාසෙමින් හිස කැසුවේ කොහොමත් තම ජීවිතය රජීව් යටතේ තියනකම් ආය මත්පැන් දිහා බලනවත් බොරු නිසා………….

රජීව්ගේ ඇමතුමෙන් පස්සෙත් බොහෝ වේලාවක් යනතුරු භූමි සිය කාර්යේම නිරත වුනේ වෙන කරන්න විශේෂ දෙයක් නොවූ නිසා………. රජීව් එක්ක කතා කරන්න කොහොමත් විශේෂ දේවල් හුඟක් තිබුනා……….. නුවරඑලියේ සුප්‍රසිද්ධ මල් නිර්මාණකරුවන් වන්නේ floral lily ආයතනය……… එය මුළු රට පුරාම ප්‍රචලිත ආයතනයක්…… නමුත් ටික කලක සිට එය මදක් පසුබැස්මකට ලක්ව තිබුනෙ ඒ වෙද්දිත් දේශපාලනික බලපෑම් වලින් තවත් ආයතනයක් මෙහි සිය අණසක පතුරවන නිසා…….. එ් Golden roses ආයතනය……… මේවා පිළිබඳ විස්තර ටිකක් හොයාගන්නත් ඔහුට උවමනාව තිබුනා……… අනෙක් කරුණ වුනේ ඔවුන්ගේ තේ වගාවේ තත්වය………. එය නම් සැලකිය යුතු මට්ටමක තිබුනා….. ආච්චියි සීයයි නැතිවුනාට පස්සේ කොහොමත් මේවා ගැන හොයලා බැලුවේ භූමිම තමයි……. නමුත් පහු ගිය කාලේ වැඩි වශයෙන්ම මතට ලොල් වෙලා හිටිය හින්දා ඒවා ගැන හොයලා බලන්නත් බැරි වුනා……

ඒවා බලාකියා ගත්තේ භුමිගේ මාමා….. ඒ කියන්නේ භූමිගේ අම්මා නන්දිතාගේ අයියා……… ඔහු නමින් #රන්ජන්සමරනායක කුඩා තේවතු හිමියෙක්…….. දැන් ඔහු භූමිගේ තේ කර්මාන්ත ශාලාවත් වත්තත් නඩත්තු කරමින් බලා කියා ගන්නවා…….. ඔහු නුවරඑළිය නගරයේ ධනවත් පුද්ගලයෙක් ලෙස ප්‍රකටයි……. ඔහුගේ බිරිඳ සරෝජිනි රාජේෂ්…… වතුකර දෙමළ කාන්තාවක්…… ඇය වතුකර දෙමළ ජාතික කාන්තාවක් වුනත් ඉතාමත් ගුණ යහපත් තැනැත්තියක්……… ඔවුන්ට හිටියේ දියණියන් දෙදෙනෙක් හා එක් පුතෙක්….. ඔවුන් තිදෙනාම විදේශ අධ්‍යාපනය හදාරමින් සිටියා…….. ඔවුන්ගෙන් වැඩිමල් දියණිය…. #තේජස්විසමරනායක අනෙක් දියණිය #මානවීසමරනායක පුතු #භුවනේෂ්සමරනායක

මේ සියලුම ව්‍යපොරයන් එක් කර ව්‍යාපාර ජාලයක් කිරීමයි රාජීව් ඇතුළු මේ මිතුරන්ගේ අදහස වුනේ………….

🌷❤️🌿🌷❤️🌿🌷

අම්මයි අප්පච්චියි මිදුල කොණේ බංකුවේ වාඩි වෙලා දැන් පැයක වෙලේ ඉදන් ලොකු කතාවක්…….. තුහින්‍යා දෙතුන් වතාවක් කතා කරන්න හිතුවත් ඇය ඒ අදහස වෙනස් කරලා මල්ලිගේ කාමරේට ගියා…….

