කුමරියනි ඔබ නිසා………

පලමු කොටස෴

අහසෙහි නැගෙන විදුලි ධාරා සමුදාය නිසාම තෙරක් නොපෙනෙන සමුදුර විටෙන් විට ආලෝකමත් වෙයි……………… සමුදුර මැද මේ ස්ථානය පවතින්නේ කොහිද යන්න කිසිවෙකු නොදනී

ඒ මහා සයුර මැද අහස උසට නැගී තිබෙන යුගන්ධන පර්වත රාජයා අදිසි ලොවක් වැනිය………… ඒ ලොව මිනිස් ලොවෙන් මිදී වෙනත් පථයක තිබෙන ලොවක් බව හොදින්ම පැහැදිලිය……………..

නමුත් එය සදෙව් ලොව නොවේ……….. ඊට පහලින් මිනිස් ලොවත් දෙව්ලොවත් අතර පිහිටි අදිසි පථයක පිහිටි විශ්මිත භවනකි………………. එය නා ලොව බව හඳුන්වා දීමට හැකිය…………..

නා ලොව නාගයින් වර්ග කිහිපයක් වෙයි…

දේව නාග,,, මනුෂ්‍ය නාග,,, හා අර්ධ නාග වශයෙන් ඒවා නම් කර තිබුණි…………… දේව නාගයින් උසස් යැයි සම්මත කුලයට අයිති වූ අතර සෙසු නාගයින් ඔවුන් වැඳුමි පිඳුම් කලේය……………. නා ලොව පාලන කටයුතු වලට දේව නාගයින්ගෙන් ලැබුනේ නොමඳ සහයෝගයකි………….

මනුෂ්‍ය නාගයින් ද ඉතා උසස් කුලයක නාග පිරිසකි……………. නා ලොව නාරජු අයිති මනුෂ්‍ය නාග කුලයටයි………….. සෙසු අතවැසියන් පහත් අර්ධ නාග කුලයට අයිතිව සිටියහ

. නාගයින් සුවිශේෂී හැකියාවන්ගෙන් හෙබි සත්ව කොට්ඨාසයකි……… ඔවුන් මනුෂ්‍යයින්ද නොවේ තිරිසන් සතුන්ද නොවේ……… දෙවිවරුන්ද නොවේ……. බඹුන්ද නොවේ……………. ඔවුනුත් මේ ලොව මත ජීවත් වන එක් විශේෂිත කොට්ඨාසයකි……………

නාගයින්ට ඕනැම වේශයක් ගත හැක……. නමුත් ඔවුන් වැඩිපුරම ප්‍රිය වන්නේ මනුෂ්‍ය වෙස් ගැනීමටයි……………. සුවිශේෂි දෙය නම් මේ නාගයින් අතිශයින් බුදුහිමියන් කෙරේ හා උන්වහන්සේගේ ඉගැන්වීම් කෙරේ ශ්‍රද්ධාවන්තයි……………. ඒ බව මේ කතාවෙන් මනාව පෙන්නුම් වන බව කිව යුතුය………………..

මිනිස් වෙස් ගත් නාගයෙකු යම් හෙයකින් මිනිස් ලොව මිනිස් සිරුරක ස්ඵර්ෂ වුනොත් එයින් ඔහුගේ බලය බිදී යයි………….. එනිසා ඔවුන් මනුෂ්‍යයින් අසල ගැවසෙන විටදී ප්‍රවේශම් වෙති……….. යම් මිනිස් වෙස් ගත් නාගයෙකු මිනිස් ලොව මිනිස් දුවෙකු හා සංවාසයේ යෙදුනොත් ඉන් ඔහුගේ නාග ශක්තිය අහිමි වේ

නාගයින් සතු බලය අති විශාලයි……….. කිසිම නාගයෙකු මිනිස් වෙසක් උදෙසා තම නාග ආත්මය බිල්ලට නම් නොදෙයි………… කොපමණ ධර්මය ශ්‍රවණය කලත්,,, පින් දහම් කලත්,,, ශ්‍රද්ධාවන්ත වුනත් ඔවුන්ගේ සිත්හි පැලපදියම් වී ඇති බලයට ඇති ආශාවන් නම් යටපත් නොවේ……………..

