24
උබ මෙහන්සට තව එක වචනයක් හරි කිව්වොත් උබෙ කට කඩනව දැන ගනිං. උබ මිනිහෙක්ද යකෝ කෙල්ලෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති.
කිලාන් කැලුම් මොකද්ද මෙතන වෙන්නෙ? ඒ අතරම තවත් යුවතියකගෙ හඩක් ඇහුන.
මාධවී මෙන්න මූට කියල දෙන්න කෙල්ලෙක්ට හරියට කතා කරන හැටි. කිලාන් කිව්වෙ කැලුම්ගෙ කොලර් එක අත ඇරල.
මෙහන්සා බිනූ ඔය දෙන්නත් මෙතන. මොකද්ද ප්‍රශ්නෙ?
ඔයාගෙ මේ තකතීරු ප්‍රේමවන්ත නැට්ට පාගගෙන ඉන්නව අපි දෙන්නගෙ එෆෙයා එකක් තියෙනව කියල. මම ඌට දන්න සිංහලෙන් කියල දෙන්න හැදුවම පිලිගත්තෙම නෑ. ඒ මදිවට අහක ඉන්න මෙහන්සටත් කරදර කරන්න හැදුවෙ මට උනගන්න කියල. කිලාන් කිව්වෙ අත මිට මොලවගෙන. කෙල්ලට බැල්ලි කියල අහගන්න උනේ තමං හින්ද කියල මතක් වෙනකොට කොල්ලට තරහ ඉවසගන්න බෑ.
දාඩිය දාල තරහෙන් කලු වෙල තිබ්බ කොල්ලගෙ මූන දැක්කම කෙල්ලටත් බය හිතුන. මෙච්චර තරහ ගන්න කොල්ලෙක් නේද එදා තමං එච්චර දේවල් කියද්දි කට පියාගෙන හිටියෙ කියල හිතුන.
වට්? මාධවී ඇහුවෙ පුදුමෙන්. මේ කිලාන් කියන්නෙ ඇත්තද? කියනවා කැලුම්. මට උත්තර දෙනව. ඔයාට මාව සැකද එච්චරටම? අහද්දි නම් කෙල්ලගෙ හඩ බිදුන.
කැලුම් ඉක්මනට ගියා මාධවී ගාවට. මාධවී ප්ලීස්..
අල්ලන්නෙපා මාව. මාධවී කිව්වෙ අත ගසල දාල. තව එක වචනයක් කියන්නෙපා. ඔයා හැමදාම මාව සැක කලා මම ඒත් කමක් නෑ කියල ඉවසුව. හැබැයි අද ඔයාට අමතක උනා ඔයාගෙ සීමාව. කෙල්ලෙක්ට කතා කරපු හැටිත් මම දැක්කනෙ. තව එක වචනයක් කියන්නෙ නැතුව යන්න මෙතනින්.
මාධවී මම කියන දේ චුට්ටක් අහන්න.
මම හැමදාම ඔයා කියන දේවල් ඇහුවනෙ. අද තමුන් මම කියන දේ අහනව. කිලාන් කියන්නෙ මගේ පොඩි කාලෙ ඉදල යාලුවෙක්. ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තිබුන නම් කෙලින්ම මගෙන් අහන්න තිබුන. කිලාන් නොකිව්වත් මීට කලින් වෙච්ච දේවලුත් හොදට දැනගෙන මම කතා කරන්නෙ. නැතුව අද බී. එස්. ක්ලාස් යන්නෙ නැතුව මම මේ වෙලාවෙ මෙතන ඉන්නෙ කොහොමද කියල හිතල බලනව. මට ලැජ්ජයි තමුසෙ වගෙ කෙනෙක් එක්ක මම යාලු වෙල හිටිය කියල මතක් වෙද්දිත්.මෙච්චර හරි ඉවසන්නෙ දවසක් හරි ආදරේ කරපු නිසා. ඔයා වගේ අය ආදරේටත් නින්දාවක්. මාධවී කිව්වෙ ඇස් වල කදුලු පුරෝගෙන.
