· කුමරියනි ඔබ නිසා………🧚🌸🍃

🌿🌷෴ තුන් වන කොටස෴

🌻 මා මිත්‍ර නාගසේන……….. එසේ නම් අපි කතිකා කරගත් විදිහට වෙලඳ කටයුතු කරගෙන යාමයි උචිත….. එලෙසයි මට හැඟෙන්නේ…………..

🍁 එහෙමයි………… අපි අතර ඇති මේ සබඳතාවය වැඩි කර ගත යුතුයි…….. මාන්ජෙරික හා විභාවයක නාග ලෝකයන් එකක් වනු දැකීමට මා කැමැත්තෙමි………..

🌻 එසේ නම් එයට එක් විකල්ප ක්‍රමයක් තිබේ…………

🍁 පවසන්න ඒ කුමක්ද……….

🌻 මා පුත් කුමරුවන් වන අනාගත මාන්ජෙරිකයේ රජු බවට පත් වන ප්‍රහස්ථකයන් හට අපි ඔබගේ දූ කුමරිය වන ශාලිනිය ව්වාහ කර දෙමු………….

🍁 එය නම් කදිම විසදුමක් තමයි…………

දොරටුවෙන් එපිට මේ පිලිසඳර අසා සිටින ශාලිනි ගේ සිතට දැනුනේ සතුටකි……… මුහුදු පතුල යට ඒකාකාරි ජීවිතයෙන් මිදීමට ඇයට අවශ්‍ය විය…………. යුගන්ධන පර්වතය ආශ්‍රිත මාන්ජෙරිකය සැප සම්පත් වලින් මෙන්ම සුනදරත්වයෙන්ද ආඨ්‍ය වූ ස්ථානයක් බව ඇය අසා ඇත…………………..

🌻 එසේ නම් එය අප ස්ථිර කරමුද….

🍁 දරුවන්ගෙන් විමසා සිටියොත් නරකද………..

🌻 හොදයි එසේ නම් මා ඔබට පනිවිඩයක් එවන්නම්……… හැකි නම් මාන්ජෙරිකය වෙත ඇවිත් යන්න එන්න…………

ජයසේන නාරජුගේ විභාවයක නාග භවනට ගිය ගමන හිතුවාටත් වඩා සාර්ථක විය…………….. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු ඇල්ලුවා වැනි හැඟීමක් ඇති විය………. නමුත් ඔහුගේ සැලසුම් සියල්ල බිඳවැටෙන්නේ ප්‍රහස්ථක ඊට අකැමති වුවහොත්ය……….. නමුත් රජකම පිලිබඳ සිහින මවන ඔහු මේ අවස්ථාව මගහැර ගැනීම නොකරාවි යැයි ඔහුට සිතේ………….

රුද්‍රාක්ෂ හට කියා පලක් නැත…….. ඔහුට අවශ්‍ය කිසිදා ලබාගත නොහැකි ලෝකෝත්තර සුවයයි……… එය ලබා ගැනීමට නම් ඔහු මිනිසෙකුව යලි ඉපදිය යුතු බව ඔහු සිතුවේය………… ජයසේන රජතුමා පැමිණ සිය බිරිඳ වන යුගන්ධරි හට මේ සියලු පුවත් සැල කර සිටියාය………….

🌺 ඉතින් ඔබතුමා සිතන්නේද අප පුත් කුමරු මෙයට කැමති වේ යැයි කියා……….

🌻 අකැමති වන්නට හේතුවක් නැහැනේ……………. ශාලිනි සුරූපි යුවතියක්………….

🌺 එහෙමයි උසස් පරම්පරාවක්………

🌻 ප්‍රහස්ථක මෙහි කැඳවන්න…………

ඔහු සිය ආරක්ෂකයා හට අණ කලේය…………. මඳ වේලාවකින් ප්‍රහස්ථක පැමිණියේය………….

✔️ පියානෙනි මා කැඳවුවාද……….

🌻 එහෙමයි මෙහි පැමිනෙන්න……… මා නාගසේන හමුවුනා…………

✔️ එසේද වෙලඳ කටයුකු අධිභාරය ගැන කතිකා කර ගත්තාද…………

🌻 එහෙමයි……. තවත් කරුණක් තිබේ……….

✔️ පවසන්න පියානෙනි ඒ කිනම් කරුණක්ද…………

🌻 අප සිතුවේ නාගසේනයන්ගේ දියණිය ඔබ හට විවාහ කර දීමෙන් අපගේ ලෝකයන් අතර මනා සම්බන්ධතාවයක් ඇති වේ යැයි හැඟේ…………….