” මල්ලි……. අම්මයි අප්පච්චියි දැන් හුඟක් වෙලාවක ඉඳන් ලොකු කතාවක්…………

” හ්ම්ම්ම්ම්ම්ම්….. පව් අක්කේ ඒ දෙන්නා……..මොන තරම් ගින්දරකින්ද ඇත්තේ………….

” අරූ මැරිලවත්ද…….

” පිස්සුද අක්කේ……… ඌ මැරිලා නම් මෙලහකටත් පොලීසියෙන් ඇවිත්….. ඌ මැරිලත් නෑ…… මං ගැන පොලීසියට කියලත් නෑ……..ඒ කියන්නේ ඌ අනිවාර්යෙන්ම අපෙන් පලිගන්නවා…

” අනේ මල්ලිිි මොකද අපි කරන්නේ…..

” මං ඉන්නකම් කිසිදේකට බය වෙන්න එපා අක්කේ……

” ඔයාම තමා මල්ලියේ මට තියන එකම බය……… මං හින්දා ඔයාගේ ජීවිතේත් විනාශ වෙයි…….

අප්පච්චියි අම්මයි කාමරේට ආවේ ඔය අතරේ……….

” ලොකුළමයෝ…… කොල්ලෝ…… ගිහින් ඉක්මනින් තියන අවශ්‍ය හැමදේම සූදානම් කරගෙන එලියෙන් තියන්න…. පොත් පත් එහෙම ඔක්කොම………පොඩි ලමයටත් කියන්න……….

” අප්…පච්චි….. අපි කොහේ යන්නද…..

තුහින්‍යා ඇහුවේ අප්පච්චිගෙන් බැනුමක් අහගන්න වේදෝයි බියෙන්…..

” ලොකු ලමයෝ…… අපිට මෙහෙ ඉන්න බෑ තවදුරටත්…… අපි නුවරඑළියේ යනවා…….. අම්මාගේ මහගෙදර…… ඒක ලොකු මාමා අම්මට ලියලා දීලානේ තියෙන්නේ……. මගේ පෙන්ෂන් එකත් තියනවා…. එහෙ ගිහින් අපි මොනවා හරිකරගමු…….. පොඩ් ළමයාගේ විභගේ ඉවර එක හොදට ගියා……. කොල්ලාගේ විශ්වවිද්‍යලය මාරු කරගන්න එක මං කතා කරගත්තා…. ඒ වැඩේ සතියක් යන්න කලින් කරගන්න පුළුවන්…….. පේරාදෙණිය කැම්පස් එකට……. ලෑස්ති වෙන්න…….

රාත්‍රි දහය පමණ වන විට ඔවුන් සියල්ල සූදානම් කරගත්හ……. අප්පච්චි ඔහුගේ මිතුරෙකු වන සෝමදාස මහතාගේ ලොරි රථය හා වෑන් රථය ඉල්ලා තිබුණි……..

බඩු පටවාගෙන ලොරි රථය මුලින්ම පිටව ගිය අතර අනෙක් පිරිස වෑන් රථයේ නැගී ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑයත් වැඳ පුදාගෙන පූජා නගරයට සමුදුන්හ…….

” මේ රජරට අහස යට දාලා යන්න බැරි ජය ශ්‍රී මහා බොධීන් වහන්සේත් හා රුවන්වැලි මහාසෑයත් විතරයි……… මේ අහස යට හිටියේ අපිව විනාශ කරන්න හිතුව මිනිස්සු විතරයි…….. ඔබ වහන්සේ වැඳපුදාගන්න ඉක්මනින් ඇවිත් යන්න එන්නම්……… එතකම් අපිට පිහිට වෙන්න…………. සාදු සාදු සාදු…….

තුහින්‍යා අවසන් වතාවටත් දෑත් එක් කර මහාසෑයට නමස්කාර කලාය…………..

••••_මතු සම්බන්ධයි