නාගයින් හට වෙස් මාරු කිරීමට අමතරව,,,, අතුරුදන්වීමේ හැකියාවද,,, මැවීමේ හැකියාවද,,,,, ඊට අමතරව ශක්තිමත් භාවයද,,, ණුවනින් විමසා නව නිපැයුම් බිහි කිරීමේ හැකියාවද තිබේ……………….. ඒ වගේම ඔවුන් සියොලඟම අධික විෂ සහිතයි……………..

විශේෂයෙන් මේ නා ලොව වෙසෙන නාග නාගිණියන් අතිශයින්ම රෑමත්ය……………… දුටුවන් නෙත් සිත් පැහැරගැනීමට සමත් ආකර්ෂණීය පෙනුමක් ඔවුන්ට හිමිව තිබේ…………. ඔවුන් අතිශයින්ම ආදරණිය,, සංවේදී,,, කරුණාවන්ත ජීවි පිරිසකි………………

අහස උසට නැගි යුගන්ධන පර්වතය යන්තම් වැටෙන හිරු එලියෙන් මදක් ආලෝකමත් ව තිබේ…………… යුගන්ධන පව්වේ ඉහලම කොටස මාන්ජෙරික නම් නාග භවන පිහිටියේය……………. ඒ

යුගන්ධන පර්වතය මුදුනේ සුවිසල් පලිඟු මාලිගාව අයිති ජයසේන නම් නා රජුටය………….. ඔහු තමයි නා ලොව පාලනය කලේ…………………..

පහල කොටසේ පිහිටි විභාෂ්රවික නා විමන පාලනය කරන්නේ යන්ෂවික නම් නාග ප්‍රධානියා විසින්………….. සාමාන්‍ය ජනතාව ජීවත් වූ පහල කොටසට ජයසේන නා රජු ප්‍රාදේශීය පාලකයෙකු යෙදවූයේ ඔවුන්ව නිසි අයුරින් පාලනය කිරීමටය………………

යුගන්ධරි අගරැජිණිය ජයසේන රජුගේ ප්‍රිය බිරිඳයි………….. ඔවුන්ට සිටින්නේ පුතුන් දෙදෙනෙකු හා එක් දූ කුමරියකි………………. වැඩිමල් පුතු වන ප්‍රහස්ථක ජයසේන රජුගේ ඇවැමෙන් නා ලොවෙහි මතු රජවීමට පෙරුම් පුරමින් සිටී……………. ඒ සඳහා ඔහු විශේෂයෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරමින් සිටී……………………….. ජයසේන නා රජතුමාගේ දෙවන පුතු වන මේ කතාවේ කතා නායකයා නමින්

_රුද්‍රාක්ෂ 💚

නම් වන්නේය………….. ඔහු ප්‍රහස්ථකට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකි……….. ඔහු බුදුහිමියන් ගැන පැහැදී දහම් අසා තෙරුවන් සරණ ගොස් තිබේ…………… එමෙන්ම බුදු හිමියන් ගැන අතිශයින් ශ්‍රද්ධාවන්ත වූ තරුණයෙකි…………. ඔහුට මිතුරන් පස් දෙනෙක්……… ඔවුන්ද රුද්‍රාක්ෂ මෙන්ම නිවුනු තැන්පත් කුමාරවරුන්ය……………………….

රුද්‍රාක්ෂ අතිශයින් රූමත් කඩවසම් සිත් ඇදබැඳගන්නා සුලු රූපශ්‍රියක් හිමි අයෙකි…………….. නා ලොව ඔහු හා සම සුන්දරත්වයක් හිමි කිසිඳු අයෙකු නොවීය………………….. ගුණ දහමින් හා දැනුමින් පරිපූර්ණ ඔහු කිසිසේත්ම රාජ්‍ය පාලනය නම් තෝරා නොගත්තේය……….. එසේ වුවා නම් ඔහු සිය සොයුරාටද වඩා හොඳ රජෙකු වනු නියතය……….