මාධවී ප්ලීස් මම කියන දේත් අහන්න.
මේ අහනව තවත් මම මෙතන කතා කරන්න ගියොත් මම තව මොනව කියයිද දන්නෙ නෑ. ඒ නිසා පිං සිද්ද වෙයි කැලුම් මෙතනින් යන්න ප්ලීස්. ආ.. තව දෙයක් තමුසෙ මුලින්ම කල්පනා කරල බලනව තමුන් ආශ්‍රය කරන්නෙ කාවද කියල.
මට පේන්නෙ උබල මෙහන්සට කරදර කරන්න හැදුවෙ හොදට ප්ලෑන් කරල වගේ. එහෙම නේද අනුශ්. කිලාන් කිව්වෙ පැත්තක හිටපු අනිත් කොල්ලො දිහා බලල. උබ අද ඩිබෙට් එකට නොගියෙ මේකට තමයි නේද? ආ.. යකෝ. උබල දැනගෙන හිටිය උබ ආවෙ නැත්තම් උං අනිවාරෙන්ම මිහින්ව දාගනී කියල එහෙමනෙ. මෙහන්සව තනි කරගන්න තමයි මේක කරේ. අම්මල නංගිල නෑ වගෙ හැසිරෙන්නෙ. ලැජ්ජයි යකෝ.
මෙහන්සා, බිනූ වගේම මාධවී බැලුවෙත් පුදුමෙන්. වෙනදට මේ වගේ දේවල් වල මුල් තැන ගන්නා කිලාන් අද කතා කරන අයුරු මේ ඔවුන් දැකපු පලවෙනි වතාව.
මගේ අත පය හිරි ඇරගන්න ඕනෙ නෑ මට. කිලාන් කිව්වෙ තාමත් නොනිවුනු තරහකින්. හැබැයි අනුශ් ආයෙ ඉස්කෝලෙ ඩිබෙට් වලට යන අදහස අතඇරගනින්. දැන් දෙවියනේ කියල පලයල්ල.
තරුනයන් යන්න ගියේ තවත් ඉදල තේරුමක් නැති නිසා. කැලුම් නම් ආයෙත් මාධවීට කතා කරන්න හැදුවත් මාධවී කිසිම බුරුලක් දුන්නෙ නෑ. ඒ නිසා කැලුම්ට සිද්ද උනේ පරාජය පිලි අරගෙන එතනින් යන්න.
ඔයා කොහොමද මාධවී වෙලාවටම මෙතනට ආවෙ? බිසේක ඇහුවෙ කොල්ලො ටික එතනින් ගියාට පස්සෙ.
මට ආරංචි උනා කැලුම් අපෙ ඉස්කෝලෙ කෙල්ලෙක්ට කරදර කරන්න හදනව කියල. එයාගෙම යාලුවෙක් තමයි මට කිව්වෙ. ඒත් මම දැනගෙන හිටියෙ නෑ කවුද කෙල්ල කියල. ඒ හින්ද කෙල්ල කවුද කියල බලාගන්නත් එක්ක මම ආව පන්ති යන්නෙත් නැතුව. එයත් එක්ක දෙකෙන් එකක් බේරගන්න කොහොමත් මම හිටියෙ. ඒ හින්දම මම දවස් ගානක් එයාව ෆලෝ කරත් එක්ක. ඔය වගේ නැහැදිච්හ වැඩ කරනවට පාඩමක් උගන්නන්න ඕනෙ බිනූ.
ඒ උනත් ඉතින් එයා ඔයාගෙ බෝයිනෙ.
ඒ වගේ එකෙක් මම කපාගන්නව පොල් පිත්තකින්. යාලුවො කිව්ව එයාට කැමති වෙන්න එපා කියල. ඒත් මම හිතුවෙ මට හදාගන්න පුලුවං වෙයි කියල. මට වැරදුනා කිලාන්. මාධවී කිව්වෙ හැඩුම පාලනය කරගෙන. කදුලු පටලයක් ඒ දෑසේ රැදිල තිබුන දැක්කම මෙහන්සටයි බිනූටයිත් දුක හිතුන. මං එහෙනම් යනව. පරිස්සමින් යන්න මෙහන්සා. බිනූ ඔයත්. කිලාන් ඔය දෙන්නව ඇරලවයි මම හිතන්නෙ. යන්නම් කිලාන්. අනේ අපෙ අම්මිට එහෙම මේව දැනගන්න තියන්න එපා. කිලාන්ට කියපු මාධවී යන්න ගියේ ඔලුවත් බිමට හරවගෙන.
