හය වන කොටස෴
අද ඔවුන් මනු ලොවට පිවිසියේ තිසා වැව අසල ඇති උමං මගෙනි…………….. රුද්රාක්ෂ,,,,, සුබාහු,,, රාධ,,,, අමිත්ත,,, සෝණ,,, අනුරුද්ධ සය දෙනාම තිසා වැව් ඉවුර දිගේ අැවිත් කඩමණ්ඩියට සේන්දු වූයේ බෙලිමල් කෝප්පයක් බීමටයි…………
එතැන සිටුකුමාරවරුන් වංශවත් තරුණයන් හා සාමාන්‍ය ගැමි තරුණයන්ගෙන් කඩමණ්ඩිය පිරී තිබුණි……………… මඳ වේලාවකින් කුසු කුසු හඬක් ඇසෙන්නට විය………… සුබාහු ඒ දෙසට සවන් යොමු කලේය……………. නමුත් ඔවුන් මේ කතා කරන්නේ කවුරුන් ගැනදැයි ඔහුට නොපෙනුනි……………..
රුද්රාක්ෂ නැගී සිටියේ යාමටයි…………. ඔහු සෙමෙන් කඩමණ්ඩියෙන් පිටතට එන විට දුටු දසුනින් දෑස් දැල්වෙන්නට විය………………. රෝස පැහැ සලුපිලියෙන් සැරසුනු මිත්‍රවින්ධා කුමරිය සිය සේවිකාවන් සමගින් කඩමණ්ඩිය අසලට එමින් සිට්යාය……….
😄 බලන්කකෝ ඇගේ ගමන් ව්ලාශය……
එක තරුණයෙක් පැවසුවේ සියල්ලන්ටම ඇයව පෙන්වමිනි…….
🌼 පුදුම තැන්පත් කමක් තිබෙන්නේ…..
😍අහෝ ඇයව බිරිද කරගන්නා තැනැත්තා මේ මිහි මත සිට්න වාසනාවන්තම කෙනා වනු නිසැකයි…….
✔️ අපෝ ඇය නම් පිරිමින් තඹයකට මායිම් කරන්නෙ නැති එකියක්………….
🌷 මහාපද්මානන්දයන්ගේ බලවත් කමින් ඇය හිස උදුම්වාගෙනයි සිටින්නේ….. අහංකාරා කුමරිය ගැන අප සිතේ සිතේ නම් ඇත්තේ නොසතුටක්………
එතැන සිටි පිරිස ඒ අයුරින් මිත්‍රවින්ධා කුමරිය ගැන පවසන්නට විය………………………
💚 අැගේ නම අහංකාරා…………. නැහැ එය විය නොහැකියි………….
🌾 එය එතුමියට යොදාගත් අන්වර්ථ නමක්
💚 හ්ම්ම්ම්ම්ම්……… එහිත් සැබෑවක් නැත්තේම නැහැ නේද……….
රුද්රාක්ෂ සුබාහුට පැවසුවේ සිනාසෙමිනි…………
🍁 ශාලිනී වැනි නාගකන්‍යාවක් හා බලන විට මේ මිනිස් දියණිය කොතරම් හොදයිද
රුද්රාක්ෂ හට ශාලිනී ගැන මතකයක් වත් තිබුනේ නැත…………… මුලු හදවත පුරාම තිබුනේ මිත්‍රවින්ධා ගැන හැගීම් පමනි………… රුද්රාක්ෂ සුබාහුගේ කතාව අනුමත කලේය…………………. ඔවුන්ද සෙමෙන් සෙමෙන් ඇය එන පෙරමඟට ගමන් ගත්තේය…………….
කඩමණ්ඩියේ සිටි කිසිවෙකු නොසිතූ ලෙස මිත්‍රවින්ධා කුමරිය රුද්රාක්ෂ අසලින් නතර විය………….. ඇගේ දෑස් දීප්තිමත්ව පිබිදෙන්නට වූයේ දින ගණනකින් නොදුටු රුව දුටු නිසාය………………
💚 කුමරියනි……….. ඔබතුමිය සුවෙන් නේද සිටින්නේ………………. අද නම් අප ඔබටත් සමගින් තමයි නෙලුම් පුෂ්පයන් නෙලුවේ……….
රුද්රාක්ෂගේ කතාවට මිත්‍රවින්ධා කෝල හිනාවක් පෑවාය…………… රුද්රාක්ෂ ඇය දෙස ඉතා ඕනෑකමින් බලා සිට්යේය……………
💚 ඔබතුමියත් මහා සෑයට නේද යන්නේ………
💙 එහෙමයි……………
💚 ඔබතුමිය මා දුටුවේ දින කිහිපයකින්…….. අැයිද නොපැමිණියේ
💙 මා පසුගිය දින කිහිපයේ අසනීපයෙනුයි පසුවුනේ………. එනිසා නොහැකි වූනා පැමිණිමට………….
