පස් වන කොටස෴

👑️ පද්මානන්ද…………… දියණියට කතා කරන්න අද සාලියත් ඇයත් මහා සෑයට පලමු මල් වට්ටිය පූජා කල යුතුයි………….

අනපේක්ෂිත ආරාධනයෙන් මිත්‍රවින්ධා තරමක් කලබලයට පත් විය…………. කලහැකි දෙයක් නැත රජතුමා හට අවනත විය යුතුමය…………….. සාලිය කුමරුගේ මුහුණ අඳුරු වී ඇත………….. ඈතින් ඔවුන් දෙස බලා සිටින අශෝකමාලා දෙස මිත්‍රවින්ධා බැලුවේ අනුකම්පාවෙනි…………..

සාලිය කුමරු සමගින් මේ කාර්යයට අැය සිනාමුසු මුහුණින් එකතුවුනේ දුටුගැමුණු මහ රජතුමාගේ සිත බිදීමට ඇගේ කිසි කැමැත්තක් නැති නිසාමය……………….. රුද්‍රාක්ෂ ද ඒ දෙස බලා සිටියේ දැවෙන සිතිනි………………..

පුන්‍යමහෝත්සවය අවසන් වන විට තරමක් සවස් වී තිබුණි………… අවසන් හිරු කිරණත් මැකී ගොස්ය……… පූජාවෙන් පසුව විවිධ පුන්‍ය කටයුතු රාශියක් සංවිධානය කර තිබුණි…………….. මිත්‍රවින්ධා හාත් පස බැලුවේ ඔහු සිටිනවාදැයි කියාය……….. එය මැණිකා බලාගෙනය………….

🍃 කුමාරිකාවෙනි…………. අප දැන් යා යුතුයි……….. ඔබතුමියට එතුමා යලිත් මුණ ගැසේවි…………….

මිත්‍රවින්ධාගේ මුහුණ සොවින් බරවිය……… ඇය මැණිකාගේ බසට අවනත වූවාය………….. සෙමෙන් සෙමෙන් ගල්පඩිපෙල බසින මිත්‍රවින්ධාගේ සිතට වෙනදා නැති බරක් දැනෙන්නට විය………………… නමුත් ඇගේ දෑස් දැල්වී දීප්තිමත් වුයේ පඩිපෙල පාමුල තමා දෙස බලා සිටින රුද්‍රාක්ෂ දැකීමෙනි…………..

නිතැතින් ඇගේ මුවට මඳසිනාවක් නැගුණි………….. තම ස්වාමිදුවගේ මුහුණේ වු පැහැදිලි වෙනස මැණිකා ලඟ ලඟ දුටුවාය…………… කුමරිය ඔහු අසලින් නැවතුනාය…………..

💙 ඔබතුමා මට සමාවෙන්න………. මාහට නුඹට කෘතඥතාවය පුදකිරීමට හෝ නොහැකි වුනා………… ඔබතුමා නෙලා දුන් මල් පිදුවේ මහා සෑයටයි…….. ඒ පින් ඔබතුමා හටද අනුමෝදන් වෙයි……….. ඔබතුමා හට පින්සිදු වෙනවා………

මිත්‍රවින්ධා කුමරියගේ මේ ආචාරශීලි කතා විලාසය රුද්‍රාක්ෂ ගේ සිත් ගත්තේය…………….. ඇය මෙතරම් හොඳින් ඔහුට අමතනු ඇසීම මැණිකාටද සතුටක් විය……………

💚 එලෙස නොසිතන්න කුමරියනි………. මා ඔබ තුමියට සුලු උපකාරයක් කලා පමණයි………….

💙 මා සිතේ වූ කුඩා කැමැත්තක් උදෙසා මා පියානන් හැරුණු කොට මෙසේ කැපවූ එකම පිරිමියා ඔබයි……….. එනිසයි මට ඔබතුමා විශේෂ වන්නේ………….

💚 ආ…….. එයද මේ හේතුව…….. ඉතින් කුමරියනි………… මා ඔබතුමිය නැවතත් ඉක්මනින් මුණ ගැසෙන්නම් දැන් මා හට යාමට අවසරද………

ඔහු මිත්‍රවින්ධා කුමරියගෙන් සමුගත්තේ ඒ දෙසට පද්මානන්ද සිටුතුමා හා ශුභද්‍රාංගි සිටුදියණිය පැමිනෙනු දුටු නිසා මිසක් නැති නම් යාමට කිසිඳු කැමැත්තක් ඔහු තුල නොවීය……………… මහා පද්මානන්ද සිටුවරයා ඇය අසලට ආවේ පිටුපා යන රුද්‍රාක්ෂ දෙස බලාගෙනමය………….