ඒ ගර්ල් මාව දන්නව උනාට මම දන්නෙනැහැ එයාව. ඉවත යන මාධවී දෙස බලමින් මෙහන්සා කිව්ව.
කොමස් එකේ කෙල්ලෙක් බං හරි හොදයි. පව්. කිලාන් ඔයා කොහොමද වෙලාවටම ආවෙ? බිනූ ඇහුවෙ වෙනද වගේ කිලාන් එක්ක කතා කරන්න බයක් දැනුනෙ නැති හින්ද.
මිහින් කවදාවත් මෙයාව තනියම යවන්නෙ නෑනෙ. අඩහත් නහයෙන් අඩ අඩ හිටිය තනියම ගෙදර යවන්නබෑ අරුන් ශුවර් නෑ කිය කිය. මම හින්දනෙ මේ ප්‍රශ්නෙ උනේ. ඉතිං ඒ හින්ද නිකම් හරි ප්‍රශ්නයක් උනොත් කියල මාත් ඔය දෙන්නව ෆලෝ කරා.
බලාගෙන යනකොට අද අපේ පස්සෙන් සෑහෙන්න කට්ටියක් ඇවිත් තියෙනවනෙ. ලමය දැන් සෑහෙන්න හිතල වැඩ කරනව වගේ නේද? ගොඩක් සතුටුයි කිලාන් මම කවදාවත් ඔයාගෙන් නම් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. බිනූ කියද්දි කිලාන්ගෙත් මෙහන්සාගෙත් නෙත් ගැටුන.
අපි දැන් යමුද? මුලින්ම වෙනතක් බලපු කෙල්ල ඇහුව.
යමු මම ඔය දෙන්නව ඇරලවන්නම්.
මේ අතරෙ මිහින්ලගෙ විවාද තරගෙ පැවත්වෙමින් තිබුනෙ උනුසුම් අයුරින්.
මචං හිතපු තරම් ලේසියෙන් දිනන්න බැරි වෙයි වගේ. හැමදෙම විහිලුවට ගන්න බිතු උනත් හිටියෙ බය වෙල දිනන්න බැරි වෙයි කියල.
නෑ නෑ එහෙම කියන්නෙපා උගෙත් ආගන්න තැන් තියෙනව. අදීශ කිව්ව.
අර අරූ මොනවද මේ වෙලාවෙත් බලි රූප වගයක් තියාගෙන අදින්නෙ? මිහින් මොනවද මන්ද ඉරි කෑලි රවුම් වගයක් මෙලෝ සිහියක් නැතුව අදිනව දැක්කෙත් බිතුම්.
කටවහගෙන මට මේක කරගන්න දියන් බිතුම් ඉහින් කිව්වෙ තමන් කර කර හිටපු දේ නවත්තන්නෙ නැතුව.
ඊට පස්සෙ එලබුනේ මිහින්ගෙ වාරය. හැමෝගෙම පුදුමයට හේතු වෙමින් ඔහු විරුද්ධ පිලෙන් ඉදිරිපත් කරපු තර්ක බින්දෙ හරිම පහසුවෙන්. ඔහු මෙච්චර හොදට කරුනු ග්රහනය කරගත්තෙ කොහොඅද කියල අඉත් කොල්ලො තුන් දෙනා හිටියෙත් පුදුමෙන්. මොකද කවුරුත් දැක්කෙ නෑ මිහින් මොනවත් ලියාගන්නව වත් විවාදය වෙලාවෙ.
