සිතින් විතරක්..

විසි අට….. 28

අසාධ්‍ය රෝගියෙක්ව පරිස්සමින් අරගෙන එනවා වගේ සෙත් මාව රෝහලෙන් එලියට අරගෙන ආවා. අනේ මන්දා මෙයාට පිස්සුද කොහෙද එයා හිතන තරම් අමාරුවක් තිබුනෙ නෑ මට පුංචි කැරකැවිල්ලක් ඇරෙන්න.

හැබැයි ඒකෙන් මට සිද්ධවුන හොඳේ තමා මගෙ පාඩුවෙ ඉන්න ලැබුන එක. මම ශීට් එකට හේත්තු වෙලා ඇස්දෙක පියා ගත්තා. මම අමාරුවෙන් ඉන්නවා කියලා හිතලද කොහෙද සෙත් මට කතා කලේ නෑ.

ඇත්තටම හිත හුඟක් අවුලෙන්. මොන දේ ගැන හිතුවත් මට හිතන්න තියෙන්නෙ හිත රිදෙන දෙයක් විතරයි. මං හින්දා හැමෝම හුඟක් දුක් විඳිනවා. මම කොහොමද මෙයාලව මේ කරදරවලින් ගලව ගන්නෙ ඇත්තටම මට මේ හැමදේම එපා වෙලා.

සෙත් මට හුඟක් ආදරෙයි තමා. එයා කරන කියන හැමදේකිව්ම මට ඒ ආදරේ දැනෙනවා. ඒත් මට කියන්න තේරෙන්නෙ නෑ මගෙ හිතේ එයා ගැන එහෙම හැඟීමක් ඇති වෙන්නෙ නෑ. මට එයාව දැනෙන්නෙ වෙන විඳිහකට ඒ කොහොමද කියලා මට පැහැදිලි කරන්න තේරෙන්නෙ.

මට එයාගෙන් ඈත් වෙන්න බෑ. ජිවිතේ කිසිම දවසක ආදරේ විඳපු නැති මං වගේ කෙල්ලෙකු ට මේ වගේ ආදරයක් අතෑරලා හිත හදාගෙන ඉන්න හරි අමාරුයි. ඒත් ඒත් මට තේරෙන්නෙ නෑ. මේක මහ අසරණ හැඟීමක්.

මට බෑ විහඟව අමතක කරන්න. මොන තරම් මට නපුරු කම් කලත් ඒ නපුරු කම් ඇතුලෙ වචන වලින් කියලා විස්තර කරන්න බැරි තරම් ආදරයක් මට දැනුනා ඒක බොරුවක් නෙවී. හදවතට දැනෙන දේවල් බොරු වෙන්නෙ නෑ.

ඉතිං එයා ඒ කරපු කියපු හැමදේම බොරුවක් කියලා මට කොහොමවත්ම විශ්වාස කරන්න බෑ. කෙනෙකුට පුළුවන් ද තව කෙනෙක් වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න විතරක් එහෙම දේ කරන්න.

එයත් සෙත් වගේ ආදරණීය කෙනෙක් උනානම් සමහර විට මට එයාව මේ තරම් දැනෙන එක ක් නැති වෙන්න තිබුනා. ඒ වගේම මම අද මේ ඉන්න තැන නොයින්න තිබුනා.

නිවාසෙ ඉද්දි ලෝකෙ ගැන මිනිස්සු ගැන ජිවි තේ ගැන මොනවත්ම නොදැන උන්න මම වගේ කෙ ල් ලෙ ක්ට මෙච්චර දේ ඉගන ගන්න පුළුවන් වුනේ එයා එහෙම නපුරු කෙනෙක් වුන නිසා. නැත්තං මාත් මෙලෝ දෙයක් නොදැ න හුරතල් වෙවි ඉන්න පුංචි එකෙක් විතරක් වෙන්න තිබුනා.