🌻 කුමරියනි………… කවුරුන්ද ඒ තැනැත්තා…………..

💙 පියානෙනි………… ඒ මට උදෑසන උදව්වක් කල අයෙක්…………..

රුද්‍රාක්ෂ හදිස්යේ යන්නට ඇත්තේ සිය පියා දැකීම නිසා බව ඇය අනුමාන කලාය……………..

🌻 කොහේ අයෙක්ද ඔහු……. මා මීට පෙර කිසිම දිනෙක ඔහු අනුරාධපුර ඉසව්වේ නම් දැක නැහැ……………

💙 මාද ඔහු මීට පෙර දැක නැහැ පියානෙනි…………..

පද්මානන්ද සිය දියණිය දෙස බැලුවේ විමසිල්ලෙනි………… නමුත් ඇගේ මුහුණින් කිසිදු වෙනසක් ඔහු නොදැක්කේය………… පද්මානන්ද කලබල වුනේ තම දියණිය වන මිත්‍රවින්ධා හට සාලිය කුමරුන්ව මහා රජතුමා විසින්ම යෝජනා කර තියෙද්දි ඇය වෙනත් සබදතාවයක පැටලේ දැයි සැකයෙනි……………….. නමුත් සිය දියණිය එලෙස නොකරනු ඇති බව ඔහුගේ විශ්වාසයයි……………

රුද්‍රාක්ෂ මිතුරන් පිරිසත් සමගින් රන්මසු උයනේ ඇති උමං මගින් යලි නා ලොව කරා නික්මුනේ නමි සිත මිත්‍රවින්ධා කුමරිය ලඟ තබාය……….. තම සිත කාන්දමක් පසුපස අදෙන යකට කැබැල්ලක් මෙන් ඇය වෙත ඇදි යන බව ඔහුට දැනෙයි…………….. මෙතරම් දොඩමලු වන මිතුරාගේ දැඩි නිහඬ බව සුබාහුට හා රාධට මහත් හිසරදයකි…………. මුලින්ම සුබාහු ඔහු ඇමතුවේය………….

🍁 කුමරුනි………. ඇයිද මේ……… ඔබතුමාගේ නිහඬ බව මට නම් වදයක්…………….

රුද්‍රාක්ෂ සුබාහු දෙස බලා මඳ සිනාවක් පෑවේය……………..

🍂 ඔබතුමාගේ සිත ව්‍යාකූල වී ඇති බවක් පෙනේ……………. බණ ඇසීමෙන් වත් පහන් වුනේ නැතිද………….

සුසුමක් හෙලූ ඔහු මිතුරන් දෙදෙනා දෙස බැලුවේ අසරණ ලෙසයි………….

💚 සුබාහු…………. රාධ………… සිත මහත් සේ ව්‍යාකූල වී ඇති බව සැබෑවක්………… මට නොවැටහේ ඇය ගැන දැනෙන හැඟීම වෙන් කර හඳුනා ගැනීමට මා අසමත්…………………

🍂 කුමරුනි එවන් සංවර සිතක් ඇති ඊට නොදෙවෙනි සුන්දරත්වයක් ඇති ඒ මිනිස් දුව කෙරේ සිත නොබැඳුනා නම් තමයි පුදුමය…………………

🍁 එහෙමයි……….. ඔබතුමා පැතුවේද ඇය වන් තැනැත්තියක් නේද…………..

💚 එහෙමයි………. මා සොයන්නාවු සියලු ගුණාංගයන්ගෙන් හෙබි ඒ කුමාරිකාවට මා සිතේ ඇත්තේ අතිශයින් ලෙංගතු හැගීමක්…………. නමුත් ඇය මනුස්සදුවක් එයයි ගැටලුව…………….

🍂 කුමරුනි……….. සියල්ල සිදුවන්නේ අප කාගේත් දෛවයට අනුවයි…………..

💚 ඔබ නොදන්නවා නොවෙයිනේ ඇය මහා පද්මානන්ද සිටුවරයාගේ දියණිය බව…………… ඉතින් එතුමා වැනි උසස් වංශවත් අයෙකුගේ මිනිස් දුවට මා වැනි නාගයෙකු හා විවාහයට ඔහු ඉඩ ලබා දේවිද…….. එය කිසිදා නොවේවි……….