හතර දෙනාම තමන්ගෙ රාජකාරිය සහ වගකීම හොදින් ඉටු කරත් ඔවුන්ට ජයග්‍රහනය ලැබුනෙ මිහින්ගෙ දක්ශකමට සහ තර්ක බිදින්න තිබුනු හැකියාවට පින් සිද්ධ වෙන්න.
අනේ බං දැන්නම් මට හිතෙනව අද අනුශ් ආවෙ නැති එක කොච්චර හොදද කියල. සෙනාල් කිව්වෙ ප්‍රීතියෙන් ඉපිලෙමින්.
මේ මේ මට ඉස්සෙල්ලම කියපං උබ කොහොමද උං කියපුව සේරම නෝට් කරගන්නෙත් නැතුව මතක තියාගත්තෙ? බිතුම් ඇහුව.
මමමතක තියාගත්තු මගුලක් නෑ බං ඇයි උබල දැක්කෙ නැද්ද මම ඒව ලියාගන්නව?
දැක්ක උබ මෙලෝ සිහියක් නැතුව කුරුමිනි අඩු වගේ බෝලයි ඉරි කෑලියි අදිනව දැක්ක. ඇදීශ කිව්වෙ මිහින් ලිය ලිය හිටපු කොලෙත් පෙන්නල.
ඔව් ඕක තමයි. සේරම කියන ඒව ඔලුවට යන්න නෑනෙ. ඔහොම ලිව්වම ඉක්මන්.
අනේ මටත් කියල දීපන්කො ඒ ක්‍රමේ. විභාගෙට බලිකුරුටු කොලයක් අරං ගියාට කවුරුත් මුකුත් කියන එකක් නෑනෙ?
උබගෙ ඔලිවට එන්නෙ ඉය වගේ මගුලක්.අ ටමයි බිතිම්. මම ඒ ක්‍රමේ කියල දෙන්නම්. හැබැයි විභාගෙට උත්තර ලියං යන්න නෙමෙයි මේ වගේ වෙලාවල ප්‍රයෝජනයට ගන්න.
හරි හරි ඒක පස්සෙ අහගමු. දැන් යමල්ල ගෙදර. සෑහෙන්න බඩගිනියි. සෙනාල් කිව්වෙ බෑග් එකත් කරේ දාගෙන.
යමු යමු හෙට කිලාන්ගෙ ඔලුව කන්න පුලුවන් අපි දිනුවනෙ. බිතුම් කිව්වෙ නට නට. ජීවිතෙ මල් අපෙ මිහින් ඉන්නකල්. ඔහුට රැකවල් ඔහු ජීවත් වෙනකල්. ජීවිතෙ මල් මල් අපෙ…
තොට පිස්සුද බූරුවො? අර ආපු ලමයි තාම ගිහිල්ලත් නෑ යකෝ.
ඔහෙ බලපුදෙන් අදී හැමදාම ඩිබෙට් තියෙනවයැ.
ඇති බං දැන් ගෙදර යමල්ල. උබල නම් අනේ මන්ද බං. බාලාන්ශෙ පංතියෙ පොඩි උං හොදයි උබලට වඩා.
මේ මේ මල්ලි රෝන් ටෝක් දාන්න එන්න එපා හරි?
හපෝ යමං යමං වදේ
මිහින් කෙලින්ම ගියෙ ගෙදර. කොල්ල කොහොමත් කොච්චර උනත් හිතේ බයෙන් හිටියෙ.
අම්මෙ කෝ නංගි. ගෙදර ආවද?
ආව. විවාදෙට මොකද උනේ?
ආහ්. ඒක දිනුව ඉතිං. මේක අල්ලගන්න. සුපුරුදු විදියට බෑග් එක ගලවල අම්මගෙ අතට දීපු මිහින් ගියේ කෙල්ලව හොයාගෙන.
අයිය ඩිබෙට් එකට මොකද උනේ?
ඒක දිනුව. එච්චර අමාරු උනේ නෑ. අනිත් ඉස්කෝලෙ කට්ටිය ගොඩක් හොදට ලෑස්ති වෙල හිටියෙ නෑ.