💚 දැන් ඔබතුමිය සුවෙන් නේද……
රුද්රාක්ෂ ඇසුවේ ඇත්තටම හදේ උපන් වේදනාවෙනි……….. ඇය අසනීපයෙන් පසුවන බව දැනගත්තා නම් කුමන අයුරකින් හෝ ඇය බැලීමට තිබුණු බව ඔහු සිතුවේය…………….
💙 දැන් මා සුවෙන්………….. එය නොවෙයි…….. ඔබතුමා කවුරුන්ද කියා මා දන්නේ නැහැනේ…………… නම කුමක්ද ඔබතුමාගේ………………
💚 රුද්‍ර……….. රුද්‍ර තමයි මගේ නම වන්නේ…………… මා රෝහණයේ සිටයි පැමිනෙන්නේ……… රෝහණයේ සුදත්ත සිටුතුමා මගේ පියානන්……………
රුද්රාක්ෂ ඒ ලෙස බොරුවක් කිව්වේ හදවතින් නම් නොවේ………… තමා නාග මානවකයෙක් බව පවසා ඇයව බිය ගැන්වීමටත් ඇගේ ඇසුර නැති කර ගැනීමටත් ඔහුගේ කැමැත්තක් තිබුනේ නැත……………… රෝහණයේ සුදත්ත සිටුතුමා තම පියා වන ජයසේන නා රජුගේ හොඳ මිතුරෙකි…………. රුද්රාක්ෂ ද නිතර නිතර ඔහු හමුවේ………….. එනිසයි ඔහු එවැනි බොරුවක් පැවසුවේ……..
💙 එහෙමද ඔබ බොහෝ දුරබැහැර කුමාරයෙක් නේද………….. එව්ට මා මිත්‍රවින්ධා……… මහා පද්මානන්ද සිටුවරයාගේ දියණිය…………….
💚 එය මා දන්නවා කුමරියනි…………….
💙💙💙 එහෙනම් මා පිලිබඳ සොයා බලා තිබෙනවා………… ඇත්තනේ පෙරදින ඔහු හදිස්සියේ මගෙන් සමුගත්තේ පියානන් දුටු නිසානේ…………..
💚 ඔබගේ මුණගැසීම මට ඉමහත් සතුටකි……………..
ඔවුන් දෙදෙනා හට කතා බස් කරමින් ඉදිරියට යන්නට ඉඩ දී අනෙක් පිරිස පසුපසින් ගමන් කලෝය………………. මග දිගට හමුවන සියල්ලන්ම මවිත වී කුමරිය දෙස බලන්නේ මෙය පුදුමම සහගත දෙයක් බැවිනි……….. කුමරිය කිසිදා මෙලෙස තරුණයෙක් හා සතුටින් කතා බස් කරනු ඔවුන් දැක තිබුනේ නැත………….
මහා සෑය අභියස බුද්ධ පූජාවන් අවසන් කර ඔවුන් මලුවෙන් නික්මෙන විට රාත්‍රි අඳුර වැටී තිබුණි…………… සේවිකාවන් පිරිස සමග පමණක් පැමිණ ඇති කුමරිය මේ රාත්‍රියේ තනිවම යැවීමට රුද්‍රට හිතක් නැත……… ඔහු ගල් පඩි පෙල ලඟ මිතුරන් සමග රැඳී සිටියේය…………….. මිත්‍රවින්ධා කුමරිය බිම බලාගෙනම ඔවුන් පසු කලාය……….. අැත්තෙන්ම ඇය ඔහුව දුටුවේ නැත……….. ඇය සිත සිතා ආවේද ඔහු මඟහැරුනේ කෙසේද කියායි………
💚 කුමරියනි
මිත්‍රවින්ධා වහා නෙත් එසවූයේ හුරුපුරුදු කටහඬ ඇසීමෙනි…………
💙 මා සිතුවා ඔබතුමා මා හට නොපවසාම නික්ම ගොස් ඇති බව………..
💚 ඔබ වන් සියුමැලි කුමරියකගේ හිත රිදවන්නෙ කෙලෙසද මා………….. අනෙක් කරුණ නම් ඔබතුමිය පැමිණ සිටින්නේත් සේවිකාවන් සමග පමණයි…….. දැන් හුඟක් රෑ බෝ වෙලා………. තනිව යැවීමට නොහැකියි…………….
💙 කුමරුනි……………. ඔබතුමා හට තව තවත් පමා වෙයි…………..
