කුමරියනි ඔබ නිසා………🧚🌸🍃

🌿🌷෴ දෙවන කොටස෴

🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹

හෙළ යක්ඛ දේශය හෙවත් ලංකාද්වීපයේ අනුරාධපුර අගනගරයේ එක් ග්‍රාමයක්……………

මේ බු:ව: 161 – 137 අතර කාලය යැයි කිව හැකිය…………….. සුවිසල් ප්‍රතාපවත් අනුරාධපුර අගනගරය අතිශයින්ම දියුණු ස්වයංපෝෂිත සරුසාර බිමක්ව තිබුණු කාලයයි………………. හෙල දේශයේ පිනට පහලවූ දුටුගැමුණු මහ රජතුමාගේ කාලයයි………………

එතුමා දැනට සිය රාජ්‍ය කාලයෙන් අඩකටත් ආසන්නව ගෙවා දමා අවසන්ය…………….. එතුමාගේ උදාර පරමාර්ථය වන්නේ ලෝක විනාශය තෙක් පවතින මහා සෑයක් නිර්මාණය කිරීමයි……………… ඒ සඳහා අඩිතාලම් දමා දැන් ඒ කටයුත්ත මනා සැලැස්මකට අනුව සිදු වෙයි……………………

එළාර රජතුමාගේ කාලයේදී මිනිසුන්ට සිදුවූ හිරිහැර හා කරදර සේම ඔහු විසින් නටඹුන් කර විනාශ කර දැමූ අපගේ උරුමයන් නැවතත් ස්ථාපිත කිරීමට එතුමාට හැකියාව ලැබී තිබේ………………. සම්බුදු සසුනේ මතු චිරස්ථිතිය උදෙසා අප්‍රතිහත සේවාවක් ඉටු කරන මහා රාජෝත්තම දුටු ගැමුණු නිරිඳුන් සැබැවින්ම මිහි මත සක්විති රජකෙනෙක් බඳුය……………

ඊටම නොදෙවෙනි පින්වත් බව මුළු රටටම සෞභාග්‍යය උදා කරන්නට සමත් විය……………….. දුටුගැමුණු රජතුමාගේ ප්‍රිය බිසව කොත්මලේ ප්‍රදේශයේදී හමුවූ ගැමි දියණියයි ඇය රන්මැණිකාය………… ඔවුන්ගේ එකම පුතු සාලිය මේ දින වල සබඳකමක් පවත්වන්නේ අශෝකමාලා නම් රොඩී කුලයේ යුවතියක් සමඟය………………

වැඩි කල් නොගොස් ඒ බව රජතුමා හටද ආරංචි විය…………. මේ ගැන වැඩි විස්තර සෙවීම එතුමා භාර කලේ සිය මිතුරෙකු වන පද්මානන්ද නම් මහා ධන සිටුවරයා හටයි…………..

මේ මහා පද්මානන්ද සිටුවරයා මේ කතාවේ කතා නායිකාවගේ පියාය…………. ඇය නමින්

💙 #මිත්‍රවින්ධා

නම් විය………………. මිත්‍රවින්ධා කුමරිය අතිශයින්ම සුන්දර ශෝභමාන ආකර්ෂණීය යුවතියකි………….. එනිසාම ඇය ඉතාමත් අහංකාරය…………. ඒනිසාම අගනුවර ප්‍රභූ තරුණයන් මෙන්ම ගැමි තරුණයන් අතරද ඇය ප්‍රචලිත වුනේ 💙 #_අහංකාරා යන අන්වර්ථ නමිනි……………. නමුත් ඇගේ අහංකාරකම් ගණන්කාරකම් සියල්ල පිරිමින්ට පමණි………………

විසි වෙනි වියේ පසුවන මිත්‍රවින්ධා කුමරියගේ හිත තුල තවමත් සිත්ගත් තරුණයෙක් වෙනුවෙන් ආලවන්තකම් ඉපදී නැත………………..