එහෙමද? කොහොමහරි දිනුවනෙ. ඒ මදැයි. ඉබට මාගේ උනුසුම් සුභ පැතුම් සොයුර. මෙහන්සා කිව්වෙ රාජකීය ස්වරූපයකින්.
ඔබට ද මාගේ හර්දයාංගම ස්තුතිය සොයුරිය. මිහිනුත් කෙල්ල කියපු විදියටම රාජකීය විලාසයකින් කියනකොට දෙන්නටම හිනා.
මේ ඒක නෙමෙයි අද ගෙදර එද්දි මුකුත් ප්‍රශ්නයක් උනේ නෑනෙ?
උනේ නෑ නෙමෙයි උනා? කියපු මෙහන්සා වෙච්ච සේරම දේවල් අයියට කිව්ව.
ජරා යක්කු. මිහින් කිව්වෙ තරහෙන්. හොද වෙලාවට කිලාන් තනියම හිතල ඔය දෙන්න පස්සෙ ඇවිත් තියෙන්නෙ. මං හිතන්නෙ ඌ අද්ද කොහෙද හිතල වැඩක් කරල තියෙන්නෙ. වෙනදට ඉතින් ඌත් ඔය සෙට් එකේනෙ.
ඒක තමයි බිනූ කිව්වෙත්. මේ මම ඔයාගෙන් දෙයක් අහන්න ඔයා ඇත්තම කියන්න ඕනෙ හා ද?
ඒ පාර ඒ මොන ගිනි ගෙඩියක්ද? අහන්න බලන්න.
ඔයාබිනූව දැක්කෙ එකා එක දවසයි. ඔයාට කොහොමද එයා එච්චර හොදට මතක? කෙල්ල ඇහුවෙ අයියගෙ හොරයක් අල්ලගත්ත වගේ ඇස් දෙක නටව නටව.
ඒ මොන කෙහෙල්මල් ප්‍රශ්නයක්ද ඒ? මම හිතුවෙ හරී වැදගත් දෙයක් අහන්න යන්නෙ කියල. මෝඩ අවතාරෙ.
වැදගත් දෙයක් තමයි.
අනේ මන්ද බං. ඔයා හැම තිස්සෙම කියවන හින්දද මන්ද මට මතක තිබුන කොහොමහරි. ඇයි ඉතින් අහන්නෙ?
නෑ නෑ මේ නිකම්. බිනූ ඉදිකටුවක් හොය හොය හිටිය.
හෑ. ඒ මොකටද? ඉදිකටු ඔය කඩවල් වල ඕනෙ තරම් තියෙන්නෙ.
නෑ නෑ මේ එයා හොයන්නෙ පිදුරු ගොඩේ වැටිච්ච ඉදිකටුවක්ලු.
මොනවද බං උබ ඔය කියවන විකාර.
නෑ නෑ මුකුත් නෑ ගනන් ගන්න එපා ඉතිං. කෙල්ල කිව්වෙ අයියගෙ බෙල්ලෙ එල්ලිලා හුරතල් වෙවී.
මොකද ඒ සැරේ හැදිච්ච පිස්සුව. අහකට යනව. මට වොශ් දාන්න යන්න. අම්මා මට ඉගුරු දාපු රසම රස තේකක් ගේන්ඩෝ. කෙල්ලගෙ කොන්ඩෙ අවුල් කරල මිහින් එලියට ගියේ අම්මටත් කෑ ගහගෙන තේ ගේන්න කියල.
අන්න එනව අපේ සී. අයි. ඩී. මහත්තය. පහුවෙනිද උදේ පංතියට එමින් හිටපු කිලාන්ව දැකල බිතුම් කෑ ගැහුවෙ.
ඌට පංතියට එන්න දියං බං එන ටිකට වත් උබට උවසිල්ලක් නෑනෙ. අදීශ කිව්ව.
නෑ නේන්නම්. මූ අපිට අද පාටියක් දෙනව කිව්වනෙ.