💚 එසේ සිදු වන්නේ නෑ………. අපටත් හැකියි ඔබතුමියගේ නිවස දෙසින්ම ගමන් කරන්නට……………..
💙 මා ඔබතුමා හට කෘතඥ වෙනවා……………..
ඔවුන් දෙදෙනා කතා බස් කරමින් නිවස ලගටම ආවෝය………………. ඒ මඳ වෙලාවට ඔවුන් හොඳ මිතුරන් බවට පත් විය…………………..
💚 දැන් ඔබට යා හැකියිනේ…………..
💙 එහෙමයි……… නැවත මා කෙදිනද ඔබතුමා දකින්නේ……………..
💚💚 ඇයිද මේ……. දැන් මා නොදැක සිට්ය නොහැකියිද………………
රුද්‍ර එසේ සිතුවා පමණි……………..
💚 ඉතා ඉක්මනින් මා පැමිනෙන්නම්………… මා ඔබතුමියට දන්වන්නම්…………….. එමෙන්ම දැන් මා හට ඔබ තුමියගේ මිතුදම හිමියි නේද
💙 එහෙමයි…….. ඔබතුමා හට නම් මගේ මිතුදම නිසැකවම හිමියි………නමුත් කෙසේද යලි හමුවන්නේ…………….
💚 කෙසේ හෝ……….. මා ඔබට දන්වන්නම්…………….. දැන් ඔබ යනු මැනවි…………….
අකැමැත්තෙන් ඔහුගෙන් සමුගත් කුමරිය යලිත් නිවස බලා පැමිණියේය……………… කලා ඔය අසල ඇති උමං මගින් නැවතත් රුද්රාක්ෂ නා ලොව කරා ගමන් කලේය………………..
රාත්‍රිය දැඩි සීතලකින් යුක්තය……… නමුත් එ් සීතල පරදා සිත අමුතු උණුසුමකින් පිරී යනු රුද්රාක්ෂ ට දැනුනි………….. රුද්රාක්ෂ හට මිත්‍රවින්ධා කුමරිය මැවි මැවී පෙනෙයි………… සිය ජීව්තයම අදෘශ්‍යමාන බලයකින් අැය වෙත ඇදී යන සෙයක් දැනේ…………….. ඔහුට දැන් කිසිවක් නොව අැයට මුළු හදවතින්ම ආදරය කිරීමට පමණක් අවශ්‍ය විය……
💚💚💚 මිත්‍රවින්ධා ඔබ………….. මේ තරම් සියුමැලි,,, අහිංසක තැන්පත් සිල්වත් ආඩම්බරකාරියක් වුනේ කෙසේද……… මා හදවත තැනූ පිලිරුවට මේ තරමටම සමාන වුනේ කෙලෙසද……………
මට දැන් නුඔ නොදැක සිට්ය නොහැකියි……………. මා නාගයෙක් බව සැබෑයි………. නමුත් මසිතේ ඔබ ගැන උපන් සෙනෙහස මුසාවක් නම් නොවෙයි……. මගේ කුමරියනි……………. මා ඉක්මනින්……. ඔව් ඉතාම ඉක්මනින් මා කවුද කියා ඔබට පවසනවා…………. දැන් එක් දෙයක් නම් ස්ථිරයි………….. 💙💙කුමරියනි……. ඔබ නිසා 💙💙 මා නාග ආත්මයෙන් මිදෙමි……… එය ස්ථිරයි………… කෘතඥවෙනවා මා ඔබතුමියට…………….
රුද්රාක්ෂ නම් වූ නාග මානවකයාගේ නෙත් වල මිත්‍රවින්ධා නම් අහිංසක ආඩම්බර මිනිස් දියණිය කෙරේ අචල පෙමක් ජනිත වී තිබේ…………………. සසර හුරු පුරුදු ලෙස ඒ දෙසිත එක්වී තිබේ………………………….
🌾🍁💃🌾🍁💃🌾🍁💃🌾🍁💃🌾🍁💃🌾🍁💃🌾🍁💃🌾🍁💃🌾🍁💃🌾🍁
චන්ද්‍රාලෝකයෙන් තිසා වැවේ දිය රිදීි පැහැයෙන් බබලන්නට විය…………. ඈතින් පෙනෙන මහා සෑයේ සුදෝසුදු ධාතුගර්භයට එම එලිය වැටී පැහැදිලිව දිස්වෙයි………………… මිත්‍රවින්ධා කුමරිය හිස්වූ මල් වට්ටියත් අතැතිව මැණිකාද සමගින් සලපතල මලුවෙන් ඉවතට පැමිණියාය……………….
෴ මතු සම්බන්ධයි