හත් වන කොටස෴
සලපතල මලුවට මෙපිටින් ඇති මහා ද්වාරය ලඟ සිටින පුද්ගලයා එක්වරම හඳුනා ගැනීමට මිත්‍රවින්ධා අපොහොසත් වූවාය…………. නොඑසේ නම් ඇය ඒ ගැන තැකීමක් නොකලාය……….. රුද්රාක්ෂගේ නොපැමිණීම ඇගේ සියුමැලි සිත ව්‍යාකූල කර තිබුණි………….. ඇත්තෙන්ම රුද්රාක්ෂ සිය පියානන් සමගින් විභාෂ්රවිකයට ගොස් සිටියේ හදිසි රාජ්‍ය පාලන කටයුත්තකටය…………….. ඔවුන් එනවිට පමා විය………………….
මිත්‍රවින්ධා කුමරිය බිම බලාගෙනම කල්පනාවේ යෙදෙමින් ද්වාරය අසලටම ආවාය………..
🍂 දෙවියනේ මේ අපේ සාලිය කුමාරයා නේද……………….
මැණිකා වහා පසෙකට වී ඔහුට ආචාර කලාය………….. මිත්‍රවින්ධා කුමරිය ඔහු සමගින් සුහද සිනාවක් පෑවත්,,, සාලිය කුමරු නම් පෙරලා කුමරියට පෑවේ අසරණ දුක්බර සිනාවකි…………….. හදිසියේම සාලිය කුමරුගේ පැමිණීම ගැන ඇයට ඇති වුයේ කුතුහලයකි………….. සාලිය කුමරු ඇය දෙසම බලා සිටියේය…………. ඉන් මිත්‍රවින්ධා කුමරිය මදක් අපහසුතාවයට පත් වූවාය……………
🦋🦋🦋 මිත්‍රවින්ධා කුමරිය මේ ලංකාද්වීපයේ සිටින රෑමත්ම කුමරිය බවට නම් සැකයක් නෑ…………. එතුමියගේ සිල්වත් ගුණවත් කාරුණික හදවත ගැන නොදන්නා අයෙක්ද මේ පොලොව මත නෑ………………… විවාහ වනවා නම් රාජකීය විවාහයකට සුදුසුම මිත්‍රවින්ධා කුමරියයි…………….. ඇය මගේ කුඩා කල සිට මිතුරියයි………….. නමුත්……… නමුත්……… අශෝකමාලා……… ඇය අහිංසකයි……… නිර්මලයි…………. මට ඇය අහිමි කරගෙන මිත්‍රවින්ධා සමගින් විවාහ විය නොහැකියි……….. එමෙන්ම කිසිදා නොලැබෙන සෙනෙහසක් ලඟ මට මිත්‍රවින්ධා ද අසරණ කල නොහැකියි……… ඇයිද මගේ පියරජතුමා හට මෙය නොවැටහෙන්නේ…………….. සාලිය කුමරු සිතුවේය…………..
💙 කුමරුනි……………. ඔබතුමා මහා සෑය වන්දනාමාන කිරීමටද යන්නේ………..
ඔහු කිසිවක් නොපවසන තැන මිත්‍රවින්ධා කුමරිය ඇසුවාය…………….
🦋 නැහැ මිත්‍රා……. මා පැමිණියේ ඔබව හමුවීමටයි………………
💙 ඒ කුමන කරුණක් අරභයාද
ඔවුන් දෙදෙනා කතා කරමින් රන්මසු උයන අසලටම ආවෝය…………….
🦋 මිත්‍රා ඔබත් නොදන්නවා නොවේනේ අපගේ පියවරුන් අප දෙදෙනා විවාහ කරවීමට දැනටමත් කටයුතු සූදානම් කර තිබෙන බව………………..
💙 එය ඉතින් ඔවුන් දෙදෙනා අප කුඩා කලදී පටන් ඇරඹු දෙයක්නේ එහි වරදක් මට නම් පෙනෙන්නේ නැහැ……………..
මැණිකාගේ ඇස් උඩ ගියේ මිත්‍රවින්ධා කුමරිය පැවසූ දෙයටයි………… සාලිය කුමරුද පුදුමයෙන් ඇය දෙස බැලුවාය…………….
🦋 නමුත් මට එයට එකඟ විය නොහැකියි……………..
💙 ඒ කුමක් නිසාද……….
🦋 මා…. මා…….අශෝකමාලා හටයි සෙනෙහස දක්වන්නේ……………. මට ඇය අත්හැර ඔබ හා විවාහ විය නොහැකියි………….
💙 එය නම් මා දන්නේ නැහැ……. මා ඉතින් ඊට කුමක් නම් කරන්නද………
🦋 ඔබ පිය රජතුමා හට දන්වන්න මේ විවාහයට අකැමති බව………………
💙 එය කල නොහැකියි කුමරුනි………… මට කිසිසේත්ම එය නම් කල නොහැකියි………..
🦋 ඇයි කුමක්ද ගැටලුව……….