අම්මප උබ නම් ඉන්නෙ කන්න බලාගෙනමයි. තෝ ඔය තරමට කන ඒව කොහෙට යනවද කියල තමයි මට හිතාගන්න බැරි. මහත් වෙන්නෙත් නෑනෙ කොච්චර කෑවත්. සෙනාල් කිව්ව.
මහත් නොවී කන්නත් වාසනාව තියෙන්න ඊනෙ යකෝ.
අනේ පල ඩෝ යන්න.
හා.. කිලාන් ගුඩ් මෝනිං.
ගුඩ් මෝනිං එවුරිවන්.
ඒ ඒ මොකද්ද යකෝ ඒ කිව්වෙ. තේරෙන බාසාවකින් කතා කරපං ගොබිලො.
මොකෝ අලුත් ඉංග්‍රිසි පන්තියකට ගියාද?
නෑ නෑ සී. අයි. ඩී. කෝස් එහෙකට යන්න ඇති
අනෙ අම්මප මිහින් උබ ඒ ටිකට ඒක මුන්ගෙ කනේ තිබ්බද?
ඇයි ඇයි අපිට දැනගන්න තහනම්ද මල්ලි?
අනේ මං කිව්ව ඇති රෙද්දක් නෑ. ඊයෙ හවස මාධවීගෙ යාලුවෙක්ගෙන් දසුනා තමයි දැනගෙන තියෙන්නෙ.
අම්මප බං උබලට හොරෙන් හුස්ම ගන්නවත් බැරිද කොහෙද? තොපි ඔක්කොම හොදයි රොයිටර් සේවෙට යවන්න.
ඒකත් අවුලක් නෑ. විභාගෙ ඇනගත්තොත් ඒ ජොබ් එක හරි තියෙයිනෙ. එහෙම කිව්වෙ අදීශ.
අපි උදේම අනුශ්ව හොයාගෙන ගිහිල්ල සුද්ද සිංහලෙන් කියල දීල ආවෙ. උගෙ ඩිබෙට් කෙරිල්ල එතනින් ඉවරයි ඉතිං. සෙනාල් කිව්ව. දුලාන් මීට පස්සෙ උබම වරෙං. 12 වෙනිද තව එකක් තියෙනව. පිට එවුන් ඕනෙ නෑ ආයෙ.
හරි මං එන්නම්. ඕවට නිකම් ගහගෙන බැනගෙන හරියන්නෙ නෑ තමයි.
කිලාන් කවද්ද උබෙ ඊලග තරගෙ තියෙන්නෙ?
හෙටනෙ බං.
උබ කප් එක ගන්නවනෙ?
නෑ නෑ ඒක මෙහන්සා ගනී. ශූරතාවය කොහොම උනත් අනුශූරතාවය අරං එන්නම්.
දිනුවත් පැරදුනත් කිලාන් මෙහෙම හිතන එකම ලොකු දෙයක් කියල දන්න හින්ද කොල්ලො ටික හිටියෙ සැනසීමෙන්.
හා හා ඒක හෙටනෙ. දැන් ඉතිං ඊයෙ වෙච්ච පොරොන්දුව ඉටු කරපං.
මොන පොරොන්දුවද යකෝ?
ඇයි උබ ඊයෙ අපිට පාටියක් දෙනව කිව්වෙ ඩිබෙට් එක දිනුවොත්. දැන් ඉතිං ඒක දිනුව. වහාම කැන්ටිමට. බිතුම් කිව්වෙ පෙරමුන අරගෙන. සීනි සම්බෝල පාං ඉවර වෙලාද දන්නෙ නෑ දැන්. ඉක්මන්ට යමල්ලා. තිබ්බෙ නැත්තං අල පාං ගෙඩියක් වත් ගමු.
මූ නම් මහ මොකෙද්ද මන්ද බං හත් අවුරුද්දකින් කාල නෑ වගේ.
ඇයි උබල දන්නේ නැද්ද මගේ බඩේ ඉන්නේ හිගන්නෙක් කියල. යමල්ල යමල්ල. තවත් මෙතන බලන් ඉන්නේ.
අනිත් අය බිතුම් අනුගමනය කරේ ඔහුට බැන බැන