ඉතිං මම කොහොම එයා ගැන නොහිතා ඉන් නෙ. මට බෑ එයා ඒ හැමදේම කලේ සෙත් වෙනුවෙන් විතරයි කියලා හිත හදා ගන්න. සමහර විට ඇත්තටම එයා කවදාවත් මට ආද රේ කරන්න නැතුව ඇති මං ගැන හිතන්නත් නැතුව ඇති… ඒත් ඒත් එතකොට අර උන විකාරෙන් කියවපු දේ වල තේරුම මොකක්ද…

ඒ වගේ වෙලාවක කියවෙන්නෙ හිතේ තියන දේවල් කියලා මම අහලා තියනවා එතකොට එතටකාට ඒ කියන්නෙ එයත් මං ගැන ඒ තරම් හිතනවද.. දෙයියනේ මට මේක දරාගන්න බෑ.

මගෙ දෛවය මහා පුදුම එකක්. මං ආදරේ කරන කවුරුත් එක්ක ඉන්න මට වාසනාවක් නෑ. පුංචි කාලෙ කාගෙවත් ආදරයක් ලැබෙ න්නෙ නැතුව මම ඔහේ ජීවත්වුනා.

ඒ දවස්වල මම හැමදාම හීන දැක්කා මගෙ අම්මා අප්පච්චි කවුද කියලා දැන ගන්න ලැබු න නං මොන තරම් හොඳද..

එයාලව හොයාගෙන යන්න තිබුනන නං ලඟ හිටියනං එයාලා මට මොන තරම් ආදරේ කරයිද කියලා හිතන්න.

ඒත් එයාලා කවුද කියලා දැන ගන්න ලැබෙන කොට මට එයාලගෙ ආදරේ සෙනහස විඳින්න තියා එයාලට ලංවෙන්නවත් බැරි තරම් දුරකට එයාලා මගෙන් ඈත් වෙලා ගිහින්.

ඒ වගේම විහඟෙ නපුරු කම් ලඟ මට නොදැ නුන එයාගෙ ආදරේ ටික ටික හිතට දැනෙන් ගනිද්දි දැන් එයත් මාව දාලා යන්න හදනවා. දුරින් ඉදන් හිතට පිරුණු කුඳුලුල් ආදරේ ගැන හිත හිත මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන දෛවයක්ද මට උරුම වෙලා තියෙන්නෙ.. මම කොහොමද මේවා දරා ගන්නෙ.

සෙත් නරක කෙනෙක් නෙවී. මම දන්නවා එා මාව ආදරෙන් බලා ගනීවි. ඒත් ඒත් මගෙ හිතේ එයා ගැන ආදරයක් නැත්තං එහෙම කෙනෙක් එක්ක මම කොහොම මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නෙ. ඒත් මට එයාගෙන් අයින් වෙන්න බෑ.

මොන තරම් අකමැති උනත් දෛවය මට එයාව තෝරලා දීලා ඉවරයි. දෙයියනේ මම කොහොම ද මේ අසරණකම දරාගන්නෙ. මට කවදාවත් බැරි වෙයි විහඟට ආදරෙයි කියන්න. එයාගෙ ආදරේ විඳින්න. එයාටත් බැරි වෙයි ඒ ආදරේ කියන්න. ඒත් ඒත් ඒත් කියන්න බැරි උනා කියලා හිතේ තියන ආදරයක් නැතිවෙලා යනවද..

මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ. සමහර විට මම විහඟ ගැන හිතුවට එයා මම ගැන හිතන්නෙ නැතුව ඇති. එයාට මාව තවත් එක සාමාන්‍ය කෙනෙක් විතරක් වෙන්න ඇති. මට තේරෙන්නෙ නෑ හිතා ගන්න බෑ මේ මොනවද වෙන්න යන්නෙ කියලා.