💙 මා හට ගැටලුවක් නෑ………. මා පියවරුන්ගේ බසට අවනත වනවා……….
🦋 කුමරියනි………….. එසේ නොපවසන්න…….. අශෝකමාලාවන් නොමැතිව දිවි ගෙවිය නොහැකියි……..
දැන් නම් මිත්‍රවින්ධා හට ඔහු ගැන ඇතිවුයේ අනුකම්පාවක්…….
💙 එය ඔබේ ගැටලුවක් කුමරුනි……… ඔබම මහ රජතුමා සමගින් කතා කර මීට සුදුසු විසඳුමක් සොයාගනු මැනවි………… මා අපගේ දුටුගැමුණු මහ රජතුමාගේ සිත කිසිවිටෙකත් රිදවීමට අකැමැත්තෙමි…………….
🦋 එවිට ඔබ ඔබට ආදරය නොකරන මා හා විවාහ වනවාද……………
💙 ඔබ අශෝකමාලාවන් හට සැබැවින්ම සෙනෙහස දක්වනවා නම්……. මගේ උපකාර ඇවැසි නොවේ ඔබම ඊට සුදුසු විසදුමක් සොයාගනු ඇති……… එමෙන්ම ඔබ ඇයට දක්වන සෙනෙහස අවංක නම් කිසිදා කිසිවෙකුට ඔබ දෙදෙනා වෙන් කල නොහැකි වනු ඇති……………. මා ආදරය කරන කෙනාත් ඔබතුමා නොවෙයි……. එනිසා සියල්ල හොඳින් සිදුවෙයි කුමරුනි………… මා දැන් යා යුතුයි…. ඔබතුමා හට සුභ රාත්‍රියක් වේවා…………
සාලිය කුමරු මිත්‍රවින්ධා කුමරිය පැවසූ දේවල් ඔස්සේම සිතමින් ආපසු හැරුනේය…………… ඔහුට ඇය පැවසූ දෙය හොඳින් වැටහුනි………….
🦋🦋🦋 ඔබට මා කෘතඥවෙනවා කුමරියනි………….. මා මගේ සෙනෙහස දිනාගන්නවා සේම ඔබේ සෙනෙහසත් දිනෙක දිනා ගැනීමට මා සහය වන්නම්………….
මිත්‍රවින්ධා හට මඳ දුරක්වත් යාමට නොලැබුණි…………… අඳුරු කරගත් මුහුණින් තමා ඉදිරිපිට සිටගත්තේ අන් කිසිවෙක් නොව රුද්‍ර යි………….. ඔහු දැන් බොහෝ වේලා සිට මෙතැන හිඳ කුමරිය හා සාලිය කුමරු කතා බස්කරන අයුරු බලා සිටියේ ඉමහත් වේදනාවකින් මිරිකෙමිනි……… තමා මේ මිනිස් දුවට සෙනෙහස දක්වන බව ඔහු දනී…………. ඇය මෙලෙස අන් පුරුෂයෙකු හා පිලිසඳරේ යෙදෙනු දැකීමම මෙතරම් වේදනාවක් දැනුනි නම්…. දිනෙක ඇයව අහිමි වුවොත් තමා හට ජීවත් වීමටද නොහැකි වනු ඇති බව ඔහුට සිතුනි…………
රුද්‍ර සිටින්නේ තරහෙන්ද වේදනාවෙන්ද කියා වෙන් කර හඳුනාගැනීමට අපොහොසත් වූ මිත්‍රවින්ධා කුමරිය තව ටිකක් ඔහුට ලං විය………….. තමා සාලිය කුමරුන් සමගින් කතා බහ කරනු රුද්‍ර දකින්න ඇතැයි ඇය අනුමාන කලාය…………….
මිත්‍රවින්ධා කුමරිය එක එල්ලේම ඔහුගේ මුහුණ දෙස බැලුවාය……………… රුද්‍ර ගේ ඇස් වල වේදනාවක් ලියා තිබෙන බව ඇයට සිතුනි……………. ඔහු කතා නොකරන තැන ඇයම කතා කලාය………….
💙 මා සිතුවේ නම් ඔබතුමා අද නොපැමිනේව් කියා………. ඇයිද අද මෙතරම් පමා වුනේ…………………
රුද්‍ර ඈත නොපෙනී යන සාලිය කුමරු දෙස බැලුවේය……………….
💚 කුමරියනි………. කවුරුන්ද ඒ…………. ඔබතුමිය හා කතා කල තරුණයා…………
💙💙💙ඕ…හෝ………… එයද මේ මුහුණේ අඳුරු වලාකුලු පැතිරෙන්නට හේතුව……………
💙 ඔහු මා විවාහ වීමට සිට්න තැනැත්තායි කුමරුනි……………
යලිත් වරක් මැණිකා විශ්මයට පත්ව කුමරිය දෙස බැලුවාය…………..
💚 ඔබ…වි…..වා…හ…වීම…ට… සිටින… තැනැත්තා………………..????