මිත්‍රවින්ධා කුමරිය වෙසෙන මහා පද්මානන්ද සිටුවරයාගේ මාලිගය පිහිටියේ කලා ඔය අසබඩය……………. එය සුදුපැහැ පලිගු වැනි පාෂාණයන්ගෙන් තැනූ වටිනා මන්දිරයකි…………… සියලු යස ඉසුරෙන් පිරි සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කල මිත්‍රවින්ධා කුමරිය සාමාන්‍ය කුමරියක් නම් නොවූවාය………… ඇය දැනුමින් පරිපූර්ණ සටන් කලාවේ නිපුණ දස්කම් ඇති දිරිය යුවතියකි………..

මහා පද්මානන්ද සිටුවරයාගේ ප්‍රිය බිරිඳ ශුභද්‍රාංගිය…….. ඔවුන් දෙදෙනා හට පුතුන් දෙදෙනෙකු හා දියණි වරු දෙදෙනෙකි…………….. දැනට දුටුගැමුණු මහ රජතුමාගේ පුද්ගලික ආරක්ෂක කණ්ඩයේ අතිදක්ෂ රණ ශූරයා වන අශෝක් ඔවුන්ගේ වැඩිමල් පුතුය…….. දෙවැන්නා කුනාල ය………. වැඩිමල් දියණිය උත්පලවණ්ණා වන අතර පවුලේ බාලයා වන්නේ මිත්‍රවින්ධා කුමරියයි…………………..

සාමයෙන් සමගියෙන් සතුටින් පිරුණු මේ මාලිගයේ දැසිදස්සන්ටද හිමිව තිබුනේ ගෞරවනීය ස්ථානයකි……………. දනට පිනට ලැදි මහා ධන පද්මානන්ද සිටුතුමා නිතර නිතර පින්දහම් කටයුතු සිදු කලේය……… දානශාලා දන්සැල් අාදිය නිතරම සංවිධානය කල එතුමා තම රැකියාව වශයෙන් සිදු කලේ වෙලඳාමයි…………

ඒ සඳහා ඔහු බටහිර වෙරල තීරයට යන අතර එයින් රට පුරා භාණ්ඩ බෙදාහරී……….

මිත්‍රවින්ධා කුමරිය මල් වලට බොහෝමත්ම ප්‍රිය තැනැත්තියකි……….. ඇය සොබාදහමට අතිශයින් ඇලුම් කලාය…………………. මිත්‍රවින්ධා කුමරියට තරමක් වයස්ගත සේවිකාවන් දෙදෙනෙක් සිටියාය……….. එක් අයෙක් රිදී වන අතර අනෙක් තැනැත්තිය මැණිකාය………………. කුමරිය ඔවුන් දෙදෙනාටම ලෙංගතුයි කරුණාවන්තයි…………. ඔවුන් දෙදෙනාත් කුමරියව රකින්නේ මැණිකක් වගේ……….

උත්පලවණ්ණා කුමරිය මිත්‍රවින්ධා කුමරිය තරම්ම සුන්දර නොවූවත් ඇය කාරුණික තැනැත්තියක් නම් නොවුනි……………. මදක් කේන්ති යන ස්වභාවයක් ඇගේ චරිතය තුල තිබුනද ඇය සිය සොයුරියට අතිශයින් ලෙංගතුය………….. ඔවුන් විටෙක මිතුරියන් වැනිය……………………..

මිත්‍රවින්ධා කුමාරිකාව උපතින්ම බුදුන් සරණ ගිය සැදැහැවත් උපාසිකාවක් විය…………. සෑම දිනකම ඇය මහා බෝධින් වහන්සේ වැඳපුදා ගන්නීය…………… සෑම සතියකට වරක්ම ඇය සෝමාවති මහ සෑ රදුන් වන්දනා මාන කරන්නට යන්නිය……….. ඇය ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ දියණියකි……………………………

මහා පද්මානන්දයන් නිවසට පැමිණ හෝරාවකටත් ආසන්නය…………. තවමත් සුවිසල් කවුලුවෙන් කලා ඔය දෙස බලා සිටින ඔහුට ශුභද්‍රාංගි බාධා කලේ නැත…………….. මඳ වේලාවකින් ඔහුම කතා කලේය…………….