හැමදේම අමතක කරලා මට සෙත් ගැන හිත න්න පුළුවන් උනානම්. ඒත් ඒත් බෝසෙත් අනුත්තර මංචනායක කියනකොට මට දැනෙන්නෙ මම මේ දැන් දන්න දකින ලඟ ඉන්න කෙනා නෙවී නං එයාගෙ නමින් මගෙ ඉස්සර පෙනී හිටිය කෙනානං එතකොට එතකොට මොනවද දෙයියනේ මම කරන්නෙ.

ඒන්ජල් ඔයා දොයිද බබෝ….
මාව ආයිම පියවි ලෝකෙට ආවෙ සෙත්ගෙ හඬින්. මට තේරෙන්නෙ නෑ මම එයාටත් කරන්නෙ අසාධාරණයක්ද කියලා. මොනව ත්ම නොකියා මම ඇස් ඇරලා එයා දිහා බැළුවා.

අමාරුද..? පැටියො.. පණ්ඩිත ආච්චි වගේ පැනගෙන ගිහින් ලේත් දුන්නෙ..
එයා ආයිම ඇහුවා. මම නෑ කියන්න ඔළුව වැනුවා.

කටුස්සි ඉතිං පටන් ගත්තා ඔළුව වනන්න.. කෝලම තියලා කියන්න ඉතිං.. හොඳින් ද ඔයා… එයා ඒ ගමන කීවේ හිනාවෙවි.

එයාට එයාට.. සනීප වේවි නේද.. ඒ සර්ජරි එක කලාම…ඇත්තටම විහඟට කරදරයක් වෙයි කියලා මට හරි බයයි.

අපි ප්‍රාර්ථනා කරමු එයාට සනීප වෙන්න කියලා…

ඒ කියන්නෙ ඒ කියන්නෙ… තේරෙන්නෙ නෑ මාව වෙව්ලනවා.

ඒ කියන්නෙ ඒ කියන්නෙ එයාට හුඟක් අමාරුයි කියන එක..

අනේ එතකොට…

බබෝ මේ අහන්නකො ඉතිං….

ඔයා නං හරි නරකයි.ඔයාට ටිකක්වත් දුක නැද්ද ඔයාගෙ යාළුවා ඔහොම අසනීපෙන් ඉන්න කොට… මම ඇහුවෙ පුදුමෙන්. මොකද සෙත් කතා කරන්නෙ හුඟක් සැහැල්ලුවෙන් කියලමයි මට හිතුනෙ.

දුකයි.. මහා හුඟක් දුකයි…විහඟ කියන්නෙ මගෙ ජිවිතේම කොටසක්.. ඒ මගේ යාළුවා නෙවී මගෙම සහෝදරයා… ඉතිං දුකයි කියා ගන්න බැරි තරම්.. ඒත් ඒත්.. මොන තරම් දුක හිතුනත් සමහර දේවල් වෙනුවෙන් අඬන්න බෑ පැටියො…

විහඟ වෙනුවෙන් කොහොමවත්ම බෑ… මම එහෙම අඬනවා කියන්නෙම මං පරාජය භාරගත්තා කියන එක… බෑ කොහොමත්ම බෑ… එයාට බෑ මාව දාලා කොහෙවත් යන්න… ඒක නිසා මම දන්නවා.. එයාට කරදරයක් වෙන්නෙ නෑ…

සෙත් කියවගෙන ගියෙ අඬන්න හුඟක්ම හුඟක් ලඟ හඬකින්. ඒ කියන්නෙ ඒ කිය න්නෙ ඒ තරම් බැඳීමක්. ඒ දෙන්නා අතරෙ. මට හිතා ගන්නවත් බෑ. දෙයියනේ එතකොට මම අතර මං වෙන්න යන්නෙ මොන වගේ තැනකද…?

මට මොන තරම් ආදරේ කලත් විහඟ කවදාව ත් සෙත්ගෙ හිත රිදෙන දෙයක් කරන්නෙ නෑ කියලා මම දන්නවා. අමාරුවෙන් හිත හදා ගන්නවා ඇරෙන්න මට වෙන කරන්න මොනාත්ම ඉතුරු වෙන එකක් නෑ.

