2019 නව කොරෝනා වෛරසය (2019 nCoV)යනු කුමක්ද


2019 වසරේ දෙසැම්බර් මස අවසන් භාගයේ චීනයේ වුහන් නගරයේ පැතිරගිය ශ්වසන රෝග වසංගතයක් අලුත් වෛරසයක් හේතුවෙන් ඇතිවූ බව සොයාගනු ලැබිණි. මෙය මින් පෙර වසංගත ලෙස පැතිර ගිය MERS-CoV සහ SARS රෝග ඇතිකළ කාණ්ඩයේම වෛරසයක් වේ. පළමුව මෙය ඇතිවුයේ සත්ව වෙළදපොලක් ආශ්‍රිතව වීම නිසා මෙය සතුන්ගෙන් බෝවූ රෝගයක් ලෙස සැලකූ නමුදු මෙය සෘජුවම මිනිසුන් අතර බෝවන රෝගයක් බව මේ වනවිට සොයා ගෙන ඇත.

වර්තමාන තත්වය
චීනයේ වුහාන් නගරයේ 2019 වසරේ වාර්තාවූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකය පුරා පැතිර යා හැකි වසංගතයක් ලෙස හදුනා ගෙන ඇත. ජනවාරි මස 24 දින වනවිට රටවල් හතකින් රෝගීන් 800කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර බහුතරය වාර්තා වී ඇත්තේ චීනයෙනි. මීට අමතරව ලංකාවට නුදුරු සිංගප්පුරුව, තායිලන්තය, කොරියාව, ජපානය, වියට්නාමය යන රටවල්ද, ඇමෙරිකා එක්සත් ජනපදයෙන්ද මෙම රෝගීන් වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව ජනවාරි මස 23 සිට 24 දක්වා දිනක් තුල අලුත් රෝගීන් 350කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.

මේ වනවිට රෝගීන් වාර්තා වී ඇති රටවල්
An Updated list of countries with confirmed cases
China Thailand Vietnam US France South Korea South Korea South Korea Nepal Taiwan Japan

වසංගත රෝග පැතිරයාමේ ප්‍රවණතා අනුව මේ තත්වය වසංගතයක ආරම්භක අවස්තාව ලෙස දැකිය හැක. ශ්‍රී ලංකාවට මෙය පැතිරයාමේ බලවත් අවදානමක් ඇත්තේ මේ රෝගය පැතිර යන රටවල් ලාංකිකයන් බහුල ලෙස සංචාරයේ යෙදෙන බැවිනි. බොහෝවිට මෙය රට තුලට ඇතුළුවීම වැලැක්වීම අසීරු වන අතර මෙය පැතිරයාම අවම කිරීම සදහා සෑම පුද්ගලයෙකුටම දායකත්වයක් ලබා දිය හැක.

නව කොරෝනා වෛරස රෝගයෙන් වැලකීම සදහා…

ශ්වසන මාර්ගයෙන් පැතිරයන රෝග වැලැක්වීම සදහා ඉතාම ආරක්ෂාකාරී පිළිවෙතක් වන්නේ දෑත් පිරිසිදුව තබා ගැනීමයි. ඔබට දෑත අපිරිසිදුයි හැගෙන ඕනෑම අවස්ථාවක සබන් හෝ සබන්දියර යොදා අත් සේදීම කල යුතුය. මීට අමතරව නිතර පොදු ස්ථාන වලට යන පුද්ගලයන් සදහා දෑත් පිරිසිදුකාරක භාවිත කල හැක.

බස්, දුම්රිය හෝ පොදු ප්‍රවාහන භාවිතයෙන් පසු සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් පසු සත්වයින් හෝ සත්ව අපද්‍රව්‍ය ඇල්ලීමෙන් පසු රෝගී පුද්ගලයෙක් ඇල්ලීමෙන් පසු ආහාර පිළියෙළ කිරීමට පෙර හා අනතුරුව ආහාර පිළියෙළ කිරීමට පෙර හා අනතුරුව ආහාර පිළියෙළ කිරීමට පෙර හා අනතුරුව වැසිකිලි භාවිතයෙන් පසු

රෝග ලක්ෂණ
නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍ය කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමග ඇතිවන උණ රෝගයට සමාන විය හැක. ඔබට පහත සදහන් රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. *උණ * කැස්ස * හුස්ම ගැනීමේ අපහසුව

සංචාරකයින් සදහා
ඔබ පිටරටවල සංචාරයේ යෙදෙන්නේ නම් සංචාරකයන් සදහා වන සුවිශේෂී උපදෙස් පිළිපදින්න. යාවත්කාලින කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ පිලිබඳ උපදෙස් කියවන්න.