හතර වන කොටස෴

💙 මා ඔබට පවසන්නේ එක් පුෂ්පයක් නෙලා ගන්නට අවසර ලබා දෙන ලෙසයි………

🍂 කුමාරිකාවනි……..මෙතැන දිය ගැඹුරුයි………. එය භයානකයි……… මා කිසිදා ඔබට ඒ සඳහා අවසර නොදෙමි……………

💙එසේ නම් මා මෙහිම රැඳෙනවා………..

🍂 මා ඔබට වෙනත් පුෂ්පයක් නෙලා දෙන්නම්…………

💙 අවශ්‍ය නෑ මට……….

🍂 අනේ මගේ කුමාරිකාවෙනි………. මේ අයුරෙන් හැකිද මහා සෑය වන්දනාමාන කරන්නට………. දැන් ඔය අමනාපය ඉවත් කර නැගී සිට්න්න……..

රුද්‍රාක්ෂ සහ මිතුරන් පිරිස කාන්තාවන් අසලට ලං විය……….. රුද්‍රාක්ෂ එතැන පිටුපා වාඩිවී සිට්න තැනැත්තිය ලඟම සිටින සේවිකාවට කතා කලේය………. මැණිකා ආගන්තුක කටහඬ දෙස බැලුවාය…………… දුටුවන් මන බඳින කඩවසම් තරුණයා දෙස ඇය මොහොතක් බලා සිට්යාය……….. පසුව ඔහු සමගින් මදක් පිටුපසට විය………

💚 සමාවෙන්න කුමක්ද සිදුව ඇත්තේ………

🍂 මේ අපගේ කුමාරිකාවයි………… මේ ගල් තලාවට මායිම්ව ගැඹුරු දියේ ඇති නෙලුම් පුෂ්පය ඇයට නෙලාගත යුතුමලු………. ඔබතුමා හට පේනවනේ මෙතැන ගැඹුරුයි………… ඇය පිල්ගන්නෙ නැහැනේ හිතුවක්කාරයි……….. මගේ ස්වාමිදුව හරිම සංවේදියි….. කාරුණිකයි…… නමුත් ඇයට ඇවැසි දේ ඇවැසිමයි………….

💚 මා ඇයට නෙලුම් පුෂ්පයක් නෙලා දෙන්නම්…………

🍂 ඔබතුමා ඇයි ජීව්තය අනතුරක හෙලාගන්නේ මෙතැන ගැඹුරුයි………..

💚 මා හට කිමිදිය හැකියි………… ඇය යන්නේ මහා සෑයටයි………. අැගේ සිත මෙලෙස කිලිටි විය යුතු නොවෙයි………..

එසේ පැවසූ රුද්‍රාක්ෂ මිත්‍රවින්ධා කුමරිය අසලින් ජලයට පැන්නේය……….. ඉන් කුමරිය බියට පත් වුනාය……….. රුද්‍රාක්ෂ ජලයේ නොපෙනී ගියේය………..

🍂 කුමරියනි…….. ඒ කුමරුන් ඔබතුමියට පුෂ්පයන් නෙලා දෙන්නයි ජලයට පැන්නේ……………

💙මා කිසිවෙකුට එසේ පැවසුවේ නැහැනේ………. කවුරුන්ද ඔහු………

මිත්‍රවින්ධා කුමරියගේ සිත බියෙන් පිරී තිබුණි…….. ජලයට පැන්න ඔහුගේ එක් දසුනක්වත් ඇය දුටුවේ නැත………….. ඔහුව හරිහැට් නොදැක්කත් තමා වෙනුවෙන් කමාගේ සිත සතුටු කිරීම වෙනුවෙන් ඔහු ජීව්තය පරදුවට තැබූ බව ඇයගේ සිතට තදින්ම දැනුනි…….

💙💙💙 මේ සා කුඩා දෙයකට……… මගේ සිත සැනසීම වෙනුවෙන්……….. මෙලෙස භයානක දෙයක් කල හැකිද……… ඔහුට……….. කවුරුන්ද ඔහු……………..