එයාට හොඳ වෙයි… දුකින් ඉන්න එපා..
මම කීවෙ වෙන කියන්න මොනවත්ම තිබුනෙ නැති නිසා. මම එහෙම කීවම එයා යන්තමට හිනාවෙලා මගෙ දිහා බැළුවා.

හිතා ගන්න බෑ බබා… ඔයා මටම අයිති වුනා කියපුවම.. වෙලාවකට මම තාමත් හිතනවා මේක හිනයක්ද කියලා…
ඒ ගමන එයා කියවගෙන යනවා. දෙයියනේ මට තේරෙන්නෙ නෑ. මේ ජීවිත මැද්දෙ මම මොන තරම් අසරණ වෙයිද කියලා මට හිතා ගන්නවත් බෑ.

ඔයා බහින්න එපා බබා තත්පරයක් ඉන්න…
සුපර් මාර්කට් එකක් ඉස්සරහ වාහනේ නවත්තලා එයා එහෙම කීවේ වාහනෙන් බහින ගමන්. මම මොනවත් නොකියා ඔළුව වැනුවා. කොහොමත් ඒ වෙලාවෙ වාහනෙන් බහින්න නං මගෙ හිතක් තිබුනෙ නෑ.

ටික වෙලාවකට පස්සෙ සෙත් ආපහු වාහනේට ආවේ පොලිතින් බෑග් ගොඩාක් අත්දෙකෙන් එල්ලගෙන. එයා ඒ සේරම මගෙ අතේ තිබ්බා.

මේවා ඇයි මේ… මම ඇහුවෙ පුදුමෙන්.

එපා කියන එක අහන්නෙ නැතුව දුවගෙන ගිහින් ලේදුන්නෙ.. දැන් දිපු ලේටික ආපහු එන්න හොඳට කන්න බොන්න එපාය..
හිනාවෙවි වාහනේට ගොඩවෙන ගමන් එයා කීවා.

ඒත් මෙච්චර ගොඩක්…

පුළුවන් තරමක් කැමති දේවලින් කන්න ඔයා කැමති මොනාටද කියලා කියන්න මම තාම දන්නෙ නෑනේ.. ඒකයි හැමදේම ගෙනාවෙ…

එයා ආයිම හිනාවුනා. එක දවසක් විහඟත් මේ වගේම කෑමබීම ගොඩක් මට ගෙනත් දුන්න හැටි මතක් වුනා. මටම කියලා වෙන්කරලා කෙනෙක් දෙයක් මට ඒ දුන්මයි. ඒක මට කවදාවත් අමතක කරන්න බෑ. ඒ වෙලාවෙ හිතට දැනුන හැඟිම මේ වෙලාවෙ දැනෙන හැඟීමට වඩා හුඟක් වෙනස්.

අයියෝ බබෝ.. අතේ තියාගෙන කල්පනා කරන්න නෙවි ඕවා ගෙනත් දුන්නෙ මොනා හරි කන්න බෑ නං.. ඔය කිරි එකක්වත් බීලා ඉන්න.. ගනන් ගත්තෙ නැති උනාට අමාරු ඇති ඔයාට…

ඒ ගමන එයා කියවන්න ගත්තා. බොන්න ඕනි කමක් තිබුනෙ නැතත් මම කිරි පැකට් එකක් අතට ගත්තෙ එයා තවත් මොනවා හරි කියවන එක නතර කර ගන්න.

හමුවෙමු.

ටිකයි කැතයි ඒකාකාරියි කියන්න ඔට්ටු නෑ . ඔයාලාගෙ ලයික් කමෙන්ට් වලට හුඟාක් ස්තූතියි. ඒවට රිප්ලයි කරන්න අමාරුයි. ඒක නිසා තරහා වෙන්න එපා