❤️ ශුභා……………….. කරුණක් තිබේ ඔබට පැවසීමට…………..

🌸 ස්වාමීනි………… අද මහරජුන් හමුවට ගිය මොහොතේ සිට කුමක් හෝ ගැටලුවකින් පසු වන බව මා හටත් නිරික්ෂණය වුනා………….. කුමක්ද කාරණය………………

❤️ රජතුමා සිත් තැවුලෙනුයි සිටින්නේ…………

🌸ඒ කුමක් අරභයාද……….. එතුමා සිතූපැතූ ලෙසින් අවසානයේදී ගඩොල් ද ලැබුනනේ………. දැන් කුමක්ද සිදුව ඇත්තේ…………

❤️ එවැන්නක් නොවේ…………. මේ ගැටලුව සාලිය කුමරු සම්බන්ධවයි………….

ශුභද්‍රාංගි සුසුමක් හෙලුවාය…………….. රන් මැණිකේ අගරැජිණිය ඇය හටද මේ කරුණ ගැන පවසා තිබුණි

🌸 කුමරු හරිම හිතුවක්කාරයි………… නමුත් තරවටු කලොත් ඔහු මහ රජතුමා සමගින් වෛර බැඳගනීවි…………..

❤️ නමුත් රටේ අනාගතට භාරගන්න සිටින මීලඟ උරුමකරු කෙසේද පහත් රොඩී කුලයේ අයෙක් හා විවාහ වන්නේ…………. එය කිසිසේත්ම නොගැලපෙයි………………….

🌸 එය නම් සත්‍යයක්…………… නමුත් සාලිය කවුරුත් පවසන දෙයක් අහන කෙනෙක් නම් නොවේ නේද…………….

❤️ එවිට ඔබ සිතන්නේ සාලිය කුමරුන්ට තමා කැමති දෙයකි කිරීමට ඉඩ දිය යුතු බව නොවේද………………

🌸 එයත් නොවේ මා නම් පවසන්නේ………… ඔහුට වටහා දීමට හැකි එකම කෙනා අගරැජිණියයි………. නමුත් ඇයිද ඇයත් නිහඬව සිටින්නේ………. මා ඇයගෙන් එදිනත් ඇසූ පැනය එයයි………………….

❤️ ශුභද්‍රාංගි……….. අපගේ දුටුගැමුණු මහ රජතුමාගේ අදහස නම් අප දියණිය මිත්‍රවින්ධාවන් සාලිය කුමරුන්ට විවාහ කර දීමයි…………………

🌸 ස්වාමීනි……….. නමුත් ඔබට අමතකද රෝහණයේ මගේ අයියන්ඩිය වන ජීවදත්තගේ පුත් රණශූර පෘථිවි ඇය ගැන බලාපොරොත්තුවෙනුයි සිටින්නේ…………..

❤️ ඔබ නම් උමතුවෙන්ද ශුභද්‍රාංගි……….. ඔහුට වඩා අප දියණියට සුදුසු සාලිය කුමරුයි………………….

🌸ස්වාමීනි……… ඔහුගේ ආදරය හිමි අපගේ දියණියට නොවේ…………… එය හිමි අශෝකමාලාවන්ටයි…….. ඉතින් කෙසේද එය යහපතක් වන්නේ……… පෘථිවි නම් ඇයට සෙනෙහස දක්වන බව අයියන්ඩි හා පවසා තිබෙනවා…………..

❤️ ඒ කුමක් වුවත් මේ කිසිවක් දියණිවරුන් දැනගත යුතු නොවෙයි……… වැටහුනා නේද ඔබට………………….