මිත්‍රවින්ධා සිතුවාය……….. ඇසිපිය නොහෙලා ජලකඳ දෙස බලා සිට්න්නේ කොහෙන් හෝ ඔහු මතුවන තුරුය…………. එවිටම පිටුපසින් පැමිණි කිසිවෙකු තමා දෙසට නෙලුම් මල් මිටක් දිගු කලේය………….. අැය ගල් තලාවෙන් නැගී සිටියාය………………… ඔවුන්ගේ දෑස් හමුවිය………… තත්පරයක් දෙකක් නොව විනාඩි ගනනාවක් ඔවුන් ඔවුනොවුන් දෙස බලා සිටියහ……………..

💚💚💚 මෙතරම් සුරූපී ආකර්ෂණිය අහිංසක රුවක් හිමි මිනිස් දුවක්………… විය නොහැකියි……. මැය නම් දෙවඟනක් බඳුයි……………. ඇගේ සුන්දරත්වය නාරී දේහවිලාශය මන බන්ධනීයයි………… මා හදවත උමතුව ගිය බවක් හැඟේ………… ඇය නම් කුමාරිකාවක්ම තමයි……………..

ඇගේ නෙතු කැල්මේ ගිලී සිටින රුද්‍රාක්ෂ සිතුවේය………………..

💙💙💙 මෙවන් කඩවසම් තරුණයෙකු මා නම් කිසිදා දැක නැති බව සහතිකයි………… මහා සෑය වැදීමට පැමිණි දෙවිකෙනෙක්ද………… නැ.. නැ.. විය නොහැකියි…………. මේ තරම් සුන්දර තරුණයෙක්……. මෙය මායාවක්ද………. මා හදවත සසලවී තිබේ නොසන්සුන් වී තිබේ……… මේ හැඟීම මා කිසිදා අතිවිඳ නැහැ………………….

මිත්‍රවින්ධා කුමරියද ඔහු දෙස බලාගෙනම එසේ සිතුවාය…………… රුද්‍රාක්ෂ අැය අතෙහි මල් පොකුර තබා මිකුරන් සමගින් වැව් තාවුල්ල දිගේ ගොස් වැව් බැම්මට ගොඩවිය……………..

💙💙💙 මා කොතරම් උඩඟු ස්ත්‍රියක්ද……….. ඔහුට කෘතඥ වන බව පැවසීමටවත් මා මුව විවර නොවුන හැටි…………. කෙබඳු තැනැත්තියක්ද මා………….

අැයට ඇය ගැනම තරහක් ඇති විය…………….. මැණිකා තම ස්වාම්දුව නිරීක්ෂණය කරමින් සිටියාය………..

🍂🍂🍂 මා සිතුවා නිවැරදියි……….. මේ තරම් දැඩි අහංකාර ගැහැණු සිත මදකට හෝ සසල කරන්නට සොලවන්නට එතුමාට හැකිවී තිබෙන බවයි පෙනෙන්නේ…………………….. වැදගත් පෙනුමක් ඇති තරුණයෙක්……… ප්‍රභූ පවුලක අයෙක් බවයි පෙනෙන්නේ………… ඔහු ඇඳ සිටියේද අතිශයින් සුන්දර විල්ලුද සළු………… සෙවිය යුතුයි ඔහු ගැන……..

මැණිකා මඳ සිනාවක් පාම්න් සිතුවාය………

🍂 අනේ හැබෑට එතුමා හට කෘතඥතාවය පුද කිරීමට වත් මේ මුව විවර නොවුන හැටි…………….

💙 මා ඔහුට කතා කරන්නටත් පෙරම ඔහුනේ නික්ම ගියේ……… හ්…ම්ම්ම්……..

කුමරිය නෝක්කාඩු කියන්නට ව්ය…………..

🍂 නමුත් එතුමා කලේ කිසිවෙකු නොකරන දෙයක්………… ඔබතුමියගේ සුලුආශාවක් ඉටු කරදීමට එතුමා සිය දිවිය පරදුවට තබායි………

💙 එය නම් මා අපහසුතාවයට ලක් වන කරුණක් තමයි………… මා සිත තුල උපන් සියුමි ආශාවක් වෙනුවෙන් වුවත් මේ තරම් භයානක ලෙස ඊට කැප වූ අයෙක් නම් මා හට හමු වී නැහැ

🍂 අප එතුමා සොයාගෙන කල උපකාරයට කෘතඥවෙමු…………

මැණිකා මඳ සිනාවක් පාමින් කීවාය…….. සැබැවින්ම ඇයට අවශ්‍ය වුයේ සිය ස්වාමිදියණියගේ සිතේ ඔහු ගැන පහන් හැඟීමක් ඇති ඇති වුනිද කියා දැනගන්නටයි………….. ඇයට එය ප්‍රත්‍යක්ෂ විය……….. මේ ජීවිත කාලයේදී එතුමිය එක් පිරිම්යෙකු වෙනුවෙන් පහන් හැගීමෙන් කතා කලාය……………..