🍁 එය සැබෑවක් වුවත් ඔබතුමාත් නිකම්ම නිකම් නාගයෙකු නොවෙයිනේ……… ඔබතුමා අපගේ උසස්ම නාග කුලයේ මහ රජතුමාගේ පුත් කුමරු………………….

💚 නමුත් කුලයන් දෙකක්……….. එය විය නොහැකියි……….. නේද………………

🍂 මා දෙයක් පවසන්නද………….. කුමරුනි………

💚 කුමක්ද…….

🍂 ඔබතුමා හට මෙතෙක් කල් ඇවැසි වුයේ මනුෂ්‍යයෙක් වෙන්නට නොවේද………… මේ ඊට ලැබුණු අවස්ථාවක් විය නොහැකිද……………

💚 මා පමණක් නම් මේ ලෙස ඇය ගැන සිතන්නේ………………. ඇය දැනටමත් මිනිස් කුමරෙකු හට වදන් දී තිබුනොත්…….. කුමක්ද මා සිදු කරන්නේ……………..

🍁 එය නම් ගැටලුවක් තමයි කුමරුනි………… දුටුවනේ රජතුමා අද එතුමියවම ඉස්සරහට ගත්තා මල් පූජා කිරීමට……….. රජතුමා හටත් සිටිනවා සුන්දර පුත්කුමරෙක්……….

රුද්‍රාක්ෂ ගේ හදවතේ විදුලියක් කෙටුවා වැනි හැඟිමක් ඇති විය……………. නමුත් ඇගේ සිත අන්සතු නොවී තියේවා යැයි ඔහු හදවතින්ම පැතුවේය…………

දිගින් දිගටම ඔහු ඇය ගැනම සිතන්නට විය……………. තද නිල් පැහැ සේද සළුපිලි පැලඳගෙන සිටි ඇය රන්,,, මුතු,,, මැණික්,,, දියමන්ති වලින් සැදූ වටිනා ආභරණ පැලඳ සිටියාය…………… ඇය පා තබන විට පාද සලඹෙන් නික්මෙන මිහිරි හඬ දැනුත් ලං ලංව ඔහුගේ දෙසවන් වලට ඇසෙන්නාක් මෙන් විය……………….

💚💚 ඇගේ නාමය වත් අහගන්නට නොහැකි වුනානේ………….

මිත්‍රවින්ධා කුමරියද වෙනදා මෙන් කියෙව්වේ නැත……………. හේතුව මැණිකා නම් දැන සිටියාය……………….

💙 මැණිකා අම්මා…………. ඔහු හරිම පුදුම කෙනෙක් නේද…………

🌾 එහෙමයි……… ඉතා නිවුනු තැන්පත් අයෙක්…………. ඒ වගේමයි ඉතාමත් වැදගත් පෙනුමයි……….. නියතවම ප්‍රභූවරයෙක් විය යුතුයි……………….

💙 ඔහු කවුරුන්ද කියා අසන්නටත් නොහැකි වුනා………. පියානන් දුටු විටම ඔහු නික්ම ගියානේ………….

🌾 එහෙමයි……….. එතුමා දුර බැහැර අයෙක් නිසා ඉක්මනින් පිට වෙන්න ඇති………………

💙යලිත් හමුවේවිද…………..

🌾 හමුවේවි කුමරියනි හමුවේවි…….. ඔබතුමිය බිය නොවන්න…… එතුමා යලිත් හමුවේවි……………

මැණිකාගේ වදන් ඇගේ සිතට සහනයක් ගෙන ආවේය………. නමුත් දැඩි ඊයම් බරුවක් වැටුනාක් මෙන් බර ගතියක් හදවතින් දැනුනි………………. ඇයට නින්ද ලඟවෙන තුරු මැණිකා ඇගේ හිස අතගෑවාය……………. කුමරිය ඒ කුමරා ගැන උනන්දු වන බව මැණිකා පසක් කර ගත්තාය……………. කවුරුන් වුනත් ඉතා හොඳ තැනැත්තෙක් වියයුතු බව ඇයද තීරණය කර අවසන්ය……………………

ඉන්පසු කිහිප විටක් රුද්‍රාක්ෂ මනුලොවට ගියත් ඔහුට කුමරිය මුණ නොගැසුනි…………. ඊට හේතුව ඇය ගිලන්ව සිට් බැවිනි…………………

යලිත් දෙවන වර ඔහුට ඇය හමුවන්නේ බක් පුරපසළොස්වක් පොහෝ දිනයේය……………….

෴ මතු සම්බන්ධයි