✔️ අ..හ්…හ්… ඇය හරි සුන්දර නාගකන්‍යාවක් බව සැලයි…….. මා නම් අකැමැත්තක් නෑ නමුත් ඇය කැමති වේද මා හට……………….

🌻 අකැමති වීමට ඇයටත් හේතුවක් නොමැතියි……. එසේනම් මා දන්වා යවන්නද ප්‍රහස්ථක………….

✔️ ඔබතුමාගේ කැමැත්තක් මා ඊට අකමැති නොවෙමිි………………

ඒ අයුරින් ප්‍රහස්ථක ශාලිනී හා විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කලේය……….. ඒ පණිවිඩය ලැබූ නාගසේන රජතුමා සිය දියණියගේ කැමැත්ත අකැමැත්ත විමසුවේය………… ප්‍රහස්ථකව නොදැකම අැය විවාහයට කැමති විය…………………

🌿🍁🌺🌻🌿🍁🌺🌻🌿🍁🌺🌻🌿🍁🌺🌻🌿🍁🌺🌻🌿🍁🌺🌻🌿🍁🌺🌻🌿🍁

ඉන් කිහිප දිනයකට පසු ශාලිනී හට මහ සයුරෙන් ඉහල ඇති යුගන්ධන පව්වට පැමිණිමට අවස්ථාවක් උදා විය…………… ඇය පැමිණියේ ඇගේ හිතවත් නාග කණ්‍යාවන් පිරිසක්ද සමගිනි………. ජයසේන රජතුමාගේ මාලිගය අසලදී ඇගේ නෙත් ගැටෙන්නේ රුද්‍රාක්ෂ යි…………… ඇය ඔහු වෙත දුටු මුලිම දසුනින් බැඳී යයි………. කිසිඳු ලැජ්ජාවක් බියක් නැති ඇය කෙලින්ම ඔහු ඉදිරිපිට සිට ගත්තාය……….

🧞 මා විභාවයක යේ කුමරිය ශාලිනී……. ඔබ හමුවීමටයි මෙහි පැමිනියේ………….

තමා ඉදිරිපිට සිට ලැජ්ජා බයක් නොමැතිව කතා කරන ඇය දෙස රුද්‍රාක්ෂ බැලුවේ හිස් බැල්මකි…………..

💚 මට නම් කම් නෑ නුඹ කවුරුන් වුනත්…… මා නුඹ හඳුනන්නේද නැත………

ඔහු පැවසූ දෙයින් ඇයට නිගාවක් සිදුවූ බව ඇයට දැනෙන්නට විය……

🧞 අප දෙදෙනාගේ විවාහය තීන්දු කර අවසන් ඉතින් කෙසේද ඔබ මගෙන් තවදුරටත් දුරස් වී සිටින්නේ………….

ඇගේ මේ ලැජ්ජාශිල් නැති අශීලාචාර ක්‍රියා කලාපය ඔහුගේ සිත් නොගත්තේය…….. ඔහු කිසිදා ස්ත්‍රියකගෙන් මෙවන් අසංවර කමක් බලාපොරොත්තු වන්නේ නැත………….. එමෙන්ම මෙය වැරදීමක් බව ඔහුට පසක් විය…………….

💚 ඔබට වැරදීමක් සිදුවී ඇති බවයි සිතන්නේ සොයුරිය මා ඔබ සොයන කෙනා විය නොහැකියි

🧞 එසේ වුවත් මා කැමති ඔබටයි………

💚 මාගෙන් ඔබට කිසිදා එවැන්නකට නම් අනුබල නොලැබෙනු ඇති…… මා කැමති ලෞකික සැපයට වඩා ලෝකෝත්තර සැපයටයි………….

ඔහුගේ වදන් ඇයව තව තවත් ලැජ්ජාවට පත් කරන්නට ව්ය………… රුද්‍රාක්ෂ ඇය දෙසවත් නොබලා මිතුරන් සමගින් නික්ම ගියේය……………..

🍃 රුද්‍ර…….. ඇයිද ඔබ ඇත්තෙන්ම මේ තරුණියන් විෂයෙහි අකැමැත්තක් දක්වන්නේ………

සුබාහු ඇසුවේ සිනාසෙමිනි……… ඔහුද පෙරලා සිනාවක් පෑවේය………….

💚 හිතට හරියන කෙනා හමුවු දිනෙක ඉබේම බැඳීමක් ඇති වේවි……… තවම ඇය නම් හමුවී නැහැ………….

🍃 ඇය නාග කන්‍යාවක් වේවිද….. බෙහෝදුරට………..