ඔවුන් මහා සෑය අභියසට යන විටත් ජනයා යුහුසුලුව වැඩ කටයුකු වල නිරතව සිටියහ……………

මහ රහතන් වහන්සේලා කිහිපදෙනෙකු හා තවත් භික්ෂූන් වහන්සේලා පනහකට අධික පිරිසක් දැනටමත් අසුන් ගෙන සිටියහ…………. සුදෝසුදු හුණු පිරියම් කර ඇති මහා සෑයේ ධාතුගර්භය අතිශයින් පින්වත්ව දිස් විය……………….

සැදැහැවත් මිත්‍රවින්ධාවන් ඔහු නෙලාදුන් මල් පුබුදුවා මල්වටිටයක් සැදුවාය……………. මඳ වෙලාවකින් දුටුගැමුණු මහ රජතුමාත් විහාර මහා දේවිය සද්ධාතිස්ස කුමරු,,, සාලිය කුමරු ඇතුලු රජ පවුලේ පිරිසත්,,, මහා පද්මානන්ද,,, වීරුධාර,,,, යොධාත,,, මංජල වැනි මහා ධන සිටුවරුද…. දස මහා යෝධයින් ඇතුලු යුධ ප්‍රධානින්ද පුන්‍යමහෝත්සවය සදහා සම්ප්‍රාප්ත විය……………..

පූජාව නිල වශයෙන් ආරම්භ විය…………….. පිරිස මහා සෑය වටා යන පෙරහැරට එකතුවිය……….. මිත්‍රවින්ධා කුමරියද සිය සේවිකාවන් සමගින් වහාම එයට එකතු විය……….. මිත්‍රවින්ධා එක් වරක් මුලු මලුව පුරාම සිය නෙත් යැවුවාය………….. නමුත් ඇයට දකින්න ඇවැසි රුව එහි නොවීය……………

ඇය ඉක්මනින් සිය නෙත් බිමට හරවා ගත්තාය…………… රුද්‍රාක්ෂ සිට්න්නේ ඇයට පිටුපසයි……….. ඇය පිටුපස බැලුවේ නැත…………….. රුද්‍රාක්ෂ ද පැමිණියේ ඇය දෙසම නෙත් යොමාගෙනය…………… ඔහුගේ නෙත් ඔස්සේ බැලූ රාධට සිනාවක් ගියේ ඉබේමයි…………….

🌷🌷🌷 ඇති රුද්‍රගේ නෙත් නැවතුන මිනිස් දුවක් හෝ සිටින එක………… කතාවක් ආරම්භ වෙන ලකුණක් තිබෙන්නේ……… රාධ එසේ සිතමින් ඇදෙන් සුබාහුට රුද්‍රාක්ෂ පෙන්නුවෙිය………… ඔහුද සිනාමුසු මුහුණින් එය අනුමත කලේය……………

රුද්‍රාක්ෂ මේ තරම් සංවර යුවතියක් කෙදිනකවත් දැක නැත……………. ඇය තමා සොයන කුමරිට සමානය……….. සුන්දරත්වයෙන්ද ඇය දෙවඟනන් පරාදය………… බුදුන් කෙරෙහි සැදැහැති පින් සිත් පෙරදැරිව ශාන්තව ගමන් කරන ඇය දෙසම රුද්‍රාක්ෂ බලා සිටී…………

තම අහංකාර දැඩි පිරිමි සිත මෙලෙක් වෙන බවක් ඔහුට දැනුනි………. වෑයමෙන් සිත සන්සුන් කිරීමේ නිරර්ථක උත්සහයක නිරත වුනු ඔහුට සිය නෙත් නම් පාලනය කරගැනීමට නොහැකි විය…………..

෴ මතු සම්බන්ධයි