🌸 එහෙමයි……………… එසේ නම් ඔබතුමා දැන් ස්නානය කරන්න………… මා දිය සූදානම් කලා……………..

❤️ හොඳයි……………

🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺

මිත්‍රවින්ධා කුමරිය ස්නානය කරගෙන සිය කුටියට පිවිසියාය…………….

🌾 දෙවියනේ කුමරියනි………… කිසිදා කියන දෙයක් අහන්නෙම නැහැනේ……… බලන්න ඔබේ වරලසේ ඇති දිය……… කෝ මෙහෙට එන්න…………

මැණිකා ඇයට බැන වදිමින් සළුව අතට ගෙන ඇගේ දිගු වරලස පිස දමන්නට විය………………. රිදී සුවඳ ධූප බඳුන ගෙන එයින් නිකුත් වන සුගන්ධවත් දුම අැගේ වරලසට ඇල්ලුවේය………………. නිල් පැහැ ඇදුමකින් සැරසී සිට්න ඇය මිහිමත දෙවගනක් බඳුය……………

අැය හාත්පසට විවරව ඇති කවුලුව ලඟ හිඳගෙන අවට සිරි නරඹයි……….. මාලිගය පසුකර යන සියලු දෙනාගේ නෙත් ඇත්තේ ඇය වෙතයි……………… එතැනින් යන තරුණ මහලු ගැහුණු පිරිමි ඒ වගේම දරුවන්ද ඇය දෙස බලා සිටින්නේ වශීකෘතවය……………නමුත් අැය ඔතන වැඩි වෙලා රැඳුනොත් ඊට නම් සිය සේව්කාවන් දෙදෙනා වැඩි මනාපයක් නැත………………..

🍃 කුමරියනි…………… අැතුලට එන්න…….. මේකෙ එවුන්ගේ ඇස්වහ වැදෙයි මගේ කුමරියට…………..

💙 මට ඔවුන්ගේ ඇස්වහ වැදෙන්නේ නෑ මැණිකා අම්මා……….. එයාලගේ ආදරය විතරයි ලැබෙන්නේ…………..

මිත්‍රවින්ධා කුමරිය ඇස් කුඩා කර සුරතල් සිනාවක් පෑවාය………..

🍃 ඔව් ඔව් මොකද නැත්තේ මගේ කුමරියට හැමෝම ලෙංගතුයි………… ඔබතුමිය සුන්දරත්වයෙන් වගේම ගුණ නුවණින්ද පොහොසත්……………. එයනේ මෙහි ඇති හොදම දේ……… එහෙනම්…..

💙 මැණිකා අම්මා………… හිරු අවරට යනවාත් සමගින් අප මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට යා යුතුයි……… අවශ්‍ය සියලු දේ සූදානම් කරන්න…………… ආ……. හ් එය නොවේ අද නිවසේ කිසිවෙකු නැතිද………

🍃 ඇයිද එසේ විමසන්නේ…………..

මිත්‍රවින්ධා කුමරියගේ හිස කෙස් එක මිටකට ගෙන පීරමින් මැණිකා විමසුවාය………..

💙කිසිවෙකු නොපැමිණි නිසායි ඇසුවේ…….. ලොකු අයියන්ඩි නම් උදෑසන යන අයුරු දුටුවා………… අක්කන්ඩි හට කුමක්ද සිදුව ඇත්තේ……….

🍃 එතුමිය උදෑසන සිට කේන්තියෙන්……..

💙 හේතුව………….

🍃 එය නම් මා නොදනී උත්තමාවියනි………… එය මා කෙලෙසද ඇගෙන් විමසන්නේ………………..

මිත්‍රවින්ධා ඉන් මදක් කලබල විය………….

💙 මා විමසා දැනගන්නම් ඇයිද කියා……..

ඇය සෙමෙන් තරප්පු පෙලින් එහා පස ඇති සිය අක්කන්ඩියගේ කාමරයට ගියාය…………..

෴ මතු සම්බන්ධයි