නමුත් ඔහුගේ අරමුණ වෙනකකි…………… ඒ ධර්මාවබෝධය කිරීමයි……………….. ඒ සඳහා පින්දහම් සිදු කරමින් තමා මිනිස් ආත්මයක් පැතිය යුතුය………………… එවිට එසේ සිතන විට තම ආශාව ඉටු කර ගැනීමට සිදු වන්නේ මරණින් මතුය……………. ඒ සා ඈත කාලයක් බලා සිටිමට ඔහුට නොහැකිය……………………..

තවත් එක් ක්‍රමයක් ඇත……… මෙතෙක් දන්නා කාලයකට එවැනි දෙයක් සිදු වී නැත………. අතීතයේදී එවැනි දේ සිදුවුන බව පුරාවෘතයේ තිබුනත් මෑත කාලයේදි කිසිම නාගයෙකු මේ තීරණය නම් ගන්නේ නැ…………….. එනම් ඒ මිනිස් ලොව මිනිස් දුවෙක් හා එකතු වීමයි……………………

රුද්‍රාක්ෂ මේ පිලිබඳ දිගින් දිගටම සිතුවත් ඔහුගේ හදවත පතුලින් ඊට සුදුසු නිවැරදි පිලිතුරක් හමු නොවුනි……………… නමුත් තමා හට අවශ්‍ය වන්නේ ඉක්මනින් මනුෂ්‍යයෙකු වන්නටයි…………………….. ඒත් හිත තුල යම් බියක් ඇත……………………………

ජයසේන නා රජුගේ සුරතල් දියණිය යාලිනීය…………… ඇය තම පියා සොයුරන් දෙදෙනා හට මැදිව ගත කරන්නේ සිරගත ජීවිතයකි……………….. එසේ වීමට සිදුවූයේ ඇගේ දඟකාරකම් නිසාය…………… දිනක් කිසිවෙකුට නොදන්වා මිනිස් ලොවට ගොස් හසුවුන දා සිට මේ තහංචි සියල්ල ඇයට වැටුණි……………

සුවිසල් පලිඟු මාලිගයේ ඉහල මාලයේ කවුලු පියන්පත් විවර කර දමා එලියට පැමිණි ජයසේන නා රජු හාත් පස දෑස් යොමු කර බැලුවේ දින ගණනකට පසු හිරු එළිය පොදක් ලැබුණු බැවිනි………………… යුගන්ධරි අගරැජිණිය ඔහු සමීපයට පැමිණියේ පැන් කෝප්පයක්ද රැගෙනයි……………

ඔබතුමා වේලාසනින්ම අවදි වුනාද………………

එහෙමයි යුගන්ධරි……… මා අද විශේෂ ගමනක් යා යුතුයි…………….

ඔබ මට එවැන්නක් පැවසුවේ නැහැනේ………………..

එහෙමයි….. මට එය සිහි නැති වුනා බිසවුනි……………….

කොහේද ඔබතුමා යාමට බලාපොරොත්තු වන්නේ…………

මුහුදු පතුලේ පිහිටි විභාවයක නාග භවන වෙතයි………………. මා මිත්‍ර නාගසේන හසුන්පතක් එවා තිබුනා……………

එය නම් කදිම ගමනක් වේවි……… එහෙම නේද…………..

ඔබත් කැමතියි නම් මා සමගින් යා හැකියි……………….

නොහැකියි…………… යාලිනී මෙහි දමා යා නොහැකියි……… ඔබ දන්නවනේ ඇය ගැන…………..

යුගන්ධරි එතැනින් පිටව ගියාය…………. ජයසේන රජතුමා ඈතින් ඇතට විහිදුනු සමුදුර දෙස ඇසි පිය නොහෙලා බලා සිටියේය..