රුද්‍ර ගේ කට හඬ ඇසුවේ බිදි බිඳීය…………. මැණිකා හට රුද්‍ර ගැන වේදනාවකුත් තම ස්වාම්දුව ගැන තරහකුත් ඇති විය
💙 එහෙමයි…….ඒ අපගේ දුටුගැමුණු මහ රජතුමාගේ එකම පුතු වන සාලිය කුමරුයි……………. මේ විවාහය අපගේ පියවරුන් තමයි තීන්දු කර ඇත්තේ……………..
💚 එ…සේ….ද………….. මා එය දැන සිටියේ නැහැ…නේ……………
රුද්‍ර සිටින්නේ ආයාසයෙන් කඳුලක් එන එක නවත්වාගෙනය…………… නාගයින් ආදරය කරන්නේ එක්වරකි…………. බාහිර ආකර්ශනයක් වෙනුවෙන් සිත ඇදී ගොස් ඇති වූ කැමැත්තක් නොවුනි නම්……. ඔවුන් ආදරය කරන්නේ එක් වරකි…………….. ඒ සෙනෙහසේ වියෝවෙන් ඔවුන්ගේ ජීවිතය විනාශ වීමටද මිය යෑමට වුවද ඉඩ ඇත………… මේ බව මිත්‍රවින්ධා නොදත්තාය……………. අැය කොහොමත් ඔහු නාගයෙකු බව නොදනී……………..
සාලියට මෙන් රුද්‍ර හට බොරු කීමට තවත් ඇගේ සිත් නොදේ…………. ඔහු තමා හට සෙනෙහස දක්වන බව ඇයට නොවැටහෙනවාත් නොවේ……………
💙 එනමුත් රුද්‍ර ඔහු සෙනෙහස දක්වන තරුණියක් සිටී……….. ඔහු පැමිණියේ ඔහු හා විවාහ වීමට එකඟ නොවන ලෙස මා හට පැවසීමටයි………………
රුද්‍ර ගේ මුහුණට සියුම් සිනාවක් ආවේ එය ඇසීමෙනි………..
💙💙💙 ඇති යන්තම්………… මා වශීකෘත වන්නේ ඔබේ ඔය සිනාවටයි රුද්‍ර………………………..
💚💚💚 ඔබතුමිය මා නොමරා මරාදමන්නද හදන්නේ මගේ කුමරියනි………… දැන් නම් කිසිවෙකු උදෙසාවත් ඔබව අහිමි කර නොගනිම්…………….
💙 ඔබතුමා ඇයිද අද පමාවුනේ……………
රාත්‍රි අඳුර හාත්පස වසා පැතිරෙන්නට විය……………….
💚 පියානන් සමගින් වැදගත් රාජකාරියක නිරත වූවා……….. එනිසයි පමා වුනේ…………
💙 ඔබ මහා සෑය වන්දනා කරනතුරු මා සිටින්නද………….
💚 අද පැමිණියේ ඒ සඳහා නොවෙයි කුමරියනි………….. මා පැමිණියේ ඔබව දැක ගැනීමටයි…………..
එවදන් වලින් එක් වරම ඇය අපහසුතාවයට පත් වුනාය………………..
💙 රු……….ද්‍ර
💚 කුමරියනි…………. ඔබතුමියව බොහෝ සිහිවූවා………… හෙට වන තුරු සිටීමට නොහැකි වූවා මාහට ඔබ දැක ගැනීමට……… එනිසයි පැමිණියේ…………….
රුද්‍ර ගේ ඍජු අවංක වදන් වලට මිත්‍රවින්ධා කුමරිය ගොලු වුවාය……………මඳ වේලාවක් ඔහු ඇය දෙස බලා සිටියේය……………..
💚 එසේ නම් නිවස අසලටම ආවා………… ඔබ දැන් යන්න……….. මා හෙට හමුවන්නම්……………. හොඳද සුභ රාත්‍රියක් මගේ කුමරියනි……………
💙 ඔබටත් සුභ රාත්‍රියක් වේවා කුමරුනි…………………..
රුද්‍ර කුමරිය යන අයුරු බලා සිටියේය……………
💚💚💚 ඔබ මසිත බොහෝ බියට පත් කලා………….. මට දැන් ඇත්තේ බියක් ඔබව අහිමි වෙයි කියා…………. අනෙක තවදුරටත් ඔබ හට බොරුවක් කිරීමට සිත් නොදේ……….. මා මාන්ජෙරික නාගභවනේ ජයසේන නා රජුගේ පුතු බව මා හෙට ඔබට පවසනවා……………. එවිට ඔබ ගන්නා ඕනැම තීරණයකට මා හට එකඟ වන්නට සිදු වන බව නම් සත්‍යයක්………………… මා සිත තුල ඔබතුමිය ගැන ඇත්තේ සත්‍ය අවංක ප්‍රේමයක්………… එය සත්‍යයක් නම් ඔබතුමියව මා හටම ලැබේවි
රුද්‍ර නැවතත් නා ලොවට ගියේය…………….
෴ මතු සම්බන්ධයි