💚 ම්ම්ම්ම්ම්….. ඒ බව කිව නොහැකියි………

🍃 ඇත්තෙන්ම සිත්ගත් තැනැත්තියක් නැතිද………… මෙහි නොවේ මිනිස් ලොවව වත්……….

💚 තවම නම් හමුවී නැහැ…….. එසේ නම් මා සමුගන්නවා හෙට හිම්දිරියේ මහා සෑයේ ධාතුගර්භයේ රන් පත්තිරු වල ලියූ ත්‍රිපිටක ධර්මය තැන්පත් කරන පුන්‍යමහෝත්සවය යෙදී තිබේ………. අප ඊට සහභාගි විය යුතුයි……….. යුගන්ධන පව්වේ ඉහල ඇති සුවදැති මදාරා මල් නෙලාගෙනා හැකිද………………

🌾 කුමරුනි…….. එය උචිත නොවේ…….. එවිට අප කවුරුන්දැයි මිනිසුන් දැනගනීවි………. එනිසා මිනිස් ලොවට ගොස් මල් නෙලාගනිමු……….

රාධ පැවසුවේ ඔවුන්ට අමතක වූ දෙයක් මතක් වුන ආකාරයටයි………

එදින රාත්‍රියේදී කොයි ලෙසකවත් රුද්‍රාක්ෂ හට නින්ද නම් අහලකටවත් නොආවේය………. හිත තුල අමුතු සිතුවිලි ඇදෙමින් මැකෙමින් පැවතුනි…….. ජීව්තයේ යම් පෙරලියක් ඇති වීමේ පෙරනිම්ත්තක්දැයි ඔහුට නිකමට සිතුනි…………………

මිනිස් ලොවට ගිය පසු එහි තරුණියන් දෙසවත් බැලීමට තමා හට නොසිතෙන විට කෙසේ මිනිස් ආත්මයක් ලබා ගන්නදැයි ඔහු සිතයි……….. ඔහු තම සිත හා දැඩි ලෙස තර්ක කරයි…….. ඔහුට සිය පියාගේ නාගලෝකයේ ගෞරවය වැදගත්ය……….. එනිසා තමා හට මිනිස්දුවක් විවාහ කර ගැනීමට නොහැකිය…………..

අවසානයේ ඔහු පිලිතුරක් නැති පැනයක අතරමං වෙයි…………… රුද්‍රාක්ෂ සෙමෙන් සෙමෙන් සිය කුටියෙන් ඔබ්බේ වන එලිමහනට පිව්සියේය………….. එක්වරම ඔහුට ශාලිනි මතක් විය……… සුන්දර රුවක් හිම්ව තිබුනද ඇයට සංවර සිතක් නැත………. සුන්දර රුවක් නොතිබුනද තමා හට ඇවැසි වන්නේ සිත නිවා සැනහිය හැකි සංවර සිතක් හිමි තැනැත්තියකි………… ශාලිනී නම් කිසිදා තමා කැමති තැනැත්තිය නොවන බව ඔහු දනී…………… තවමත් තමා සිත් ඇද බැඳ දමන ඒ ස්ත්‍රි රුව කොහේ සිටිනු ඇති දැයි ඔහු කල්පනා කලේය……………… සමහර විට ඇය හමුනොවනු ඇත…………..

රාත්‍රිය ගෙවී පාන්දර විය……. ඔහු සූදානම් වී සුබාහුගේ නිවස වෙත ගියේය………… ඉක්මනින් මිතුරන් සය දෙන උමගට ඇතුලු විය…………. දෙහෝරාවක් පමණ මත්තෙන් ඔවුන් තිසා වැව අසලින් මතුවිය…………. නෙලුම් මල් පොකුරු කිහිපයක් නෙලාගත් ඔවුන් වැව්තාවුල්ල දිගේ ගමන් කරන්නට විය……………

එක්වරම රුද්‍රාක්ෂගේ දෙපා නැවතුනේ ඇසුනු මිණි කිංකිණි කටහඬටය………….. ඔහු මදක් වට පිට බැලුවද කිසිවෙකු දැකිය නොහැකි විය………. ඔහු මදක් පදුරු සහිත පෙදෙසින් එපිටට ගියේය…………. එතැනඇත්තේ ගල් තලාවකි…….. එය මායිම් වන්ගේ ගැඹුරු වැවටය………… ඒ මත හිඳගෙන ඉකිබිඳින තරුණියකි…….. අැය අසලම හිඳ වරදකට සමාව අයදින සේව්කාවන් පිරිසකි………………………

ඔහු මදක් ඒ දෙසට ගියේය